පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Monday, November 24, 2025

හනුමා මඩකලපුවට - පුරාවිද්‍යා නාමපුවරු කුණු ලොරියට

 

                         


               ත්‍රිකුණාමල බෝධි රාජවිහාරයේ බුදු පිළිමය පොලිසියෙන් පැහැර ගත් සිද්දියේ උණුසම මැකී යන්නටත් පෙර මඩකලපුව ගිනි ගෙන තිබේ.එම දිස්ත්‍රික්කයේ කිරාන් චෙංකලඩි වෙල්ලාවලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පවතින හඳුනාගත් පුරාවිද්‍යා ස්ථාන පන්සිය තිහක් පමණ තිබෙන අතර ඒවා සළකුණු කිරීමේ ව්‍යාපෘතිය ටතේ දැන් වසරක් පමණ සිට දියත් කරන ලද පුරාවිද්‍යා වැඩ සටහනක් ඇත. ඒ අනුව පුරාවිද්‍යා  නාම පුවරු සවි කිරීමද එක් කාර්යයක් වන අතර එය මේ වන විට අතරමග නැවතී තිබේ.ඊට හේතුව සංස්කෘතික ඇමති හිනිඳුම සුනිල් සෙනෙවි මහතා දුන් වාචික නියෝගය බව දැන ගන්නට ඇත..මඩකලපුවේ තමිල් අරසු කච්චි පක්ෂයේ එස්.සුදාකරන් ප්‍රා දේශීය  සභා සභාපති විසින් දැනට සවි කර ඇති පුරාවිද්‍යා නාම පුවරු අටක් මේවන විට ඉවත් කර කිරාන් ප්‍රාදේශීය සභාවට අයත් කුණු ට්‍රැක්ටරයකට පටවා පැහැර ගෙන ගොස් ඇත. මෙය බරපතල සිද්දියකි.

  පුරාවිද්‍යා අඥා පනත යටතේ මෙරට සෑම දිස්ත්‍රික්කකටම අයත් හඳුනාගත් ස්ථාන සඳහා හැඳින්වීමේ නාම පුවරු යෙදීමේ පිළිවෙත ක්‍රියාත්මක කරන අතර එයට බාධා කරන හානි කරන පුද්ගලයන් පොදු දේපළ පනත යටතේ දඬුවම් ලැබිය හැකි පුද්ගලයන් වන අතර පුරාවස්තු ආඥා පනත උල්ලංඝණය කිරීමෙන් තව දුරටත් ඇප නොදිය හැකි වරදකට අසුවී ඇත. එහෙත් කණගාටුවට කරුණ නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අදාළ පොලිසි වලට (වෙල්ලවලි ) කරන ලද පැමිණිලි භාර නොගන්නා තත්වයකට පත් ව තිබේ. මෙහි පහත පළ වන්නේ අම්පාර හා මඩකලපු දිස්ත්‍රික්ක භාර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ අනුශාන් මුණසිංහ මහතා විසින් වැඩ බලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තුසිතා රණසිංහ මහත්මිය වෙත යවන ලද ලිපියයි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තුමියනි,

පුරාවිද්‍යා දිශා පුවරු ඉවත් කිරීමේ සිදුවීම් වාර්තා වීම සම්බන්ධයෙනි

අම්පාර මකලපුව ප්‍රාදේශීය කාර්යාල බල ප්‍රදේශයට අයත් කලාප අංක 01, 02, 03, 04, 05  පුරාවිද්‍යා කලාපයන්හි මෙම වසරේ අනුමත ව්‍යාපෘති  යටතේ පසුගිය මාසයේ සිට යොදන ලද පුරාවිද්‍යා දිසා පුවරු ඇතැම් ප්‍රාදේශීය සභා වල සහ ඇතැම් පාර්ශවයන්ගේ මැදිහත්වීමෙන් අද දින  උදෑසන කාලයේ ගලවා ඇති බවට සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇත.

2. ඒවා වළක්වාලීමට යාමේදී නිලධාරීන්ට ජීවිත තර්ජන පවා එල්ල කරන ලද අවස්ථා ඇති වෙමින් පවතී. එනිසා ඒවා වැළැක්වීමට නිලධාරීන් යෙදවීම ද මේ අවස්ථාවේ සිදු කළ නොහැකි ය. මෙම තත්ත්වය ඊයේදින වෙල්ලාවලී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආශ්‍රිතව ඇති වූ තත්ත්වයේ දිගුවක් ලෙසද පෙන්වා දිය යුතුය.

3. පොදු දේපළ හානි කිරීම යටතේ පැමිණිලි යෙදීමට මේ වන විට නිලධාරීන් කටයුතු කරමින් සිටින අතර ඇතැම් පොලිසි ස්ථාන පැමිණිලි බාර ගැනීමට නොහැකි බවද දන්වා ඇත.

4. ලිඛිතව දැනුම් දෙන තෙක් දැන ගැනීම පිණිස සහ ඉදිරි අවශ්‍ය කටයුතු සඳහා මෙසේ ඉදිරිපත් කරමි.

5. තත්ත්වය තවදුරටත් බැරෑරුම් වුවහොත් පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කර ගැනීම සම්බන්ධව දැඩි අර්බුදයකට ලක්විය හැක.  මේ අනුව වහාම පුරාවස්තු ආරක්ෂණ කොට්ඨාශය දැනුවත් කොට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

6. මෙය පූර්ණ වශයෙන් දේශපාලන බලාධිකාරියේ මැදිහත්වීමෙන් සිදුවන ක්‍රියාවලියක් වන අතර ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ඇතැම් රාජ නිලධාරීන් ද මෙයට සහයෝගය දක්වන බව පෙනී යයි.

7. මේ වන විට මඩකලපුව පුරාවස්තු ආරක්ෂණ කොට්ඨාශය හා රාජ්‍ය  බුද්ධි සේවාවද මේ සම්බන්ධයෙන් දැනුවත් කොට ඇත.

පුරාවිද්‍යා ස්ථාන නැතහොත් මෙරට ජාතික උරුමයන් ස්ථාන ගතව තිබෙන තැන් නැරඹීමට  යනෙන සංචාරකයන් නිසා රටක් වශයෙන් විශාල අදායමක් වාර්ෂිකව උපයා ගනී.ඒවා නිසි පරිදි තහවුරු කොට ගමන් පහසුකම් සපයා දී මන බඳින ලෙසට තබා ගත් හොත් ජාති බේදයකින් තොරව කාටත් ගෞරව කළ හැකි ස්ථාන බවට පත් වේ. එහෙත් අභාග්‍යක තරම මෙරට පාලකයන් විසින් වරින් වර රටේ නීතිය අභිබවා යන තීරණ ගනු ලබන අතර යම් යම් ජන කොටස් වලට හිතූ මතේ වර්ගවාදී කැළඹිලි ඇති කර සාමය කඩ කිරීමට ඉඩ දීබලා සිටී.මෙරට ප්‍රබල නීතියක් වන පුරාවස්තු ආඥා පනත ක්‍රියාත්මක කරන්නට ඉඩ නොදෙන තරමට සංස්කෘතික අමාත්‍යවරයා පිරීහීමට පත් වී ඇත. මේ වන විට ඔහු යම් ප්‍රකාශයක් කර ඇති නමුදු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ස්ථීරව පත් නොකර කල් මැරීමෙන් බලවත් වරදක් කර තිබේ.යම් ජන වර්ගයක් අසතුටට පත් වේයැයිද ඔවුන්ගේ චන්ද අහිමි වී යැයිද යන බියෙන් ආණ්ඩුවක් මුනිවත රකී නම් එය මහත් ඛේදවාචකයකි.මඩකලපුවෙන් දැන් ඉස්මතු වන්නේ එයයි.මඩකලපුවේ ප්‍රධාන දේශපාලකයන් මෙන්ම ත්‍රිකුණාමල ප්‍රධාන දේශපාලකයන්ද මේවාට සෘජුවම වගකිව යුතු වනු ඇත. රාසමාණික්කම් වැනි අය මහනුවර ජීවත්ව එහි ප්‍රධාන පාසලක සිංහල ජනතාව සමග අධ්‍යාපනය ලබා මඩකලපුවට පැමිණ මේ ගිනි තබන්නේ රටේ ජාතික සමගියටයි.ජාතික උරුමයටයි.ජනාධිපතිවරයා මේවා නොදැක්කා සේ සිට තමන්ගේ කමට තඩි බාන්නේ කුමන වෛරයක් මත පිහිටා සිට දැයි අපට නොතේරේ.වහාම මෙලෙස අනීතිකව කටයුතු කරන මුග්ධයින් අත්අඩංගුවට පත් කර නීතියේ ස්වාධිපත්‍ය තහවුරු නොකළහොත් රටක් වශයෙන් අපට අත්වන්නේ බිහිසුණු ඉරණමකි.

මතුගම සෙනෙවිරුවන්

 

 

Thursday, November 13, 2025

මිනිසුන් විසින් විනාශ කළ අනුරාධපුර පරිසර පද්ධතිය

 

                


           ඓතිහාසික අනුරාධපුර රාජධානිය වසර 1600 ක් තිස්සේ විකාශනය වන්නේ ග්‍රාමීය පරිසරයක සිට දියුණු නාගරික ජනාවාසයක් දක්වා ක්‍රමිකව පරිවර්තනය වෙමිනි.ඒ සඳහා ඒ නගරයේ තිබූ ජයවාපිය අභය වැව තිසා වැව ලෝලුගස්  වැව නුවර වැව ආදී වැවි රැසක් මගින් පෝෂණය වූ කාෂිකාරික පරිසරය උපයෝගී විය.සල්ගහ වත්ත සහ ගෙඩිගේ පුරාවිද්‍යෘ ගවේෂන සහ කැණීම් වලින් සනාථ වන පරිදි ක්‍රි.පූ. නවවන  සියවස දක්වා දිවයන ග්‍රාමීය සභ්‍යත්වයක් අනුරාධපුරයට හිමි බවයි.මෙම කැණීම් වලදී ලැබුණු වළන්කටු වල බියඅනුරධි යන නාමය සටහන්ව ඇත. ඒ මැටි වළන් ක්‍රි.පූ. 450 කාලයට අයත්ය.දේවානම්පියතිස්ස රජ දවස දී රජුගේ මෙහෙයවීම මත අනුරාධපුර මහා සීමාව සළකුණු කොට මහා සංඝ රත්නයේ උපදෙස් මත සුරක්ෂිත නගරයක් බිහිවිය. සියවස් ගණනාවක් රාජධානිය පැවතීමේ රහස පවතින්නේ මෙම පදනම මතයි.අනුරාධපුරයේ පිහිටීම අනුව ක්‍රමානුකූලව සිදු වූ පරිවර්තනය කිසි ලෙසකවත් පරිසරය පද්ධතියට බලපෑමක් සිදු කර නොමැත.ඒ නිසා වැව් රක්ෂිත මනා ලෙස සුරැකුණි.

         පණ්ඩුකාභය රජ දවස දී කළ පරිපාලන ප්‍රතිසංස්කරණයන්හි ප්‍රධාන අරමුණ වූයේ ගම් හා නගර මනාලෙස  පිහිටුවා ලීමයි.ඒ වන විට පැවති කුඩා ග්‍රාමීය වැව්  ප්‍රයෝජනයට ගෙන ජාතස්සරය නොහොත් ජය වැව බිහි කරන ලද්දේ  මුල් අනුරාධග්‍රාමය පදනම් කරගෙනය.පණ්ඩුකාභය රජු සිය ජයග්‍රහණය සැමරීම සඳහා මේ වැවෙන් ලබා ගත් ජලය පරිහරණය කළ බැවින් ජය වාපිය විය. වර්තමාන බුලන් කුලම මේ ජය වැව ලෙසින් හඳුනාගෙන තිබේ.ජය වැවට දකුණු පසින් රජුගේ මාළිගය විය.පණ්ඩුකාභය රජු ඒ මාළිගයේ වෙසෙමින් නව රාජධානිය එයට නැගෙනහිරෙන් පිහිටවූ බව පැහැදිලිය. වර්තමාන ඇතුලු නුවර වශයෙන් හඳුන්වනුයේ ඒ නව නගරයයි.නව නගරය පිහිටුවීම සිදු වුවද පැරණි මාළිගය පරිහරණයෙන් ඉවත් වූයේ නැත. අද මාපා මාළිගය ලෙසින් එය හැඳින ගත හැකිය.ජය වාපියට ජලය සැපයීම උදෙසා උල්පත් ජලය ගලා ආ මහා වනාන්තරයක් විය. එයට නිරිත දෙසින්  ලෝලු ගස් වැව කරඹෑව ආදී වැව් එල්ලංගා පද්ධතියක් විය. පන්ඩුකාභය රාජ්‍යත්වයට පත් විමෙන් පසු සිය නමින් අභය වැව නිර්මාණය කරන ලද්දේය. ඉතිහාසයේ බයා වැව යනුවෙන් හඳුන්වා වර්තමානයේ දී බසවක්කුලම වී ඇත.එවිට අතීත අනුරාධග්‍රාමායේ සිට අනුරාධපුර නාගරික ශිෂ්ඨාචාරය විකාශය වූ ආකාරය පැහිදිලි කර ගත හැකිය. ඉන්පසු නගරය ක්‍රමයෙන් දියුණු පවුණුවත්ම ජනගහනය වැඩිවත්ම තිසා වැව සහ නුවර  වැව ඉඳි කරන්නට යෙදුණි.වැව් බැඳි රට නොහොත් කලාඔය නිම්නයේ සිය සැතපුම් පනස්හතරක යෝධ ඇළක් උපයෝගී කොට ගෙන අනුරාධපුරයට ජලය රැගෙන එන ලද්දේ අනුරාධපුරය කේන්ද්‍ර කොට ගෙන මහා ශිෂ්ඨාරයක් පවත්වාගෙන යන හෙයිනි.ඒ මහා ජල කඳ වැටෙන්නේ තිසාවැවටයි.පස්වන සියවස වන විට අමුණු බඳවා ඇළවල් නිර්මාණය කොට මහා ජලාශ්‍රිත ශිෂ්ඨාචාරයක් බිහිකර තිබේ. අනුරාධපුර නගරය තිබෙන්නේ මල්වතු ඔයෙන් උතුරට දකුණට සහ බටහිරට බරවය. මල්වතු ඔයෙන් එගොඩ කටුපත් කඳු සිඛර වලින් ගලාඑන ජලයෙන් පෝෂිත වැව් එල්ලංගා පද්ධිතයකි.ඒවායේ ජලය ද තැනින් තැන සිරකර වර්තමාන කුරන්දන් කුලම කීරිකුලම කවරක්කුලම ආදී වැව් ද පසුබිම් කරගෙන නුවර වැව නිර්මාණය වෙයි.මල්වතු ඔය හරස් කර නාච්චදූව වැව බඳවා ඒ වැඩි ජලය නවුර වැවටත් පසුව මහකනදරාවටත් ගෙන ගොස් තිබේ. මෙම වැව් බිහි වන්නේ අනුරාධපුර අවදියේ උච්චතම අවස්ථාවේ දීය.ඒ ප්‍රදේශයේ තිබෙන විශාලතම වැව නුවර වැවයි ..මෙම ඓතිහාසික විකාශනයෙන් තේරුම් ගත යුතු වන්නේ රටේ අග නගරයේ දියුණුව සඳහා වැව් සහ එයට යටත් කුඹූර වතුපිටි කළමනාකරණය කර ගන්නා ලද ආකාරයයි.

         තිසා වැවේ රන්මසු උයන සහ මහා මේඝවන උද්‍යානය මේඝවරණ්ණ දෙවිඳුන්ගේ ආශිර්වාදය ලත් තැනකි. මේවා ඉසුරුමුනියේ ගල් තල වල සටහන් ඇත.ඉසුරුමුණි වෙල් යායේ ජලයෙන් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් හීනටි වී පාස්සනවා විනා. මුන් වැපිරිම තහනම් කර ශිලා ලේඛනයක් පිහිටුවා තිබේ.ඒ අනුව කල්පනා කළ හැක්කේ ශාසනික දියුණුවත් සමග තිසා වැවේ ජලය සහ ආර්ථික කටයුතු මෙහෙයවීමේ දී යොදා ගත් සූක්ෂම ආකාරයයි.විශේෂයෙන්ම රහතුන් වහන්සේලා වැඩ සිටි මහා විහාරය පිරිවෙන් සහ හාත්පස ආරණ්‍ය සේනාසන නඩත්තු කරලීම  උදෙසා  වාපී ශිෂ්ඨාචාරය මනා ලෙස කළමනාකරණය කර තිබේ.අනුරාධපුර රාජධානිය බිඳ වැටෙන කල්හි එයට සමගාමීව පොලොන්නරුව රජධානියක් වශයෙන් සකස්ව තූබූ අතර ඒ සඳහා යොදාගෙන තිබුණේ ද ආනුරාධපුර  ආකෘතියයි.ජලය නොමැතිව මේ මහා ශිෂ්ඨාචාරයන්ට පැවතිය නොහැකි බව රජවරු තේරුම් ගෙන තිබුණි ජල උල්පත් සකස් කරන පරිසර පද්ධතිය මනා ලෙසට රැක ගැනීම මගින් අවුරුද්ද පුරාවටම අවශ්‍ය ලෙසට ජලය ගෙන යා හැකි ආකාරය තේරුම් ගෙන තිබුණි. වලගම්බා රාජ්‍ය කාලයේ දී ඇති වූ බැමිණිතියා සාගතය රජරට ශිෂ්ඨාචාරයට මහා අභියෝගයක් විය. ජලය නොමැතිව ආහාර නොමැතිව භික්ෂූන් වහන්සේලා දඹදිව වැඩියහ . නැතිනම් දකුණට මලය කඳුකරයට වැඩියහ.



          කාලිංග මාඝ ආක්‍රමණ වලින් පසු රාජධානිය පොලොන්නරුවෙන් ද මෑත්ව දඹදෙණිය කුරුනෑගල යාපහුවට විතැන් වන විට රජරට වනගත විය. වෙහෙර විහාර කඩා බිඳ දැමූ ආක්‍රමණකයන් ඒවායේ වස්තුවද කොල්ල කෑහ. තැන තැන කුඩා ගම් ඇරණු කොට ආර්ථික සමෘද්ධීයක් ඇති කළ හැකි නාගරික සභ්‍යත්වයක් යළි පැණ නොනැගිණ. දාසයවන සියවස වන විට මෙරටට පැමිණි පරංගි සහ ලන්දේසි ආක්‍රමණ හේතුවෙන් රජරට පමණක් නොව මුලු උතුරුකරයම විදෙස් ආධිපත්‍යයට යට විය.ඉංග්‍රීසීහු ගිවිසුමකින් රට භාරගත් පසු ආර්ථික ප්‍රතිසංස්කරණයන් මගින් පැරණි වාරි ශිෂ්ඨාචාරය නඩත්තු කිරිමට පණවා තිබූ නීති රීති අවලංගු කරන ලද්දේය. ඒ නිසා මහා වර්ෂාවෙන් පසු ඇතිවූ ගං වතුරාවට ඒවා කැඩි බිඳි ගියේය.යළි ඒවා ප්‍රතිසංස්කරණය ආරම්භ වන්නේ දහනව වන සියවස අග භාගය වන විටය.අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ය ගමන් කරවීමට සහ උතුරට මහා මාර්ග තැනවිමට රජරට තුඩා හා මධයම පරිමාණයේ වැව් රැසක් කපා හෙළනු ලැබීය.අනුරාධපුර දුම්රිය ස්ථානය නිර්මාණය කරලීමේ දී නුවර වැවට ආසන්නයේ තිබෙන පහත් බිම් සියල්ල ගොඩ කරනු ලැබුණි. ඒ නිසා නගරය ගංවතුරාවට යට වන්නට පටන් ගැණින.මුඩුබිම් පනත මගින් සියලුම ඉඩම් රාජසන්තක කරනු ලැබිම නිසා ඒ ඉඩම් සම්බන්ධ වෙළඳ පලක් නිර්මාණය කරන ලද්දේය. ඉංග්‍රීසිහු අනුරාධපුර ඉඩම් වෙන්දේසි කරන ලද්දේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙනි. මේ එවැනි එක් ගැසට් නිවේදනයකි.

වර්ෂ 1881 ජනවාරි 07 කොලඹ මහ නොතාරිස් උන්නාන්සේගේ කන්තෝරුවේදීය.       මෙහි පහත සඳහන් කරන නුවර කලාවියේ නුවරගම් කෝරලේ තිබෙන ඉඩම් කැබලි  1881 ජූනි මස 29 වන සිකුරාදා දවස උතුරු මහ දිශාවේ ආන්ඩුවේ ඒජන්ත උන්නාන්සේ  විසින් අනුරාධපුර කච්චේරියේ දී විකුණන්ට නොහොත් බේරා දෙන්නට  යෙදේ.     

 මුලික පිඹුර 169   අයිති කියන්නා  ටී.බී. තිඹිරිවැවේ මුදියන්සේ රාලහාමි සභාපති තැන.  නො. 44     ගමේ නම බුලන්කුලම .

 අන්දම -. මූකලන් කැලේ සහ වැව  අක්කර 24 පර්චර්ස් 11   .මෙම ඉඩම ගැන වැඩිපුර කාරණා වංශාධිපති සර්වේ ජනරල් උන්නාන්සේගේන් දැන ගන්න පුළුවනි.    උතුමාණන් වහන්සේ ට ආඥාව පිට අත්සන් කලේ  ඩබ්.ඒච්. රෙවන්ස්කාෆ්  වැඩ බලන සෙකරතාරිස්වම්හ.

     අනුරාධපුර පූජා නගරය තුළ කඩපිල් රජයේ ගොඩනැගිලි නිවාස ආදිය බහුල වන්නට පටන් ගැනුණේ දහනව වන සියවස අග භාගයේ සිටය.නටබුන් තහවුරු කරලීමත් රුවන් වැලි සෑය වැනි උතුම් පූජා ස්ථානයක් නැවත පිළිසකර කිරිමත් සමගම වන්දනා කරුවන් පැමිණෙන්නට විය.අනුරාධපුර නගරය වටා සර්කියුලර් පාර යනුවෙන් වට පාරක් ඉංග්‍රසීන් විසින් නිර්මාණය තරන ලද්දේය.මෙම මාවත පසුකාලයේ දී වට වන්දනා පර යනුවෙන් ව්‍යවහාර විය. වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමා පූජා නගරය තුළ පවතින ආක්‍රමණයට විරුද්ධව සටන් කළ නමුත් එතුමා 1913 දී මිය යාමත් සමගම ඒ බලපෑම තුනීව ගියේය. පසුව 1941 වර්ෂයේ දී ජනාකීර්ණ පූජා නගරය වෙනුවට නව නගරයක් සෑදීම සඳහා බණ්ඩාරනායක මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවට යෝජනාවක් ඉදිරිපත් කර මුදල් වෙන් කර ගත්තේය. පසුව අනුරාධපුර සංරක්ෂණ මණ්ඩලය පිහිටුවා එහි සභාපති වශයෙන් නිශ්ශංක විජේරත්න මහතා පත් වූ  පසු අදියර කීපයකින් නව නගරය සකස් කරලීම ඇරඹුණි.ඒ දුම්රිය ස්ථානය අසල තිබෙන බිම්කඩත් පැරණි බස් නවතුම් පල ප්‍රදේශයේ සිට දකුණටත් වන්නටය. මේ නිසා අනුරාධපුර අවට තිබු කුඩා වැව් රැසක් ගොඩ කරනු ලැබිණ.1978 වර්ෂයේ දී නාගරික සංවර්ධන අධිකාරිය පිහිටුවා ලීමෙන් පසුව 1979 ජූලි 01 අංක 38 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් අනුරාධපුර නාගරය සංවර්ධන බල ප්‍රදේශයක් ලෙසට නම් කර තිබේ.එසේම 2001 අංක 1179/11  ගැසට් පත්‍රය මගින් වර්.කි.මී. 1925ක් කාගරික සංවර්ධන බල ප්‍රදේශයක් බවට පත් කර ඇත.ඒ අනුව නුවර වැව තිසා වැව බසවක් කුලම සහ බුලන් කුලම වැනි නගරය ආසන්නයේ තිබෙන සියළුම වැව් වල පෝෂක ප්‍රදේශ ආක්‍රමණය ඇරඹුණි.2000  වසරේ සිට ගූගල්සිතියම් පරීක්ෂා කරන කල්හි එය පැහැදිලි වෙයි. නුවර වැව ඉහත්තාව දක්වා ප්‍රවේශ මාර්ග ඉදි කිරීම අරඹා ඇත්තේ ඒ 9 මාර්ගයේ සිට පහසුවෙන් ළඟ වීම සඳහාය.මේවා සියල්ල රජයේ නාගරික සැලසුම්ය.

         මේ අනුව අනුරාධපුර නගරයේ වාපී ශිෂ්ඨාචාරය නූතන යුගයේ විනාශ වීම ඇරඹීම අහඹු වක් නොවේ.අනුරාධපුර මහා වැව් වල එල්ලංගා පද්ධති ගැන සලකා බලන කල්හි ඒවායේ තිබෙන විශේෂත්වය අපට මැනවින් පසක් වේ.ජලය නැතිව නගරයකට පැවතිය නොහැකිය. පුරාණ රජවරු උමං මාර්ග වලින් පවා නගරයට ජලය ගෙන ආහ. නූතන නාගරික සැලසුම් මගින් ඒවා සියල්ල විනාශ තරමින් ඇත. නුවර වැව සහ අනිකුත් වැව් වල රක්ෂිත මැන මායිම් ගල් දැමිම මෙන්ම මේ සමස්ත පරිසර පද්ධතියටම මනා සැකැස්මක් අවැසිය.ඒවා මැන මායිම් ගල් දමන නිළධාරීන් මාරුවී යෑමට පසුබිම සැලසීම මගින් මේ වෑයම අඩාල කළ යුතු නැත.භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නාගරික සැගසුම් තුළ පවතින්නේ ද නාගරීකරණයට අවශ්‍ය පහසු කම් ලබා දීමයි.. එහි ප්‍රමුඛත්වය ලබා දී තිබෙන්නේ මිනිසුන් ගේ භෞතික පහසුකම් දියුණු කරලීමටයි.අනාගතයේ දී වතුර බෝතල් විදෙස් වලින් ආනයනය කර පරිහරණයට සැලැස්වුවද මිනිසුන්ට එය අභියෝගයක් නොවනු ඇත. මුදල් හදල් තිබේ නම් සියළු දේ ළඟා කරගත හැකිය යන අන්ධ වීශ්වාසයෙහි සියල්ලෝම ගැලි සිටිති.

මතුගම සෙනෙවිරුවන්     

Tuesday, November 4, 2025

ලංවීම විකුණලා - විදුලි ඇමතිට මල පැන්නේ ඇයි

 

                                


             විදුලි බල සංශෝධන පනත සම්මත වීමෙන් පසු රටේ බල ශක්ති ක්ෂේත්‍රය අනතුරට පත් ව ඇති බව විද්වතුන්ගේ මතයයි.විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාවය මෙන්ම මේ ක්ෂේත්‍රය තුළ පවතින රජයේ දායකත්වය තව දුරටත් රැකෙන්නේ ද යන්න මහ ජනතාවට අවබෝධයක් නොමැති බව පෙනී යයි. විශේෂයෙන්ම විදුලි බල වෘත්තීය සමිති විසින් අකුරට වැඩ කිරීම සහ උද්ඝෝෂණ ක්‍රියාවලියක් දියත් කර තිබුණේ මේ අවින්ශිචිතතාවය නිසාය. පසුගිය ඔක්තෝබර් 13 වන දින විදුලි බල අමාත්‍යංශ යේ දී මෙම ගැටළු සම්බන්ධව සාකච්ඡාවක් පවත්වා තිබේ. එම සාකච්ඡාවට විදුලි බල මණ්ඩලයේ දැනට ක්‍රියාත්මක වන වෘත්තීය සමිති තිස් හතරක නියෝජිතයන් ඇතුළු තවත් පිරිසක් සාභාගි විය.නමුත් එම සාකච්ඡාව අතර තුර ඒකාබද්ධ නිදහස් විදුලි සේවක සංගමයේ ලේකම් වරයා වන සමින්ද ගමගේ මහතාට විදුලි බල අමාත්‍යංශයේ ආරක්ෂක නිළධාරීන් විසින් පහර දී කිබුණි. එසේම එම සංගමයේ සභාපතිවරයාව කාමරයක දමා සිරකර ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ දත්ත මකා දැමූ බවද වාර්තා විය.මේ සම්බන්ධව දැනට කොල්ලුපිටිය පොලිසිය මගින් විමර්ශනයක් සිදු කරන අතර කිසිවෙකුත් අත්අඩංගුවට නොමැති බවද කටඋත්තර ගෙන නොමැති බවද දැන ගන්නට ලැබේ.

           1969 අංක 17 විදුලි බල මණ්ඩල පනත මගින් රජයේ ආයතනයක් විලස සංස්ථාපිතව රට පුරා බලශක්ති ක්ෂේත්‍රෙය් ප්‍රගමනයට විශාල කාර්ය භාරයක් සිදු කර ඇත.එම ආයතනය පූර්ණ රාජ්‍ය හිමිකාරිතවයෙන් මුදවා වර්තමාන පනත මගින් සමාගම් සතු කර ඇත.මේ බැව් 2024 අංක 36 දරණ නව විදුලි බල පනතේ විස්තර වන්නේ මෙසේය.කොටස් වෙළඳ පලේ ලැයිස්තුගත කිරීම යනුවෙන් මෙහි වැඩි දුරටත් සඳහන්වන්නේ ඒ තත්වයයි.

'විදුලිබලය උත්පාදනය කිරීම සම්ප්‍රේෂණය කිරීම, බෙදා හැරීම, වෙළෙදාම් කිරීම ,සැපයීම සහ ප්‍රසම්පාදනය කිරීම සම්බන්ධව සියලු කටයුතු පැවරී ඇති සංස්ථාමය අස්තිත්ව 2007 අංක 07 දණෙ සමාගම් පනත යටතේ සංස්ථාගත කිරීමට දාළ ව්‍යවස්ථාමය පියවර සැපයීම සඳහාද ඒ හා සම්බන්ධ සියලු කටයුතුවලට අදාළවන ක්‍රියාපරිපාටි නිශ්චිතව දැක්වීම සඳහා ද 1969 අංක 17 දරන විදුලි බල මණ්ඩලය පනත සහ 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලි බල පනත පරිච්ඡින්න කිරීම සඳහා සහ ඒ සම්බන්ධ හෝ ඊට අනුශාංගික කාරණා සඳහා විධි විධාන සැලැස්වීම පිණිස වූ පනතකි.

 1/ස්වාධීන සංස්ථාමය අස්තිත්ව සංස්ථාගත කිරීම මගින් වර්තමානයේ දී රජයට හිමි තනි අස්තිත්වයක් වෙත පැවරී ඇති විදුලි බල කර්මාන්තයේ කටයුතු වෙන් කර තැබීම සහ වෙන් කිරීම මගින් තහවුරු කරනු ලබන විදුලි බල කර්මාන්තයට අලුත් ආයෝජන ආකර්ෂණය කර ගැනීමයි

2/කොටස් වෙළඳ පල ලැයිස්තු ගත කිරීම සහ රාජ්‍ය පෞද්ගලික අංශ හවුල් ව්‍යාපාර පිළීවෙත් භාවිතා කර විදුලි බල කර්මන්තයේ සෑම කටයුත්තක දීම පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා පහසුකම් ගැලැස්වීම සඳහා

         පසුගිය දා අමාත්‍යංශයේ පැවති රැස්වීමේ දී වෘත්තීය සමිති විසින් මතු කළ යුතු සහ සාකච්ඡාවට බඳුන්කළ යුතු කරුණු වූයේ මේවා බව පැහැදිලිය. සේවක සුරක්ෂිතතාවය වෘත්තීය සමිතියකට වැදගත් වුවද රටේ බලශක්තිය පිළිබඳ රජයේ පංගුවට සිදුවන්නේ කුමක්ද යන්න පිළීබඳව ප්‍රශ්න කිරීමේ වගකීම ද ඔවුන් සතුය. නමුත් දැන ගන්නට ඇති අන්දමට අකුරට වැඩ කිරීමෙන් සහ උද්ඝෝෂණ කිරීමේන් ප්‍රකාශ කළ සටන්පාඨ කිසිවක් මේ සකච්ඡාවේ දී ඉදිරියට ගෙන නොතිබිණ. ඒ වෙනුවට එම සාකච්ඡාවට පැමිණසිටි  යෝජිත සමාගම් වල නව සභාපති වරුන් සහ වෘත්තීය සිමිත අතර සකච්ඡාවක් බවට එය පත්ව තිබී ඇත.සමාගම් පිහිටුවාලීමෙන් පසුව  වෘත්තීය සමිති වල ශාඛා එම සමාගම වල පිහිටුවීමට අවස්ථාව තිබෙන බව ද එහිදී කුමාර ජයකොඩි අමාත්‍යවරයා දක්වන ලද අදහසට කිසිවෙකුත් විරුද්ධ වි නොමැත. ඒකාබද්ධ විදුලි සේවක සංගමය වශයෙන් සිටින කිසිම නියෝජතයෙකු විරුද්ධ වී නොමැත.සේවකයන් විශ්‍රාම ගැනීවීමේ දී ලැබිය යුතු මුදල් පිළීබඳව ද මෙහිදී සකච්ඡාවට බඳුන් වී නොමැත. එයින් ගම්‍ය වනුයේ විදුබල මණ්ඩලය අහෝසි කොට සමාගම් හතරකට කඩා කොටස් වෙළඳ පලේ ආයෝජනයෙ කිරීම මෙම වෘත්තීය සමිති විසින් අනුමත කර ඇති බවයි. නමුත් ඔවුන් ජනතාවට පෙන්වන්නේ වෙනත් දෙයකි.එළියේ විරුද්ධ වී ඇතුලේ දී පූස් පැටව් බවට පත් වීමෙන් ගම්‍ය වන්නේ ඔවුන්ගේ සැබෑ මුහුණයි.

     මෙම සාකච්ඡාවට සාභාගි වූ ඒකාබද්ධ නිදහස් විදුලි සේවක සංගමය නව වෘත්තීය සමිතියකි. ඔවුහු මෙහිදී වෙනත් ප්‍රවේශයක් ගනිමින් රටේ සම්පතක් වන විදුලිය පෞද්ගලීකරණය වීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවසථාව උල්ලංඝණය වන ආකාරය පෙන්වා දීමට උත්සහ දරා ඇත.ඒ ගැන සවිස්තරාතමකව සඳහන් ලිපියක් ද භාර දීමට කටයුතු කර තිබේ. ඒ ලියැවිල්ලේ සඳහන් මෙම කාරණා අතිශයින් බරපතලය. උසාවිය ඉදිරියයේ මේවා  සැබීවටම අභියෝගයට ලක් වී නැත. එහි මෙසේ සඳහන්ය.

ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) සේවකයින් 23,000 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමය වන අපි 2024 අංක 36 දරන ලංවිම පනත සහ 2025 අංක 14 දරන එහි සංශෝධන පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපගේ දැඩි කනස්සල්ල  මෙලෙස මතු කරමු.මෙම පනත් තවමත් සම්පූර්ණයෙන් බලාත්මක කර නොමැති වුවද  දැනටමත් මුල් බැසගත් ව්‍යවස්ථාමය විධිවිධාන උල්ලංඝනය කිරීමට උත්සාහ දරා ඇත. - එනම් 1 2 3 9 27  85(2) 104 සහ  105 මගින් ජාතික බලශක්ති වත්කම් පෞද්ගලික හෝ විදේශීයන්ට ක්‍රමයෙන් මාරු කිරීමට ඉඩ දීමෙන් ජනතාවගේ ස්වෛරීභාවය තර්ජනයට ලක් වෙයි.

වගන්ති 13: පරමාධිපත්‍යය ජනතාව තුළ පවතින අතර එය අහිමි කළ නොහැකි ය. විදුලිබල උත්පාදනය සහ බෙදා හැරීම එම ස්වෛරීභාවයෙන් ලබාගත් ජාතික කාර්යයන් වේ. සෘජු මහජන කැමැත්තකින් එනම් ජනමත විචාරණයකින් තොරව හිමිකාරිත්වය හෝ පාලනය පැවරීම මෙම මූලික වගන්ති උල්ලංඝනය කරයි.

9 වන වගන්තිය - බුද්ධාගම ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට සහ පෝෂණය කිරීමට රජයට බැඳී සිටී මෙම වගකීම සමාජයේ සදාචාරාත්මක හා සමාජීය ව්‍යුහය පවත්වා ගැනීම දක්වා විහිදේ - පාලනයේ දී අනුකම්පාව" සමානාත්මතාවය සහ යුක්තිය සහතික කිරීම සිදු කළ යුතුය. විදුලිය වැනි අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් වාණිජකරණය කිරීම මෙම සදාචාරාත්මක හා සමාජීය බැඳීම් වලට හානි කරයි . මහජන සුභසාධනයට වඩා ලාභය ඉහළට ඔසවා තැබීමෙන් බුද්ධ ධර්මයට සහ 9 වන වගන්තියේ වරමට ආවේණික වටිනාකම් වන සමාජ සමගිය අනුකම්පාව සහ සාමූහික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමට රාජ්‍යයට ඇති හැකියාව දුර්වල කරයි.  එබැවින්, විදුලිය සඳහා සාධාරණ ප්‍රවේශයක් සඳහා වන ජාතික වගකීම අඩු කරන ඕනෑම ප්‍රතිපත්තියක් 9 වන වගන්තියේ වක්‍ර උල්ලංඝණයකි.

27" 104 සහ 105 වගන්ති:

මේවායින් රාජ්‍යය ජාතික සම්පත් සාධාරණ ලෙස බෙදා හැරීම සහ විනිවිද පෙනෙන පරිපාලන අධීක්ෂණය සහතික කිරීම අවශ්‍ය වේ. ලංවිම පෞද්ගලික ආයතන බවට පරිවර්තනය කිරීම මෙම බැඳීම් වලට වල කපන අතර මහජන වගවීම අඩු කරයි.

       ඒකාබද්ධ නිදහස් විදුලි සේවක සංගමය විසින් ඉදිරිපත් කරන ලද මෙම ලිපිය දැනටමත් මාධ්‍ය වලට නිකුත් කර තිබේ.මෙය අමාත්‍යවරයා අතට පත් වීමත් සමග ඉන් කලබල වූ අමාත්‍යවරයා අදාල වෘත්තීය සමිති නියෝජිතයන් ගේ පැමිණීම දෝෂ දර්ශනයට ලක් කර වහාම ඒ දෙදෙනා රැස්වීම් ශාලිවෙන් පිට කරන ලෙසට ආරක්ෂක නිළධාරීන්ට පවසා ඇත. මෙහදී වහාම ක්‍රියාත්මක වූ එම නිළධාරීන් සහ එක වෘත්තීය සමිති නියෝජිතයෙකු එක්ව ලේකම්වරයාට පහර දී බිම දමා රැස්වීම් ශාලාවෙන් එළියට ඇද දැමීමෙන් විශාල කලබලයක් ඇති විය. සැබවින්ම සත්‍යය සහ යුක්තිය පෙන්වා දීමේ දී අමාත්‍යවරයාට මල පැන්නේ ඇයි. නව පනත ගැන ගැටළු සාකච්ඡා කොට අදහස් හුවමාරු කර ගැනීමට අවශ්‍ය නම් ඒවා ඉතාමත් සාමකාමී ලෙසට කළ යුතුව තිබුණි. මෙහිදී ප්‍රචන්ඩත්වය ඉස්මතු කරගෙන තිබුණු අතර ඉදිරිපත් කරන කළ කරුණු අවඥාවෙන් ඉවත දමා තිබුණි. මෙලෙස ඉවත් දමා ඇත්තේ සුළු පටු කාරණා නොවේ. මෙරෙට ව්‍යවස්ථාපිත කරුණුය. විශේෂයෙන්ම බුද්ධ ශාසන විෂයට අදාළ කරුණුය.කොටස් වෙළෙඳපල තුළ විදුලි බල සමාගම් ආයෝජනය කළ පසු  විහාරස්ථාන පෝෂණය කිරීමෙන් රජය බැහැර වෙයි.මෙරට පෞද්ගලික සමාගම් හෝ යම් හෙයකින් කොටස් වෙළදපලෙන් සමාගම් මිලදී ගත් විදෙස් සමාගම් වලට බුද්ධ ශාසනය පෝෂණය කිරීම වගකීමක් වන්නේ නැත. රජය සිය වගකීමෙන් බැහැරවන අතර ජනතාවගේ බලශක්ති ස්වෛරීත්වය අනතුරට පත් වෙයි.

     විදුලි බල මණ්ඩලය පසුගිය වසරට වඩා මෙම වසරේ බිලියන 12.3 කින් පාඩු වී ඇත. ඒ පාඩුව සිදු කර ඇත්තේ ගෘහස්ථ විදුලි පාරිභොගිකයා නොවේ ඔවුහ මාසික ව විදුලි බිල ගෙවති.එසේනම් මණ්ඩලයට පාඩු කර ඇත්තේ කවුරුද. ඒ අතලොස්සක් දෙනෙකි. විශේෂයෙන්ම කූඨ ලෙස විදුලිය ලබාගෙන මණ්ඩලයට පාඩු කළ කීප දෙනෙකුය. වාර්තාවන අන්දමට කැකිරාවේ පමණක් වීමෝල් සහ කර්මාන්ත ආයතන පමණක් 18 ක් එලෙස විදුලි වංචා කරමින් මණ්ඩලයට පාඩු කර තිබේ. ඒ මාෆියාව පිළීබඳව මෙතනදී විග්‍රහ කිරීම අසීරු වුවද වාර්ෂිකව අය විය යුතු කෝටි ගණනක මුදල් සම්භාරයක් නාස්ති වී ගොස් ඇත. ඒවා අය කර ගෑනිමට උත්සාහයක් නොමැති අතර රජය සිදු කරනුයේ  මණ්ඩලය පාඩු ලබන්නේ යැයි කියමින්   රජයේ භාරකාරිත්වයෙන් සහ වගකීමෙන් නිදහස් කිරීමයි. කොටස් වෙළදපල තුළ ආයෝජනය  කිරීමයි.අඩුගණනේ සියයට පනස්එකක ප්‍රතිශතයක් රජයට තබා ගැනීමටවත් උත්සාහ කර නැත. විපක්ෂයේ සිටින විට බලශක්ති ස්වෛරීත්වය පිළිබඳ හරවත් දේශන තිබූ පිරිසක් මෙලෙස පාවා දීමකට එකඟවන්ට ඇත්තේ කුමක් නිසාද යන්න ජනතාව ප්‍රශ්ණ කළ යුතුය.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි නිසා යැයි කියමින් මග හැරීමට ඉඩ දිය යුතු නොවේ.

මතුගම සෙනෙවිරුවන්