පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, September 28, 2019

මුලතිවු කොටි උසාවියේ විධානය නොතැකූ ඥානසාර හිමිගේ විධායකය


                    
            වසර දහයක පමණ කාලයක් මුලතිවු ඓතිහාසික ගුරුකන්ද විහාරයේ විහාරාධිකාරිව වැඩ සිටි කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් කෙටි කලක් ගිලන්ව සිට අපවත් වූ අතර  සමස්ත සිංහල බෞද්ධ හදවත් බලවත් කම්පනයකට පත් කිරීමට මෙම සිදුවීම හේතු විය.  උතුරේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන රැක ගනිමින් සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරලීමට අවංකව කැප වුණු  මේධාලංකාරහිමි වැනි එඩිතර හිමි නමකගේ නික්මයෑම වෙන කවරදාටවත් වඩා ඉදිරියේදී දැනෙනු නිසැකය. උන් වහන්සේ ගේ නිසල දේහය  පසුගිය ඉරිදා දිනයේ මුලතිවු විහාරභූමියේ ම වූ වැව අසලදී අදානය කරනු ලැබිණ. මෙ අදාහන පූජෝත්සවය තහනම් කොට උතුරේ සිංහල බෞද්ධ අයිතියට කණේ පහරක් ගසන්නට බලා සිටි දෙමළ ජාතික සංන්ධානය ඇතුලු දෙමළ ජාති වාදීන් සැබවින්ම මේ අදාහනය සිදු වූ ගුරකන්දේදීම තවත් වරක් පරාජයට පත් විය.
       මුලතිවු උසාවිය කොටි උසාවියක් බව මෙයට පෙරත් අවස්ථා ගණනාවකදීම සනාථ කර තිබුණී.එදා ප්‍රභාකරන් පාලන සමයේ දී ඇටවූ කොටි උසාවි වලින් තීන්දු තීරණ ගනු ලැබූවේ.යම් ලෙසටද වර්තමානයේ මුලතිවූ උසාවියෙන්ද නැගෙන්නේ කොටි හඬයි. මේ කොටි අණට කඩේ යන පොලිසියක්ද මුලතිවූ ප්‍ර දේශයේ පිහිටා තිබීම කෙතරම් සංවේග ජනකද. මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රැකීමට බැඳි සිටින ශ්‍රීලංකා පොලිසිය එහි නවවන වගන්තිය ප්‍රගුණ කර නැති බව පෙනේ.ඔවුහු දෙමළ ජාතිවාදීන් ගේ ඉල්ලීමට ගුරුකන්ද දායක සභාවට එරෙහිව උසාවියට පැමිණිලි කරති.කොටි උසාවිය ඇන්නෑවේ කියමින් දෙමළ ජාතික සන්ධානයේ ජාති වාදී නඩයට සාපේක්ෂකව නඩු තීන්දු නිකුත් කරති.
       දළදා වහන්සේ මුල්වරට වැඩම කලා යැයි ජන ප්‍රවාදගත නයාරු ලංකාතොට අසල ගුරුකන්ද රජමහ විහාරයට  ටී.එන්.. දේශපාලන අංශයෙන් බලහත්කාරකම් සිදු වූයේ අද ඊයේ නොවේ.. ගුරුකන්ද රජ මහ විහාරයේ වර්තමාන විහාරාධිපති කොළඹ මේධාලංකාර හිමියන් ගේ මූලිකත්වයෙන් එහි බුදු පිළිම වහන්සේ නමක් ප්‍රතිෂ්ඨාපනය වන අවස්ථාවේ දීද එය සිදු විය..පසුගිය දුරුතු මස තෛයිපොංගල් දිනයේ දී පන්සලට කඩා වැදුණු හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී රවිහරන් ඇතුළු සියයක පමණ කණ්ඩායමක් ස්වාමීන් වහන්සේට සහ එහි දායකයන්ට බැණ තර්ජනය කරමින් බලහත්කාරයෙන් පන්සල් භූමිය තුළ මඩුවක් අටවා පොංගල් කිරිබත් උයා පන්සල් භූමියේ කෝවිලකට අත්තිවාරම් දමන්නට උත්සාහ දැරූ අකාරය කාහටත් මතක ඇතිවාට නිසැකය.මෙම සිද්දියෙන් පසු එතැනට කඩා වැදුණු ටී.එන්.. සංවිධානයේ මන්ත්‍රීවරු කීප දෙනෙක්ද ආලම්පීල් කෝකිලායි පල්ලි වල පූජකයන්ද චාල්ස් නම් පූජකයාද එක්ව පන්සලට තිබෙන අයිතිය ගැන මේධාලංකාර හිමියන් ගෙන විමසා සිටි අවස්ථාවේ දී උන්වහන්සේ එයට නීර්භීතව පිළිතුරු දුන්හ.මෙවැනි  අභීත හිමිනමක් ගේ අදාහන පූජෝත්සවය පැවැත් වීමට නායකත්වය ගත යුතුව තිබුණේ රජයයි. බුද්ධශාසන ඇමතිවරයා හෝ ජනාධිපතිවරයා මේ සම්බන්ධව කිසිම ක්‍රියාමර්ගයක් ගත් බව දැන ගන්නට නැත.සංස්කෘතික ඇමතිවරයාට වගේ වගක් නැත. එසේම මෙරට බුද්ධශාසනය වෙනුවෙන් වැඩ සිටින මහානායක ස්වාමීන් වහන්සේලාද මේ අදාහනය කළ යුතු නිවරදි ආකාරය පිළිබඳ රජයට උපදෙස් දුන්නේ නැත අඩු ගණනනේ උන්වහන්සේ  ඇතුලත් නිකායට අයත් නායක ස්වාමීන් වහන්සේ පවා මුණිවත රැක තිබෙන අතර වාරයේ  පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුලු මහා සංඝ රත්නය ගුරකන්දට වැඩම කිරීම මහත් ශක්තියක් වූ බව කාහටත් පැහැදිලිය.
         මුලතිවු උසාවිය තීන්දුව ප්‍රකාශයට පත් කරන්ට පෙර මේධාලංකාර හිමියන් ගේ චිතකයට ගිනි දැල්වින. ගුරුකන්ද විහාරයට අසල වැව් තීරයට සමීපව ඉතා කඩිනමින් චිතකය සකස් වූ අතර දෙමළ ජාතික සංන්ධානයේ විරෝධය නොතකමින් අදාහනය සිදු විය. මෙම ස්ථානයේ පැරණි පිල්ලෙයාර් කොවිලක් තිබී නොමැති බවට ඕනා තරම් සාක්ෂි ඇත. මෙයට පෙර මෙම භූමිය හමුදා කඳවුරකි. එහි තිබූ අනුරාධපුර යුගයට අයත් ස්ථූපයන් රතු පැහැති ගඩොල් බෝධිසත්ව ප්‍රතිමා වලින් අපට කියා පාන්නේ මෙම ස්ථානය තෙතරම් පැරණි බෞද්ධ සිද්ධස්ථානයක්ද යන්නයි. මෙම සිද්ධථානය වසර දෙදහසකට වඩා පැරණි බෞද්ධ ආරාම සංකීර්ණයක් යැයි වර්තමාන පුරාවිද්‍යා අධයක්ෂ ජනරාල් වරයා මුලතිවු උසාවියට පැමිණ සාක්ෂි දෙමින් සැළ කර සිටියහ. එහෙත් එතුමා විශාල වැරැද්දක් කර තිබුණි. ඔහු දුන් සාක්ෂිය උසාවියට ලිඛිතව ඉදිරිපත් නොකිරීම එම වැරැද්දයි. මේ නිසා මුලිතිවු මහේස්ත්‍රාත්වරයා ඊනියා පිල්ලෙයාර් කොවිලේ පාලක මණ්ඩලයටද මෙම ස්ථානයේ වැඩ කටයුතු කර ගැනීමට අවසරදෙමින් තීන්දුවක් දුන් අතර දැන් එම තීන්දුවට විරුද්ධව මහාධිකරණයෙය් නඩුවක් ගොනු කර තිබේ.
         මේ සියල්ල සිදු වන්නේ දහනම වන ව්‍යවස්ථාව මගින් ජනපතිවරයාගේ බලතල අඩු කොට අගමැති විසින් ඒවා පැහැර ගත් කාලවකවානුවකදීය. එදා 1948 නිදහස ලැබුණු අවස්ථාවේ දීද එංගලන්ත රැජිනට වග කියන අගමැතිවරයෙකු බිහිවිය. ඔහු සොල්බරි ව්‍යස්ථාවේ 29 වන වගනිතිය ප්‍රකාරව සියලුම ආගම් වලට එක සමාන ලෙසට සැලකිය යුතු විය.එම තත්තවය තුළ මේ රටේ සියලුම අගමැතිවරුන්ට සිදු වූයේ බුද්ධශාසනයට කෙණෙහිලිකම් කිරීමටයි.1972 ව්‍යවස්ථාවෙන් මෙරට ජනාධිපති ධූරයක් බිහි වීමත් පසුව 1978 දී විධායක ජනාධිපති ධුරයක් බිහිවීමත් නිසා.අගමැතිට  ඉහළින් සිටින ජාතික නායකයෙකු බිහි විය. එහෙත් එම ව්‍යවස්ථාවේ ද ජනාධිපති බලතල අතර බුද්ධශාසනයට අවශ්‍ය සේවය ඉටු කරලීම දක්වා නොමැතිය . වර්තමාන දහනව වන සංශෝධනය අනුව නම් ජනපතිවරයාගේ කාර්ය භෘරය වී තිබෙන්නේ ජාතික ආරක්ෂාවත් සංහිඳියාව ඇති කිරීමත්ය. ඒ අනුව ඔහු සර්ව ආගමික සංහිඳියා කාරයෙකු වී ඇත. සිංහල බෞදධයන්ට නිහඬව නිවටව සිටින්නට අණ දී දෙමළ ජාතිවාදීන්ට මුස්ලිම් අන්තවාදීනට රිසිසේ නටන්ට ඉඩ සලසා ඇත්තේ එහෙයිනි.කොළම සිටින විග්නේශ්වරන් ගුරුකන්දට පැමිණ උතුරේ පන්සල් වලට විරුද්ධව පෙළපාලි යන්නේ එහෙයිනි. ඒ අතර මොවුන් විධායකය අහෝසි කොට සියලු බලතලයන් අගමැතිවරයාට ලැබෙන පරිදි විසිවන සංශෝධනයක් ගෙන එන්නට වලිකෑම පසුගියදා දැක ගන්ට හැකි විය. ජනපතිවරණයක් කටේ තියා ගෙන එය ඉදිරිපත් කරන ලද්දේ අගමැතිවරයා විසිනි.මේ නිර්ලජ්ජිත ක්‍රියාවලිය තුළින් පසක් වන්නේ සිංහල බෞදධයාට තිබෙන අවසාන අයිතියත් නැති කිරීමට අවශ්‍ය ව්‍යවස්ථා මරඋගුල් අටවන්නට මොවුන් සූදනම් බවයි.මේ සඳහා සජිත් ප්‍රේමදාස ද එකඟ කර ගැනීම ඔවුන් ගේ අවසාන තුරුම්පුවයි.
        විධායකය යනු මේ රටේ සාම්ප්‍රදායානුකූලව තිබූ රාජ්‍ය නායකත්වයයි.රාජකීය තනතුරයි. එය අද ප්‍රජාතන්ත්‍රීයව සකස් ව තිබුණද රටේ වාසානාවට එම තනතුර යොදාගන්නා ආකාරය ඉතිහාසය විසින් පැහැදිලිව සාක්ෂි සහතිකව උගන්වා තිබේ. මහා විජයබාහු මෙන්ම මහා පරාක්‍රමබාහුද සයවන පරාක්‍රමබාහුද එම ආදර්ශය අපට පෙන්වා දී තිබේ.ලංකාවේ ස්වාධීනත්වයට එරෙහිව යම් අවස්ථාවක ප්‍රශ්ණයක් පැණ නැගුණද එයට නිර්භයව මුහුණ දුන්නේ ජාතික නායකත්වයයි. රජුට අවශ්‍ය ශක්තිය දීමට එදා මහාවිහාරය කටයුතු කළ ආකාරය වර්තමාන හා විහාරයට අමතක වී ගොසින්ය. මල්වතු විහාරයේ මහා නායක හිමියන් එදා ලන්දේසි යුගයේ දී ෆැල්ක් ආණ්ඩුකාරයාට  පවසන දේ මීට සාක්ෂි වෙයි. එම සාක්ෂිය මහාචාර්ය අභය ආරියසිංහ මහතා සංස්කරණය කළ ලංකාවේ රජසිරිත් සහ ලෝක චාරිත්‍ර නම් ග්‍රන්ථයට ඇතුලත් කර තිබේ.කෙසේ වෙතත් විධායකය අහෝසි කොට අගමැතිවරයෙකුට රට පැවරීම යලි රට ආපස්සට දැමීමකි.  ජනතා විමුක්ති පෙරමුණත් මෙරට බත් බැලයන් වූ එන්.ජී.ඕ. නඩයත් ලංකාව අස්ථාවර කරලන්ට ගෙන ආ මේ මත වාදය තවත් වරක් ඥානසාර හිමියන් විසින් අවලංගු කර තිබෙන ආකාරය අපට ගුරු කන්දෙන් දැක ගත හැකිය. නායකත්වයක් දක්වමින් ප්‍රශ්ණයකට නිවැරදිව මුහුණ දෙන තැන විධායකය පවතින බව මෙම සිද්දියෙන් අප තේරුම් ගත යුතුය.


Saturday, September 7, 2019

ගෝඨාබය ගේ පුරවැසි කම නැති වුණ හැටි ගෝඨාබය දන්නවාද


                      
     වත්මන් ව්‍යවස්ථාවේ හැටියට මන්ත්‍රීධූරයක් දරන තැනැත්තෙකු තමන්ගේ රටේ පමණක් පුරවැසියෙකු විය යුතුය.ගීතා කුමාරසිංහ මහත්මියට සිය ධූරය අහිමි වූයේ මේ ව්‍යවස්ථාපිත තත්ත්වය නිසාවෙනි.දැන් ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ඇමරිකන් පුරවැසි භාවය ගැන බොහෝ දෙන ප්‍රශ්ණ කරමින් සිටී.ඔහු එය ඉවත් කරගත් බව දන්වා සිටියද සමාජ මාධ්‍ය ජාලා තුළ සාකච්ඡා වන්නේ වෙනත් කරුණකි.
        පුරවැසියා (Citizen) යන්න කතාබහ වන්නේ පුරාණ ග්‍රීක පෞර රාජ්‍යය තුළයි. ඔවුන්ගේ දේශපාලන මණ්ඩලය තුළ සිටින්නන් ග්‍රීක පුරවැසියන් ලෙසට හැඳින්වූහ.එය දේශපාලන පීළිබඳ බෞතීස්ම නැන්වීමක් බඳු විය. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයන් සංවර්ධනය වීමේ දී මෙම පුරවැසි අයිතිය පිළීබඳ සකච්ඡෘ වෙමින් තහවුරු වූ ආකාරය අපට ඉතිහාසයෙන් උගත හැකිය.ලංකාවේ දී පුරවැසි භාවය පීළිබඳ පළමුවරට නීතිමය ලෙසට කතා බහ වන්නේ 1948 වර්ෂයේ දීය. 1815 වසරේ  බ්‍රිතාන්‍ය අධිරාජයාට ලංකාව ගිවිසුමකින් භාරදුන් පසුව එංගලන්ත කීරීටයට යටත් පාලනයක් මෙහි විය. ඒ නිසා ලංකාව තුළ වාසය කරන සියලු දෙන එංගලන්ත කොළණීයකට අයත් පුරවැසියන් බවට පත් විය. නමුත් 1948 දී අපට  දේශපාලන නිදහස ප්‍රදානය කරන කල්හි මෙරට වාසය කරන සියලුම ජන කොටස් වල අයිතිය සුරැකීමට යම් නීතිමය ලියවිල්ලක් අවශ්‍ය විය. එම නිසා 1948 අංක 18 දරන පුරවැසි පනතකින් එය නීතිගත කරන ලදී. මෙම පනතේ පැහැදිලිව සඳහන් කරන කල එක කාරණයක් වෙයි.පියා සීයා හෝ මුත්තා පරම්පරාගතව ලංකාවේ ජීවත්ව සිටීයේ නම් ඔහුට පාරම්පරික පුරවැසි බව හිමිවන බවයි. යම් අයෙකු ගේ පියා හෝ සීයා පමණක් මේ රට පදිංචි කරුවන් ලෙසට සිටි අවස්ථාවකදී ඔහුට ලියාපදිංචි පුරවැසි භාවය හිමිකර දීමටද මෙම පනතින් විධි විධාන සැලැස්වීය. මේ අනුව මෙතනදී සිදු වූයේ 1815 න් පසු ලංකාවේ පදිංචි කරන ලද දෙමළ සහ මුස්ලිම් ජන කොටස් වලටද ලංකාවේ නව රජයේ පුරවැසි කම ලියාපදිංචියෙන් හිමි වීමයි.ඒ  අනුව ඉන්දියාවේ සිට පැමිණී අරුණාචලම් පවුල විග්නේශ්වරන් පවුල පසුව ගල් ඔය සංවර්ධන මණ්ඩලයේ ගබඩා පාලක වශයෙන් පැමිණී රාජවරෝදියන්ට ඔහු ගේ පුතණුවන් වන ආර්.සම්බන්ධන්ට මෙන්ම සුමන්තිරන් ගේ පරම්පරාවටත් ලියාපදිංචි පුරවැසි කම හිමි වීමයි. තොන්ඩමාන් මහතාට පුරවැසි කම් ලබා දුන්නේ සිරිමා රජයයි.මෙම පනතේ  ලංකාවේ පාරම්පරිකව ජීවත්ව සිටි ජනතාව ගැන සඳහනක් තිබුණද එම පුරවැසි පනතේ කිසිම තැනක ඔවුන්ගේ අයිතීන් උරුමයන් ගැන සාකච්ඡා කර නැත. එම පනත ගෙන ආයේ බ්‍රිතාන්‍යයන් නොවේ. නිදහස ලබාගෙන ආණ්ඩු බලය හිමිකරගත් මෙරට පාලකයන්ය.
             1950 1955 වර්ෂ වලදී මෙම පනත නැවත සංශෝධනයට බඳුන් විය.ඉන්දු පකිස්ථාන් පුරවැසියන් පිළීබඳ නීති රීති එහි අඩංගු වී තිබුණි. ලංකාවට ගෙන ආ ඉන්දියානු වතු කම්කරුවන් පුරවැසි බව ගැන යලිත් 1962 වර්ෂයේ දී සාකච්චා වූ අතර 1978 දී ඇති කළ ව්‍යවස්ථාවේ  පස්වන පරිඡේදය තුළ පුරවැසි භාවය පිළිබඳ වැදගත් කරුණු රැසක් අඩංගු කිරීමට කටයුතු කර ඇත. ඒ ව්‍යවස්ථාව අනුව 1948 අංක 18 ප්‍රතිපාදනය වෙනස් කර එහි 26(2) වගන්තිය යටතේ සියලුම පුරවැසියන් මෙසේ එක සමාන කර ඇත.එනම් පුරවැසි තත්ත්වය අත්පත් කරගනු ලැබූ ආකාරය එනම් පරම්පරාවෙන්ද නැතහොත් ලියාපදිංචියෙන්ද යනු සලකා කවර වූ හෝ කාර්යයක් සඳහා ශ්‍රි ලංකාවේ පුරවැසියන් වෙසෙසා නොදැක්විය යුතුය යන්න සඳහන් කර තිබේ..ඉන් පසු උඩරට වතු වල පදිංචි දහස් ගණනක දෙමළ කම්කරුවන්ට  දිවුරුම් පෙත්සමක් මගින් ලියාපදිංචිය මගින් පුරවැසි බව හිමි කර ගැනීමේ අවස්ථාව හිමි විය.1978 ව්‍යවස්ථාවේ කළ අනෙක් ප්‍රතිපාදනය නම් එහි 91 වගන්තිය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට සුදුසුකම් දැරීම සඳහා වන නියමයට ලංකාවේ පුරවැසි කම් අනිවාර්යය කිරීමයි.
      මේ අනුව 1948 සිට වසර හතළික් දක්වා කාලය තුළ ලංකාවේ ජීවත්වන ඓතිහාසික පුද්ගලයන් වන සිංහලයන් ගේ භූමිපුත්‍රය අයිතිය පුරවැසි කමෙන් වසා දැමීමේ ඛේදවාචකය පීළිබඳ යම් චිත්‍රයක් මවා ගත හැකි වෙයි.දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ චන්ද කුට්ටියට ඇතැම් විට කප්පමට වහල් වී සිංහල දේශපාලඥයන් කළ කුපාඩිකම් මෙලෙස හෙළිදරව් කළ හැකිය. අද වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ දිවිත්ව පුරවැසිභාවය ගැන බොහෝ දෙනෙකු කතා කරති. එය මහා වැරැද්දක් ලෙසට ඉස්මතු කොට ඔහුට කිසිසේත්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවට තර්ක ඉදිරිපත් කරති.නමුත් 1948 අංක 18 දරන පනතේ පැහැදිලිව යම් කිසිවෙකු ගේ පුරවැසි කම අහෝසි වන ආකාරය දක්වා තිබේ. එනම් රාජ්‍යයට ද්‍රෝහී වීම රජයට එරෙහිව කුමන්ත්‍රණය කිරීම ආදී කරුණු ප්‍රමුඛ වෙයි. නමුත් ස්ව කැමැත්තෙන් පුද්ගලයෙකුට තමන්ගේ පුරවැසි කම අහක් කොට ගෙන යෑමටද එහි ඉඩ ප්‍රස්ථා ලබා දී තිබේ.. මෙම ප්‍රතිපාදන දෙක ඇරුණු කොට දිවිත්ව පුරවැසි බව ලබන තැනැත්තෙකුට මේ රටේ අයිතිවාසිකම් අහුරන වගන්තියක් එහි නොවේ.මෙය වූයේ කෙලෙසකද
       2015 වසරේ යහපාලන ආණ්ඩුව පත් වීමෙන් පසු දිග හැරෙන විදේශ න්‍යාය පත්‍රය යටතේ බලය බෙදීම ස්වයං පාලනය ලබා දීම මිය ගිය කොටිවන්ට වන්දි ගෙවීම ලංකාවේ ඉඩම් විදේශිකයන්ට පැවරීම වැනි බරපතල කාරණා රැසක් අන්තර්ගතව තිපබුණි. ඒවා සුමට ලෙසට ක්‍රියාත්මක කරලීමට නම් විරුද්ධ පකෂය අකර්මණ්‍ය කළ යුතුය. යහපාලන ආණ්ඩුව සිය ධූර කාලය සම්පූර්ණයෙන් ගත කළ යුතුය.  ඒ නිසාම රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව දහනව වන සංශෝධනය හොර පාරෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධීව පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට කටයුතු කළහ. මෙම සංශෝධනය කරලීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධීව බරපතල ලෙස වැරදි කීපයක් සිදු කර තිබේ. ජනමත විචාරණයකට යා යුතු ඇතැම්  වගන්ති අමු අමුවේ වෙනස් කර හිතූ මනාපයේ තමන්ට අවශ්‍ය න්‍යයා පත්‍රයට සරිලන වගන්ති ඇතුලත් කර තිබේ. එයින් එක් වගන්තියක් වන්නේ මන්ත්‍රීවරයෙකු හෝ ජනාධිපතිවරයෙකුට අපේක්ෂකත්වය ලබා ගැනීමට නොහැකි වන කොන්දේසියයි. එනම් 91 වගන්තියේ සඳහන් ලංකාවේ පුරවැසි භාවය නොමැති කෙනෙකු යන වචනය වෙනස් කොට වෙනත් රටක පුරවැසියෙක් වන  ශ්‍රී ලංකා පුරවැසියෙක් යන්න ආදේශ කිරීමයි.
    සැබවින්ම මෙය මගින් 1948 අංක 18 දරණ මූලික පනත උල්ලංඝණය කර ඇති අතර මානව හිමිකම් සම්බන්ධ ඡෙදයේ ඇතැම් වගන්තිද උල්ලංඝණය කර තිබේ. උපතින් පරම්පරාවෙන් ඉතිහාසයක් හිමි  ගීතා කුමාරසිංහට සහ ගෝඨාභාය රාජපක්ෂ මහතාට අපේක්ෂක සුදුසුකම් අහිමි වන්නේ ඒ නිසාය.කණගාටුව වන්නේ සිංහලයන් වශයෙන් තමන්ගේ අයිතිය අහිමි කර ඇති බව ඔවුන් දෙදෙනාද නොදැනීමයි.නමුත් ලියාපදිංචි කිරීමෙන් පුරවැසි බව හිමි වූ රටට එරෙහි යුධ වැදුණු කුමන්ත්‍රණය කළ ආර්.සම්බන්ධන් සුමන්තිරන් විග්නේශවරන් විජයකලා වැන පුද්ලයන්ද රිෂාඩ් බද්යුදීන් හිස් බුල්ලා වැනි ත්‍රස්තවාදයට අනුබල දෙන පුද්ගලයන්ගේද පුරවැසි කම් හොඳින්ම ආරකෂා වේ. දහනව වන සංශෝධනය සම්මත කර ගැනීමට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සහාය පළ කළ බව කවුරුත් දනිති.  බරක් පතලක් නොමැතිව කළ මේ ගොන්කම් නිසා අද ඔවුන්ද අමාරුවේ වැටී සිටිති.අමාරුවේ වැටී සිටිතත් තමන් ඇතුලු සිංහල ජනතාව වැටී සිටින අගාධාය ගැන ඔවුහු නොදනිති. සමස්ත සිංහලජාතියටම මේ පුරවැසි පනත් වලින් සහ ව්‍යවසථා සංශෝධන වලින් බලවත් අසාධාරණයක් වී තිබෙන බව කියන්නට  ඔවුන්ටද හයියක් නැත.එසේ කියන්නට ශක්තියක් ලැබේ නම් රටට ද්‍රෝහී වන සම්බන්ධන් සුමන් තිරන් මෙන්ම රිෂාඩ් බද්යුදීන්  ලාගේ පුරවැසි කම අහෝසි කිරීම එතරම් ප්‍රශ්ණයක් නොවේ.


Wednesday, September 4, 2019

සිංහල නීති යට කරගෙන උපන් මද්‍රසාව ට යහපාලන අනුමැතිය


                          
          මේ දිනවල මාධ්‍යවල පළවෙන වාර්තා අනුව මුස්ලිම් කාන්තාවන් මුහුණ දෙන ගැටළු ගැන යම් අවබෝධයක් ලබා ගත හැකිව තිබේ. අටලුගම හසීනා බියගම පාතිමා වැනි කාන්තාවන් හට මුස්ලිම් සමාජ යෙන් සිදු වන ගැහැට ඔවුහු සමාජයට මුදා හරින්නට උත්සාහ කරන ලද්දේ විසිඑක්වන දා සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුවයි. එයට පෙර බොහෝ තැන් වලදී මේ කාන්තාවන් විඳි දුක් ගැහැට ගැන කියන්නට කෙනෙක් සිටියේ නැත. මහජන ආරක්ෂාවට සිටි පොලීසිය අවසාන වශයෙන් මුස්ලිම් මවුලවියන් ගේ පැත්ත ගන්නා අතර ඔවුන් ගේ ප්‍රශ්ණ යටපත් කරලීමටද උදව් උපකාර කරන ආකාරය පැහැදිලි විය.
         ලංකාව ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් ලෙසට භාර ගැනීමට ගිවිසුම් අත්සන් කරන ලද අවස්ථාවේ මේ මුස්ලිම් සමාජය හඳුන්වන ලද්දේ මහමදාගම්කාරයන් වශයෙනි. උඩරට ගිවිසුමේ කිසිම තැනක ඔවුන් ගැන සඳහනක් නොතිබුණී නමුත්  මුහුදු බඩ පළාත් වල සිටි ඉංග්‍රීසි ආණ්ඩුව වර්ෂ 1806 දී ඔවුන් වෙනුවෙන් මහමදාගම්කාරයන් ගේ විවාහ හා දේපළ නීතිය යනුවෙන් ගැසට්ටුවක් පළ කර තිබේ.උඩරට පළාත් වල නොතිබූ මුහුදුබඩ පළාත් වල පැනවෙන වෙනම නීතියකට මෙලෙස අවතීරණ වූයේ ඇයිද යන්න සලකා බැලිය යුතුය. මෙහි ආරම්භය වූයේ ලන්දේසීන් සමග 1766 දී සිංහල රදළ වරු විසින් අත්සන් කරන ගිවිසුමයි. රට පුරා ඉඩම් වලින් ගව්වක ප්‍රමාණයක් අත් හැර ලන්දේසී කොම්පඤ්ඤයට පරිහරණයට දීමට එම ගිවිසුමෙන් එකඟ වූයේ කීර්ති ශ්‍රී රාජසිංහට සහ රදළවරුන්ට එරෙහිව සිංහල කුමාරයෙකු පහතරට සිට ගැසූ කැරැල්ලක් හේතුවෙනි. කෙසේ වෙතත් මේ පවරා දීම නිසා ලන්දේසීන් සිය බලතල යටතේ මුහුදු බඩ පළාත් වල සිටි වැසියන්ට නීති පැනවීමට මෙන්ම ඉඩම් ප්‍රදානය කිරීමට පටන් ගත්හ. වෙසෙසින්ම මේ අවදියේ බේරුවල ප්‍රදේශයේ වරාය ආශ්‍රීතව සිටි සංක්‍රමණීක මහමදාගම්කාරයන්ට ලන්දේසි තෝම්බු මගින් රජකාරි ඉඩම් ප්‍රදානයක් දක්නට ලැබිණ. වර්ෂ 1799 දී සිය බලකොටු සියල්ල ලන්දේසීන් විසින් ඉංග්‍රීසීන්ට පැවරූ අවස්ථාවේ දී 1766 සිට අනුගමනය කරන ලද පරිපාලන ක්‍රමවේද සියල්ල එලෙසම අනුගමනයට අදාල ප්‍රකාශනයක් ඉංග්‍රිසීන් නිකුත් කළහ. වර්ෂ 1800 න් පසු ඇඳි සිතියම් සියල්ල නිර්මාණය වන්නේ මේ බෙදීම් ඔස්සේය. විශේෂයෙන්ම  ඉංග්‍රීසීන් ලංකාව පළාත් පහකට බෙදා දක්වන කල්හි මේ බෙදීම ප්‍රයෝජනයට ගත්හ.පෙර සඳහන් කළ  1806  මහමදාගම්කාරයන්ගේ නීති එන්නේ මේ පසුබිම තුළය. මෙය 1852 අංක 08  1881 අංක 02 1888 අංක 20 1910 අංක 20 1912 අංක 09  1918 අංක 05 1922 අංක 09 සහ වශයෙන් මේ නීති සංශෝධනය වී ඇත. අනතුරුව 1931 අංක 10 මුස්ලිම් වකුෆ් පනත (1962 අංක 21 එහිම සංශොධනයි) ආදී වශයෙන් මුස්ලිම් නීති සංග්‍රහ වන්නේ ලංකාවට නිදහස ලැබීම හා වෙනම රාජ්‍ය පාලනයක් යන රීතියද සැලකිල්ලට නොගනිමිනි. 1926 දී රැජිනට එරෙහිව මිස්කින් උම්මා නම් නඩුවේ( එන්.එල් ආර්.330) දී මුස්ලිම් නීති වලට ඉඩ ලබා දීය යුතු යැයි බර්ට්‍රම් සහ ජයවර්ධන නම් විනිසුරු වරුන් දෙදෙන තීන්දුවක් දී ඇත. මේ තත්ත්වය මත 1951 දී ක්වාසි අධීකරණ පිහිටුවීම පිණිස පනතක් මගින් නීති සංග්‍රහ කර ඇත.
         සිංහල රජ දවස ලංකාවේ වෙනම මුස්ලිම් නීති හෝ දෙමළ නීති සංග්‍රහ නොකෙරුණි. රටේ වූයේ එකම රාජ නීතියයි.මහමදාගම්කාරයන් සහ දෙමළ වානිජයන් විටින් විට ලංකාවට පැමිණි අතර රටේ නීති පීළිගන්නා අයට රජු රාජකාරියක් භාර දුන්හ. ඒ සිංහල සංස්කෘතියට අනුගතව වැඩ කිරීමේ කොන්දේසි මතයි.හුළං බද්ද මඩිගේ රාජකාරිය  ඔවුන්ට පැවරූ එක් සේවාවක් විය. මේ සේවාව සඳහා  සිංහලයන් උදෙසා කරන ලෙසම  රාජකාරියට කුඩා ඉඩම් පවරා දුන්හ. මහනුවර අස්ගිරිය ගෙඩිගේ විහාරය සතුව තිබෙන ඉඩකඩම් වල   තෙල් සැපයීමේ සේවාව වර්ෂ 1824 දී මුස්ලිම් පිරිසකට  භාර දී තිබෙන්නේ රාජකාරියට යටත්වයි. අද ගෙඩිගේට නුදුරුව මීනක්කම් පල්ලිය අටවා තිබෙන්නේ මෙලෙස රාජකාරි නිසා හිමි වූ  ඉඩම් වලයි.සෙනරත් රජු ගේ කාලයේ දී තමන්ට එරෙහිව පැමිණී දේශීය බලවේග පරාජයට පත් කිරීම අරභයා මුස්ලිම් පිරිස් යොදා ගෙන ඇත.ඒ නැගෙනහිර පළාතේ පදිංචි කරවීමෙනි.ඔවුන්ට ද පාරම්පරිකව සිංහල සංස්කෘතියට අනුගත වන ලෙසට නියෝග ලැබුණද පසුව මෙම ප්‍රදේශය සිංහල රාජ්‍ය පාලනයෙන් ගිලිහී යෑම නිසා මුස්ලිම් ජනතාව සිංහලයන් ගෙන් වෙන් වීමට පටන් ගත්හ. 1818 ජාතික විමුක්ති අරගලයෙන් පසු ඉංග්‍රීසීන් විසින් නිකුත් කරන ලද රාජඥාව අනුව ප්‍රථම වරට මරක්කලයන් ගැන සඳහනක් ඇතුලත් වී ඇත.එහිදී ඔවුන් විදේශිකයන් ලෙසට වර්ග කිරීමද විශේෂයකි.
            හැටේ දශකයේ සිට වර්ෂ 2000 දක්වා කාලය ගතහොත් පාර්ලිමේන්තුව විසින් මුස්ලිම් ජනතාවට අවශ්‍ය නීති රීති විශාල ප්‍රමා තවදුරටත්ණයක් සම්මත කොට දී ඇත. 1990 දී සහාබ්දීන් නමැති අයගේ වාර්තාවක් අනුව හිටපු අධීකරණ ඇමති ආතාවුද සෙනෙවිරත්න විසින් කති උසාවි පිහිටුවීමට පසුබිම සකස් කරන ලදී.  මේ නිසා අප තේරුම් ගත යුත්තේ ඉස්ලාම් ආගම මේ රටේ ප්‍රමුඛස්ථානයට පත් වූ තරමේ පිළීගැන්මකට ලක්ව ඇති ආකාරයයි. නමුත් සිංහල නීති කිසිවක් නැවත භාවිතයට ගැනීමට ලංකාවේ පාර්ලිමේන්තුව කිසි විටක උත්සාහ ගෙන නොමැත. පැරණි සෙල් ලිපි වල පවතින නීති සන්නස් වල පවතින නීති විශාල ප්‍රමාණයක් ගැන මූලාශ්‍ර වලින් හෙළි වන බව ඉතිහාසඥයන් පවසති.විශේෂයෙන් මාඝාතය සඳහා පැනවූ නීති. විහාර පරිපාලනයට අදාල නීති ශාසනික විනය නීති ගැන පැනවූ රීති සංග්‍රහ කර ගැනීමට පවා පාලකයන්ට නොහැකි වී තිබේ. 1931 බෞද්ධ විහාර ගම් දේවාල ගම් පනත ඇති කරන ලද්දේ ශාසනික දියුණුව අපේක්ෂාවෙන් නොවේ. බෞද්ධයන් අතර බේද ඇති කොට ශාසානික පරිහානිය සිදු වන පරිද්දෙනි.  දියවඩන නිලමේ පත් කිරීම ට දිසාපාති වරුන් ගේ චන්දය යොදා ගැනීම එක් ක්‍රමයකි. ඒවා නිසා අල්ලසට දූෂණයට ඉඩ කඩ සලසා දී තිබේ.
       පසුගිය අප්‍රියෙල් 21 දින පාස්කු ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් ජනයාගේ මේ හිතුවක්කාර නීති ගැන සමාජයේ විශෘල කතාබහක් ඇති විය. විශේෂයෙන්ම සම්පූර්ණයෙන්ම මුහුණ වසා අඳින බුර්කාව මුස්ලිම් විවාහ නීතිය සහ කාති උසාවි වල නඩු තීන්දු ගැන බලවත් විරෝධයක් එල්ල විය. මුස්ලිම් කාන්තාවන් කීප දෙනෙකු අතින්ම මෙම විරෝධය එල්ල වීම විශේෂයෙකි. ආණ්ඩුව තේරිම් කාරක සභා පත් කොට දින සති ගණන කල් මරමින් සැබෑ ප්‍රශ්ණය අද වෙන විට යටපත් කොට ඇත.වෛද්‍ය සාපි ගේ සිද්දියට එදිරිව ඉදිරිපත් වූ වෛද්‍යවරුන් සහ නීතිඥයන්ට බලපෑම් එල්ල වූයේ සාෆි ගෙන් පමණක් නොවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිළධාරීන් ද වරින් වර වෛද්‍ය වරුන් අමතමින් සාක්ෂි දීම නැවැත්වීමට තර්ජනය කළ අවස්ථා තිබේ.මුස්ලිම් විවාහ හා දේපළ නීතිය සංශෝධනය කිරීමට මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයෙන් ඉදිරිපත් වූ යෝජනා අතර තිබෙන්නේ විවාහ විය යුතු වයස 18 ක් කිරීම පමණකි. එයද කාතිවරයාගේ අභිමතය පරිදි වෙනස් කළ හැකිය.
        මේ අතර මද්‍රසා පාසල් නීතිගත කරලීමටද ආණ්ඩුව ඉතා සූක්ෂමව කැස කවමින් තිබේ. මේ මද්‍රසා පාසල් 1600 ක්ට වඩා රටපුරා ලියාපදිංචි කර ඇත්තේ මුස්ලිම් ආගමික අමාත්‍යංශය මගිනි. දැන් මේ පාසල් නීතිගත කරලීමට කැබිනට් සංදේශයක් ඉදිරිපත්ව තිබෙන අතර  ඊට ඇමතිවරුන් ගේ අදහස් විමසා තිබේ. සිංහළයන්ගේ ප්‍රශ්ණ කෙසේ වෙතත් මෙවැනි බරපතල නීති රීති ගැන අබමල් රේණුවක වත් අවබෝධයක් නැති ඇමතිවරු මේ මද්‍රසාව නීති ගත කොට අධ්‍යාපන අමාත්‍යංශයට එක් කරගත යුතු බවට යෝජනා කර ඇත. ජනාධිපතිවරයා පවා මේ ගැන බරපතලව සිතා නැත. ඔහුද කල්පනා කරනවා ඇත්තේ ඒවා රජය හරහා අධීක්ෂණය කළහොත් ප්‍රශ්ණය අහවර වනවා කියාය. නුමුත් මද්‍රසා හරහා ඉගැන්වෙන ඉස්ලාම් මූලධර්මවාදය ශරියා නීතිය ලංකාවට අනවශ්‍ය අරාබි භාෂාව වැනි දේ මගින් සිදු වන්නේ ලංකාවේ සංස්කෘතියෙන් වෙන් වූ පිරිසක් බිහි වීමයි. එසේම ඉස්ලාමීය විද්‍යාව යනුවෙන් තවත් කුණු හරුපහයක් ඉගැන්වේ.( ලෝකය කැරකෙන බව උගන්වා තිබෙන්නේ කුරාණයේ බව මේ විද්‍යාවේ උගැන්වේ) මේ  නිසා මුස්ලිම් තරුණ පරම්පරාව සිංහලයන් ගෙන් වියුක්ත මූලධර්මවාදී පිරිසක් වීමට තිබෙන ඉඩකඩ විශාලය.
      යම් කිසි පනතක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ නම් ඒ අමාත්‍යංශයේ විෂය සීමාව ඉක්මවා නොයා යුතු බවට නීතියක් තිබේ. එසේ නොමැති අවස්ථාවකදී එම විෂ්‍ය පථය හිමි අදාළ අමාත්‍යංශය සමග එක්කාසු වී කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළ යුතුය. මෙහිදී එලෙස සිදු වී නැත . මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය අධ්‍යාපන අමාත්‍යංශයේ වගකීමද සොරගෙන හිතුවක්කාරයට කටයුතු කර තිබෙන්නේ වත්මන් අගමැතිවරයා මුස්ලිම් ආගමට ප්‍රමඛතාවය පිරිනමන නිසා විය හැකිය. මූලධර්මවාදී වැඩ කොට ජාතිවාදය අවුස්සන හිස්බුල්ලා වැන්නවුන් සිය මධ්‍යම කාරක සභාවට එක් කරගන්නා ජනාධීපතිවරයාටද  බෞද්ධයන්ට වඩා මුස්ලිම් ප්‍රජාව වැදගත් වී තිබේ.  මද්‍රෂා පාසල් වල දිනපතා කෙරෙන ඉගැන්වීම් නිසා රටේ තිබෙන පොදු අධ්‍යාපන ක්‍රමය ඒ හා ගැටෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එම නිසා කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් කළ යුත්තේ මේ පනත ගෙන ඒමට විරුදධ වීමයී. නමුත් ඔවුහු එම පනතේ හරි වැරදි බලන්නට උත්සාහ ගනිති. මේ පනත ප්‍රතික්ෂේප කොට නිරීක්ෂණ ඉදිරිපත් කර තිබෙන්නේ චම්පික රණවක ඇමතිවරයා පමණකි. ඒ ගැන ඔහුට ස්තූතිවන්ත විය යුතුය. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය සමයේ සිට මුස්ලිම් මූලධර්මවාදයට පාරකැපූ ඉස්ලාමීය නීති අවලංගු කරලීමට දැන් කාලය පැමිණ තිබෙන බව පෙන්වා දිය යුතුය. ඒවා සියල්ල ශූන්‍ය කොට මුස්ලිම් ප්‍රජාව රටේ පොදු නීතියකට රීතියකට යටත් කළ යුතුය.ඒ සඳහා දැඩි තීරණා ගැනීමට ඉදරිපත් වන දේශපාලන චරිතය පිළිබඳව  මේ රටේ ජනතාව විමසිල්ලෙන් බලා සිටිය යුතුය