පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, April 28, 2021

වාන් ඇළ සිංහලයන්ට එදා කොටි ගැහුවා අද පොලිසිය ගහනවා

 

 

 


                           

            2021 මාර්තු මස 02 දින කන්තලේ වාන්ඇළ විහාරගල ගම්මානයට කඩා වැදුණු පොලිස් බල ඇණියක් සහ වන සංරක්ෂණ නිළධාරීන් ගම්මුන් ගේ ගෙවල් පොඩි පට්ටම් කොට ජනයා පළවා හරිනු ලැබූහ.නිවාස වල තිබූ බුදු පිළිම පොලේ ගසා ලීමට මෙහි පැමිණි ඇතැම් වන නිළධාරීන් කටයුතු කල ආකාරය ගැන ගම්මු මහත් සංවේගයෙන් කතා කරති. ගෙවල් විනාශ කරලීමෙන් නොනැවතුණු පොලිසිය ගම්වාසීන් 28 දෙනෙකුට විරුද්ධව කන්තලේ උසාවියේ නඩු පවරා තිබේ. ඒ වෙන කිසිවකට නොව නිළධාරීන්ට බාධා කිරීම පොලිසිය ඉදිරිපස  රැස් වී බලපෑම් කිරීම ආදී කරුණු ඉදිරිපත් කරමිනි.ගමේ පන්සලේ විහාරාධිපති හිමියන්ට සහ කන්තලේ බෞද්ධ සංගමයේ නීල් මහතාට සිතාසි එවා ඇත්තේ ජනයා පදිංචි කිරීමට පෙළඹවීම හේතු කොටගෙනයි.

              කොට්ටියාර් පත්තුව නොහොත් පැරණි කොටසර ජනපදය තුළ පිහිටි විශාලතම වැව ගංතලාවයි.දෙවන අග්බෝ රජු විසින් කරවන ලද මෙම වැව මහා වැවක් කොට බඳවන ලද්දේ මහා පරාක්‍රමබාහු රජු විසිනි.සිංහල රජ යුගයෙන් පසුව ලන්දේසි සමයේ ද පසුව 1880 වර්ෂය වන විට ඉංග්‍රීසි යුගයේද මෙම වැව යලි ප්‍රතිසංස්කරණයට ලක් කර ඇත. ඉන්පසු නව සොරොව්වක් සමග මෙම මහා වාපිය.නැවත නිර්මාණය කොට ගොවි ජනපද ආරම්භ කරන ලද්දේ 1950 දහකයේ දීය.ඒ වන විට ගංතාලාව මහා වැව කන්තලේ නමින් හැඳින්විණ.වවුනියා පාර්ලිමෙන්තු මන්ත්‍රී වූ වන්නියාසිංහම් ගේ ව්‍යවහාරයක් වූ මේ නාමය භාවිතයට එවකට පාර්ලිමේන්තුව පවා විරුද්ධ නොවුණි.කන්තලේ මෙන්ම සේරුවිල අවට තිබෙන ඇල්ලෙ මහ වැවද මෙලෙසම ප්‍රතිසංස්කරණයට ලක් විය. ඒ නිසා මේ ප්‍ර දේශයේ නවතම ගොවිජනපදයන් හඳුන්වන ලද්දේ ඇල්ල කන්තලේ ව්‍යාපාරය යනුවෙනි.

    වර්ෂ 1815 දී සිංහල රාජ්‍යය ගිවිසුමකින් බ්‍රිතාන්‍යට පවරා දීමේ කාලවකවානුව වන විට මෙම  ප්‍ර දේශ ඝන කැළයට යටව තිබුණි. පොළොන්නරුව මැදිරිගිරිය මෙන්ම ත්‍රිකුණාමලය අවට ජනපද කරණය සිදු වන විට මෙම ප්‍රදේශය චුන්ඩන්කාඩු රක්ෂිතය ලෙසට 1940 දී ගැසට් කරන ලද්දක් විය.ඒ මුඩුබිම් පණත් මගින් ඉංග්‍රීසි ආණ්ඩුව පවරාගත් භූමියයි. මහ වැලි ගඟ මුහුදට වැටෙන්නේ ත්‍රිකුණාමාලයෙනි.මහවැලි ගඟින් උතුරු පෙදෙස එනම් අක්කර 41381 ක වපසරිය මෙම නාමයෙන් මිනුම්දෝරු සිතියම්වලට ඇතුලත් ව තිබේ.නමුත් කන්තලේ ගොවි ජනපද බිහිකරන කල්හි මෙම රක්ෂිතයෙන් ඉඩම් රාශියක් බැහැර කොට නව ගම්මාන ඇති කරන ලදහ. මේවා නව ජනපද ලෙසට සැළකුවද රක්ෂිතය ලෙසට නම් කළ සෑම කොටසකම දක්නට ලැබුණේ ‌ෙඑතිහාසික සිද්ධථානයන්හි නටබුන්ය. මේ නිසා පණහේ දශකයේ දී මෙම පළාතට වැඩම කළ අස්ගිරි පාර්ශවයේ පූජ්‍ය උදළුමඩ ගුණරතන ස්වාමීන් වහන්සේ ගේ මූලිකත්වයෙන් සිංහල ගම්බිම් යළි බිහි වන්නට විය.සේරුවිල මෙන්ම ත්‍රිකුණාමල ප්‍ර දේශය තුළද අති විශාල සිංහල ජනගහනයක් ස්ථාපිත වන්නේ පැරණි උරුමයන් සොයා පැමිණි භූමිපුත්‍රයන් නිසාවෙනි.මහවැලි ගඟෙන් උතුරට පවතින සියලුම විහාරස්ථාන අස්ගිරියටත් මහවැලි ගඟ‌ින් දකණට පවතින සියලුම විහාරස්ථාන මල්වත්තටත් අයිති බව ඉංග්‍රීසීන් පීළිගත් බවද මෙහිදී සඳහන් කල යුතුය.එම ප්‍රකාශය ලෝරි ගැසට්ටුවේ සඳහන්ය.ගංතලාව වැව සහ එයට සමාන්තරව තිබෙන නිවුන් වැව වූ වෙන්ඩ්‍රාසන් කුලමට අමතරව මෙම වාරි ද්‍රෝණියේ තිබෙන අනෙක් විශාලම වැව වන්නේ වාන් ඇළ මහ වැවයි.මෙම වැව් තුනට අමතරව මධ්‍යම ප්‍රමාණයේ වැව් මෙන්ම කුඩා වැව් රාශියක්ම මෙහි පිහිටා තිබේ.

 


 

1961 වර්ෂයෙන් පසු මින්නේරිය කන්තලේ යෝධ ඇළ නැවත ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අසූව දශකය වන තෙක්ම කන්තලේ ගොවි ජනපද ව්‍යාපාරය වරින් වර පුළුල් විය.කන්තලේ ත්‍රිකුණමල මාර්ගය අවට විශාල ගම්මාන රාශියක් ඇති වූ බව මෙහිදී කිව යුතුය.1964 දී වාන් ඇළ සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කරන ලද අතර එම කටයුත්තට අදාලව ජනතාව පදිංචි කිරීම් 1968 දක්වා සිදු වී තිබේ.ඒ අනුව වාන් ඇළ ගොවි ජනපදයත් ඊට අමතරව මීගස්වැව සහ විහාරගල යන වැව්ගම්මානයන්ද සංවර්ධනයට ලක් වී 1980 දක්වා දිවෙන කාල පරාසය තුළයි..මින් විහාරගල වැව අසල අනුරාධාපුර යුගයට අයත් සෙල් ලිපි සහිත ලෙන් විහාරයක් පිහිටා තිබේ.    අතීත මුතුන් මිත්තන් විසින් ගොඩ නැගුණු සිංහල ශිෂ්ඨාචාරය නැවත අදියරෙන් අදියර නැවත පණ නැන්වෙන කල්හි අවාසානාවන්ත කාල පරිඡේදයක් උදාවිය.එනම් උතුරෙන් පටන් ගත් දෙමළ කොටි ව්‍යාපාරයයි. දෙමළ ඊළම වෙනුවෙන් සටන් වැදුණු කොටි ත්‍රස්තයන් උතුර සහ නැගෙනහිර දෙමළ නිජ භූමි වශයෙන් මිථ්‍යා ප්‍රබන්ධයන් ඔස්සේ යමින් අවි ආයුධ සන්නද්ධ ත්‍රස්ත ව්‍යාපරයකට අවතීර්ණ විය.යාපනයේ දොරේඅප්පා ඝාතනයේ සිට වරින් වර මනුෂ්‍ය ඝාතන කරමින් විශේෂයෙන්ම සිංහල ගම්බ්ම් වල සිටි අහිංසක වැසියන් ඝාතනය කරමින් ඊනියා දෙමළ නිජභූමිය තුළ වාර්ගික පවිත්‍රකරණයක් සිදු කළහ.නැගෙනහිර පළාතේ වැලිඔය ත්‍රිකුණාමලය මඩකලපුව මෙන්ම පෙලොන්නරුවත් මේ ත්‍රස්ත ප්‍රහාරයන්ට නතු වූහ. ඊනියා සටන් විරාම ගිවිසුම නිසා කන්තලේ ගොවිජනපද ව්‍යාපාරයටත් මේ කලබල ඇති විය. 1990 ජූලි 25 දින වාන් ඇළ විහාරගල ගම්මානයට කඩා පීනූ මේ කොටි ත්‍රස්තයන් ගම් වැසියන් එකොලෙස් දෙනෙකු කපා කොටා ඝාතනය කළහ.මෙම ප්‍රහාරයෙන් සිවු දෙනෙකු තුවාළ ලබා ජීවිත රැක ගත්හ. මේ භීෂණය නිසා සිංහලයන් සිය ගම්බිම් හැර දමා කන්තලේ නගරාසන්නයට සහ හබරණ පොලෙන්නරුවට සංක්‍රමණය වූහ.

     කොටි සමග සිදු කළ අනවරත සටන් නිමාවට පත් වූයේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හාමුදාව වීරෝධාර ලෙසට ඔවුන් හඹා  ගොස් වටකර පහර දීමෙනි. අවසානයේ නන්දි කඩාල් කලපුවේ දී ප්‍රභකරන් ඝාතනය වීමත් සමග මේ ආක්‍රමණය අවසන් විය.අනතුරුව රජය ඉදිරියේ පැවතීයේ නටබුන් වූ යුධ කලාපය නැවත යථා තත්වයට පත් කර ගැනීමයි.ඒ සමගම අවතැන් වූ ජනී ජනයා පදිංචි කිරීම සිදු කල යුතුව තිබුණි. නමුත් අවාසනාවකට මේ කටයුත්ත නිසි පරිදි සිදු නොවීය.ඒ සමගම රජය පත් කළ කොමිසම් නිසා යුධ ජයග්‍රහණය විසින් අත්පක් කර දුන් මානසිකත්වය බෙලහීන විය.ඉන්දීය රජයේ බලපෑම් මධ්‍ය යේ උතුරේ සිංහලයන් නැවත පදිංචි කිරීම සිදු නොවීය. යාපන නාවක්කුලියේ සිංහල ගම්මානය සෑදුණේ බලයෙන් මෙනි.ත්‍රිකුණාමල මඩකලපු දිස්ත්‍රික්කයේ  තත්වය ඉතාමත් ශෝචනීය විය.සිංහලයන්ට ලැබුණු කුඩම්මාගේ සැළකිල්ල මේ වන විට කවුරුත් අත් දැක ඇත. මේ නිසා 1990 දී අවතැන් වූ වාන් ඇළ විහාරගල ජනතාවටත් සාධාරණයක් ඉටු නොවීය. මහින්ද රජපක්ෂ රජය 2015 දී පරාජයට පත් වූ පසු තත්වය තවත් නරක අතට පත් විය. සිංහලයන් කෙසේ වෙතත් මුස්ලිම් සහ දෙමළ ජනයා බලහත්කාරයෙන් මෙන් උතුරේ සහ නැගෙනහිර කැලෑ කපමින් පදිංචිවන්නට විය. ඇතැම් තැන් වල තමන්ගේ වර්ගයාගේ දේශපාලකයන් ගේ නොමද සහයෝගය ලැබූ මුස්ලිම් පිරිස් කැලෑ බිම් වලට ප්‍රකාශන ඔප්පු සාදා ගනිමින් ආක්‍රමණය කරමින් උන්හ. යහපාලන රජය බලයෙන් පහ වූ අනතුරුව ජනයා සුසුම් හෙළමින් තමන්ගේ කමට තැනක් ලැබුණි යැයි උදම් ඇණූහ. ඒ අනුව වන් ඇළ විහාරගල පැරණි ගම්මානයේ නැවත පදිංචි වීම් ආරම්භ වනුයේ 2020 අවසාන භාගයේ ය. විහාරගල නව විහාරස්ථානයක් ඇරඹෙමින් භික්ෂූන් වහන්සේ නමක් වැඩ වාසය කිරීම සිදු වීම මීට ආසන්නතම හේතුව විය.

    


 

.

     දැන් විහාරගල ගම්වාසීන් නැවතත් අවතැන් වී සිටී.පොලිසිය විසින් කළ අඩන්තේට්ටම් වලින් පසු ඔවුහු විහාරගල විහාරස්ථානයේ කඳවුරු ගසාගෙන තාවකාලිකව පදිංචි වී සිටී.මේ අවනඩුව දැන් ඉංග්‍රීසි නීතිය ඉදිරියේ විභාග වෙමින් තිබේ. 1940 ඉංග්‍රීසින් විසින් ගැසට් කරන ලද චුන්ඩන්කාඩු නම් වන රක්ෂිතයට විහාරගල ගම  අයත් යැයි වන නිළධාරීන් පවසති.සැබෑය. එවැනි රක්ෂිතයක් තිබී ඇත. නමුත් 1950 සිට 1980 දක්වා වූ කාලයේ දී ගොවි ජනපද ආරම්භ කරන කල්හි මේ ඝන කැළෑවට යටවූ භූමිය නැවත ජනයාට පවරා දී තිබේ.නමුත් රජයේ යම් අතපසුවීමක් නිසා මෙලෙස ඉවත් කරන ලද ගම්බිම් රක්ෂිතයෙන් ඉවත් කර නැත.දැන් නව ගැසට්ටුවක් මගින් චුන්ඩන්කාඩුව අලුත් සැලැස්මකට සළකුණු කර තිබේ.එයට විහාරගල පමණක් නොව වාන් ඇළ මහාවාරි ව්‍යාපාරයත් අයත්ය.සැබවින්ම ලංකාවේ මහ වනය දේශපාලකයන් විසින්ද අතැම් නිළධාරීන් ගේ අතයට ගනුදෙනු නිසාද විනයක් නොමැති සාමාන්‍ය ජනයා නිසාද විනාශ වෙමින් ඇත. මේ වනය තවදුරටත් ආරක්ෂා නොවුණහොත් ජල සම්පත ලබා ගැනීම උගහට වනු ඇත. මේ නිසා පදිංචි වීම් ගොවිතැන් කටයුතු සිදු කරන භූමි වෙන් කර ගැනීමත් ඒවා පරිසර හිතකාමී ලෙසට සකස් කර ගැනීමත් කළ යුතුය. විශේෂයෙන්ම රජයේ වන රක්ෂිත ආසන්නයේ පවතින ගම්මාන වන ගම්මාන ලෙසට සකස්කර ගැනීම වඩාත් කාලෝචිතය.වාන් ඇළ රජයේ රක්ෂිතයට කොටු කර ජනයා පලවා හැරීම නොව වන රක්ෂිතය රකින වන ගම්මානයක් කරවීම මගින් මේ ගැටළුවට විසඳුම් ලැබෙනු නිසැකය.ඩවුබිගින් පන්නයේ පොලිසියත් ඉංග්‍රීසි නීතියත් වඩා මානුෂීය වන්නේ නම් මේ දුරදිග රැගෙන යා යුතු ප්‍රශ්ණයක් වන්නේ නැත. ප්‍රදේශයේ දේශපාලඥයන්ටද නැගෙනහිරභාර ආණ්ඩුකාරවරියටද මෙහිදී විශාල වගකීමක් පැවරෙනු ඇත.

මතුගම සෙනෙවිරුවන්

Saturday, April 10, 2021

මරණ පරීක්ෂක(මුස්ලිම් ) තනතුර සහ ආණ්ඩුවේ වර්ගවාදය

 

 

 


                            

         හදිසි මරණ පරීක්ෂකවරු සඳහා තනතුරු බිහි කිරීම සිදු වන්නේ 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 108 වගන්තිය අනුවයි. සිවිල් පුරවැසියන්ගෙන් තෝරාගත් උගත් බුද්ධිමත් පුද්ගලයන්  සීමිත පොලිස් බලතල සහිතව මෙම තනතුරට  පත්කිරීමට  අධිකරණ ඇමතිවරයාට බලය හිමිවී තිබේ.මෙම තනතුර සඳහා පඩිනඩි සැපයීමක් සිදු නොවන අතර හදිසි මරණයකදී කරන ලද පරීක්ෂණයකින් අනතුරුව ලබා දෙන වාර්තාව උදෙසා යම් දීමනාවක් ගෙවනු ලබයි. ඒ අනුව මෙම තනතුරු ගරු කටයුතුය.බුහුමන් ලබන්නකි.වගකීමක් ඇති බැවින් තනතුර හොබවන පුද්ගලයා සමාජයේ පිළිගත් තැනැත්තෙකු බවට තක්සේරුවක් තිබිය යුතුය. මරණ පරීක්ෂණයකදී යම් තැනැත්තෙකුගෙන් සාක්ෂියක් ලබා ගැනීමට බලය පාවිච්චි කිරීමටද එලෙස සාක්ෂි දීම පැහැර හරින්නකුට විරුද්ධව වරෙන්තුවක් නිකුත් කරලීමටද මෙම මරණ පරීක්ෂක වරයාට හැකිය.

      වර්තමානයේ පවතින කොවිඩ් තත්වය හේතුවෙන් මෙම හදිසි මරණ පරීක්ෂක වරුන්ට කාර්ය බහුල වී තිබේ.මරණයට පත් වූ රෝගියෙකු පරීක්ෂා කොට පී.සී.ආර්. කොට මිනිය නිදහස් කරලීමේ භාරධූර කටයුත්තේ කොටසක් ඔවුන් වෙත පැවරී තිබේ. අධිකරණ අමාත්‍යංශය පවසන පරිදි දිවයිනේ කොට්ඨාශ ගණනාවකම මෙම තනතුර සඳහා පුරප්පාඩු 297 ක් ඇතිව තිබේ. මේ නිසා පුරප්පාඩු පිරවීමට අමාත්‍යංශයේ ලේකම් වරයා‌ගේ අත්සනින් යුතුව 2021 පෙබරවාරි 01 දාතම යටතේ අයැදුම්පත් කැඳවීමක් අන්තර්ජාලය තුළ පළ කර තිබේ.මෙම අයැදුම්පත් කැඳවීම අනුව හදිසි මරණ පරීක්ෂක වරයෙකු වීමට සුදුසුකම් හයක් සම්පූර්ණ කළ යුතුය.ඉන් වගන්ති පහකම කියැවෙන්නේ සාමාන්‍ය වශයෙන් තනතුරක් හෙබවීමට පළ කරන පොදු සුදුසුකම්ය.නමුත් සයවන වගන්තිය තුළ කියැවෙන්නේ හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම් ) තනතුර සඳහා සුදුසුකමක් වශයෙන් දෙමළ භාෂාව කතාකිරීම හා ලිවීම අවශ්‍ය බවයි. මෙම ප්‍රකාශනයෙන් කාරණා දෙකක් ගම්‍ය වෙයි. එකක් නම් පොදුවේ හදිසි මරණ පරීක්ෂක තනතුරු වලට අමතරව මුස්ලිම් ජනතාවට ආවේණික මරණ පරීක්ෂක තනතුරක්ද ඇති බවයි.එසේම මෙම අපේක්ෂකයාට දෙමළ භාෂාව ලිවීම හා කතා කිරීමටද හැකියාව තිබිය  යුතුබව කියැවෙයි.සැබවින්ම මෙම පළ කිරීම තුළින් ආණ්ඩුවේ අමාත්‍යංශයක වර්ගවාදය එළියට පැමිණ තිබේ.පොදුවේ සිංහල ජනතාවට මේ මගින් වෙනස්කමක් සිදු කර ඇති අතර දෙමළ භාෂාව ස්වකීය භාෂාව වශයෙන් භාවිතා කරන දෙමළ පුද්ගලයන්ටද වෙනස් කමක් ඇති කර තිබේ.මරණ පරීක්ෂක (මුස්ලිම් ) තනතුර නිසා ඔවුන්ටද මේ තනතුරට ඉල්ලීම් කල නොහැකිය.මෙලෙස මරණ පරීක්ෂකවරුන් පත්කිරීම සම්බන්ධව ජනතාවගේ බලවත් විරෝධය පසුගිය කාලයේ එල්ල විය. අනතුරුව අධිකරණ අමත්‍යංශයේ මාධ්‍ය ලේකම් වරයා මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරන ලද්දේය. එහි සඳහන්ව තිබුණේ 2018  දී එවකට සිටි අධිකරණ අමාත්‍යවරිය විසින් කමිටුවක් පත්කරන ලද අතර එහි නිර්දේශ මත මෙය සිදු කළ බවත්ය.මෙම තනතුර අලුතින් ඇතිකරන ලද්දක් නොවන බවද එහි දක්වා තිබේ.



    1979 න් පසු දිවයින පුරාම පත්කරන ලද හදිසි මරණ පරීක්ෂක වරු සමාජයට පොදු කාර්ය භාරයක් ඉටු කරන ලදහ.මුස්ලිම් ජනගහනය වැඩි පෙදෙස් වල පවා ඔවුහු අගනා කාර්යයක් ඉෂ්ඨ කර ඇත. ඔවුන් ගේ සාමාජිකයන් ගෙන් සැදුම් ලත් මරණ පරීක්ෂක සංගමක් තිබෙන අතර එහි ලේකම්වරයා මුස්ලිම් පුද්ගලයෙකු බව මෙහිදී සඳහන් කළ යුතුය.

සාමාන්‍යයෙන් මුස්ලිම් ජන සමාජය තුළ තිබෙන මත කීපයක් මෙහිදී ගෙනහැර දැක්වීම කාලෝචිතය. පුද්ගලයෙකු මරණයට පත් වූ විට පැය විසිහතරක් ඇතුලත භූමදාන කටයුතු කළ යුතු බවට ඔවුන් ගේ ආගාමික සංස්කෘතික නීතියයි.එසේම මිය ගිය පුද්ගලයා කතා බහ නොකළද ඇසි පිය නොගැසුවද මෘත ශරීරයට සියලු දැනීම් ඇති බවටද විශ්වාසයක් ඇත. මේ තත්වය තුළ මුස්ලිම් පුද්ගලයෙකු හදිසි මරණයකට පත් වූ පසු මරණ පරීක්ෂණ පැවැත්වීමත් මිනිය කැපීමත් නොකළ යුතු බවට දැඩි මතයක සිටී.මේ නිසා යම් මරණ පරීක්ෂකවරයෙකු එලෙස කිරීමට තැත්කළ විට එයට දැඩි විරෝධය පළ කොට කෙසේ හෝ එය වැළැක්වීම ට උත්සාහ දරති.බේරුවල ප්‍රදේශයේ 19 හැවිරිදි මුස්ලිම් ගැහැණ ළමයෙකු හදිසියේ මිය ගියේය. මරණයට ආසන්නම සිද්දිය වූයේ ඇයගේ මාමා විසින් ලබා දුන් තල කැරැල්ලකි.මෙහිදී මෙම මරණය සැක සහිත බැවින් මරණ පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්යයනේම සිදු විය යුතු විය.එසේ නැතහොත් දැරියගේ මාමා සහ තල කැරලි විකුණූ වෙළෙන්දාද නිෂ්පාදකයාද චූදිතයන් බවට පත් වේ. මෙහි තර්කානූකූල බව එසේ වුවත් දැරියගේ ඥාතීන් මිනිය කැපීමට දැඩි ලෙසට විරුද්ධ විය.නමුත් මරණ පරීක්ෂක වරයාගේ සෘජු තීන්දුව මත මිනිය විවර කොට බැලුණි.එහිදී  අධිකරණ වෛද්‍යවරයා ගේ නිගමනය වූයේ දැරිය හදිසි හෘද්‍යාබාධයකින් මිය ගිය බවයි. මෙහිදී දැරියගේ මාමා මෙන්ම අනෙකුත් චූදිතයන් දෙදෙනාම සැකයකින් තොරව නිදහස් විය.නමුත් මුස්ලිම් සමාජය මෙම තර්කානූකූල බව පිළිගන්නේ නැත. අතැම් මරණ පරීක්ෂක වරු මුස්ලිම් පුද්ගලයන් හදිසි මරණයකට පත් වූ කල්හි අල්ලස් ලබාගෙන මිනිය නිදහස් කරන අවස්ථා නැත්තේ නොවේ. නමුත් බහුතරයක් මරණ පරීක්ෂක වරු එලෙස කරන්නේ නැත. එයට හේතුව මෙම තනතුර වගකීම් සහිත ගෞරවනීය තනතුරක් වීමයි.

           2018 දී හිටපු අධිකරණ අමාත්‍යවරිය විසින් පත් කරන ලද කමිටුව ඉදිරියේ සාකච්ඡා කරන්නට යෙදී ඇත්තේ මෙවැනි ප්‍රායෝගික කරුණුය.හදිසි මරණ පරීක්ෂක සංගමයේ ලේකම් වරයාද මුස්ලිම් පුද්ගලයෙකු බැවින් මුස්ලිම ජන සමාජයේ ඉල්ලීම් වලට වැඩි බරක් ලැබෙන්නට ඇත. නමුත් වගකිව යුතු රජයක් ඇමතිවරයෙකු සහ ලේකම් වරයෙකු ගේ කාර්ය භාරය විය යුත්තේ යම් ජන සමාජයක පවතින පිළිගත නොහැකි අන්තවාදී ඉල්ලීම් වලට ඉඩ දීම නොවේ.මරණ පරීක්ෂකවරු පොදුවේ පත් කරන කල්හි. සියලුම ජන කොටස් වලට ගැලපෙන පරිදි එම තනතුර සකස් කිරීම ඔවුන්ගේ වගකීමයි.මෙලෙස එක් වර්ගයක ජන කොටසකට ආවේණික පුද්ගලයන් පත් කිරීමෙන් සිදු වන අනර්ථය මෙම වගකිව යුත්තන් හට තේරී නොමැත. එකක් නම් මුස්ලිම් පුද්ගලයෙකු අන්‍යජාතික කාන්තාවක් විවාහ කරගෙන ඇති අවස්ථාවක ඔහුගේ අඩන්තේට්ටම නිසා ඇය මිය ගිය හොත් මරණ පරීක්ෂණයක් සිදු නොකරම වළ දැමීමට ක්‍රියාකිරීමට මේ පසුබිම මත හැකිවීමයි.එසේම යම් මුස්ලිම් කාන්තාවක් අන්‍ය ජාතිකයෙකු සමග ප්‍රේම සම්බන්ධතා පවත්වන විට ඇය ශරියා නීතය අනුව මරණයට පත් කොට මරණ පරීක්ෂණයක් සිදු නොකරම වළ දැමීමට තිබෙන ඉඩකඩයි. ලංකාවේ පමණක් නොව ඇමරිකාවේ පවා මුස්ලිම් තරුණියන් අනාරක්ෂිත බව පැවසෙන්නේ මෙම ශරියා නීතියේ බලපුලුවන්කාරකම නිසාය.දැනටමත් කාති උසාවි හරහා මුස්ලිම් කාන්තාවන්ට විශාල අසාධාරණයක් සිදු වේ.ග්‍රාම නිළධාරී කොට්ඨාශයක මුස්ලිම් ජනගහනය 5000 කට වැඩි නම් මුස්ලිම් මරණ පරීක්ෂක වරයෙකු පත් කල යුතු බවට ද යම් යෝජනාවක් පැමිණ තිබෙන බවද දැන ගන්නට ඇත.මෙය  භයානක තත්වයකි. මේ මගින් දිවයින පුරා ම ආවරණය වන පරිදි මුස්ලිම් ජන කොටස් වෙනම අනන්‍යතාවක් සහිත පුද්ගලයන් ලෙසට වර්ග වේ. මෙම පියවර  සහාරාන්ලා බිහි කිරීමට පසුබිම සලසන වර්ග වාදයකි.

  වර්ෂ 1806 සිට මුස්ලිම් විවාහ දේපළ නීතය ස්ථාපිත කොට ගෙන පැමිණි මුස්ලිම් විශේෂ නීති පිළිබඳ ක්‍රියාකාරිත්වය නිදහසින් පසු ස්වදේශික ආණ්ඩු විසින් තවදුරටත් පෝෂණය කර ඇත. මෙරට අධිකරණ පද්ධතියට මුස්ලිම් ඇමතිවරු දෙදෙනෙකුම පත් විය. ඒ අවස්ථා දෙකෙහෙදීම සිදු වූයේ බහුතර සිංහල ජනතාගේ වරප්‍රසාද කප්පාදු කරමින් ඔවුන් ගේ ජන වර්ගයට සාධාරණයක් ඉටු කර ගැනීමයි.නීති විදයාලයේ සිංහල බසින් ඉගෙනීමටත් විභාගයට ලිවීමත් යන දෙකම මෙම ඇමතිවරු දෙපළ විසින් අවලංගු කර ඇත.වර්තමාන අධිකරණ ඇමතිවරයා තමන්ගේ බල පරාසය තුළ ඉතා සූක්ෂමව කටයුතු කරනු පෙනෙන්නට තිබේ.එක් අතකින් මුස්ලිම් පිරිසට රැකියා සපයා දීමට අවස්ථාව සලසන අතර ඒ මගින් මුස්ලිම් වැඩි පිරිසක් සිටින ගම්වල ශරියා නීතිය ක්‍රියාත්මක කිරීමට අනුබල දෙයි.පාස්කු ප්‍රහාරයෙන් සිංහල දේශපාලකයන් ඉගෙන නොගත් පාඩම නම් මුස්ලිම් දේශපාලකයන් හුරතල් කිරීමේ අනර්ථයයි.එය විසින් සමස්ත සමාජයම අනතුරකට පත් කර තිබේ.

 මතුගම සෙනෙවිරුවන්

Sunday, April 4, 2021

තෙල් වර්ග පිරිසිඳු කිරීම පිළිබඳ පාරම්පරික දැනුම

 



              ආහාරයට ලබා ගන්නා තෙල් වර්ග රාශියක් පිළිබඳ පාරම්පරික සූප ශාස්ත්‍ර ක්‍රමයන්හි දක්නට ලැබේ. ඒඅතර මී තෙල් තලතෙල් අබ තෙල් එළඟි තෙල් මෙන්ම පොල් තෙල් ප්‍රධාන වේ.මීගස් බහුල රජරට ප්‍රදේශයන්හි මී තෙල් සහ තල තෙල්ද පොල් ගස් බහුල පහත රට ප්‍රදේශයන්හි පොල් තෙලද භාවිතා වී ඇති බව පැහැදිලිය පස්ගෝ රස අතරට ගැනෙන එළඟි තෙල් දිවයින පුරාම ජනතාව අතර ආහාර සංස්කරණයේ දී මෙන්ම ඖෂධ සංයෝජනයේ දී ද භාවිතා වී ඇත. ගිතෙල් සහ දුන්තෙල් යනුවෙන් එහි ප්‍රභේද දෙකකි.ගිතෙල එළගවයාගේ කිරි වලින් ලබා ගන්නා අතර දුන්තෙල මී ගවයාගේ කිරි ලබා ගනී.මීතෙල් සහ තල තෙල සිඳ ගත්තේ පැහැ භාවිතයෙනි. වෙළෙඳාම සඳහා සෙක්කුව මගින් සිඳ ගනු ලැබිණ.පොල් තෙල සකස් කර ගත් ක්‍රම අතර අත් තෙල් සිඳ ගැනීම ගෘහස්ථවද සෙක්කුවෙන් හිඳ ගැනීම නාගරික පොදු භාවිතයටද සිදු කරනු ලැබිණ.අත්තෙල මෙන්ම සෙක්කු තෙලද ඉතාමත් පිරිසිඳු විය.රත් වීම අවම බැවින් තෙලේ පවතික පෝෂක කොටස් හානි නොවිණ.

          මී තෙල් සිඳ ගැනීමට මී ඇට කොටා කුල්ලෙන් පොලා ගත යුතු විය.පසුව වන්ඩුවේ තම්බා ගනී. අනතුරුව පැහැ භාවිතා කොට ලී දඬු දෙකක් ආධාරයෙන් තෙල් සිඳ ගැනීම කරති.මී තෙල ආහාරයට යොදා ගැනීමට ප්‍රථම  තෙල ලිප තබා බත් ගුලියක් එකතු කර නැවත සිඳ ගැනීමට ගෘහිණියන් උත්සාහ කර තිබේ. මෙවිට තෙලේ පවතින අමු ගතියත් යම් විස ගතියක් තිබේ නම් එයත් ඉවත් වේ. තෙල් භාවිතය ගැන මහනුවර රජ ගෙදර සූප ශාස්ත්‍ර නම් ග්‍රන්ථයේ 97 කවියේ මෙලෙස සඳහන් වේ.

සේවන කළහොත් තලතෙල -වා සෙම් සමනය වෙයි බල

වා පිත් දෙක නාස ගිතෙල -මී පිත් සෙම් නසාලු බල

( තලතෙල සේවනය කළහොත් බලවඩයි. වා සෙම් සමනය වේ.ගිතෙල් වා පිත් දෙක නසයි.මී තෙල් පිත සෙම් දෙක නසාලයි. )

පොල් බහුල පෙදෙස් වල පොල් තෙල් ආහාරයට එක්කර ගැනීම පුරුද්දකි.සාමාන්‍ය පොල් ගෙඩි පහකින්  තෙල් බෝතලයක් පමණ සින්ඳවා ගත හැකිය.ගෘහිණියන් නිවසේදීම අත්තෙල් සාදා ගනිති.සිංහල අවුරුද්ද ලංවෙත්ම පොල් ගෙඩි පහළොවක පමණ තෙල් සිඳ ගන්නේ රස කැවිලි සාදා ගැනීමට ඒවා උපයෝගී වන බැවිනි.ගා ගත් පොල් පළමුව තම්බා හොඳින් මිරිකා ගැනීම පළමු පියවරයි.දෙවනුව ඉතිරි වූ පොල් රොඩු වට ජලය එක් කොට නැවත කිරි මිරිකා ගනිති.ඉන්පසු පොල් හොඳින් තම්බා ගැනීම කරති.අනතුරුව විවෘත අප්පල්ලයක බහා තෙල් සිඳ ගැනීම ආරම්භ කරති. යම් වේලාවක් ගත වූ විට තෙල් පෑදීමට පටන් ගන්නා අතර කිරි කොටස යටට ගමන් ගනී.අප්පල්ලයේ මතු වූ තෙල හැන්දකින් ඉවත් කරගන්නා අතර අවසානයේ ඉතිරි වූ කිරි සහිත තෙල මත්තේ හිල් සහිත පොල් කටුවක්  ගිල්වති. එහිදී කිරි කොටස පොල් කටුවට පැමිණෙන අතර තෙල් කොටස වෙන්වේ.කිරි කොටස කිරි කැඳ සඳහා භාවිතවේ.කිරිපණු අමාරුව සමනයට ඉතා ප්‍රත්‍යක්ෂ වේ.

සිඳ ගත් තෙල් නැවත අප්පල්ලයක බහා පදමට කකාරා ගන්නා අතර එහිදී තෙලේ අමු ගතිය ඉවත් වේ. අතැම් ගෘහිණියන් තෙල රත්කරන විට කරපිංචා එකතු කරති.මීතෙල සකස් කරන විට යොදා ගන්නා බත් ගුලියද යොදා ගන්නා ගෘහිණීයන් සිටිති. ඒසේම බුලත්කොළ දමා සිඳ ගැනීමද කරති.මෙලෙස සිඳ ගත් තෙල මුඩු වන්නේ නැත.පොල් තෙල් ආහාරය සඳහා භාවිත කරන්නේ බැදුම් කාරකයක් වශයෙනි. බැදීමෙන් ආහාරයට රසයක් එකතුවන අතර කල් තබා ගැනීමටද හැකිවේ. පොල් තෙල් වලින් බැදීමෙන් රුධිරය කැටි ගැසීම වළක්වන අතර වකුගඩු සහ මුත්‍ර රෝග වලක්වාලයි. පොල් තෙල් වල කාබනික අයඩින් ප්‍රතිශතයක් ඇති නිසා ගල ගණ්ඩය සෑදීමේ ප්‍රතිශතය අවම කරයි. ආමාශයේ සහ අන්ත්‍ර වල තුවාළ සුව කිරීමේ හැකියාවක් පවතී. සමේ පවතින දිලීර විනාශ කරලීමටද එයට හැකිය. මල බද්ධයද වළක්වන අතර මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි. මේ නිසා පොල් තෙල් ස්වල්පයකින් තෙමේපරාදු කර ගත් ලූණු කරපිංචා සමග ව්‍යංඡනය රසවත් කරගැනීමට උත්සාහ ගනී.පිරිසිඳු පොල් තෙල් ලබා ගත හැක්තේ පිරිසිදු කොප්පරා වලින් පමණකි. නිවසේ අත් තෙල් සාදා ගැනීමද සෙක්කුවෙන් තෙල් ගැනීමද විද්‍යාත්මකය. එහිදී විටමින් වර්ග හිඳී යන්නේ නැත.

තෙල් වර්ග  මූර්චජනය -

ගිතෙල අබතෙල තලතෙල මී තෙල මෙන්ම පොල් තෙලද ඖෂධ පිණිස බහුලව යොදා ගනී. තැඹිලි තෙල හිස ගෑමට යොදා ගනී.මෙවැනි තෙල් වර්ග මුඩු බවට පත් වීම සුදුසු නැත. ඖෂධ පිණිස යොදා ගන්නා බැවින් ඒවායේ අමු ගතිය මග හරවා ගත යුතුය. මේ නිසා තෙල් මූර්ජා කිරීමක් සිදු කරන බව දේශීය වෛද්‍ය ග්‍රන්ථ වල දක්වා තිබේ.තලතෙල් මූර්චජනයේ දී පළමුව කළ යුත්තේ තෙල කල්දේරමක බහා  මදගින්නේ පෙණ රහිත වන තුරු හැඳි ගෑමයි.ඉන්පසු වැල්මදට කහ කලාඳුරු අල අවරිය නෙල්ලි බුලු අරලු වැටකේ මුල් නුග අරලු ඉරිවේරිය ආදිය එක් කොට තෙල නැවත සින්දවා ගත යුතුය. මෙහිදී වැල් මදට තෙල මෙන් භාගයක්ද සෙසු ද්‍රව්‍ය වැල් මදට ප්‍රමාණයෙන් කාලක්ද එක් කර ගැනීම නියමයයි.

අබතෙල් මූර්චජනයේ දිද පලමුව තෙලේ පෙණ පහව යනතෙක් උණුකර නෙල්ලි කහ කලාඳුරු ඉරිවේරිය සැවන්දරා බුලු කලන් 03බගින් ද වැල් මදට කලන් දෙකක් ද යොදා සින්දවා ගත යූතුය ගිතෙල නැත්නම් එළඟි තෙල් මූර්චජනය විශේෂිතය.ගිතෙල සාදා ගන්නේ එළදෙනුන් ගෙන් ලැබෙන කිරි උණුකිරීමේදී මතුවන යොදය භාවිතා කරමිනි. අවශ්‍ය පමණට යොදය එක්කාසු කරගත් පසු එය ලිප තබා මත ගාන කල්හි තෙල වෙන් වේ.තෙල වෙන්වූ පසු ඉතිරි කොටස මෝරුය එයද ඔෂධ පිණිස යොදා ගනී.ගිතෙල හා දුන්තෙල ගෘහස්ථ පරිභෝජනයට යොදා ගන්නා අතර එහිදී  මුරුංගා කොළ එකතු කර සින්ඳවා ගනී.   අත්තික්කා ගෙඩි මාලුව සකස් කරන කල්හි ගිතෙල බෙහෙවින් ප්‍රයෝජනවත්ය.ඖෂධ පිණිස ගැනීමේ දී අරලු බුලු නෙල්ලි කළාඳුරු වියළි කහ පලම බැගින්ගෙන චූර්ණ කර ඇඹුල් දොඩම් යුෂින් අඹරා දමා ඊටම ජලය නැලි අටක්ද බහා පෙර කී අයුරින්ම සිඳ ගැනීම නියමයයි.

  තෙල් මුඩු වීම සිදු වන්නේ තෙල් වලට ගැනෙන අමුද්‍රව්‍ය මත පුස් බැඳීමෙනි.විශේෂයෙන්ම කොප්පරා නිසි පරිදි වේලා නොගතහොත් ඇපලොටොක්සීන් නම් රසායනිකය ඇතිවේ.මේවා ආහාරයට මෙන්ම ඖෂධයටද විස කාරකය.පාරම්පරිකව තෙල් සිඳ ගත් ආකාරයට මෙන්ම මූර්ජා විදි වලින් මේ මුඩු ගතියත් අමු ගතියත් විස ගතියත්  මග හැරේ.එය අපගේ ආහාර සංස්කෘතිය සතු විශිෂ්ට දැනුම් සම්භාරයෙන් අල්ප මාත්‍රයකි.

මතුගම සෙනෙවිරුවන්