පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Monday, January 28, 2013

මහින්ද චින්තනයේ හලාල් සළකුණ

                                      
                       වසර දෙදහස් පන්සීයක ඉතිහාසයේ ආරම්භක යුගයේ මහින්ද මහ රහතන් වහණ්සේ ලංකාවට වැඩම කොට ස්ථාපිත කරන ලද බුද්ධ ශාසනය සහ ධාර්මික හර පද්ධතිය අනුව රජවරු විසින් රටේ පාලන තන්ත්‍රය ගෙන ගිය බව වංශ කතා වල සඳහන්ය. මෙම හර පද්ධතිය මිහිඳු චින්තනය මත පදනම් වෙයි. දශ රාජ ධර්මයද  දශ පුණ්‍ය ක්‍රියාවන්ද මගින් රටේ පාලන තන්ත්‍රය විසින් ඇති කරන ලද ආදර්ශය රටේ ජනතාව වෙත මැනවින් කාන්දු විය. ඒ තත්වය තුල සමාජ ජීවිතය ධාර්මික පැවැත්මකින් යුක්ත විය. මේ සාරධර්ම කෙරෙහි තිබූ නැඹුරුතාවය මගින් අනුරාධපුර යුගය සිංහල බෞද්ධ රාජ්‍යයක් දක්වා වර්ධනය විය. නමුත් සතුරු ආක්‍රමණයන් හමුවේ ආරාජික වන ලද අවස්ථාවේ දී පොළොන්නරු යුගය වන විට මේ ක්‍රමය පරිහානියට ලක් විය. 1815 වසරේ දී රට බ්‍රිතාන්‍යයන්ට භාර දෙන අවස්ථාවේ දී  සිංහල බෞද්ධ රාජ්‍යයක පැවැත්ම පැවතියේ ශේෂ වශයෙනි. විසිවන සියවසේ මුල් යුගයේ සිට අනගාරික ධර්මපාල තුමා ඇතුලු ජාතිමාමකයින්ගේ  මතවාදී සටන් නිසාවෙන් අපට නාම මාත්‍රික නිදහසක් ලැබුණද ආර්ථික වශයෙන් පූර්ණ ස්වාධිනත්වය ඇති කර ගැනීමට නුපුලුවන් විය.
         2005 වසරේදී  බහුතර සිංහල ජනතාවගේ බලයෙන් ජාතික මත වාදය නැවතත් සිංහාසනාරූඩ කරවන ලද්දේ සැබෑ මහින්ද චින්තනය රට තුල ක්‍රියාත්මක කරවා ගැනීමේ තිර අදිටනින්ය.රටතුල අවදිවූ ජාතික බලවේග මේ ජයග්‍රහණයන් පිටිපස්සේ විය.කුරිරු යුද්ධය නිමා කර කොටි ත්‍රස්තයින් පරාජය කරලීම එහි පළමු පියවර විය. අනතුරුව මහින්ද චින්තන පෙර දැක්ම කෙටුම්පත් කර ගැනීමේ දී ද ලංකාවේ ජාතික බලවේග මූලිකත්වය ගෙන කටයුතු කලේය. ඒ මගින් බුද්ධ ශාසනයේ චිර පැවැත්ම ධාර්මික පාලනය මෙන්ම ආර්ථික ස්වාධිපත්‍යද අපේක්ෂා කරනලදී. මේ තත්වය මෙසේ වුවුද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුලු රජය මහින්ද චින්තනය අවබෝධ කරගෙන ඇත්තේ නිවැරදි ආකාරයට නොවන බව දැන්දැන් තහවුරු වෙමින් පවතී. වෙසෙසින්ම බුද්ධ ශාසනයේ පැවැත්ම තුලින් ඇතිවිය යුතු බෞද්ධ රාජ්‍ය වෙනුවට සර්ව ආගමික පාලන තන්ත්‍රයක් බිහි වෙමින් පවතී. දශරාජ ධර්මය උපේක්ෂාව කරුණාව මෙන්ම මෛත්‍රිය පිළිගත යුතුව තිබුණද වෛරය පැතිරීමෙන් විරුද්ධවාදීන් මර්දනයටද අපරාධ කරුවන් ආරක්ෂා කර ගැනිම පිණිස යහ පාලනය  ද අවසන් කරමින් පවතී. නබි නායක තුමන්ගේ උපන් දිනය වෙනුවෙන් රජය නිකුත් කළ නිවේදනය මගින් කියැවෙන්නේ මුස්ලිම් ජන සමූහය විසින් නබි නායක ගේ ඉගැන්වීම් මගින්  සාමය හා ඉවසීම ප්‍රගුණ කරන බවයි. එය සම්පූරණ මුසාවකි. අන්‍ය ආගමිකයින් හා අන්‍ය ජාතිකයින් වෙනුවෙන් කුරාණය තුල මෛත්‍රී සහගත ප්‍රකාශ නොමැත.
           කුරාණයේ 8. 12 වගන්තිය මෙසේය. අවිශ්වාශ කරන්නවුන්ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එහෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා බෙලි කපාදමන්න. කුරාණය 9.5 උපවාස මාසය පසුවන විට අදේවවාදීන් දුටු තැන මරා දමන්න. සියුලු උපක්‍රමයන් යොදා ඔවුන් කොටු කරන්න. ඔවුන් ගැවසෙන තැන් වල සැංගිසිටින්න. ඔවුන් සිරභාරයට ගන්න. රට තුල සිටින ජන කොටසක් වශයෙන් ඔවුන් වෙත ජන නායකයාගේ ආශිර්වාදය පළ කිරීම සාධාරණ නමුත් බුද්ධ ධර්මය පාවා දී මිථ්‍යා දෘෂ්ඨිය තහවුරු කරලීමට  නිවේදන නිකුත් කිරීම රටේ බෞද්ධ ජනතාවගේ සිත් කලකිරවන්නකි. විපක්ෂ නායකවරයාටද රටේ ජාතික ප්‍රතිපත්ති ගැන තවමත් අවබෝධයක් නොමැත. සර්ව ආගමික තත්වය යනු හිත රවටා ගැනීමකි.රටේ ජාතික උරුමය හෑල්ලු කිරීමකි.       
      ලාංකික ගෘහ සේවිකාවක් සෞදි ආරාබියේදී  ඝාතනයට ලක් වීම ලංකාවේ මුස්ලිම් ප්‍රජාවට බිය ගෙන දෙන ක්‍රියාවක් නොවේ. අඩු වයස් කාර ළදැරියක් වීම පමණක් ඔවුන්ට ප්‍රශ්ණයක් විය. එම කාරණය වත්මන් රජය විසින් අධිකරණයේදී ඉදිරිපත් නොකරන ලද බව ඉස්මතු කොට සැබෑ ගැටලුව යටපත් කරලීම ඔවුන්ගේ වෑයමයි.    ලංකාවේ මුස්ලිම් ජනතාව ශ්‍රී ලාංකිකයින් නොව මුස්ලිම් ජාතිය ලෙසට සැලකීම කාලයක සිට අනුගමනය කෙරෙන්නෙකි. සිංහල ජනතාවට නොලැබෙන වරප්‍රසාද රාශියක්ම ඔවුන් වෙත් ප්‍රදානය කර ඇත. බහු භාර්යා සේවනය ඉන් එකකි. ඔවුන්ටම ආවේණික ක්වාසි අධිකරණ පවත්වා ගෙ යාමට දැන් නීතියෙන් බලතල ලැබී තිබේ.  ෂරියා නීතිය ක්‍රියාත්මක කරන මේ අධිකරණ නැතහොත් නඩු ශාලා පණස් අටක් රටපුරා ඉඳිකර දීමට රුපියල් මිලියන තිස්අටක් වත්මන් රජය වෙන් කරන ලද්දේ ඉතාමත් මෑතකදීය. ඒ හිටපු අධිකරණ අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න විසිනි. මේ ඇමතිවරයාගේ චන්ද කොට්ඨාශය වන මාවනැල්ල මුස්ලිම්වරුන්ගේ ආධිපත්‍යට යටත්ව ඇත. මෙයට හේතුව දේශපාලකයින් ඔවුන්ගෙන් යැපිමයි. දෙවනගල රජමහා විහාරයේ විහාරගමින් කොටසක් ආතාවුද ඇමතිවරයාගේ චක්ගෝලයෙකු ද වන මුස්ලිම් ජාතිකයෙකු විසින් අල්ලා ගෙන ගොඩනැගිලි සාදා ඇති අතර මේ ඉඩම් නිරවුල් කරලීම පිණිස පුරාවිද්‍යා දෙපාර්තමේනතුව කටයුතු කරලීමට ඉදිරිපත් වීමේ දී ඇමතිවරයා ඊට බාධා කර ඇත. පසුව සපරගමුව හිටපු ආන්ඩුකාර වර ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා මැදිහත්ව පුරාවිද්‍යා රක්ෂිතය වෙන් කරලීමට උත්සාහ කිරීමට කටයුතු කිරීමේදී දෙවනගලටම පැමිණ එයට බාධා කළ හැටි මම සියැසින්ම දුටුවෙමි.
           මුස්ලිම් ප්‍රජාව නිසා ජීවත් වන අනෙක් ඇමතිවරයා වූ ආගමික කටයුතු ඇමතිවරයා රටපුරා තිබෙන මුස්ලිම් පල්ලි නඩත්තු කරලීමට හා ඉඳිකිරීමට රජයේ මුදල් ලබා දී තිබේ.  ඒ ආගමික කටයුතු අමාත්‍යංශය හරහාය. පසුගිය කාලයේ දඹුල්ල අනුරාධපුරය ආදී බෞද්ධ පුරවරයන්හි අටවා තිබූ මුස්ලිම් යාඥා මඩු ඉවත් කිරීමට බෞද්ධයින් හඬ නගද්දී රජය හා ඇමති වරු මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් ඉදිරිපත් ව කතා කළහ. අතයට මුස්ලිම් වරුන් ගෙන් මුදල් අල්ලස් ලබා ගන්නා නිළධාරීන් ගැනද යමක් කිව යුතුය. නැගෙනහිර පළාතේ සිංහලයින් සතුවූ ඉඩම් වල ඔප්පු වෙනස් කොට හොර ඔප්පු සහතික කරලීමට ගන්නා ලද අල්ලස ප්‍රමාණය නිශ්චිත නැත.
            මේ තත්වය හමුවේ මුස්ලිම් දේශපාලකයින් ලංකාව සපිරිස්ථානයක් නොහොත් මුස්ලිම් රටක් බවට පත් කරලීමේ ශුද්ද වූ යුද්ධය අරඹා තිබේ. මෑතකදී හෙළි වූ හලාල් සහතිකය ලබා ගැනිමේ වැඩපිලිවෙලද  මෙහි අංගයකි. හලාල් යනු දෙවියන්ට කැපවූ ආහාර සඳහා යොදන නාමයයි. එය මුස්ලිම් වරුන්ට පමණක් නොව අන්‍ය ආගමිකයින්ටද බලෙන්ම පැටවීම මුස්ලිම් දේශපාලනයේ සවභාවයයි. ඒ මගින් අල්ලා  දෙවියන් විශ්වාශ නොකරන ජනතාව වෙතින් ලබා ගන්නා මුදල් සපිරිස්ථානය ගොඩ නැන්වීමේ ව්‍යපාරය සඳහාම යොදවන බව පැවසෙයි.
     දහතුන් වන සියවසේ දී රයිගම සිටි වීර අලකේෂවරයන් මෙලෙස මුස්ලිම් වරු විස්වාශ කොට අටුලුගම ඔවුන්ට බල කොටුවක්ද තනාගත්නට ඉඩ හැර තමන්ද මුස්ලිම් ආගම වැළඳ ගැනීමේ අවශ්‍යතාවයෙන් පසු වෙද්දී චීනයේ මැදිහත් වීමෙන් ඒ ප්‍රයත්නය කඩාකප්පල් විය. අවසානයේ දී රජු ජනතාව අතින් ඝාතනය විය. සිරුර ජයවර්ධන කෝට්ටේ කිඹුල් පොකුණට  දැමු බවද ඉතිහාසයේ සඳහන්ව ඇත. වර්තමානය තුලද මේ මුස්ලිම් බලය රට තුල වැඩි වර්ධනය වී තිබෙන්නේ මුස්ලිම් රටවල් කෙරෙහි අනවශ්‍ය ආකාරයට රාජ්‍ය හස්තය දිගු කරලීමෙන් යයි සිතමි. වාර්ෂිකව රටේ සංවර්ධනයටයයි කියා ලබා ගන්නා අසීමිත ණය කන්දරාව නිසා රටේ දුප්පත් කම වැඩි වී ඇත. මේ නිසා බටහිරට නැඹුරු පිලිවෙත මැදපෙරදිගට යොමු වීම පුදුමයක් නොවේ. මෙය වෙනස් කරලීමේ මග මහින්ද චින්තනයේ ඇතුලත් වුවද වංචාව හා දූෂණය නිසා එය අනුගමනය කිරීමක් නැත. මහින්ද චින්තනයට හලාල් මුද්‍රාව ලැබී ඇත්තේ මේ නිසාවෙන් බව සිංහල බෞද්ධ ජනතාව දැන්වත් තේරුම් ගත යුතුය.
                        
         

3 comments:

  1. වැල්ලේ පිපෙන බිම් මල වාසනාවන්
    ගොල්ලේ පිපෙන පන් මල වාසනාවන්
    දෙපෝදාට පුන්සද වාසනාවන්
    ජාතිත් ඔබතුම වාසනාවන්

    ReplyDelete
  2. ඔබතුමගේ අදහස් සමග මම 100% ක්ම එකඟයි. අපේ දේශපාලුවො ටික තමයි තමන්ගේ බල තණ්හාව නිසා මේ බුදුන්ගේ දේශය මිත්‍යාදෘෂ්ඨිකයින්ට පාවලා දෙන්නේ. නමුත් බෞද්ධ ජනතාවට මේ තත්වය ආපසු හරවන්ඩ පුලුවන්. ඔබතුමාම පැවසූ පරිදි ඉතිහාසයේ ඒ පිළිබඳ නොයෙකුත් ආදර්ශ තියෙනවා. තව තවත් මේ වගේ ලිපි ලියන්න. අප ජාතිය අවදිකල යුතුයි. එය කළ හැකියි.
    ඔබතුමාට නිරෝග සුව ලැබේවා!

    ReplyDelete
  3. ඔබතුමා හරියට ළිදේ ඉන්න මැඩියෙක් හා සමානයි.මක්නිසාද යත් ඔබතුමාගේ අදහස් අනුව මුස්ලිම්වරැන්ට මේ ශ්‍රී ලංකාවේ කිසිම අයිතියක් නැතැයි ද සිතන්නේ? මහින්ද ජනාධිපතිවරයාව ඔබලා පත් කරේ සිංහල පමණක් අණ්ඩුවක් කරන්නද? ඔබ වැනි අන්තවාදීන් නිසා තමයි මේ ලංකාවට කිසිම දියුණුවක් නැත්තේ..

    “පල්ලි හදනවා” , “පල්ලි හදන්න රජයෙන් මුදල් වෙන් කරනවා” යනුවෙන් පම්පෝරි ගසන්නේ ඔබ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව එක් වථාවක් කියවා තිබේද? එහි අන්තර්ගතය කුමක්ද? ශ්‍රී ලංකායේ සංස්කෘතික අමාත්‍යංශය යනු සිංහල පමණක් නොවේ.එය පොදු අමාත්‍යංශයකි.ශ්‍රී ලංකාවේ කුමණ ආගමක් තිබෙන්නේ ද ඒ සියලු ආගම් එම සංස්කෘතික අමාත්‍යංශයට අනුගත වේ.....මෙම සරල අදහස පවා ග්‍රහණය කරගන්න බැරි ඔබ වැනි අන්තවාදීන් රටට මෙන්ම ඔබගේ පවුලටද මහත් පිළලයක් වනු නොඅනුමානය...

    එසේම මේ රට සිංහලයන්ට පමණක් ලියා දී තිබෙන රටක් නොවන බවත් ඔය පුංචි මොළයේ පැත්තක තබා ගැනීම ණුවනට හුරැ යැයි කීමට කැමැත්තෙමි....
    ඔබ පවසන ලද කුර්ආන් වැකිය ඔබ විකෘති කර ඇත.එහි නියම අදහස එය නොවේ.නියම අදහස බලාපොරොත්තු වන්න............

    ReplyDelete