පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, October 15, 2016

බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය හිමි නොවන්නේ මෙහෙමයි

                               
              ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ආගම විග්‍රහ කරන අවස්ථාවේදී බුද්ධ ශාසනයට තිබෙන ප්‍රතිපාදන කුමක්දැයි සඳහන් කර ඇත.එම තත්ත්වයෙහි මූලාරම්භය 1815 සිංහලේ බ්‍රිතාන්‍ය ගිවිසුමයි.  ලංකාවේ කිරුළ වෙනත් රාජ්‍යයක අන්‍යාගමික නරපතියකු යටතට පත් කරන ලද අවස්ථාවක එවැනි වගන්තියක් ඇතුලත් කිරීම අත්‍යවශ්‍ය විය. වසර දෙදහස් තුන්සීයක් පමණ සිට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිවු වැදෑරුම් පිරිස ඇතුලත් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමත් බුදු දහමේ උගන්වන මූල ධර්මයන් අනුව රට පාලනය කල යුතු බවටත් පැවති සම්ප්‍රදාය විසින් මෙයට අවශ්‍ය  පදනම සකස්ව තිබුණි. නිදහසින් පසුව ස්වදේශික පාලනයක් රට තුළ ස්ථාපිත වුවද 1948 න් පසු එය එලෙස සිදු නොවීය.එහිදී භික්ෂූන් වහන්සේලා සහ අනගාරික ධර්මපාල තුමා ගේ මග පෙන්වීම මත පණ පෙවුණු ජාතික නායකයන් එක්ව අඛණ්ඩ අවිච්ඡින්න  මෙම සම්ප්‍රදාය පවත්වාගෙන යායුතු යැයි රජයට බල කර සිටියහ. එහි ප්‍රතිඵලය වූයේ 1972 ව්‍යවස්ථාවට බුද්ධ ශාසනය පිළිබඳ නව වන වගන්තිය ඇතුලත් වීමයි.
        සිංහල යන් ගේ මෙම බෞද්ධ රාජ්‍ය සම්ප්‍රදාය ව්‍යවස්ථා කරන ලද සෙල් ලිපි කීපයක්ද අපට දක්නට ඇත. වේවැල් කැටිය ලිපිය මිහින්තලා ලිපිය බදුලු ටැම් ලිපිය වෙස්සගිරි ලිපිය ජේතවන විහාරය අසල තිබෙන සෙල් ලිපිය කසුප් රජුගේ පුවරු ලිපිය මෙහිදී මූලික වෙයි. නොබෝසත්හු නොරජ් වම්හ. යනු වෙන් ශිලාලිපියක කරන  සඳහන මෙහිදී සිහිපත් කළ යුතුය .දශ රාජ ධර්මයට අනුව රට පාලනයට නර පතියන් කටයුතු කළ යුතු බවත් රජු බෝධිසත්ව වරයෙකු ලෙසට රාජ්‍ය විචාල යුතු බවටත් එහි දැක්වේ.පැරණි බෝධි සත්ව රූපයන් තුළ මකුටයේ බුදු රුවක් දක්නට ඇත. එසේම රාජ අභිෂේකයේදී  රජු නාථ දේවාලයේ බෝධිසත්ව රූපය ඉදිරියේ සිය දිවුරුම ප්‍රකාශයට පත් කල යුතුය. රජුගේ අභිධානය පළඳවන්නේද එහිදීය. මෙවැනි සම්ප්‍රදායක් අනුරාධපුර යුගයේදී  උච්ච අවස්ථාවට පැමිණ ඇත්තේ දිගින් දිගටම පැමිණි සතුරු කරදර හා ආක්‍රමණ හමු වේ බුදු සසුන රැක ගැනීම ප්‍රමුඛ වගකීම වී තිබූ හෙයින්ය. ඒ අර්ථයෙන් ගත් කල්හි 1815 දී ගිවිසුමේ පස්වන වගන්තියත් 1978 ව්‍යවස් ථාවේ නව වන වගන්තියත් බුද්ධ ශාසනය වෙනුවෙන් වෙන් වී තිබීම සාධාරණ වෙයි.
                මේ තත්ත්වය මෙසේ වුවද 1817 ජාතික විමුක්ති අරගලයෙන් පසුව උඩරට ගිවිසුම සංශෝධනය කරන ලද බව අප සිහිපත් කළ යුතුය. අන්‍ය ආගම් වලටද යම් ස්ථානයක් හිමි විය යුතු බවට එහි දක්වන ලදී. ලංකාවට නිදහස ලැබෙන්නට ආසන්න අවස්ථාවේ තිබූ ව්‍යවස්ථාව අනුවද එලෙසම විසි නව වන වගන්තිය යටතේ අන්‍ය ආගම් වලට හිමි ස්ථානය දක්වා ඇත.  1948 න් පසු 1978 දක්වා  ඇති වූ ව්‍යවස්ථා විකාශනයේ දී ව්‍යවස්ථාවට ඇතුලත් කරන ලද මූලීක අයිතිවාසිකම් මානව හිමිකම් ආදී ලෝක සම්මතයන් උඩ  මේ තත්ත්වය තව දුරටත් සංකීර්ණ වී ඇත. එම නිසා විහාරස්ථාන ප්‍රතිසංස්කරණය බෞද්ධ අධ්‍යාපනය  දළදා මාළිගයේ කටයුතු සහ මහානායක හිමි වරුන් ගේ සාම්ප්‍රදායික කටයුතු ඇරණු කොට බුද්ධ ශාසනයේ සිවු වැදෑරුම් පිරිස කෙරෙහි ශ්‍රද්ධා භක්තියෙන් මෙන්ම බුදු දහමේ හර පද්ධතිය ගැඹුරින් වටහා ගෙන වත්මන් රාජ්‍ය සම්ප්‍රදාය සකස් කිරීම තව දුරටත් පමා වෙමින් පවතී.
           දැන් නව රජය යටතේ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ඉස්මතු කරමින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කර ඇත. එහිදී විධායක ජනාධිපතික්‍රමය ඉවත් කිරීම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම  ප්‍රමුඛව සංශෝධන රාශියක් කිරීමට යෝජිතය. ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් විමසීම සම්බන්ධ වාර්තාව එහි සම්පාදක මණ්ඩලයේ ඒක පාක්ෂික අදහස් මත සැකසුණු අතර  උතුර සහ නැගෙනහිර දේශපලනඥයන්ගේ බෙදුම් වාදී අදහස් වලට එහි ප්‍රමුඛ තැනක් හිමිවූ බව  පැහැදිලි විය. ඔවුන් ගෙන් මතුවූ අදහස් අනුව රට අනාගමික රාජ්‍යයක් බවට පත් කිරීම ජාතික කොඩිය වෙනස් කිරීම ජාතික ගීය වෙනස් කිරීම ආදී කරුණු ගැඹුරින් සාකච්ඡා වී ඇත. දැනටමත් උතුරු පළාතේ ජාතික ගීය දෙමළෙන් ගායනා කරන අතර උතුරේ දේශපාලනඥයන් සිය උත්සව අවස්ථාව වලදී ජාතික කොඩිය එසැවීම ප්‍රතික්ෂේප කර තිබේ.දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබා දුන් පළාත් සභා ඉක්මවා  උතුර සහ නැගෙනහිරට බලතල ලබා දීය යුතු බවටද නිර්දේශ ඉදිරි පත්ව ඇත. එම නිසා රජයේ දේශපාලඥයන් කුමක් කීවද සකස් වන ව්‍යවස්ථාව තුළ පළමුව බෙදුම්වාදයද දෙවනුව රටේ ඓතිහාසික සම්ප්‍රාදායද  ව්‍යවස්ථානුකූල වෙනස් කිරීමට භාජනය  වී මේ ඉඩකඩ විවෘතව ඇත. 1978 ව්‍යස්ථාව තුළ දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් ලෙසට පිළිගැනීම  සහ  ආගමික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශ පිහිටුවීමත් සමගම රටේ විහාරස්ථාන ඉඳි කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා සේම අන්‍ය ආගමික ස්ථාන වලටද රාජ්‍ය අනුග්‍රහය හිමිකරවීමේ ඉඩකඩ විවර  විය.එහි උච්චතම අවස්ථාව පසුගිය දි.මු. ජයරත්න ඇමැති වරයාගේ පාලන සමයයි. රටේ සියළු ජනතාව බදු මුදල් ගෙවීම් කරති.  එම බදු මුදල් සංවර්ධන කටයුතු වලදී පරිහරණය කිරීමේදී කිසිම අසමානතාවයක් නොමැතිව ලබා දිය යුතු යැයි  වත්මන් රජය මෙන්ම ඇතැම් සිවිල් සංවිධාන සිතන බව පෙනේ.  ලංකාවේ ජන අනුපාතය අනුව සිංහල බෞද්ධයන් වැඩි පිරිසක් නම් එම බදු මුදලින් වැඩි කොටසක් ගෙවනු ලබන්නේ ඔවුන් බව සියළු දෙනට අමතක වී ඇති බව පෙනේ. එහිදී පුර වැසියන් ලෙසට සමානව කටයුතු කළ යුතු වුවද ආගමික ප්‍රදානයන් කිරීමේදී සමානව කටයුතු කිරීම කෙතරම් යුක්ති යුක්ත දැයි කල්පනා කල යුතුය.
             වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තීන් හැසිරවෙන්නේ ලෝක බලවතුන්ගේ සම්මතයන් අනුව බව නොරහසකි. එවිට රටේ පාලකයා බුදුදහමට අනුව සිය ප්‍රතිපත්ති ගලපා ගනු ඇතැයි අපට බලාපොරොත්තුවක් තැබිය නොහැකිය. මත්ද්‍රව්‍ය පැතිරවීමට රාජ්‍ය අනුග්‍රය ලබා දීම ගව ඝාතනයට අවශ්‍ය බලපත්‍ර ලබා දීම මානව අයිතිවාසිකමක් සේ සලකා බැලීම මේ ප්‍රතිපත්ති අතර වෙයි.කැසිනෝ වැනි  සූදු ප්‍රවර්ධනයට රටේ වෙනම ස්ථාන වෙන් කිරීම එයට බදු සහන ලබා දීම නව වෙළෙඳ පළ ආර්ථීකය අනුව රජයේ ප්‍රතිපත්තියකි. නමුත් මේවා බුදුදහමේ හර පද්ධතියට පටහැනි වේ.වේවැල්කැටිය වැනි සෙල් ලිපි වල සත්ව ඝාතනය තහනම් කර ව්‍යවස්ථා පණවා තිබෙන්නේ එහෙයිනි. පසුගිය කාලයේදී ලංකාවේ පෙරහැර සම්ප්‍රදායට පණ දෙන අලි ඇතුන් රාශියක් අත්අඩංගුවට පත් විය. චෝදනාව නම් බලපත්‍ර නොමැතිකමයි. 2009 වසරේ සිට අලි ඇතුන් පොදු දේපළක් ලෙසට සැලකේ. නමුත් එයට පෙර අලි ඇතුන් අපගේ ශාසනික සම්ප්‍රදායට අයත් පොදු වස්තූන්ය.වාරිමාර්ග දෙපාර්තමේන්තුව  සිය මුල් අවදියේදී ප්‍රතිසංස්කරණ කටයුතු වලදී අලි ඇතුන් යොදා ගනු ලැබූවේ අලි අයිති කරුවන් සතුව පුහුණු සතුන් පිරිසක් සිටි බැවිනි. එයද බුද්ධ ශාසනයේ පොදු වස්තූන් ගෙන් ලබා ගත්තකි.  අලි ඇතුන් ගේ හැසිරීම් රටාව පවා ශාසනික සම්ප්‍රදායට අනුකූලව හැඩ ගස්වා ගෙන තිබුණි. එවිට අලි ඇතුන් අත්අඩංගුවට පත් කිරීම සම්බන්ධයෙන් කිව යුත්තේ රජය බුද්ධ ශාසනයට හිමි ප්‍රමුඛත්වය එහිදී අහෝසි කර ඇති බවයි. අලි ඇතුන් වෙළෙදාමේදී  යම් අක්‍රමිකතාවයන් සිදු විය හැකිය. එලෙස සිදුව ඇත්තේද 1980 දශකයෙන් පසු විවෘත වූ බුදුදහමට විරුද්ධ ආර්ථික ප්‍රතිපත්ති යටතේ ඇති වූ පාදඩකරණය නිසයි.රජය මෙහිදී සැබවින්ම කළ යුතුව තිබුණේ සියළු අලි ඇතුන්  නැවත  බුද්ධ ශාසනය වෙනුවෙන්  පූජා කොට යම් විධිමත් බල පත්‍ර ක්‍රමයක් සකස් කර දීමයි.මේ සාධාරණ තර්ක අධිකරණ යේදී පවා ඉදිරිපත් කරන්නට නොහැකිව පවතින්නේ වත්මන් ව්‍යවස්ථාවේ නව වන වගන්තිය හරිහැටි අර්ථ විග්‍රහ කොට නොමැති බැවිනි.
         ලංකාව වටා තිබෙන පුරාවිද්‍යා ස්තාන ගැන සලකා බැලුවහොත් බුදු පිළිමයක් ස්ථූපයක් නොමැති තැනක් නැති තරම්ය. බෝධීන් වහන්සේ රෝපණය කළ ස්ථාන විශාල සංඛ්‍යාවක් තිබේ.මේ සියල්ල බුද්ධ ශාසනයට අයත් වස්තූන්ය. ඒවා අද පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් වුවද වැදුම් පිදුම් කිරීමට සහ ඒ අසලින් විහාරස්ථාන තැනවීමට ඇති අයිතිය කඩ කළ නොහැකිය. නමුත් උතුරු පළාත භාර මහ ඇමැතිවරයා සහ එහි ඇතැම් දේශපාලන සංවිධාන බුදු පිළිම තැබීම විහාරස්ථාන ඉඳිකිරීමට විරෝධය පළ කරයි. එසේම පුරාවිද්‍යාව විසින් මෑතකදී ගවේශණයෙන් හඳුනා ගත් බෞද්ධ සිද්ධස්ථාන රක්ෂිත හෝ ස්මාරක වශයෙන් ගැසට් කිරීමට  උතුරු පළාතේ නිළධාරීන් බාධා පමුණුවයි. දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය ෆෙඩරල් ආණ්ඩුක්‍රමක් නව ව්‍යවස්ථාව තුළින් එළියට පැමිණ සම්මත වුවහොත් මේ සියළු බුදු පිළිම ඉවත් කිරීමටද සිදු විය හැකිය. එවිට එම ප්‍ර දේශ වලින් බුද්ධ ශාසනයට තිබෙන ප්‍රමුඛස්ථානය ඉබේම අහෝසි වෙයි.රජය මේ අවස්ථාවේදී කතිකාවත් පණත් විහාර දේවාලගම් පණත් ආදී  බෞද්ධ සංස්කෘතියට අවශ්‍ය දේ පිළිබඳ නීති රීති සකස් කිරීමට වැඩි උනන්දුවක් දක්වන්නේ සැබෑවටම රටේ සිදුවන බෞද්ධ සංහාරය වසන් කිරීමටයි.බෞද්ධ භික්ෂූන් වහන්සේලා අත් අඩංගුවට ගැනීම උද්ඝෝෂණ වලට තහනම් නියෝග ගැනීම වැනි දේ මීට උදාහරණ වෙති.දැනට හඳුනාගත් විහාරගම් හයසිය නමයකි. දේවාලගම් පන්සිය හතලිස්තුනකි. ඒවායේ ඉඩම් වලින් සෑහෙන කොටසක් අන්‍ය ආගමිකයන් සතුය. මහනුවර නගරය උදාහරණයට ගත හැකිය. එම ඉඩම් තුළ අන්‍යාගමික යාඥා ස්ථාන පවත්වාගෙන යමින් සතුන් ගේ බිලිපූජාද පවත්වන බව නොරහසකි. රජය සැබවින්ම කළ යුත්තේ මෙම ස්ථාන වල සිදු කරනු ලබන බිලි පූජා පළමුව තහනම් කිරීමයි. දෙවනුව බෞද්ධ සංස්කෘතියට අනුගත විය හැකි වන පරිදි අන්‍යාගමිකයන්ට නීති පැනවීමයි. එවිට තම ආගම් අදහමින්ම බුද්ධ ශාසනයට ගෞරව කිරීමට පෙළඹීමක් ඇති වේ. අනුරාධපුරයේ තිබෙන පස්වන කසුප් රජුගේ පුවරු ලිපියෙහි  නවවන වගන්තියෙහි මීට අවශ්‍ය ප්‍රතිපාදන දක්වා ඇත. ( ආයුධ භීතිය පහකර නානා ජාතිකයන් නොයෙක් සේ බුදුන්ට සම්බන්ධ කර ) අවංකව බුද්ධ ශාසනයේ චිරස්ථිතියට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නේ නම් මේ ගමන යායුතුය.


        

Sunday, October 2, 2016

උතුරු පළාතේ බෞද්ධ උරුමය පෙන්වන පුරාවස්තු සහ සිද්ධස්ථාන -

              


     වවුනියා දිස්ත්‍රික්කය මන්නාරම්දිස්ත්‍රික්කය මුලතිව් දිස්ත්‍රික්කය කිලිනොච්චි දිස්ත්‍රික්කය සහ යාපන දිස්ත්‍රික්කය වශයෙන් වර්තමාන උතුරු පළාත පරිපාලනමය පහසුව සඳහා වෙන්කර ඇත.ඉතා පැරණි කාලයේදී රජරට නොහොත් උත්තර පස්සය හෝ පිහිටි රට වශයෙන්මෙය හැඳින්විණ. කනුකිනියා රට මාරච්චි රට ඡාවගච්චේරි රට මඩුවල්ලියා රට බලතඩිරට කුරුදුගමු රට සහ මානාවතු රට යනුවෙන් මේ පළාත බෙදී තිබුණු බව ශ්‍රී ලංකා කඩයිම් පොත දක්වයි. පසුව එය කෝරල වලටත් දිස්ත්‍රිකයන්ටත් බෙදා වෙන් කරන ලද්දේ පරංගි  ලන්දේසි සහ ඉංග්‍රීසින් විසිනි.
        රජරට ශිෂ්ඨාචාරය සිංහල බෞද්ධ පසුබිමක්මත හැදී වැඩුණි. එම නිසාම එම පෙදෙස් වල බෞද්ධ සිද්ධස්ථාන බහුල විය. කාලිංග මාඝ ආක්‍රමණ චෝල ආක්‍රමණ නිසා මේ ස්ථාන හින්දු දේවස්ථාන බවට පරිවර්තනය විය. එසේම පරංගි ආක්‍රමණ නිසා ඇතිවූ නව ආගමික නැඹුරුව හේතු කොට ගෙන බෞද්ධ සිද්ධස්ථාන මත පල්ලි ඉඳි විය. ලන්දේසි යුගයේදී මේ රෙපරමාදු පල්ලි අසල තිබූ නටබුන් වූ ස්ථූපයන් දැක්වෙන චිත්‍ර බල්දෙයස් නම් පූජකවරයාගේ ග්‍රන්ථයට ඇතුලත් කර ඇත. මේ නිසා යාපන අර්ධද්වීපයේ තිබූ බෞද්ධ සිද්ධස්ථාන වල නටබුන් පවා අද සොයා ගන්නට නැත. කලක් පුරාවිද්‍යා කොමසාරිස් ව සිටි එම්.එච්.සිරිසෝම මහතා රචනා කළ උතුරු නැනෙහිරි පෙදෙස්හි හෙල උරුමය ග්‍රන්ථය මෙන්ම  පී .වීරසිංහ මහාත් රචනා කළ සිංහල සිංහයා සහ මන්නාරමේ පුරාවස්තු ග්‍රන්ථයේද අතනා කරුණු රැසක් අන්තර්ගතව තිබේ.එයට අමතරව පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් රචනා කළ පාචීන පස්ස උත්තර පස්ස නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය ග්‍රන්ථයද මෙම වාර්තාව සැකසීමට මූලාශ්‍ර වී ඇත. මීට කලකට ඉහත සිරිල් මැතිව් මහතා කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමතිව සිටි අවදියේදී ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය පිළිබඳව යුනෙස්කෝවට ඉදිරිපත් කරන ලද අංග සම්පූර්ණ වාර්තාව උතුරු පළාතේ නටබුන් ගැන පුරාවිදු නිළධාරීන් සහ දිසාපතිවරුන් තැබූ සටහන් වලින් සමන්විත ව ඇත. එම නිසා මෙම වාර්තාවට එම අගනා ග්‍රන්ථයද මූලාශ්‍රයක් විය.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් උතුරු පළාත ආවරණය වන පරිදි මෑතකදී කරන ලද ගවේශණයෙන් හදූනා ගන්නා ලද ස්ථානයන් පිළිබද තොරතුරු ද මෙහි ඇතුලත් කර ඇත.

   


වවුනියා දිස්ත්‍රික්කය -
ගම                                    පුරාවස්තු                           ගම                                පුරා වස්තු
1/නෙදුන්කර්නි
ගල්කණු පාදම්
30/වාඩිවෙල 2
නටබුන්
2/මාරාඉලුප්ප
නටබුන් ගොඩනැගිල්ල
31/ ආනුවිලුන්දාව
ස්ථූපය
3/ වෙඩිකිනාරිමලේ
ගල් ලෙන්
32/සෝනකහලම්බ කුලම්
ගොඩනැගිලි නටබුන් පොකුණ
4/නිකවැව නටබුන්
ස්ථුපය
33/ සලමඩකුලම්
ගොඩනැගිලි නටබුන්
5/වැඩිවඩ්ඩුකල්ලු
නටබුන්
34/කොකුමොට කුලම්
ස්ථූපය
6/ කච්චිලමොටෙයි
ස්ථූපය
35/ කප්පච්චි වැව
ගොඩනැගිලි නටබුන්
7/ වෙඩිවට්ටුකල්ලු 2
ස්ථුපය
36/කප්පච්චි වාන
ගල්කණු නටබුන්
8/ වෙඩිවට්ටුකල්ලු 3
ගල්කණු හා පාදම්
37/කොනගරායන් කුලම්
ස්ථූපය සහ ලෙන්
9/ සපුමල්ගස්කඩ
පබ්බතාරාම නටබුන්
38/සෝනනොච්චිකුලම්
ස්ථූපය
10/ භූඔය රක්ෂිතය
ගල් බැමි සහිත් නටබුන්
39/ වච්චාලන් හේන
ගොඩනැගිලි නටබුන්
11/ මගල මොටෙයි
ගල්කණු හා පාදම්
40/ බෝගස් වැව
බුදු පිළිම ගල් කණු
12/මන්නර්කුලම්
ටැම්ලිපි හා නටබුන්
41/රුවන්මඩුව
සංඝාරාමයකි
13/ අල්ලවිලාන්කුලම්
නටබුන් ගොඩනැගිලි
42/ සැළලිහිණිගම
ගොඩනැගිලි නටබුන්
14/ නාගතලි
නටබුන් ගොඩනැගිලි
43/ රුවන්මඩු වැව
ස්ථූපය
15/ කනගරායන්කුලම්
නටබුන් ගොඩනැගිලි
44/කයිලබේ
සංඝාරාමයකි
16 /පම්පෙමඩු
බුදු පිළිම
45/ බෝගස් වැව 2
ස්ථූපය
17/පෙරිය කට්ටු
ස්ථුපය
46/ වෙහෙර ගල
ස්ථූපය
18/කොම්පා විත්තිකුලම්
පිළිම ගෙයක්
47/ නාමල්ගම වැව
ගොඩනැගිලි නටබුන්
19/ පාලමොට්ටෙයි
ස්ථූපය
48/මොට්ටමලේ කන්ද
ගොඩනැගිලි නටබුන්
20/  කිලෙවකුලම්
ගල්කණු හා නටබුන්
49/ උල්පත් ඇල නාමල්ගම
කටාරම් ලෙන
21 /පරනාට්ටතල්
ගල්කණු හා නටබුන්
50/ මහකච්චකොඩි
ස්ථූප ගල් ලෙන්
22/ පාලමොටෙයි
සිරිපතුල්ගල්
51/ කිඹුලාගල
ගල්ලෙන් නටබුන්
23/නච්චිකැලේ
ගොඩනැගිලි නටබුන්
52/ මඩුකන්ද
දළදා මන්දිරය
24/ ඌරාකුලම්
ගොඩනැගිලි නටබුන්
53/ ඇටඹගස්කඩ
පැරණි විහාරය
25/කොන්දන්කරම්කුලම්
ගොඩනැගිලි නටබුන්
54/ තෝනිගල
සෙල්ලිපිය
27/ පෙරිය මඩු
සිරිපතුල් ගල්
55/නෙලුම් කුලම
ස්ථූපය
28/කූරි සුඩ්ඩකුලම්
ගල්කණු හා නටබුන්
56/ සමලන්කුලම
ස්ථූපය
29/වාඩිවෙල
ස්ථූපය
57/ වෙහෙර බැදි වැව
 ගොඩනැගිලි නටබුන්
මුලතිව් දිස්ත්‍රික්කය -
ගම
පුරාවස්තු
ගම
පුරාවස්තු
1/ආලන්කුලම්
ස්ථුපය
35/කිරි ඉබ්බන් වැව 3
ගල් කණු
2/ ආලන්කුලම් 2
ස්ථූපය සිරිපතුල්
36/වල ඔය
කටාරම් ලෙන
3/ කල්විලාන් කුඹුර
කොරවක්ගල්
37/කන්නති කුලම්
ගල්කණු
4/ කල්විලාන් 2
ස්ථූපය
38/පුංචි කිරිඉබ්බන් වැව
කටාරම් ලෙන් ස්ථූප
5/කල්විලාන් 3
ගල්කණු හා පාදම්ගල්
39/කිරිඉබ්බන් වැව රක්ෂිතය
ගල් කණු
6/උදිය කුරුප්පු කුලම්
හිටිබුදුපිළිමය ස්ථූපය
40/වවුනි කුලම්
ටැම් ලිපිය ගල් කණු
7/මුතියන්කට්ටුකුලම්
කොරවක්ගල්
41/ නෙලුම් වැව
ගල් කණු
8/ කොකාවිල් කුළුණ
මුරගල් නටබුන්
42/ මුතියංකට්ටු පුහුණු පාසල
ස්ථූපය පිළිම ගෙය
9/ කච්චිරමඩු
සිරිපතුල් ගල් ආසනඝරය
43/ පනන්කාමම්
සිරිපතුල් ගල්
10/කොච්චියන් මලේ
ස්ථූපය හා ලෙන්
44/ පානන්කාමම් ශිව කෝවිල
ගල් කණු
11/ කන්නියාර්කෝවිල
කොරවක්ගල් මුරගල්
45/නාගතම්බ්‍රන් කෝවිල
ස්ථූපය ගල් පාදම්
12/තන්නිමුරුප්පුකුලම්
ස්ථූපය
46/සෙල්ව පුරම්
ගල් කණු සහ පාදම්
13/ පණ්ඩාරවන්නි
ගල්කණු සහ පාදම්
47/ මුණ්ඩු මුරුප්පු
ස්ථූපය
14/තාන්තෝණ්ඩිඊශවරන් කෝවිල
ගල්කණු සහිත් නටබුන්
48/ පරංගි ආරු
ස්ථූපය ගල් පාදම්
15/කනගරායන්පුරම්
ගල්කණු නටබුන්
49
/ වෙට්ලුනිරාවි
ස්ථූපය
16/කුමාරපුරම්
ගල්කණු කැටයම් පුවරු
50/ කෙරිඩුමඩු
බුදුපිළිම සහ බෝසත් පිළිම
17/ උදය කට්ටු
බෝධි ශාඛාවක්
51/නයාරු
ස්ථූපය
18/මණ්ඩකන්නාර්
පාදම් ගල් නටබුන්
52/කොම්බු අච්චුකුලම්
ගොඩනැගිලි නටබුන්
19/ තොලිච්චි මොටෙයි
ගොඩනැගිලි නටබුන්
53/පලෛප්පාන්
ගලු කණු පාදම්
20/ඔටිය මලෙයි
ගල ලෙන් ගල් පාදම්
54/ පෙරියතෙලෙයිලම් කුලම්
ගල්කණු
21/ජනක පුර පන්සල් කන්ද
ස්ථූපය
55/ පෙරිය කුලම්
කණු පාදම් ගඩොල්
22/ජනක පුර ගම
ස්ථූපය ගල් පාදම්
56/පුවරසම්කුලම්
අත්තාණි කණුව
23/ජනක පුර නිධන් භූමිය
ස්ථූපය ගල් කණු
57/කරුන් පුලියන් කුලම්
ගල් පාදම්
24/ කෝකිලායි මහ පිටිය
ස්ථූපය ගල් කණු
58/ කරුන්පුලියන් කුලම් කෝවිල
විහාර සංකීර්ණය
25/කොටමුණේ කෝවිල
ගල්පාදම් ගඩොල්
59/ පාණ්ඩියන් කුලම්
ගල් පාදම්
26/තන්නිමුරුප්පු කුලම්
නයිපෙණ ගල පාදම්
60/විනායාග පුරම්
ස්ථූපය
27/ කුම්භු කර්ණ මලේ
ස්ථූපය ගල් ලෙන්
61/ විනයාග පුරම් කුඹුර
ගල් පාදම් නටුබුන්
28/ආනන්ද කුලම්
ස්ථූපය ගල් කණු
62/කිඩා පොඩිත්ත කුලම්
බුදු පිළිමය
29/නෙත්තික්තායි කුලම්
ස්ථූප ගල් කණු පාදම්
63/ මල්ලාවිමුරුන්ගන් කෝවිල
ටැම් ලිපිය
30/තට්ටන් කොටුව
කණු පාදම් ගල් කණු
64/තෙරන්කණ්ඩාල්
ටැම් ලිපිය
31/ තට්ටන් කොටුව 2
ස්ථූපය
65/ තෙරන් කණ්ඩාල් වැව
ස්ථූපය
32/ කිරි ඉබ්බන් වැව
සිරිපතුල් ගල
66/මල්ලාවි
ගල් පාදම්
33/හැළඹ වැව
කොරවක් ගල්
67/ මනන්කණ්ඩාල්
පිළිම ගෙය
34/කිරිඉබ්බන් වැව 2
බුදු පිළිම කොරවක්




යාපනය දිස්ත්‍රික්කය -
ගම
පුරාවස්තු
ගම
පුරාවස්තු
1/ කන්දරෝඩය
ස්ථූප සහ බුදු පිළිම
16/ තෙලිප්පලෙයි
ගොඩනැගිලි නටබුන්
2/ නාගද්වීපය
විහාරය
17/ අච්චුවේලි
ගොඩනැගිලි නටබුන්
3/ ඩෙල්ෆට්
ස්ථූප
18/ වඩුක්කෝඩෙයි
නටබුන්
4/ චුන්නාකම්
හිටි පිළිමය
19/පුත්තූර්
බුදුපිළිමය
5/වල්ලිපුරම්
හිටිපිළිමය  හා නටබුන්
20/මනිපායි
පිළිම ගෙය
6/පුංකුඩුතිව්
ගොඩනැගිලි නටබුන්
21/මාවඩ්ඩි පුරම්
ගොඩනැගිලි නටබුන්
7/ නීලවරෙයි
හිටිපිළිමය බෝධිය
22/අනෙයි කෝට්ටෙයි
පැරණි ජනාවාසය
8/ වැවුනිකුලම්
බුදුපිළිමය පිළිම ගෙය
23/තෙනවේලි
ගොඩනැගිලි නටබුන්
9/ කොඩ්ඩිය වත්ත
නටබුන් ගොඩනැගිලි
24/බුද්ධ තෝට්ටම
බුදු පිළිමය
10/ මල්ලාකම්
බුදු පිළිම
25/තිරු අඩිනිලෙයි
සිරපතුල්
11/ මහයියා පිටි
නටබුන් ගොඩනැගිලි
26/අනලතිව්
ගොඩනැගිලි නටබුන්
12/ උඩුවිල්
නටබුන් ගොඩනැගිලි
27/ චාන්ගනේ
ස්ථූපය
13/ පුරලාලි
නටබුන් ගොඩනැගිලි
28/කාටවෙල්ලි
ස්ථූපය
14/ ගෝතමළුව වත්ත
විහාර නටබුන්
29/ උරේපුට්ටි
ස්ථූපය හා බෝධිය
15/සම්බිලිතුරෙයි
විහාර නටබුන්
30/මෝගම්මලේ
ස්ථූපය

කිලිනොච්චි දිස්ත්‍රික්කය -
ගම
පුරාවස්තු
ගම
පුරාවස්තු
1/ උට්ටුපුලම්
ස්ථූපය


2/අක්කරායන්කුලම්
ස්ථූපය සිරිපතුල්


3/උරුතිපුරම්
ස්ථූපය


4/පුනරීන් කොටුව
සිරිපතුල් ගල්


5/ කිලිනොච්චිය
ගොඩනැගිලි නටබුන්























මන්නාරම් දිස්ත්‍රික්කය -
ගම
පුරාවස්තු
ගම
පුරා වස්තු
1/ මන්නාරම
හිටිපිළිමය
9/ඔලිවෙඩ්ඩිකුලම්
ස්ථූපය හා බුදු පිළිමය
2/තිරුකේතීශ්වරම්
බුදුපිළිමය
10/මාන්නාන්කුලම්
නටබුන් ගොඩනැගිලි
3/වවුනිකුලම්
හිටිබුදු පිළිමය
11/ තලෙයිමන්නාරම
ගොඩනැගිලි නටබුන්
4/රජකුලම
ගොඩනැගිලි නටබුන්
12/කොම්පොතුක්කි
නටබුන් විහාර
5/මාලිකෙයි කුලම්
ස්ථූපය
13/කිඩප්පිඩිට්ට කුලම්
බුදු පිළීමය
6/ පානියම් කුලම්
සෙල් ලිපිය
14/කුංචිකුලම්
සමාධි පිළිමය
7/රාජමඩුව
ගොඩනැගිලි නටබුන්
15/ නරිකාඩු
හිටි පිළිමය
8/මුල්ලික් කුලම්
නටබුන් පාදම්
16/මුක්කරායන් කුලම්
බුදු පිළිමය

වාර්තාව සකස් කිරීම -

මතුගම සෙනෙවිරුවන්