විදුලි බල සංශෝධන පනත සම්මත වීමෙන් පසු
රටේ බල ශක්ති ක්ෂේත්‍රය අනතුරට පත් ව ඇති බව විද්වතුන්ගේ මතයයි.විදුලි බල මණ්ඩලයේ
සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාවය මෙන්ම මේ ක්ෂේත්‍රය තුළ පවතින රජයේ දායකත්වය තව
දුරටත් රැකෙන්නේ ද යන්න මහ ජනතාවට අවබෝධයක් නොමැති බව පෙනී යයි. විශේෂයෙන්ම විදුලි
බල වෘත්තීය සමිති විසින් අකුරට වැඩ කිරීම සහ උද්ඝෝෂණ ක්‍රියාවලියක් දියත් කර
තිබුණේ මේ අවින්ශිචිතතාවය නිසාය. පසුගිය ඔක්තෝබර් 13 වන දින විදුලි බල අමාත්‍යංශ
යේ දී මෙම ගැටළු සම්බන්ධව සාකච්ඡාවක් පවත්වා තිබේ. එම සාකච්ඡාවට විදුලි බල මණ්ඩලයේ
දැනට ක්‍රියාත්මක වන වෘත්තීය සමිති තිස් හතරක නියෝජිතයන් ඇතුළු තවත් පිරිසක්
සාභාගි විය.නමුත් එම සාකච්ඡාව අතර තුර ඒකාබද්ධ නිදහස් විදුලි සේවක සංගමයේ ලේකම්
වරයා වන සමින්ද ගමගේ මහතාට විදුලි බල අමාත්‍යංශයේ ආරක්ෂක නිළධාරීන් විසින් පහර දී
කිබුණි. එසේම එම සංගමයේ සභාපතිවරයාව කාමරයක දමා සිරකර ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ
දත්ත මකා දැමූ බවද වාර්තා විය.මේ සම්බන්ධව දැනට කොල්ලුපිටිය පොලිසිය මගින් විමර්ශනයක්
සිදු කරන අතර කිසිවෙකුත් අත්අඩංගුවට නොමැති බවද කටඋත්තර ගෙන නොමැති බවද දැන ගන්නට
ලැබේ.
1969
අංක 17 විදුලි බල මණ්ඩල පනත මගින් රජයේ ආයතනයක් විලස සංස්ථාපිතව රට පුරා බලශක්ති
ක්ෂේත්‍රෙය් ප්‍රගමනයට විශාල කාර්ය භාරයක් සිදු කර ඇත.එම ආයතනය පූර්ණ රාජ්‍ය
හිමිකාරිතවයෙන් මුදවා වර්තමාන පනත මගින් සමාගම් සතු කර ඇත.මේ බැව් 2024 අංක 36 දරණ
නව විදුලි බල පනතේ විස්තර වන්නේ මෙසේය.කොටස් වෙළඳ පලේ ලැයිස්තුගත කිරීම යනුවෙන්
මෙහි වැඩි දුරටත් සඳහන්වන්නේ ඒ තත්වයයි.
'විදුලිබලය උත්පාදනය කිරීම සම්ප්‍රේෂණය කිරීම, බෙදා
හැරීම, වෙළෙදාම් කිරීම ,සැපයීම සහ ප්‍රසම්පාදනය කිරීම සම්බන්ධව සියලු කටයුතු පැවරී
ඇති සංස්ථාමය අස්තිත්ව 2007 අංක 07 දණෙ සමාගම් පනත යටතේ සංස්ථාගත කිරීමට දාළ ව්‍යවස්ථාමය
පියවර සැපයීම සඳහාද ඒ හා සම්බන්ධ සියලු කටයුතුවලට අදාළවන ක්‍රියාපරිපාටි නිශ්චිතව
දැක්වීම සඳහා ද 1969 අංක 17 දරන විදුලි බල මණ්ඩලය පනත සහ 2009 අංක 20 දරන ශ්‍රී
ලංකා විදුලි බල පනත පරිච්ඡින්න කිරීම සඳහා සහ ඒ සම්බන්ධ හෝ ඊට අනුශාංගික කාරණා
සඳහා විධි විධාන සැලැස්වීම පිණිස වූ පනතකි.
1/ස්වාධීන සංස්ථාමය අස්තිත්ව සංස්ථාගත කිරීම මගින් වර්තමානයේ දී රජයට හිමි
තනි අස්තිත්වයක් වෙත පැවරී ඇති විදුලි බල
කර්මාන්තයේ කටයුතු වෙන් කර තැබීම සහ වෙන් කිරීම මගින් තහවුරු කරනු ලබන විදුලි බල
කර්මාන්තයට අලුත් ආයෝජන ආකර්ෂණය කර ගැනීමයි
2/කොටස් වෙළඳ පල ලැයිස්තු ගත කිරීම සහ රාජ්‍ය පෞද්ගලික අංශ හවුල් ව්‍යාපාර
පිළීවෙත් භාවිතා කර විදුලි බල කර්මන්තයේ සෑම කටයුත්තක දීම පෞද්ගලික අංශයේ ආයෝජන
සඳහා පහසුකම් ගැලැස්වීම සඳහා
පසුගිය දා අමාත්‍යංශයේ
පැවති රැස්වීමේ දී වෘත්තීය සමිති විසින් මතු කළ යුතු සහ සාකච්ඡාවට බඳුන්කළ යුතු
කරුණු වූයේ මේවා බව පැහැදිලිය. සේවක සුරක්ෂිතතාවය වෘත්තීය සමිතියකට වැදගත් වුවද
රටේ බලශක්තිය පිළිබඳ රජයේ පංගුවට සිදුවන්නේ කුමක්ද යන්න පිළීබඳව ප්‍රශ්න කිරීමේ
වගකීම ද ඔවුන් සතුය. නමුත් දැන ගන්නට ඇති අන්දමට අකුරට වැඩ කිරීමෙන් සහ උද්ඝෝෂණ
කිරීමේන් ප්‍රකාශ කළ සටන්පාඨ කිසිවක් මේ සකච්ඡාවේ දී ඉදිරියට ගෙන නොතිබිණ. ඒ
වෙනුවට එම සාකච්ඡාවට පැමිණසිටි යෝජිත
සමාගම් වල නව සභාපති වරුන් සහ වෘත්තීය සිමිත අතර සකච්ඡාවක් බවට එය පත්ව තිබී
ඇත.සමාගම් පිහිටුවාලීමෙන් පසුව වෘත්තීය
සමිති වල ශාඛා එම සමාගම වල පිහිටුවීමට අවස්ථාව තිබෙන බව ද එහිදී කුමාර ජයකොඩි
අමාත්‍යවරයා දක්වන ලද අදහසට කිසිවෙකුත් විරුද්ධ වි නොමැත. ඒකාබද්ධ විදුලි සේවක
සංගමය වශයෙන් සිටින කිසිම නියෝජතයෙකු විරුද්ධ වී නොමැත.සේවකයන් විශ්‍රාම ගැනීවීමේ
දී ලැබිය යුතු මුදල් පිළීබඳව ද මෙහිදී සකච්ඡාවට බඳුන් වී නොමැත. එයින් ගම්‍ය වනුයේ
විදුබල මණ්ඩලය අහෝසි කොට සමාගම් හතරකට කඩා කොටස් වෙළඳ පලේ ආයෝජනයෙ කිරීම මෙම
වෘත්තීය සමිති විසින් අනුමත කර ඇති බවයි. නමුත් ඔවුන් ජනතාවට පෙන්වන්නේ වෙනත්
දෙයකි.එළියේ විරුද්ධ වී ඇතුලේ දී පූස් පැටව් බවට පත් වීමෙන් ගම්‍ය වන්නේ ඔවුන්ගේ
සැබෑ මුහුණයි.
මෙම සාකච්ඡාවට සාභාගි වූ
ඒකාබද්ධ නිදහස් විදුලි සේවක සංගමය නව වෘත්තීය සමිතියකි. ඔවුහු මෙහිදී වෙනත් ප්‍රවේශයක්
ගනිමින් රටේ සම්පතක් වන විදුලිය පෞද්ගලීකරණය වීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවසථාව උල්ලංඝණය
වන ආකාරය පෙන්වා දීමට උත්සහ දරා ඇත.ඒ ගැන සවිස්තරාතමකව සඳහන් ලිපියක් ද භාර දීමට
කටයුතු කර තිබේ. ඒ ලියැවිල්ලේ සඳහන් මෙම කාරණා අතිශයින් බරපතලය. උසාවිය ඉදිරියයේ
මේවා සැබීවටම අභියෝගයට ලක් වී නැත. එහි
මෙසේ සඳහන්ය.
ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) සේවකයින් 23,000 කට අධික සංඛ්‍යාවක් නියෝජනය
කරන ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමය වන අපි 2024 අංක 36 දරන ලංවිම පනත සහ 2025 අංක 14 දරන එහි සංශෝධන පනත ක්‍රියාත්මක
කිරීම සම්බන්ධයෙන් අපගේ දැඩි කනස්සල්ල මෙලෙස
මතු කරමු.මෙම පනත් තවමත් සම්පූර්ණයෙන් බලාත්මක කර නොමැති වුවද දැනටමත් මුල් බැසගත් ව්‍යවස්ථාමය
විධිවිධාන උල්ලංඝනය කිරීමට උත්සාහ දරා ඇත. - එනම් 1 2 3 9 27 85(2) 104 සහ 105 මගින් ජාතික බලශක්ති වත්කම් පෞද්ගලික හෝ
විදේශීයන්ට ක්‍රමයෙන් මාරු කිරීමට ඉඩ දීමෙන් ජනතාවගේ ස්වෛරීභාවය තර්ජනයට ලක් වෙයි.
වගන්ති 1–3: පරමාධිපත්‍යය ජනතාව තුළ පවතින අතර එය අහිමි කළ නොහැකි ය. විදුලිබල
උත්පාදනය සහ බෙදා හැරීම එම ස්වෛරීභාවයෙන් ලබාගත් ජාතික කාර්යයන් වේ. සෘජු මහජන
කැමැත්තකින් එනම් ජනමත විචාරණයකින් තොරව හිමිකාරිත්වය හෝ පාලනය පැවරීම මෙම මූලික
වගන්ති උල්ලංඝනය කරයි.
9 වන වගන්තිය - බුද්ධාගම ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම:
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට සහ පෝෂණය කිරීමට රජයට
බැඳී සිටී මෙම වගකීම සමාජයේ සදාචාරාත්මක හා සමාජීය ව්‍යුහය පවත්වා ගැනීම දක්වා
විහිදේ - පාලනයේ දී අනුකම්පාව" සමානාත්මතාවය
සහ යුක්තිය සහතික කිරීම සිදු කළ යුතුය. විදුලිය වැනි අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන්
වාණිජකරණය කිරීම මෙම සදාචාරාත්මක හා සමාජීය බැඳීම් වලට හානි කරයි . මහජන සුභසාධනයට
වඩා ලාභය ඉහළට ඔසවා තැබීමෙන් බුද්ධ ධර්මයට සහ 9 වන වගන්තියේ වරමට ආවේණික වටිනාකම්
වන සමාජ සමගිය අනුකම්පාව සහ
සාමූහික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමට රාජ්‍යයට ඇති හැකියාව දුර්වල කරයි. එබැවින්, විදුලිය සඳහා සාධාරණ ප්‍රවේශයක් සඳහා වන ජාතික වගකීම අඩු කරන ඕනෑම ප්‍රතිපත්තියක්
9 වන වගන්තියේ වක්‍ර උල්ලංඝණයකි.
27" 104 සහ 105 වගන්ති:
මේවායින් රාජ්‍යය ජාතික සම්පත් සාධාරණ ලෙස බෙදා හැරීම සහ විනිවිද පෙනෙන
පරිපාලන අධීක්ෂණය සහතික කිරීම අවශ්‍ය වේ. ලංවිම පෞද්ගලික ආයතන බවට පරිවර්තනය කිරීම
මෙම බැඳීම් වලට වල කපන අතර මහජන වගවීම අඩු කරයි.
ඒකාබද්ධ නිදහස් විදුලි සේවක
සංගමය විසින් ඉදිරිපත් කරන ලද මෙම ලිපිය දැනටමත් මාධ්‍ය වලට නිකුත් කර තිබේ.මෙය
අමාත්‍යවරයා අතට පත් වීමත් සමග ඉන් කලබල වූ අමාත්‍යවරයා අදාල වෘත්තීය සමිති
නියෝජිතයන් ගේ පැමිණීම දෝෂ දර්ශනයට ලක් කර වහාම ඒ දෙදෙනා රැස්වීම් ශාලිවෙන් පිට
කරන ලෙසට ආරක්ෂක නිළධාරීන්ට පවසා ඇත. මෙහදී වහාම ක්‍රියාත්මක වූ එම නිළධාරීන් සහ
එක වෘත්තීය සමිති නියෝජිතයෙකු එක්ව ලේකම්වරයාට පහර දී බිම දමා රැස්වීම් ශාලාවෙන්
එළියට ඇද දැමීමෙන් විශාල කලබලයක් ඇති විය. සැබවින්ම සත්‍යය සහ යුක්තිය පෙන්වා දීමේ
දී අමාත්‍යවරයාට මල පැන්නේ ඇයි. නව පනත ගැන ගැටළු සාකච්ඡා කොට අදහස් හුවමාරු කර
ගැනීමට අවශ්‍ය නම් ඒවා ඉතාමත් සාමකාමී ලෙසට කළ යුතුව තිබුණි. මෙහිදී ප්‍රචන්ඩත්වය
ඉස්මතු කරගෙන තිබුණු අතර ඉදිරිපත් කරන කළ කරුණු අවඥාවෙන් ඉවත දමා තිබුණි. මෙලෙස
ඉවත් දමා ඇත්තේ සුළු පටු කාරණා නොවේ. මෙරෙට ව්‍යවස්ථාපිත කරුණුය. විශේෂයෙන්ම බුද්ධ
ශාසන විෂයට අදාළ කරුණුය.කොටස් වෙළෙඳපල තුළ විදුලි බල සමාගම් ආයෝජනය කළ පසු විහාරස්ථාන පෝෂණය කිරීමෙන් රජය බැහැර වෙයි.මෙරට
පෞද්ගලික සමාගම් හෝ යම් හෙයකින් කොටස් වෙළදපලෙන් සමාගම් මිලදී ගත් විදෙස් සමාගම්
වලට බුද්ධ ශාසනය පෝෂණය කිරීම වගකීමක් වන්නේ නැත. රජය සිය වගකීමෙන් බැහැරවන අතර
ජනතාවගේ බලශක්ති ස්වෛරීත්වය අනතුරට පත් වෙයි.
විදුලි බල මණ්ඩලය පසුගිය වසරට
වඩා මෙම වසරේ බිලියන 12.3 කින් පාඩු වී ඇත. ඒ පාඩුව සිදු කර ඇත්තේ ගෘහස්ථ විදුලි
පාරිභොගිකයා නොවේ ඔවුහ මාසික ව විදුලි බිල ගෙවති.එසේනම් මණ්ඩලයට පාඩු කර ඇත්තේ
කවුරුද. ඒ අතලොස්සක් දෙනෙකි. විශේෂයෙන්ම කූඨ ලෙස විදුලිය ලබාගෙන මණ්ඩලයට පාඩු කළ
කීප දෙනෙකුය. වාර්තාවන අන්දමට කැකිරාවේ පමණක් වීමෝල් සහ කර්මාන්ත ආයතන පමණක් 18 ක්
එලෙස විදුලි වංචා කරමින් මණ්ඩලයට පාඩු කර තිබේ. ඒ මාෆියාව පිළීබඳව මෙතනදී විග්‍රහ
කිරීම අසීරු වුවද වාර්ෂිකව අය විය යුතු කෝටි ගණනක මුදල් සම්භාරයක් නාස්ති වී ගොස්
ඇත. ඒවා අය කර ගෑනිමට උත්සාහයක් නොමැති අතර රජය සිදු කරනුයේ මණ්ඩලය පාඩු ලබන්නේ යැයි කියමින් රජයේ
භාරකාරිත්වයෙන් සහ වගකීමෙන් නිදහස් කිරීමයි. කොටස් වෙළදපල තුළ ආයෝජනය කිරීමයි.අඩුගණනේ සියයට පනස්එකක ප්‍රතිශතයක් රජයට
තබා ගැනීමටවත් උත්සාහ කර නැත. විපක්ෂයේ සිටින විට බලශක්ති ස්වෛරීත්වය පිළිබඳ හරවත්
දේශන තිබූ පිරිසක් මෙලෙස පාවා දීමකට එකඟවන්ට ඇත්තේ කුමක් නිසාද යන්න ජනතාව ප්‍රශ්ණ
කළ යුතුය.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි නිසා යැයි කියමින් මග හැරීමට ඉඩ දිය
යුතු නොවේ.
මතුගම සෙනෙවිරුවන්

No comments:
Post a Comment