පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, July 23, 2014

කූරගල බුදුගල යනු රාවණා අඩවියක්ද සමන් දෙවි අඩවියක්ද


                          


 

                  වලවේ ගඟ හරස් කර බැඳි  බැම්ම මගින් අස්වද්දන ලද වෙල්යායක් බළන්ගොඩ කල්තොට බින් තැන්නේ තිබේ. නීල මහා යෝධයා විසින් එම බැම්ම සකස් කලේ යයි ජන ප්‍රවාදයේ තිබෙන සඳහන අනුව මේ පෙදෙසෙහි ඉතිහාසය පිළිබඳව අදහසක් ගත හැකිය. මේ වලවේ ගඟේ සීමාවේ සිට කටුපත් ඔය දක්වා කිලෝමීටර දොළසක් පමණ වන කඳු බෑවුම හඳුන්වන්නේ ලංකාවේ දක්ෂිණ වේදිකාව වශයෙනි. පසුගිය දා කැළණිය සරසවියේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා මේ ප්‍රදේශයේ වෙසෙසි ගවේෂණයක් ආරම්භ කොට එහි තොරතුරු ජනමාධ්‍යන් වෙත අනාවරණය කර තිබුණි. එහිදී හෙළිවූයේ කතුහලය දනවන ප්‍රවෘත්ති කීපයකි. මහින්දාගමනයට ප්‍රථම ලංකාවේ ජනයා බුදු දහම ට නැඹුරුව සිටියායයි යන්නට තිබෙන සාක්ෂි කීපයක් මේ ගවේශණයේ දී සොයා ගෙන තිබුණි. ඉන් එකක් නම් කිරිමකුල්ගොල්ලේ ගල් ලෙනක තිබී යක්ෂ ගෝත්‍රිකයෙකු විසින් කෙටවූ සෙල් ලිපියක් හමු වීමයි.  මේ ලිපියේ  ප්‍රධාන පාඨයට යටින් තිබූ යගස නම් නාමය මගින් අප ඒ මානයට කැඳවා ගෙන යයි.

                      කූරගල පර්වතය හිටුවන්ගල පර්වතය බෙල්ලන් ගල ආදී තැන් පිළිබඳ තිබෙන ජනප්‍රවාදයන් බොහොමයකි. 1971 වර්ෂයේ පළවූ රසවාහිනී සඟරාවක මේ කූරගල ගැන අපූරු සඳහන් කීපයක් තිබූ බව මතකයි. එච්.ජී. විජේදාස මහතා තමයි එහි ලේඛකයා.  ඔහු විසින් කූරගලට යොදන්නේ දිවා ගුහාව යනුවෙනි.ඔහු එම මතය සනාථ කරන්නේ මෙහෙමයි.

                    සමන්ත කූඨයත් කතරගමත් යා කරන රේඛාවේ රාවණා ගේ නගරය ඇතැයි දෛවඥ කාමධේනුවේ සඳහන්ය.ඔබ ඒදෙක යාකරන්න. රාවණා ගේ නගරය උඩින් වටෙන රේඛාවෙන් ලෝකය අර්ධ ගෝල දෙකකට බෙදෙන බව එහි ඇත.

අස්ති ලංඛකති විඛ්‍යානා -රාජධානි සුරතු විෂා

හර්තුස්සා මධ්‍ය රෙඛායං-සතලස්‍ය ජලස්‍ය ච

ශෛව සීමා භවෙන් භතොර් -දක්ෂිනෝත්තර ගෝලයො

තතත්‍ර විෂුවත් මධ්‍යච්ඡායා ස්‍යාත් ගෝලයොත්තර

 දැන් අපි අනික් රේඛාව අඳිමු. අක්ෂ භාග හය සහ හත ඔබගේ ලංකා සිතියමේ ඇත. හයහමාර අඳින්න. රේඛා දෙක එකට එකතු වන තැන කූරගල පර්වතය පෙනේ. සමන්ත කූඨයේ සිට එතැනට සැතපුම් 27 කි. එතැන සිට කතරගමට 33 කි. කැළණියට හැත්තෑවකි.නාගද්වීපයට 240 කි. දීඝවාපියට 70 කි. මහියංගනයට 44 කි. දැන් ඔබ දිවා ගුහාව සොයා අවසානයි. සිංහල රටේ උකුලේ රාවණා ගේ නගරය ඇතැයි මීට වර්ෂ හාරදහසකට කලින් ලිවූ ගරුඬ පුරාණය පෙන්වයි. සමනොළ කන්දේ උකුලේ භගවා ලෙන ඇති බව සමන්ත කූඨ වර්ණනාව කියයි.

තතොරහන්තා පගනත්වා සුගතෙ භගාමී

තස්මිං නිතම්බේ               ගිරිගබ්භාරයං

දිවා විහාරය                     නිසදි යත්ථා

සුපාකං තංභගවා ගුහාති( ඒ ගුහාව භගවා ගුහාව නමින් සුප්‍රකටය)

        භූගෝල විද්‍යා පාඩමේ බලංගොඩ ප්‍රදේශයට කියන්නේ දක්ෂිණ වේදිකාව කියායි. එසේත් නැතිනම් ඇද හෝ පුටුවයි. මේ ඇඳ කූරගල පර්වතයේ කොටා තිබේ. අඩි 5000 ක් උස ලෝකාන්තයේ බිත්තිය පුටුවේ ඇන්දය. ඉදිරියට දුවන බළංගොඩතැන්න ඉඳගන්න කොටසයි. අඩි 200 ක් ගැඹුරු දක්ෂිණ ප්‍රාකාරය නම් වූ මේ කඳු පෙළ පුටුවේ පා කකුල්ය. අඩි 500 ක්උස මහවලතැන්න පාපුටුවයි. දැන් මේ පුටවේ වාඩිවී රන් කරඬුවක් උකුලට ගන්න. අන්න ඒ කරඬුව කූරගලයි. ඒ ඇතුලේ භගවා ලෙන තිබේ.අනුරාධපුර සිට පොත් ලිවූ අය භගවා ලෙන ගැන කිසිත් නොදත්හ. දඹදෙණියේ සිටි අය ආරංචි මාත්‍රයෙන් ටිකක් දත්හ. සපරගමුවේ අය හොඳින් දැන සිටියහ. පූජාවලියේ භගවාලෙන සමනොළ බෝවිටේ නොව පා බිමේය. වේදේහ හිමි හරියටම කීහ. කැටකිරිලි සංදේශ කතුවරයා අත් දික්කර කූරගලට භගවාලෙන යයි කීහ.     

         කූරගල පර්වතයට පාමුළින් තිබෙන්නේ බුදුගලයි. බෙල්ලන්ගල රක්ෂිතයේ සිට කටුපත් ඔය දක්වා දිවෙන මහ කැලෑවේ මහත් හාස්කම් ඇතැයි පැරණි ගැමියන් පළකරන මතය දෙසට ද මදක් හැරී බලමු. මීට දශක ගණනාවකට ප්‍රථම එක් පුද්ගයෙක් කැලේ අතර මං විය. ඔහු ගමට එන පාර සොයා කැලය පීරද්දි. ගල් ලෙනක් හමු විය. එහි ඇතුළට ගිය ඔහු මහත් සේ විශ්මයට පත් විය. ඇතුලාන්තය පහන් නොමැතිවම ආලෝක වී තිබුණි. එහි තැන්පත් කර ඇති බුදු පිළිමය මගින් නිකුත්කළ කාන්තියෙන් ඔහු වශිකෘතවිය. මේ ආරංචිය ගමට  කීමට ඔහුට අස්වැසිල්ලක් නොවුණි. එහෙත් ගමට පැමිණ ආපසු තමන් අතරමං ව සිටි ඉසව්වට ගිය පසු එවැනි ලෙනක සළකුණක් වත් නොවීය. තන්ජන්තැන්නේ මංගර දේවාලයේ උපසාක මහතා දරන්නේද එම අදහසයි. ඔහුට කීප වරක් ම සිහිනෙන් භගවා ලෙන පෙනී තිබේ.  දැනට කූරගල පර්වත මස්තකයේ තිබෙන කටාරම් කොටූ ගල් ලෙන නොව සමන් දෙවියන්ගේ භගවා ලෙන ගුප්ත ස්ථානයක සැඟවී තිබෙන බව ඔහුගේ මතයයි. මහාචාර්ය රාජ් සෝම දේව මහතා ටැම් කැටිය අසල ගල්ලෙනක තිබී  දේව නාමය තිබෙන සෙල් ලිපිදෙකක් සොයා ගත්තේය. එහි සඳහන් වන්නේ අශදේව ගේ පුතා වන ශීතදේව විසින් භික්ෂු සංඝයා උදෙසා පූජා කරන ලද පටිබණ කුටියක් පිළිබඳවයි.

          බුදුන් වහන්සේ  පළමුවරට ලංකාවට වැඩි ගමනේදී සමනොල සිරසට පිවිස එහි සිරිපා පත්ම පිහිටුවා පසුව සමන් දෙවියන් ගේ දේවස්ථානයේ දිවා විහරණය කළ බවට තිබෙන සඳහන අනුව මහින්දාගමනයට ප්‍රථම බුදුදහම පැතිරෙන්නට අවශ්‍ය පසුබිම සකස්ව තිබූ බව පෙනේ. සපරගමුවේ විසූ දේව නාමය දරන ප්‍රභූ වරුන් බුදු දහම තේරුම් ගෙන කටයුතු කළ බවට තිබෙන හොඳම සාක්ෂිය මේ ගල් ලෙන් සමූහයයි. ඒ අවස්ථාවේ දී යක්ෂ ගොත්‍රිකයන් කීප පළක්ම බුදුදහමට ආකර්ෂණය වූ බවට තිබෙන සාක්ෂිය නම් කිරිමකුලු ගොල්ල සෙල් ලිපියයි.

          එච්.ජේ. විජේදාස මහතා කූරගල අතීතය ගැන කියන්නේ කුමක්දැයි මීළඟට බලමු. ක්‍රි .පූ. දහදාහේ සිට ආර්යයෝ තුන් වරක් දඹදිවට ආහ. ඉන් පළමුවැනි හා දෙවැනි වාරවල ආ අය අක්‍රමණිකයන් වශයෙන් තනිව ආ නිසා ස්වදේශික කාන්තාවන් සරණපාවා ගෙන අසුරයෝ වූහ. තුන්වැනි වර එළු බැටළු සතුන් දක්කාගෙන පවුල් පිටන් ආ නිසා අමිශ්‍ර ආර්යයෝ හෙවත් ශුද්ධ ආර්යයෝ  හෙවත් දෙවියෝ වූහ. අශෝකයන්ගේ රූප නාථ මස්කි සහ බ්‍රහ්මගිරි යන ශිලා ලිපිවල දඹදිව අමිශ්‍රව සිටි දෙවියෝ මාගේ කාලය කුළ මිශ්‍ර වූහ යි කී  තැන හා දේවානංපිය යන තැන ද බුදු රජා ණන් වහන්සේ දක්නට රාත්‍රියේ දෙවියන් ආ බවද කියන තැනද දෙවියන් කීවේ මේ ශුද්ධ ආර්යයන්ටය. ලංකාවට වූයේත් මේ ටිකමය. බුද්ධ පූර්ව හත්දහස් පන්සියය පමණ විෂ්ණු ආර්යයෝ දකුණ බලා ගොඩ බිමින් විත් ලෝකය අවසන් වූ විට දෙවුන්දරට ගොඩ බැස අයිරාට මකුට මරා රාජ්‍යය ගත්තෝය. ඊට දෙදහස් පන්සියකට පසු චන්ද්‍ර වංශික ස්ක්න්ධ ආර්යයයෝ ඒ පාර දිගේ විත් දෙවුන්දර සිටි තාරක මරා රාජ්‍ය ගත්තෝය. කතරගම දේවාලය ඇති විය. මේ අක්‍රමණයේ දී උතුරට පැනගත් විශ්ණු ආර්යයෝ කූරගල පදිංචි විය. මේ දිවා ගුහාවේ පටන් ගැන්මයි. මේ පරපුරේ අගස්ති පුලස්ති රාවණාදී මහ බල සම්පන්න විද්‍යාඥයන් සිටියෙන් ඊට සප්ත සෘෂි පරම්පරාව යයි කියති. හිමාලයේ ලෝක මහා වෛද්‍ය සම්මේලනයට ලංකාව වෙනුවෙන් සාභාගි වූ පුලස්ති සෘෂීවරයාගේ රූපය වෙද පොතක් සමග ඔහුගේ නගරයේ ඇත්තේය. ඊට දෙදහස් පන්සියයකට පසු සීතා කැඳවා ගෙන යෑමට රාම ලක්ෂමණ සොහොයුරෝ කුමර කුමරියන් පිරිවරාගෙන පැමිණියහ. කූරගල ගුහාව අසලදී ක්‍රි.පූ. 2386 දී ලෝකයේ මේ තාක් ඇති වූ අති භයානක යුද්ධය ඇති විය. ලක්ෂමණ කුමාරයා රාවණා මරා රාම සීතා යුවළ ගෙදර යවා කූරගල පදිංචි විය. ඔවුහු අමිශ්‍ර ශුද්ධ ආර්යයෝ හෙවත් දෙවියෝ විය. බොල්තුඹේ සහ සපරගමුවේ ලක්ෂමණ දේවාල ඇති විය.

           රාවණා යුගය සහ සමන් දෙවියන් පිළිබඳව එච්.ජේ. විජේදාස මහතා දරන අදහස අනුව කූරගල බුදුගල යනු ඉතිහාසයේ යුග කීපයක් නියෝජනය කරන ස්ථානයකි.එහෙත් කැටකිරිලි සංදේශ කතුවරයා  පවසන්නේ දිවා ගුහාව යනු සමනල පාබිමේ තිබෙන බවයි. එහි තිබෙන පැදිවල ඒ බැව් සඳහන්ය.

අඟවා සුමන සුරිඳුට වැඩිය මුනි සඳ-               දිගවා දහස් මෙහොතක් විසූ තද

සඟවා සියලු ලෙව් සතකරන බුදු පුද -බගවා ලෙන මෙ තතු දැක වඩිනේ සබඳ

මේ සංදේශ කාව්‍ය අනුව  පරදෙහි මල තැන්න බගවා ලෙන සීත ගඟුල යනුවෙන් මාර්ග විස්තරය දක්වා ඇත. නමුත් සමන්ත කූට වණ්ණනාවේ එය සඳහන් කර ඇති ආකාරය මදක් විමර්ශනය කළ යුතු යයි සිතමි. එහි ඇති. 784 ගාථාවේ තහංතහංකංසු දිවා විහාරං යන්නෙන් පේළියක් ඇත. තන්හි තන්හි දිවා විහාරණය කලාය යන්න එහි අදහස බව පූජ්‍ය වෑගම පියරතන හිමිසඳුන්ගේ අදහසයි. එය තවත් සනාථ කරන ලෙසට 516 ගාථාව ලියැවී ඇත. දිවා විහරණයෙන් පසු රෝහණ දේශයට වැඩම කල බව එහි දැක්වෙයි. කූරගලද එකල රෝහණ දේශයට අයත්ය.

        සමන්ත කූට වණණනාවේ යක්ෂයන් ගැන සඳහන්  වන පැදි දෙකකි. මිහින්තලය  ලක්ගල හා ලොක්ගල කරඹගල ( ගිරිභණ්ඩක ) යක්දෙස්සා ගල දිඹුලාගල රිටිගල මෙන්ම කූරගල ද(තණ්ඩුල්‍යෙය) ද මෙකී යක්ෂයන්ගේ වාසභූමි ලෙසට දැක් වේ. එම තැන් වෙසෙසින්ම ගිරි යනුවෙන් දැක්වීමද වෙසෙසියාවකි. කූරගල අවට ඇත්තේ සඳගිරියයි. තණ්ඩුල්‍යෙය යනු වී සුලභ පර්වතය යන අදහස තිබෙන බව පණ්ඩිත කිරි ඇල්ලේ ඥානවිමල නා හිමියන් පවසා ඇත. කාලයක් තිස්සේ අළුත් සහල මංගල්ලය කරවූ තැනක් වශයෙන් කූරගල අදත් ප්‍රකටය. එම නිසා සමන්තකූට වණණනාවේ සඳහන් ලෙසට බුදුන් වහන්සේ රෝහණය බලා යන ගමනේදී දිවා විහරණයට මෙහි මදක් නැවතී සිටි යායැයිද සිතන්නට පිළිවන.බුදුගල තිබෙන අලේඛ්‍ය චිත්‍රය මගින් එය තවත් සනාථ වේ. එහි ගුවන් යානයක් බඳු චායාරූපයක් ද තිබේ.බුදුන් වහන්සේ අහසින් වැඩම කිරීම එහි දැක්වෙන්නේ යයිද මතයකි.ඒ අතර ලංකාවතර සූත්‍රය දේශනා කළ ස්ථානය ලංකා පබ්බතය යනුවෙන් දක්වා සිටීමක් ද ඇත. මලය පර්වතයේ තිනිකොණ කඳු මුදුනක පිහිටි එම රාවණා ගේ නගරයට වැඩම කොට එම සූත්‍රය දේශනා කළ බව එහි දක්වා තිබේ. මේ ලංකා පබ්බතය යනු කූරගලයි.එහෙත් රවණා ගේ රාජධානි කාලය බුද්ධ උප්පත්තියට බොහෝ කලිනි. එසේ නම් බුද්ධ දේශනාවට එතුමා සවන් දුන්නේ කෙසේද . සැබවින්ම රාවණා රජු දේවත්වයට පත්ව ඒ අවස්ථාවට දෙවියෙකු වශයෙන් සම්බන්ධ වන්නට ඇතැයි යන අදහස මතු කළ හැකිය. සමන් දෙවියන්ට සමන් බොක්සැල් යන නාමය භාවිතා වන්නේ එතුමා ගේ නිවාසස්ථානය කූරගල බුදුගල වූ බැවිනි.මේ  පෙදෙස බුදුන් වහන්සේට පූජා කිරීම නිසා භුක්තශෛලය විය. පසුව එය බුදුගල වශයෙන් සිංහල ජන වහරට එකතු විය. ඒ අනුව නිගමනය කළ හැක්කේ සුමන් සමන් දෙවියන් ගේ මූලිකත්වයෙන් මෙම පෙදෙසේ බෞද්ධ ප්‍රබෝධය ව්‍යප්තව තිබූ බවයි.

                 දැනට කර ඇති ගවේෂණයන් තුළද පුරා විද්‍යාත්මක කැණීම් මගින්ද මේ යුගයන් පිළිබඳව යම් කිසි නිගමන කීපයක්ට අපට එළඹිය හැකිය. කූරගල දී හමු වූ මානව ඇට සැකිල්ල මීට වසර අටදහසක ට පමණ එපිට දිවි ගෙවූ මිනිසෙකුගේය.ඔහුගේ මානව ජාන සම්මිශ්‍රණය වර්තමාන මිනිසාට සමීපය. යම් කිසි ජනප්‍රවාද ගත අදහසක් ඇතිව මෙම කැණීම කරන ලද්දේ නම් විජේදාස මහතා සඳහන් කළ යුගය සත්‍යයක් දැයි සෙවීමට අසීරු නොවන්නේය. වත්මන් පුරාවිද්‍යාඥයන් අතර එවැනි ඉලක්කයන් සහිත කණ්ඩායම් සිටින්නේ නම් ඒ ඉතා අල්ප වශයෙනි. මහාචාර්ය රාජ් සෝමදේව මහතා එසේ නොවේ. ඔහු ජන ප්‍රවාදයන් ඉව කර බලමින් තමන්ගේ ශාස්ත්‍රීය අභිමතාර්ථයන් සොයා දීර්ඝ ගමනක් යන්නෙකි. කූරගල බුදුගල දියවින්න ගවේෂණයේ දී සොයා ගත් සෙල් ලිපි වල විශේෂතා රාශියක් මේ කණ්ඩායම විසින් ගෙන හැරදක්වා ඇත. එකක් නම් අනුරාධපුරයේ භාවිතා වූ නාමයන්ට වඩා වෙනස් නාමයන් මෙහි යොදා ගෙන තිබීමයි. අනෙක නම් ගල් ලෙන් වල කටාරම් කෙටවීම සම්බන්ධව දරන මතයයි. සාමාන්‍ය මතය නම් මහින්දාගමනයෙන් පසුව පැමිණි ශිල්පීන් ගේ අභාෂයෙන් කටාරම් කෙටීම ඇරඹි බවයි. එහෙත් පැරණියන් යකඩ භාවිතා කර ඇත්තේ බොහෝ ඈත පටන්ය. හල්දුම්මුල්ල ප්‍රදේශයේ සමනල වැවට යටවූ කලාපයේ  මෙන්ම කූරගල අවට තන්ජන්තැන්නේද යකඩ උදුන් රැසක් සම්මුඛ වී තිබේ. වානේ තාක්ෂණයේ ආවේණික ලක්ෂණයන් එහිදී මතුව ඇත. එවිට යකඩ හා බැඳුණු ගල් ඔප මට්ටම තාක්ෂණයක් මෙහි තිබෙන්නට ඇතිය යන නිගමනයන් මතු වේ.

         එතෙරවා කෝරළය යනු හල්දුම්මුල්ලත් කොස්ගමත් අතර ප්‍රදේශයයයි. එහි තිබෙන ආහාර සංස්කෘතියේ එක් විශේෂයක් වන්නේ කිරවාන ගල් උයමනයි. ගල් මොලොක් කොට තුනපහ අඩු වැඩිය යොදමින් කරන මේ උයමනෙන් තේරුම් ගත යුත්තේ ගල් මොළොක් කිරීම පිණිස යම්කිසි තාක්ෂණයක් භාවිතා කළ බවයි. ගල් කටුව මගින් ගලේ කටාරම් පාදා ගන්නේ වුවද යම් කිසි මොළොක් බවක් තුළ ගල් කටුව භාවිතා කිරීම ලෙහෙසිය. පහසුය. එම නිසා පැරණි යක්ෂ ගෝත්‍රිකන් විසින් තමන්ටම ආවේණික ආකාරයට කටාරම් තාක්ෂණය දියුණු කරගන්නට  ඇතැයි යන අනුමානය අප සිත්තුළ මතු වේ. කූරගල පාමුල තිබෙන කටාරම් කෙටූ නමුත් කඩා වැටී ඇති ගල් ලෙන් සමූහය විසින් අපට කියා දෙන්නේ මෙහි මනුෂ්‍ය ස්පර්ශයේ පැරණි බවයි. රාවණා ඇතුළු සප්ත සෘෂි පරම්පරාවේ අය බවුන් වැඩූ මේ ගල් ලෙන් වලින් එකක් කුහරේ ගල නොහොත් කූරගල තිබේ. ඒ තපස් පිළයි.  මින් ආරම්භ වන උමගක් ද ඇත. බුදුන් වහන්සේ ගේ ලංකා ගමනයෙන් පසු ලංකා පබ්බත විහාරය ආරම්භව එහි ආසන්නයේ ඇති ගල් ලෙන් සමූහය පූජා කළ බව පිළිගන්නට සිදුව තිබේ.


     වත්මන් ලෝකයේ අප දකින භෞතික සම්පත් ආශ්‍රයෙන් ස්පර්ශ වන්නා වූ හැඟීමට වඩා සහමුලින් වෙනස් වූ   ආලෝකයක් රාවණා යුගයේ දී අත්දකින්නට ඇතැයි අපගේ විශ්වාසයයි. වර්තමානයේ මෙන්ම ඒ යුගයද ජාත්‍යන්තර වශයෙන් එකිනෙක ලන්ව පිහිටි බිහිසුණු යුද්ධ හා ගැටීම් වලට ලක් වූ කාලයකි. බලවත් දේශයන් විසින් මුදහරින යම් සංස්කෘතක මහා සම්ප්‍රදායන් කුඩා රටවල් මගින් පිළිගන්නටද පිළිපදින්නට වන න්‍යායය එහිදීද ක්‍රියාත්මකව ඇතැයි සිතන්නට ඉඩ තිබේ.මහාචාර්ය සෝම දේව මහතා විසින් නිරීක්ෂණය කරනු ලැබූ හල්දුම්මුල්ලේ මිනිස් රූපයද එවැන්නකි. එකල සමස්ත ලේකය තුළම මෙවැනි රූප ගොඩනැන්වීමේ කලාවක් ඇතිව තිබුණි. ෙපාලිෙන්සියානු දූපත්( ester island ) රටවල මේ රූප අදත් දක්නට ඇත. එය විසින් දක්වන මහා සම්ප්‍රදායික ලක්ෂණ අප මවිතයට පත් කරවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ යුගය රාවණා යුගයට අයත් යයි සිතීමට ඇති ඉඩ කඩ බොහෝය. ලංකාවේ මලය කඳුකරයෙන් ඇරඹි ගිරි රාජධානිය තුළ රාවණා වංශිකයන් විසින් ගොඩනන්වා තිබූ මහා සභ්‍යත්වය මගින් පසු කාලයේ දී එය ගිරි වංශය දක්වා විකාශනය වී ප්‍රබල වන්නට ඇත.  කූරගලට එදා දක්වා තිබූ සඳගිරි නාමය මගින් මෙය සනාථ වේ.  බෙල්ලන්ගලට පහළින් දර්ශනය වන කූරගල ශිඛරය  සඳක් මෙන් වෙයි. මේ සඳ ගිරියේ විසූ යක්ෂ ගෝත්‍රික සමාජය දේව ගොත්‍රිකයන් විසින් යටපත් කර ගොඩ නැන්වූ රාජධානිය ද හඳගිරිය වන්නට තිබෙන ඉඩකඩ බොහෝය. අනුරාධපුර යුගයේ දී බෝධි රෝපණ උළෙලට පැමිණි ක්ෂත්‍රියන් වන්නේ සඳගිරි වාසීන්ය. එකල එය හඳුන්වා දී තිබෙන්නේ චන්දන ග්‍රාම යනුවෙනි. කෝට්ටේ රාජධානිය තුළදී මේ චන්දන ග්‍රාමය තන්ජම විය. ඒ අනුව සලකා බලන කල්හි රාවණා යුගයේ පටන් විකාශනයව පැවතී සමන් දෙවියන් ගේ අඩවියක් බවට පත්ව බුද්ධ පාද ස්පර්ශයෙන් පූජනීයට පත්ව තිබෙන සපරගමුවේ මහා සභ්‍යත්වය අනුරාධපුරයට දෙවනි වන්නේ නොවේ.

Wednesday, July 9, 2014

බෙන්තර ගඟ අයිනේ අරාබි කොළණියක්


 

 


                ජෛව විවිධත්වය අතින් ඉහළ පරිසර පද්ධතියකට හිමිකම් කියන බෙන්තර ගඟ අළුත්ගමට නුදුරු කළුවාමෝදරින් මුහුදට වැටේ. බෙන්තර ගඟ නිසා මේ මෝය කට අසල ගම්මානයට බෙන්තර නොහොත් බෙන්තොට යයි නමක් පුරාණයේ සිට පැවත පැමිණේ. බෙන්තර ගඟ වසරකට වරක්වත් පිටාර යයි. 'බෙන්තර නැන්දගෙ දූවරු හින්දයි දෙගොඩ දෙකෝරළෙ යට වන්නේ' යයි ජන කවියා පවසන්නේ එහෙයිනි.එයට හේතුව එයට එකතු වන අතුගංඟාවන් ගෙන් ගලා එන මහා ජලකඳයි. මුහුදු මට්ටමට වඩා අඩු කලපු ප්‍රදේශයක් වන බැවින් නිරන්තරයෙන් කරදිය ගැලීමකටද ලක් වේ. දින පතා දෙවරක් පමණ වඩ දියට හා බාදියට අසුවන බැවින් කරදිය ගැලීමේ රටාවක් ඇත. ගඟ දෙදියට හැරෙන්නේ යයි පැරණියන් කියන්නේ කරදිය හා මිරිදිය මිශ්‍ර වූ විටයි. නමුත් ගංවතුර පිටාරයට මේ කරදිය වලාව ගසා ගෙන යයි. ඒ නිසා නිරිත දිග මෝසම් සුළඟින් වර්ෂාව ඇද හැලෙන සමයේ මේ බෙන්තර ගඟ නිම්නයේ වී වගා කරන්නට පැරණි සිංහලයන් පුරුදු වී සිටියහ. මුදලි වී කහරමනා ආදී පාරම්පරික වී වර්ග මෙහි වගා කළ බව තතු දත්තන් පවසති. 1932 වසරේ බෙන්තර ගඟ අයිනේ කරදිය ගැලීමට ප්‍රතිකර්මයක් වශයෙන් රජය කරදිය ගේට්ටු සවි කළහ. නමුත් ඒවා සාර්ථක නොවීය.   මුදාහරින ගං වතුරාවට කරදිය හේදී යන වග නොදත් ඉංජිනේරුවන් මේ වෙල් යායන් වල කරදිය පොකුණු ඇති කළහ. එහි ප්‍රතිඵලය වූයේ කරදියට යටවූ කුඹුරු විනාශයට පත් වීමයි. පවත්නා තත්ත්වය නිවරදිව විමර්ශනය නොකළ බලධාරීන් කරදියට ඔරොත්තු දෙන වී වර්ග ඉන්දියාවේ ට්‍රැවන්කෝරයෙන් ගෙන්වා දීමට කටයුතු කළහ. ඉන් එක් වර්ගයක් නම් පොක්කාලි වී ප්‍රභේදයයි. එසේම මේ පළාතට ගැලපෙන වී අභිජනනය කිරීමට බෙන්තොට වී පර්යේෂණායතනයද පිහිටවනු ලැබීය. නමුත් සිදු වූයේ මේ පැලැස්තර කිසිවකින් ඵල ප්‍රයෝජනයක් නොලැබීමයි.දශක කීපයක් ඇතුලත අක්කර පහලොස්දාහක් පමණ කුඹුරු යායක් පුරන් වීමකට ලක් විය. වරින් වර මේ කුඹුරු අස්වැද්දීමකට ලක් වුවද එම වැඩපිළවෙලද තිරසාර නොවීය. මහා පරාක්‍රමබාහු අවදියේ දී අස්වද්දන ලද මේ වෙල් යාය දෙවනි පරාක්‍රමබාහු රජු විසින් බෙන්තොට ගලපාත විහාරයට පූජා කරන්නට යෙදුණු බව ඉතිහාසයේ සඳහන්ය.

                කොළම නගරය දකුණට පුළුල් කිරීමේ යෝජනාව මත මෙම වෙල්යාය ගොඩ කොට ගුවන් තොටුපළක් සෑදීමේ යෝජනාවක් අනූව දහකයේ දී පැණ නැග්ගේය. එයට මුල් වූයේ මතුගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව සිටි අනිල් මුණසිංහයි. මහා විශාල හැල් ප්‍රදේශයක් වූ කුඹුරු ගොඩකිරීම මෙන්ම එම පිටාර තැනිතලාවේ පරිසරපද්ධතියට හානි කිරීමට ජනතාව විරුද්ධ වූයෙන් ගුවන් තොටුපළ යෝජනාව වීරවිලට ගියේය. අද එය මත්තල ඉඳිකර තිබේ. කෙසේ වෙතත් මෙම වෙල් යායේ පාරම්පරික උරුම කරුවන් අද ගම හැරදා ගොසින්ය. සිටින වයසක ඇත්තන්ද කුඹුරු වැඩ පිළිබඳව හයි හත්තියකින් නැත. ප්‍රදේශයේ සිටි විශාල මී ගව පට්ටි කාදියවත්තට මසට දක්කා ගෙන ගොසින්ය. ඉතින් වෙල් යායක් අස්වද්දන්නේ කෙසේද. දර්ගා නගරයේ සහ ගඟෙන් එගොඩ තුන්දූවේ මරක්කලයන් මේ ඉඩම් වලට ඇස් ගහන්නට පටන් ගෙන තිබෙන්නේ මෙ මෑතක පටන්ය. ඔවුහු පළමුව මීගම සිටින සිංහල තැරැව්කරුවෙකු ට මුදල් හදල් දී කාරණයට නම්මා ගත්හ. ඉන්පසු ඔහු ලවා ගමේ තරුණයන්ට මුදල් ගෙවා තව තවත් ළං කර ගත්හ.අනතුරුව ගමේ දන්සැලට මෙන්ම අවුරුදු උත්සවයට විය පැහැදම් කොට තරුණ පිරිසද ගමේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේද නම්මා ගන්නට උත්සාහ කළහ. බෙන්තර ගඟ අයිනේ ලෙසර් වර්ලඩ් නම් ඩිස්නි ලන්තයක් නිර්මාණය කිරීමද ඒ මගින් ගමේ තරුණයන්ට රැකියා රාශියක් ලබා දෙන බවට දුන් පොරොන්දුව මත ගමේ සිටි එක් කුඹුරු අයිතිකරුවෙකු සිය අක්කර දෙකක් පමණ වූ පුරන් වූ කුඹුර රුපියල් හැත්තෑ පන්දහසකට මුස්ලිම් තැරැව් කරුවාට විකුණ දැමීය. මේ කුඹුර දක්නට තිබෙන්නේ වැලිපැන්න ගඟ බෙන්තර ගඟට හාවෙන තොල්ල ආසන්නයේමය. එයින් එගොඩ තුන් දූවයි. එය වර්තමානය වන විට සහමුලින්ම මරක්කල ගමකි. මින් පසු එකා දෙන්නා තම කුඹුරු කැබලි විකුණන්නට පටන් ගත්හ. අක්කර තිහක පමණ ප්‍රමාණයක් එලෙස මිළදී ගන්නට ඔවුන් සමත් වී ඇත. මොවුන් ගේ බලාපොරොත්තුව වී තිබුණේ අක්කර සියයක් පමණ මිලදී ගෙන එහි මිලේනියම් සිටි මෙන් වූ තට්ටු නගරයක් ගොඩ නැන්වීමයි. එයට ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හයිය ද අරාබියේ ආයෝජනයන්ද ලැබෙන බවට විශ්වාසයක් විය. තුන් දූවත් මීගමත් යාකර ගත් පසු ඉතිරිවූ පුරන් කඹූරු කීපයත් මිළදී ගෙන මරක්කල කොළණි ඉඳි කිරීම ඊළඟ සැලසුම වන්නට  ඉඩ ඇත. මෙම කුඹුරු ගොඩ කිරීම නීතියෙන් තහනම් බැවින් එයට අවශ්‍ය නීතිමය ඉඩකඩ අවසරයන් ලබා ගැන්මට  මෙම ප්‍රදේශය අයත් වලගෙදර ගොවි ජන සේවා මධ්‍යස්ථානයට මුස්ලිම් ජන වර්ගයට අයත් ප්‍රාදේශිය නිළධාරියෙක්ද මාරු කර එවීමට තරම් මොවුහු සූක්ෂම විය. නමුත් ගමේ සෑහෙන පිරිසක් වඩා දැනුවත් භාවයකින් තොර වුවද මෙම ව්‍යාපෘතියට එරෙහි විය. ඔවුහ  මතුගම ශසනාරක්ෂක මණ්ඩලයේ ලේකම් හාමුදුරුවන් වහන්සේට මේ පිළිබඳව දැන්වූහ. අනතුරුව උන්වහන්සේ විසින් මේ පිළිබඳව ඉහළට දැනුම් දීමෙන් පසු ගොවිජනසේවා ප්‍රාදේශිය නිළධාරියා මාරු කර යැවීමට කටයුතු කර ඇත.  දර්ගානගරයේ  ඇතිවූ කෝලාහලයෙන් පසු කම්පිත වූ කුඹුරු හිමියන් තම ඉඩම් විකුණ දැමීම නතර කර තිබේ. එහෙත් ඒ කී කාලයකටදැයි දන්නේ දෙවියන් පමණකි. එක්සත් කමක් ජාතික හැඟිමක් නොමැති සිංහලයන් තම ජාතිය පාවා දෙන්නේ මේ ලෙසයි. තවත් දර්ගානගරයක් බිහිවන තෙක් ඔබ බලා සිටිනවාද

 

Sunday, June 29, 2014

මුස්ලිම් කෝලාහලයන්ට පදනම් වූ හේතු නොසලකා හැරීම


                         


            පසුගියදා දර්ගා නගරයේ ඇති වූ ගැටුම පිළිබඳව විමර්ශනය කරන්නෙකුට නිතැතින්ම සිහිපත් වන්නේ  විසිවන සියවස මුල් භාගයේ දී ඇති වූ සිංහල මරක්කල කෝලාහලයයි. ඉන් වසර සියයක් ගතවූ විටද එම ස්වරූපයෙන්ම සිංහල මුස්ලිම් ගැටුමක් ඇතිවීම සැබවින්ම අවාසනාවන්ත තත්ත්වයකි. එම කෝලාහලයන්ට තුඩු දුන් හේතු නොසලකා හැරීම මීට පසුබිම් වන බව පැහැදිලිය.

             ඊ.බී. ඩෙන්හැම් නැමැති බ්‍රිතාන්‍ය සිවිල් සේවා නිලධාරියා එක්දහස් නවසිය එකොළහ වසරේ පවත්වන ලද ජන සංගණනය පිළිබඳව වැදගත් වාර්තාවක් විසින් පළකර ඇත.    මෙම වාර්තාව ප‍්‍රසිද්ධියට පත්ව   2014 වසරට වසර එකසිය දෙකක් ගත වෙයි. මෙහි අඩංගු ඇතැම් කරුණු අතර ලංකාවේ මුස්ලිම් ජනතාව අරභයා තබා ඇති සංඛ්‍යා ලේඛන වර්තමානයට ඉතා වැදගත් වෙයි.

                   ලංකාවේ ජීවත් වෙන මුස්ලිම් ජනතාව එක් පිරිසක් නොවේ . ඔවුහූ එකම ලබ්ධියක සිටියද ජන වර්ග වශයෙන් විවිධය. ඩෙන්හැම් මහතා දක්වන පරිදි ලාංකික මුස්ලිම් ජන කණ්ඩායම් නොහොත් අරාබි මුස්ලිම් ප්‍රජාව සිංහල රජවරුන්ගෙන් රාජකාරි ලැබ මෙහි පදිංචි වූවන්ය. පෘතුගීසීන්ගෙන් හිරිහැරයට පාත‍්‍රව සිටි දකුණු ඉන්දීය මරක්කලයින් ඉන් ගලවා ගැනීම් වස් නැගෙනහිර  පළාතේ ඉඩම් ලබා දී රාජකාරියට යටත්ව සංස්කාතියට එකතු වන ලෙසට පොරොන්දුවක් ද ලබා දී පදිංචි කරන ලද්දන් ද   මීට අයත්ය.    1911 වන විට ඔවුන් ගේ ජන සංඛ්‍යාව 2,33,901 ක් විය. ඊට අමතරව මුහුදු බඩ මුස්ලිම් ප්‍රජාව ගණනින් 32,724ක් විය. මේ ජන වර්ගය උපතින් දෙමළ ගෝත‍්‍ර වලට අයත් වන අතර දකුණු ඉන්දියාවේ සහ ලංකාව අතර පුවක් සහ රෙදිපිළි වෙළදාමේ නියුක්තව සිටියහ. හම්බන් නම් යාත‍්‍රා විශේෂයක් භාවිතා කිරීම නිසා හම්බයෝ යන පොදු නමින් ඔවුන් හැඳින්වීය.

          මේ මුස්ලිම් ජන කොටස් වලට අමතරව මැලේ ජන වර්ගයද මුස්ලිම් ප‍්‍රජාවට අයත්ය.එසේම බටහිර ඉන්දියාවෙන් පැමිණි බෝරා වෙළෙන්දන්ද උගස් බඩු ගැනීමේ නියුක්තව සිටි අවකන් නොහොත් ඇෆ්ගන් වරු ද මුස්ලිම් ප‍්‍රජාව නියෝජනය කරයි. ඔවුහූ වැඩි වශයෙන් කොළඹ කේන්ද්‍ර කරගෙන ජීවත් වූ බව සඳහන් කර ඇත.

         ලංකා ව්‍යවස්ථාදායක සභාවේ සිංහල නියෝජිතයාව සිටි එස්. සී. ඔබේසේකර මහතා කෘෂිකර්ම බැංකු කමිටුව ඉදිරියේ දී තිබෙන සාක්ෂියකදී මෙම මුස්ලිම් ප‍්‍රජාව ගැන සඳහන් කර ඇත්තේ මෙසේය . සාමාන්‍යයෙන් ඔවුහු නිතරම අමුත්තන්ය. මිනිසුන්ට නිතරම හිරිහැර කරන්නන්ය. ඔවුන්ට මුදල් ටිකක් තිබේ. සාමාන්‍ය රට වැසියා ට එපමණකවත් නොමැති හෙයින් ඔවුහු අන්තිමේ දී රට වැසියාගේ ඉඩම් හිමියෝ වෙති. මෙහිදී එක් නිදර්ශනයක් පමණක් ඉදිරිපත් කරමි. එක්කෙනෙක් වී බුසලකින් ( බුසලක මිළ 1.50 කි.) රුපියල් දෙදාහක් පමණ ඉඩම් උපයා ගත්තේය. වී බුසල් දෙකක මිළ රපියල් දෙකයි පණහ දක්වා වැඩි කළේය. අන්තිමට රටේ මහත්තයා එය ගලවා ගත්තේ රපියල් දෙකයි පණහක් ගෙවීමෙනි.

        එකල මෙලෙස විශාල ඉඩම් ප‍්‍රමාණයක් විදේශීය මුස්ලිම් ප්‍රජාව සතු වූයේ මෙලෙස මුදල් ණයට දීමෙනි. දඹුල්ල ලේනව ප‍්‍රදේශයේ නිකවටවන නම් ගමක් වෙයි. මෙය දඹුලු විහාරයේ පිළිම වහන්සේලා වෙනුවෙන් පූජා කරන ලද්දකි. පිළිම වහන්සේගේ වැලමිට වෙනුවෙන් වැලමිටියාව ද නිකට වෙනුවෙන් නික වටවන ද පූජා කරන ලද බව කියති. යටත් විජිත යුගයේ දී මුදල් ගෙවා මෙම ගම රාජකාරියෙන් නිදහස් කර ගෙන ඇත. එම ගම් වාසී සිංහලයන් ට මුදල් නොතිබුණ අතර වෙළෙදාමේ යන මුස්ලිම් ජන කණ්ඩායම් මෙම ගම නැවතී තමන්ගේ තවලම් ලිහා ගස් වල බැඳ සිංහලයන් ගෙන් දර වතුර ඉල්ලා ගෙන උයා පිහා කා යන සිරිතක් තිබුණි. මුදල් නොමැති එක් රදළයෙකු මෙම මරක්කලයන්ගෙන් සල්ලි ණයට ගත්තේය. අවසානයේ ණය ගෙවා ගන්නට නොහැකි වූ රදළයා සිත් තැවුලෙන්ම ජිවිතක්ෂයට පත් විය. මුස්ලිම් වෙළෙන්දා මෙම රදළයාගේ ඉඩමත් ඔහුගේ භාර්යාවත් අත්පත් කර ගත්තේය.කන්තලේ අසල තඹලගමුවේ සිටි මරක්කලයන් සිංහලයන්ට නිතරම කරදරකාරී වූ පිරිසකි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කල්පේ කෝරළයට යාබදව තිබූ  බැවින් නතරම පරංගියාවාඩිය හොරොව්පතාන වැනි ගම් වලට පැමිණීම ඔවුන් ගේ සිරිත විය. අස්වනු කපා පාගන්නා සමයේ දී මේ මරක්කලයන් සමූහ වශයෙන් ගම් වලට පැමිණෙන්නේ කරත්තද රැගෙනයි. පරංගියාවාඩිය පරදෙහියාකඩ වැනි ගම්වලට පැමිණ සිංහලයන්ට පහරදී ඔවුන් එළවා දමනු ලබන අතර අනතුරුව වී බිහි වල තිබෙන වී  කරත්ත වල පටවා ගෙන ආපසු තඹලගමුවටම යති.  සෑම වර්ෂයකම මෙලෙස වී අස්වැන්න කොල්ලකෑමේ නියුතු ව සිටි මරක්කලයන් ගෙන් බේරීමට බැරි වූ විට සිංහලයන් එක් රැස් වී කතිකා කොට  තීරණයකට එළඹියහ. ඒ අනුව ගමට පැමිණි එක් දිනයකදී ඔවුන් වටකොට පහරදී ඝාතනය කිරීම කරන ලද්දේ වෙන කළ හැකි අන් දෙයක් නොවුණු බැවිනි.

              එකල කෘෂිකර්ම බංකු කමිටුව ආරම්භ කරන ලද්දේ මෙම ණය උගුලෙන් ජනතාව බේරා ගැනීම සඳහාය. රොබට් චාර්මස් ආණ්ඩුකාරයාගේ මූලිකත්වයෙන් පිහිටුනු ලැබූ සමූපකාර ණය දෙන සමිති ද අසරණ ගම් වැසියන් හෙටිටි රාළලාගෙන් බේරා ගැනීමට පිහිටුවනු ලැබූ ඒවාය. ආමන්ඩ් ද සූසා මහතා  මෙම මුස්ලිම් ප්‍රජාව ගැන සඳහන් කරන්නේ මෙලෙසය .

        ඔවුහු බොහෝ විට අශීලාචාර විය. මෙය යුදෙව්වන් තුළ දක්නට නොලැබුණු ගතියකි. ඔවුන් ඉන්දියාවේ මුහුදු බඩ පෙදෙසකින් පැමිණියේ වස්තු තණහාව නිසාය. ඔවුන් මහමත්වරුන් හෙයින් භාර්යාවන් කැටුව නොපැමිණියහ. මෙම පිරිස ගම් වලට පැමිණ ආරම්භ කළ කඩ වල හැම දෙයක් ම ඇත. මෙහිදී ඔවුහු සිංහල බෞද්ධ තරුණියන් සමග හාදකම් පවත්වමින් එක්කෝ ඔවුන් දූෂණය කළහ. නැතහොත් මුසලිම් ආගමට හරවා ගෙන අනියම් බිරියන් හැටියට තබා ගත්හ.

            1912 දී ආරම්භ වී 1915 වර්ෂය දක්වා ඇදී ගිය මරක්කල කෝලාහලයට පසුබිම් වනුයේ  මුහුදු බඩ මුස්ලිම් වරු නොහොත් හම්බයන්ය. ඔවුහු මරක්කලයන් ලෙසටද හැඳින්වූහ. ලංකා විශ්ව විද්‍යාලීය  ඉතිහාසය නම් ග‍්‍රන්ථයේ දී කේ. එම්. ද. සිල්වා මහතා මේ මරක්කලයන් ගැන විග‍්‍රහ කරනුයේ මෙසේය.

              ඔවූහු ස්වකීය වෙළඳ ජාවාරම් ආරක්‍ෂා කර ගැනීම සඳහා දැඩි ලෙස ක‍්‍රියා කලාහු පමණක් නොව ඔවුන්ගේ පුරවැසි අයිතිවාසිකම් තහවුරු කර ගැනීම පිණිසද ස්වදේශික මුස්ලිම් වරුන්ට වඩා සාහසික ලෙස ක‍්‍රියා කළහ. මොවුන්ගේ මේ අවිනීත භාවය හා අනෙක් ආගමික ජන කොටස් සතුව පවත්නා සාම්ප‍්‍රදායික පූජා විධි හා සිරිත් විරිත් ගැන නොතැකීම නිසා මෙවැනි අවධියෙක (1915) එනම් බුදු සමයෙහි පුනරුදයක් ඇති වේගන ගිය කලෙක ඔවුහු සිංහල බෞද්ධයන් සමඟ බරපතල ගැටුමකට වහල් වූහ. වසර අටසීයක් පමණ පැරණි ගම්පළ වලහගොඩ දේවාලයේ පෙරහැරට මුල් වරට 1907 වසරේ දී මුස්ලිම් ජනතාවගෙන් බාධාවක් එල්ල විය. දේවාලයට නුදුරින් තිබෙන මුස්ලිම් පල්ලියට දෙපැත්තේ යාර සීයක් පමණ දුරින් කණු දෙකක් පිහිටුවා ඒ අතර තුර තූර්ය වාදනය තහනමි කරලීම මෙම බාධාවයි.

           1912 දී නුවර දිසාපති වරයාව සිටි ජී. ඒ. සැක්සටන් මහතා සිංහල බෞද්ධයන් ගේ මෙම පෙරහැර පැවැත්වීමට බාධා වන පරිදි නීතියක් සම්මත කලේ මෙකී මරක්කල ජනතාවගේ ඉල්ලීම පරිදිය. ගම්පළ වලහගොඩ ඓතිහාසික දේවාලය ආසන්නයේ පිහිටා තිබූ මේ මරක්කල පල්ලිය ඉදිරිපසින් තූර්ය වාදන නොමැතිව පෙරහැර ගමන් කළ යුතු යැයි යන නියෝගය පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අවස්ථාවේදී ස්ථීර විය. ඉන් පසු උද්දාමයට පත් යටකී මරක්කලයන් දිවයිනේ විවිධ පෙදෙස් වල  පැවති උත්සව කඩා කප්පල් කිරීමට ඉංග‍්‍රීසි ආණ්ඩුවේ සහය ලබා ගත්හ.

           1915 මැයි මස 5 වන දාට යෙදී තිබූ වෙසක් උත්සවය සඳහා මහනුවර පැවති බැති ගී කරත්ත පෙරහැර කඩාකප්පල් කිරීම නිදසුනකි. බෞද්ධයන් මේ අවස්ථාවේදී දන්සල් පැවැත්වීම නිසා මුස්ලිම් කඩවල වෙළදාම නැති වී යන්නේ යැයි යන අදහස නගර සභාවේ නිළධාරීන් වෙත ඒත්තු ගැන්වීමට මුස්ලිම් නායකයන් උත්සාහ කළහ. මේ නිසා දන්සැල් පැවැත්වීමට නගර සභාවෙන් නිසි අවසරය නොලැබුණි. එසේම පොලීසිය විසින් කරත්ත පෙරහැරට බාධා කිරීම නිසා ඇති වූ කලබලය මහත් නොසන්සුන් තාවයක් බවට පත් විය. යුද්ධ නීතිය යටතේ දවස් සියයක් නම් ග‍්‍රන්ථය සකස් කළ ආමන්ඞ්ද සූසා මහතා 1915 මරක්කල කෝළාහලයට හේතු දක්වන්නේ බි‍්‍රතාන්‍ය රජයේ සහ නිලධාරීන්ගේ ඔලමොට්ටල කම් ගෙනහැර දැක්වීමෙනි.

               එහිදී කුරුණෑගල උසාවියේ පවරා තිබූ අංක 3649 දරණ නඩුව විභාග කළ ජී. ඩබ්. වුඩ්හවුස් මහතා මුස්ලිම් සිංහල දෙපක්ෂය සමගි කරලීමට බැරි වීම පිළිබඳව පොලීසිය හෙලා දැක්කේය .සමගි කරවීම වෙනුවට පොලිසිය කර තිබෙන්නේ නඩු යාමට දෙපක්ෂයම දිරි ගැන්වීමයයි ඔහු සඳහන් කළේය. 1915 දී බලවත් ජීවිත හානි වලට පසුබිම්  වූ මුස්ලිම් කෝලාහලයට ලංකා පොලිසියේ ප‍්‍රතිපත්තියෙහි පැහැදිලි දුර්වල කම හේතු වී ඇති බව ද හේ වැඩි දුරටත් ප‍්‍රකාශ කලේය.

             බෞද්ධයන් ගැටුම් වැලැක්වීමට උත්සාහ කරද්දීත් ඔවුන්ගේ අවංක භාවය පැහැදිලිව පෙනෙන්ට තිබියදීත් මුසලිම් අය ඕනෑකමින් පීඩාකාරී වූහ. බෞද්ධයනට පාඩමක් උගන්වන අටියෙන් පෙරහැරට විරුද්ධව මුස්ලිම් ජන කණ්ඩායම් පල්ලි ළගට රැස්වූහ. මෙම ගොඩනැගිල්ල පාඨශාලාවක් විනා පූජනීය ස්ථානයක් නොවන බව අවංකවම විශ්වාශ කළ බෞද්ධයන් ඔවුනට අභියෝගයක් වශයෙන් නොව සාමාන්‍ය පිළිවෙලකට අනුව ඒම ස්ථානය පසුකර ගියහ. මුස්ලිම් අය ඉල්ලා සිටි කෙණෙහිම ඔවුහු තූර්ය වාදනය නැවැත්වූහ. එහෙත් මුස්ලිම් ජනයා පෙරහැර විසිරුවා හැරීමට දැඩිව තීරණය කර ගෙන සිටි හෙයින් ඔවුහු පෙරහැර ට ගල්වලින් ගැසූහ. සමහරෙකුට පහර දුන්හ. පිළිමයට මඩ ගැසූහ.( යුද්ධ නීතිය යටතේ දවස් සියයක්)

          ජෝන් ඇන්ඩරසර්න් මහතා ආණ්ඩුකාරවරයා වශයෙන් පත්වී පැමිණි අලුතම ඔහු කළ කාර්යය නම් ගම්පළට ගොස් වලහගොඩ දේවාලයේ පෙරහැර සම්බන්ධ ප‍්‍රශ්ණය සමථයකට පත් කිරීමට උත්සාහ දැරීමයි. බෞද්ධයන් ගේ පුරාණ චාරිත‍්‍ර පැවැත්වීමට බාධා නොකරන ලෙසටත් ඔවුන්ගේ හැඟීම් අවිස්සෙන අයුරින් ක‍්‍රියා නොකරන ලෙසටත් මුස්ලිම් ප්‍රජාවගෙන් පොරොන්දුවක් ගත්හ. නමුත් 1915 වන විට තත්ත්වය බරපතල වී කෝලාහලයක් බවට ගැටුම පරිවර්තනය වූයේ ය. ඒ තත්ත්වය තුළ අප තේරුම්කර ගත යුත්තේ විදේශීය මූලයක් සහිත ජන කොටසකට අනවශ්‍ය ආකාරයකට වටිනාකම් ලබා දීමෙන් අසරණ ව සිටින සවදේශික ජන කොට්ඨාසය පීඩාවට පත් වන බවය.

           1981 වසරේදී පවත්වනු ලැබූ ජන සංගණනයේදී හෙළි වූ කරුණු අනුව සමස්ත මුස්ලිම් ජනගහනය සියයට 6.5 ක් වූ අතර 2001 දී එය සියයට 8.5 දක්වා වර්ධනය වී තිබුණු බවයි. ලංකාවේ දිස්ත‍්‍රික්ක අතරින් මුස්ලිම් ජනගහනයේ සීඝ‍්‍ර වර්ධනයක් පෙන්නුම් කරන්නේ පුත්තලම් දිස්ත‍්‍රික්කයේ ය. එය 1981-2001 වන විට සියයට 9.9 සිට 18.7 දක්වා වර්ධනය වී ඇත. කළුතර, ගම්පහ, නුවර, අනුරාධපුර, කෑගල්ල ආදී ප‍්‍රදේශ වල පිළිවෙලින් මේ ජනගහන වර්ධන වේගය දක්නට ඇත.ජන ගහන වර්ධන වේගයද සමග ලංකාවේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් බිහිබීමට පටන් ගෙන ඇත. තව්පික් ජමාත් වැනි සංවිධාන දහයක් පමණ මෙහි ක්‍රියාත්මක වන බව ආරක්ෂක අංශයන්ද දැනුම්වත් වී ඇත. ඒ අතර සංචාරක වීසා රැගෙන ලංකාවට පැමිණි ඇති පකිස්තාන අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් සෑම මුස්ලිම් ජන කිටුවකටම යමින් එමින් ඔවුන් ගේ මූලධර්මවාදී දේශන පවත්වති. දර්ගානගරයේ පසුගිය දා ඇති වූ නොසන්සුන්තාවයට හේතුව මෙලෙස මූලධර්මවාදී ලෙසට බල ගැන්වුණු පිරිස් බව පැහැදිලිය. සිංහලයන් අවුස්සා කෝලාහලයකට මුල පිරීම කුමන්ත්‍රණකාරී ලෙසට ආරම්භ කළ බවක් එහිදී දක්නට තිබුණි. ආවේගශීලී ඇතැම් සිංහල කොටස් විසින් පහර දෙනු ලැබූ විනාශ කරන ලද දේපල පිළිබඳව ඔවුහු කඩිනම් වාරතාවක් සැකසූහ. එසේම දර්ගානගරයේ සිද්දියට පැය විසි හතරක් යන්නටද කලියෙන් මුස්ලිම් අය නියෝජනය කරනු ලබන මානව හිමිකම් නියෝජිත පිරිසක් පොලිස් ස්ථානයන්ට යැවීමටද කටයුතු කළහ.ඒ අනුව සිංහල දේපළ වලට හා වැලිපැන්නේ බුදු මැදුරට පහර දුන් මුස්ලිම් අන්තවාදීන් අත් අඩංගුවට පත් වීම වැළකුණි. මුස්ලිම් නායකයන්  ගේ මැදිහත් වීම මත සකස් කරන ලද වාර්තාව දැනටමත් අන්තර්ජාතික මානව හිමිකම් නියෝජිතයන් අතට පත්වී ඇතිවා නිසැකය. මෙහිදී පොලිසිය කලේ මෙම වාර්තාව සැකසීමට අවශ්‍ය පහසුකම් ලබා දීමයි. ඔවුන් හිතාමතාම සිංහල තරුණයන් වැඩි පිරිසක් අත් අඩංගුවට පත් කරන ලද්දේ ද මුස්ලිම් අය අත් අඩංගුවට පත් නොකිරීමට ක්‍රියා කලේද මේ වාර්තාවට අවශ්‍ය කරුණු පෙළගැස්වීමටයි. ඒ අතින් බලන කල්හි ශ්‍රී ලංකා පොලීසිය පවත්නා රජයට එරෙහිව කටයතු කර තිබේ.

            වසර සියයකට පසුවද නැවතත් සිංහල මුස්ලිම් ගැටුමක් නිර්මාණය වන්නේ පාලකයන්ගේ හා පොලිස් නිළධාරීන්ගේ දුර්වලතාව නිසා බව දැන් පැහැදිලිය. මේ කිසිවෙක් සිංහල ජනතාව සතු පාරම්පරික අයිතියට ගරු නොකරති. රටේ එක් නීතියක් වෙනුවට ජාතිවාදී නීති මගින් ජනතාව බෙදා පාලනය කිරීමට සැලසුම් සකස් කරති. අගමික ගැටුම් නිර්මාණය වන්නේ මෙවැනි අමන තීන්දු තීරණයන් නිසාවෙනි. මුස්ලිම් ප‍්‍රජාව අතරද සාමකාමී සහජීවනයට කැමති පිරිසක්ද සිටියද  ආගමික සහජීවනය ඇතිනොවන්නේ සිංහල ජන සංස්කෘතියට ඇතුළත් කරගැනීමට තිබෙන එවැනි බාධාවන් නිසාවෙනි. දේශපාලන පක්ෂ වශයෙන් ද මෙම පිරිස තව තවත් ගෝත‍්‍රික කණ්ඩායම් බවට පත් වීමේ ප‍්‍රවණතාවයක් ද මෑත කාලීන ඉතිහාසය තුළ පෙන්වයි.ඒ මගින් ජාතිය එක්සත් වීමේ අවස්ථාවන් දුරස් ව යන අතර  මෙරට පාරම්පරික උරුමයන් ඇති සිංහලයින් ගේ අයිතිවාසිකම්  ද විනාශ වී යාමට හේතුවක් බවට පත් වී ඇත.  

Saturday, June 21, 2014

ආගමික ගැටුමක් හැදීමට අවශ්‍ය වන්නේ කා හටද


                                    

 

            සිංහල බෞද්ධයන් සතුව තිබෙන ඉවසීම මෛත්‍රිය කරුණාව ආදිය නිසාම ඔවුහු අද බෙහෙවින්ම පීඩාවට පත්ව සිටිති. ලෝකයේ සුළුතරයක් බැවින් මූල්ධර්මවාදී සංවිධාන විසින් ඔවුහු වටලෑමට යටත්ව සිටිති. පසුගිය කාලයේ දී ඇතිවූ ඊලාම් අක්‍රමණය පිටිපස සිටියේ ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ය. එම ආක්‍රමණය මර්දනය කිරීමට දේපළ  හා ජීවිත රාශියක් පූජා කිරීමට සිංහලයන්ට සිදු විය. යුධ හමුදාවට බැඳුණු සිංහල භටයන් විසිදහසක් පමණ යුද්ධයේදී මිය ගියේ මේ ආක්‍රමණය මර්දනය කිරීමටයි. එහෙත් මෙම ආක්‍රමණය ත්‍රස්තවාදයක් ලෙසට පමණක් දැකීම නිසා යළිත් එම ප්‍රශ්ණය විවිධ වේශයෙන් රට තුළ මතුව තිබේ. එකක් නම් දෙමළ ඩයස් පෝරාව විසින් ජාත්‍යන්තරය මත බලහත්කාරයෙන් පටවා ඇති ඊළාම් මතවාදය වෙතින් එන පිඩනයයි. අනෙක් නම් මුස්ලිම් මූලධර්මවාදීන් ගෙන් එන පීඩනයයි. පසුගිය පොසොන් පොහොය දින ධර්ගානගරයෙන් මතු වූයේ මුස්ලිම් මූලධර්මවාදීන් ගේ අක්‍රමණික ස්වභාවයයි.

         මීට වසර අනූනවයකට පළමු ගම්පළදී මතු වූ මුස්ලිම් මූලධර්මවාදයද එලෙසම රට තුළ ගිනිදැල් අවිලූවූයේය.සිංහල බෞද්ධයන් විසින් වාර්ෂිකව පැවැත්වු දන්සැල් නිසා මුස්ලිම් වෙළෙන්දන්ට වන හානිය මේ මූලධර්මවාදීන් විසින් එවක සිටි ඉංග්‍රීසි ආණ්ඩුවට ඉදිරිපත් කළහ. ඔවුන්ගේ පල්ලි ඉදිරියෙන් සිංහල බෞද්ධ පෙරහැර පැවත්වීමද බාධාවක් බව ප්‍රකාශ කළහ.  එවක ඉංග්‍රීසි ආණ්ඩුවේ පොලිස්පතිව සිටි ඩව්බිගින්  ඇතුළු පොලිස් හමුදාව මගින් දැඩි ලෙස සිංහලයන් මර්දනය කරමින් ඇතෙමෙක් යුද්ධාධිකරණය ඉදිරියට පමුණුවා ඝාතනය කළහ. මේ පුසුබිම යටතේ ඇතිවූ භීෂණය විසින් සිංහලයා සිය නිදහස් ව්‍යාපාර දෙසට තව තවත් තල්ලු කරන ලද බව ඉතිහාසය කියයි.

            අළුත්ගම ධර්ගා නගරය මුස්ලිම් අයගේ නගරයක් නොවේ. බෙන්තර ගඟේ තොටුපළ අසන්නයේ සිටි මුස්ලිම් වානිජයන් චීනවත්ත(චීන වෙලෙන්දන් ගැවසුණු තැන ) කාර්දියවත්ත(ගාර්දියවත්ත-security point ) අඹගහහන්දිය ආදී පෙදෙස් වලට කාලාන්තරයක් තිස්සේ පැතිරීමෙන් ඇතිවූ නගරයකි. මේ මුස්ලිම් අය තම ධන බලය නිසා කාලයක් තිස්සේ සිංහලයන් සතුව පැවැති දේපළ මිළදීගනිමින් මේ ව්‍යප්තිය සිදු කරන ලදහ. වර්තමානයේ දී පතිරාජගොඩ කුරුඳුවත්ත ආදී තැන්වල ඇති සිංහල ගම් වල හුදකලාව නිර්මාණය වන්නේ මේ ව්‍යාප්තියේ ප්‍රතිඵලයක් වශයෙනි. වසර සීයයක් ගත වන විට අද ධර්ගා නගරයේ සිංහලයෙකුට නිදහසේ තමන්ගේ ගමනක් පවා යෑමට නොහැකි තත්ත්වයක් උදාව ඇත.  කුරුදුවත්ත විහාරය ඉදිරිපසට ගවයෙකු ගෙනවුත්  මස් කර ගවයාගේ බෙල්ල සහ ශරීරයේ ඉතිරි කොටස් දමා යෑමට තරම් මුස්ලිම් අය සාහසික වූයේ මාසයකට පමණ ඉහතදීය. මේ පිළිබඳව අළුත්ගම පොලිසියට කරන ලද පැමිණිල්ල තව වෙනතුරු විභාගකර නොමැත. මේ අක්‍රමණය ඔඩු දීවීමේ ප්‍රතිඵලයක් වශයෙන් පොසොන් පොහෝ දා කුරුඳුවත්ත විහාරයේ පූජ්‍ය අයගම සමිත හිමියන්ට මුස්ලිම් මැරයන් විසි පහර දෙනු ලැබිණි. මුලින් මහ පාරේ දී ඇතිවූ ආරෝව සංසිඳුණු නමුත් පසුව පන්සලට වැඩමවන ස්වාමීන් වහන්සේ හඹා ගොස් පහර දීමට තරම් ඔවුහු සාහාසික වූ බව පැහැදිලිය.අළුත්ගම නගරයේ සිට කුරුඳුවත්ත විහාරයට යෑමට තිබෙන් මග වැටී ඇත්තේ ධර්ගානගරය හරහාය. අළුත්ගම බොදු සමුළුවෙන් පසුව උන්වහන්සේ  ඇරලවීමට ගිය දායකයන්ට හා රථ පෙළට චීන වත්ත පල්ලියේ සිටි මැරයන් පිරිස පහර දුන්හ. මවරලේ සුධම්ම ස්වාමීන් වහන්සේට සිහිසන් නැතිවන සේ පොල්කින් පහර දුන්හ.  එහෙත් පොලිසිය ක්‍රියාකලේ කිසිවක් නුදුටු ලෙසය.

         කාලයක සිට මුස්ලිම් ජන කොටස් මූලධර්මවාදී ලෙසට එක් රොක් ව සිටිති. ඔවුහු පල්ලි ආශ්‍රිතව අවි ආයුධ ද රැස් කරන බවට නොයෙකුත් සාක්ෂි ලැබී ඇත. පසුගිය දා ධර්ගා නගරයෙන් හමුවූ පෙට්රල් බෝම්බ 56 එක් උදාහරණයක් පමණි. නමුත් පොලිසිය උතසාහ දරන ලද්දේ මේ අවිආයුධ පෙන්වූ ස්වාමීන් වහන්සේ සමග ඡායාරූප ගත කෙට උන්වහන්සේට විරුද්ධව පැමිණිලි කරීමයි. නමුත් හමුදාවේ මැදිහත් වීම මත මේ නිහීන ක්‍රියාව වැලකී ගියේය. වැලිපැන්න බෞද්ධ මන්දිරයට පහරදීමට මුස්ලිම් අන්තවාදීන් පැමිණෙන විට පොලිසිය එතැන රැඳී සිට ඇත. නමුත් ඒ ක්‍රියාව නැවැත්වීමට පොලිසිය ක්‍රියා නොකළහ. ඔවුහු බෞද්ධ මන්දිරයට ද පහර දී සිංහල කඩ දාහතරකට පමණ ගිනි තබා ඇත.මුස්ලිම් අයට වෙනම ක්වාසි අධිකරණ විවාහ නීති ආදිය ගෙන ඒම නිසා සාම්ප්‍රදායික මුස්ලිම් සමාජයද පීඩිවට පත් සිටිති. ඔවුහු බෞද්ධ සංවිධාන වලට මේ දුක් ගැනවිලි රාශියක් යොමු කර ඇති බවද දැන ගන්නට ඇත.

          මෙවැනි තත්ත්වයක් උදා වූයේ ක්ෂණිකව නොවේ. අමාත්‍ය අශ්රෆ් මුස්ලිම් කොන්ග්‍රසය පිහිටුවා ඇති කරන ලද වර්ගවාදය ‍මෙහි ආරම්භයයි. දීඝවාපියේ කට්ටකාඩු ස්ථූපය ඩොසර්කිරීම තුළින් ලොවට පෙන්වූ මූලධර්මවාදය අද රවුෆ් හකීම් අමාත්‍යවරයාගේ මග පෙන්වීම යටතේ ආක්‍රමණයක් බවට පත් වෙමින් ඇත. වරාය අධිකරණය වැනි ප්‍රබල ආයතන වල මුස්ලිම් අන්තවාදීන් ස්ථාන ගත කිරීම මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ මුදල් වලින් ඇතැම් සිංහල ඇමතිවරුන් නඩත්තු කිරීම සිංහල ජන සමාජය සහ බෞද්ධ සංවිධාන තුළට සූක්ෂම අන්දමින් අන්තවාදීන්ගේ ඔත්තුකරුවන් ඇතුල් කිරීම මේ මූලධර්මවාදීන්ගේ අක්‍රමණික ස්වභාවයයි. ඒ තුළින් මුස්ලිම් අයගේ නීති විරෝධී ක්‍රියා අනුමත කරන මතයක්  දේශපාලන සමාජයෙහි ඇතිකර ඇත.මුස්ලිම් අයට විරුද්ධව ක්‍රියාකිරීමෙන් ජාත්‍යන්තර වශයෙන් මුස්ලිම් රටවලින් තෙල් නොලැබෙන බවටද උදව් උපකාර නොලැබෙන බවටද මතයක් සිංහල ජන සමාජයට කාන්දු කර ඇත.  මුස්ලිම් මූලධර්මාවාදීන්    විසින් ධර්ගානගරයේ සිද්දිය ඇති කරීමට හේතු වූයේද මේ තත්ත්වය තව දුරටත් තහවුරු කරලීම පිණිසයි. ප්‍රකෝප වූ සිංහලයන් විසින් කඩ කීපයක් ගිනි තැබීමෙන් පසු ඒ බව වහාම ජගත් මාධ්‍යජාලයන් ඔස්සේ ප්‍රකාශ කිරීමට මේ මූලධර්මවාදීන් ක්‍රියා කළහ. වැලිපැන්නේ දී කළ කඩ ගිනි තැබීමෙන් හානි වූයේ මුස්ලිම් අයට පමණක් යයි ඒත්තු ගැන්වීමට මානව හිමිකම් නීතිඥ තුන්පළක් වහාම එහි කැඳවූ ඔවුහු ඒ සිද්දිය ජාත්‍යන්තරයට වාර්තා කළහ. නෝලිමිට් වෙළෙඳ ව්‍යාපාර වල හදවත පවතින්නේ  කොළඹ වුවුද පානදුර නෝලිමිට් ආයතනයට ගිනි තබා ගෙන එයද සිංහලයන් විසින් කරන ලදැයි දැක්වීමට වහාම කටයුතු කළහ. මේ මුස්ලිම් වටලෑම ගැන බබා හුකුන් දක්වන ආණ්ඩුව පොලිස් නිළධාරින් යොදවා ඉතිරි නෝලිමිට් ශාඛා වලටද ආරක්ෂාව සැපයීමෙන් කලේ ජාත්‍යන්තරයට යෑමට අවශ්‍ය තවත් දෘෂ්‍ය කරුණු රාශියක් ලබා දීම පමණි.

     මේ ගැටුම් අවශ්‍ය වන්නේ කාහට දැයි තවමත් සිංහල ජන සමාජයේ බහුතරයක් තේරුම් ගෙන නොමැත. නවසිය පහළොවේ අත්දැකීම් ඔවුහු ඉතිහාසයට සීමා තොට තිබේ. දේශපාලන පොතේ මේ පිළිබඳ කිසිම හැදෑරීමක් නැත.මුස්ලිම් ගැටුමක් අවදි වූ විට ඒවා බෞද්ධ සංවිධාන වල ගිණුමට බැර කොට ප්‍රශ්ණය තාවකාලිකව වසා දැමීමෙන් මුස්ලිම් වැටලෑමට තව තවත් ශක්තීන් එකතු වී තිබේ.මුස්ලිම් මූධර්මවාදයේ අවසාන බලාපොරොත්තුව ලංකාව තවත් ඇෆ්ගිනස්ථානයක් කිරීමයි. ලංකාවේ දේශපාලකයන් මුදලට ගෙන රවටා පසුව ඔවුන් ඝාතනය කිරීම දක්වා මේ තත්ත්වය දුර දිග ගෙනයෑමේ බලාපොරෙත්තුවක් නොමැති විය නොහැකිය. වර්ෂ 1565 දී දකුණු ඉන්දියාවේ දී කලේ මේ ටිකයි. පෘතුගීසීන් ගෝව යටත් නොකරන්නට දකුණු ඉන්දියාවද ලංකාවද එදා මුස්ලිම් රටවල් වීමට හොඳටම ඉඩකඩ තිබුණි. යලිත් මේ මතුව තිබෙන්නේ ඒ මුස්ලිම් ආක්‍රමණය බව සක්සුදක් සේ පැහැදිලිය. එහි එක් පියවරක් වන ජාත්‍යන්තර වටලෑම ට අවශ්‍ය කරුණු රාශියක් ධර්ගා නගරයේ සිද්දිය විසින් ලබා දී තිබේ. වත්මන් රජය මේ භයානක අනතුර තෙරුම් ගෙන නොමැත. මුස්ලිම් දේශපාලනඥයන් හුරතල් කරන තරමට මේ වටලෑම සීඝ්‍රවන බව පැහැදිලිය. ඒ නිසා අප වහාම කළ යුත්තේ අන්තවාදී සංවිධාන වල නිරුවත හෙළිකිරීමට අවශ්‍ය මතවාදය සමාජය තුල නිර්මාණය කිරීමයි.

Wednesday, June 4, 2014

මහින්දාගමනයට ප්‍රථම බෞද්ධ සංස්කෘතිය සපරගමුවෙන් මතුවන ලකුණු


                     


 

               මහාවංශ ටීකාව  කියන්නේ පාළි මහා වංශය ගැන ලියැවුණු වර්ණනාවක් අටුවාවක්. බුදුන් වහන්සේ ලංකාවට තෙවරක් වැඩම කොට මෙහි සිටි යක්ෂ ගෝත්‍රිකයන් දමනය කළ බවටත් සමන් දෙවියන්ගේ ආරාධනයෙන් මහගිර නොහොත් සමනල කන්දේ ශ්‍රීපාදය සලකුණු කළ බවටත් මේ ටීකාවේ ඇති සඳහන ඉතා වැදගත්. එහෙම නම් එය සත්‍යයක් නම් බුදුදහම අවශෝෂණය කරගත් සංස්කෘතියක් පැවතිය යුතුයි. මෙතෙක් කලක් මේ ගැන විවිධ මති මතාන්තර තිබුණු අතර විජයාගමනයට පෙර සිටියේ ශිෂ්ඨාචාරවත් නොවූ රකුසන් පිරිසක් බව විද්වතුන් අතර පිළිගැන්මකට ලක්ව තිබුණා. ඉතිහාසඥයන් මේ කතාන්තරය වෙනස් කිරීමකට ලක් කලේ නැත. පුරාවිද්‍යාඥයන් මේ ප්‍රවාදයන් සනාථ කිරීමට ගියේද නැත. එම නිසා එම අඳුරු අතීතයට හිමිකම් කීමට ඊළාම් වාදීන්ද පසුබට වූයේ නැති බව කිව යුතුයි.

            මහාචාර්ය රාජ සෝමදේව මහතා කැළණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යාව පිළිබඳව මහාචාර්ය වරයාව සිටිමින් මේ මති මතාන්තර අධ්‍යනය කළ පුද්ගලයෙක්. ඔහු විසින් හල්දුම්මුල්ල ප්‍රදේශයේ රංචමඩම හුණුගලාගල වැනි ස්ථානයන්හි කළ කැණීම වල ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවේ  මානව ඉතිහාසය ක්‍රි.පූ. පන්දහස දක්වා ගෙන යන්නට දැන් හැකියාව ලැබී තිබෙන බව කිව හොත් එය නිවරදියි. හල්දුම්මුල්ලේ සිට පැතිර පවතින ලංකාවේ දක්ෂිණ වේදිකාව නොහොත් මලය කඳුකරයේ ආසනය මත පිහිටා තිබෙන කූරගලින්ද මේ හා සමාන තොරතුරු වාර්තාවන්නට පටන් ගත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් 2012 වර්ෂයේ කරන ලද කැණීම් වල ප්‍රතිඵලයක් වශයෙන්. මහාචාර්ය නිමල් පෙරේරා මහාතා ගේ අධීක්ෂණය යටතේ කරන ලද එම කැණීම් වල දත්ත අනුව කූරගලින් හමු වූ ඇට සැකිලි ක්‍රි.පූ. 8000- 10000 දක්වා කාල වකාවානුකට අයත් යැයි දැන් හෙළි වී අවසන්. එහෙම නම් මේ මානවයා කවුරුද ඔවුන්ගේ සංස්කෘතිය කුමක්ද.

       රාජ් සෝමදේව මහතා කූරගල අවට බුදුගල දියවින්න හා කිරි මකුල්ගොල්ල ප්‍රදේශ වල විධිමත් ගවේෂණයක් ආරම්භ කරන්නේ මේ ප්‍රශ්ණයට පිළිතුරක් සෙවීමේ අටියෙන්.ලංකාවේ කඳුකර මානවයා ගත කළ කෘෂිකාර්මික ජීවිතය හා ඔවුන්ගේ යකඩ භාවිතය පිළිබඳව සාක්ෂි තහවුරුව තිබුණද සංස්කෘතික පැවැත්ම ගැන මුල් වරට ඉඟියක් ලැබෙන්නේ හුණුගලාගලින්. මේ සංස්කෘතික පැවතුම් ගැන අපගේ ජනප්‍රවාද ගත තොරතුරුද බොහොමයි. රාම රාවණ යුද්ධය  මෙන්ම සීතා ගුලි සීතා ලූණූ ගැන කියවෙන ජන ශ්‍රැති ජන ප්‍රවාද ආදී ඉතිහාස ගතසාක්ෂි තිබුණද  ඒවායේ පූර්වාපර සන්ධි ගලපා පුරා විද්‍යාව අනුව සහතික කිරීම පුරා විද්‍යාඥෙයකු ගේ කාර්ය භාරයක්. සම්පත් හිඟකමත් මූල්‍ය අනුග්‍රහයක් නොලැබීමත් නිසා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව අකර්මණ්‍යව තිබෙන අවස්ථාවක පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය මෙයට මැදිහත් වීමෙන් පෙනී යන්නේ අවශ්‍ය නම් වුවමනාව තිබේ නම් අදාළ අරමුණට යා හැකි බවයි. මේ ගවේෂණයේ දී මතු වූ වැදගත්ම සිද්ධි කීපයක් සටහන්කර තැබීම අතාගතයට ඉතා වැදගත් වේ යයි සිතමි. එයට හේතුව ජනතාව ගේ විඥානයත් ශාස්ත්‍රීය වෑයමත් අතර සහසම්බන්ධතාවයක් ඇති වීමයි.

           ඓතිහාසික කූරගල පාමුළින් තිබෙන්නේ බුදුගලයි. බුදුගල ට නුදුරින් බෙල්ලන්ගල රක්ෂිතයේ සිට ඇරඹෙන වන ගහනය කටුපත් ඔය දක්වාම විහිදෙන්නක්. එක් පසෙකින් වලවේ ගඟත් අනෙක් පසින් කටුපත් ඔයත් අතර මේ පෙදෙස තුළ  මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා  මහාචාර්ය ශිරාන් දැරණියගල මහතා මෙන්ම පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන්  වහන්සේ ඇතුළු විද්වතුන් විසින් කරන ලද ගවේෂණ වලින් සටහන්කර තිබුණේ අනුරාධපුරයට සමකාලීන බෞද්ධ ශිෂ්ඨාචාරයක් මෙහි පැතිර තිබූ බවයි. සෝමදේව මහතා මේ මූලාශ්‍ර පමණක් පරිහරණය කිරීමෙන් නොනැවතී මේ කඳු වැටි පන්තිය තුළ පවතින සෑම ගල් ලෙනක් ගැනම අවධානය යොමු කරමින් ඉතා දුෂ්කර  සොයා බැලීමක් කලා. ඇතැම් විට දියවින්නේ දිය ඉනි ඇල්ලේ මහා බෑවුම් තරණය කරමින්ද කිරි මකුල් ගොල්ලේ ගල්ලෙන්වල අඩි හැටක් පමණ එල්ලයේ පවතින සෙල් ලිපි පිටපත් කරමින්ද කරන ලද ගවේෂණය මගින් ලංකාවේ ඉතිහාස ගමන් මග යම් කිසි හැරවුම් ලක්ෂයකට පත් වන්නේ කෙසේ දැයි මී ළඟට සාකච්ඡා කරමු.

              සපරගමුවේ ලෙන්ලිපි ගැන පළමුවෙන් සටහන් වන්නේ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහාතා සංස්කරණය කරන ලද සෙල්ලිපි සංග්‍රහයේ පළමුවැනි වෙලුම තුළයි.  නමුත් ඒවායේ ඇතැම් ස්පර්ශලාංඡන ඉදිරිපත් වී තිබුනේ නැත. ඇතැම් ඒවා අසම්පූර්ණ ලෙසට සටහන් කර තිබුණි. රාජ් සෝමදේව මහතාගේ අරමුණ වූයේ ගල් ලෙන් වල පවතින සෑම ලිපියක්ම පිටපත් කරමින් එහි පිහිටීම ස්ථානීය අක්ෂාංස දේශාංස ආදිය නිවරදිව දැක්වීමයි. ඒ අනුව සෙල් ලිපි දහසයක් පමණ දැනට පිටපත් කොට අවසන්. මෙතෙක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පිටපත් නොකළ බුදුගල ලිපියත් එහි වැදි චිත්‍රයත් ඊට ඇතුළත්. මේ ලිපි අතරින් දිය වින්නේ ලිපිය කලින් දක්වා තිබුණද සපර්ශ ලාංඡනයක් නොවීය.මෙහිදී  එය නිවරදිව සටහන් විය. එසේම  දියවින්නට නුදුරු කිරිමකුල්ගොල්ලේ සෙල් ලිපි හයක් පමණ පිටපත් කරන්නටද ඒවායේ නිවරදි මානයන් හෙළි කරගන්නට ද සමත් විය. කිරි මකුල්ගොල්ලේ ලෙන් ලිපි අතර ඉතා වැදගත් ලිපි කීපයක් වෙයි. අඩි හැටක් පමණ ඉහළින් කටාරම් කොටා ඇති බැවින් එහි තිබෙන ලිපිය දැක්මට ලැබෙන්නේ ආයාසයෙන් විමසුවහොත් පමණකි. ඉතා උස පර්වත භිත්තියේ තිබූ ලිපිය පිටපත් කරන්නට මේ කණ්ඩායමට දිනතුනක්  ගත විය. එයට හේතුව  පලංචි සවි කරලීමට දුෂකර වෙහෙසක් දැරීමට සිදු වීමයි. කෙසේ වෙතත් පලංචිය උඩ නැග අකුරු අතර තිබූ පෙඳ පාසි සුද්ද කරන විට අපූරු සටහනක් දක්නට හැකි විය. ඒ ප්‍රධාන ලිපියට අමතරව කෙටවූවක් විය. එහි සඳහන්ව තිබුණේ යගස යන නාමයයි. මෙවැනි අත්සනක් ලංකාවේ වෙනත් කිසිදු ලිපියක  මෙතෙක් දක්නට ලැබී නොමැත. මෙම අත්සන යක්ෂ ගෝත්‍රික නායකයෙකු ගේ විය හැකි යයි පූජ්‍ය මානෑවේ විමලරතන හිමියන් පවසන බවද සටහන් කර තැබිය යුතුය.

        මේ සොයා ගැනීම ගැන සඳහන් කරන මහාචර්ය රාජ් සෝමදේව මහතා පවසන්නේ මෙයයි. මහින්දාගමනය සිදු වී රහතුන් වහන්සේලා උදෙසා ගල්ලෙන් පූජාව ඇරඹුණා යයි අප සිතන්නේ නම්  ගල්ලෙන් සකස් කිරීම පිළිබඳ තාක්ෂණය සපරගමුව වැනි ඈත පළාතකට පැතිරෙන්නට දිගු කලක් ගත විය යුතුයි. එහෙත්  මිහින්තලයේ  ගල්ලෙන් පූජාවන්ට නොදෙවනි ලෙසට සපරගමුවේ  කල්තොට නිම්නයේ දක්නට ලැබෙන ගල්ලෙන් පූජාවන් අප විස්මයට පත් කරවනවා. මෙහි ලිපි වල තිබෙන පුද්ගල නාම දුර්ලභයි.  කටාරම් කෙටවීමේ තාක්ෂණය වලවේ නිම්නයේ සිටි ජනතාව හොඳින් ප්‍රගුණ කර යොදා ගත්තක්. දියවින්න ගල්ගේ  තුළ කළ කැණිමකින් ගලින් කළ වළන් හමුවූ බව මීට කලින්  ආචාර්ය දැරණියගල මහතා සටහන් කර තිබෙනවා. යගස නම් අත්සන් නාමය ගැන ඉදිරියේ දී අපට හෙළිකරන්නට හැකිවේවි. මෙය නිසැකවම බුද්ධකාලය ට අයත් සංස්කෘතියක සුවිශේෂී පිහිටීමක් විය හැකියි. බුදුගල පවතින චිත්‍ර සටහන මෑතකදී කල්තොටින් හමුවූ පිළිමය මේ සංස්කෘතිය විදහා දක්වන්නක්.

Tuesday, May 13, 2014

සන්ධාන රජයේ කර ඇඹීමට සුදුසුම කාලයයි


                                     

           
         
                                         වර්තමාන ජාතික බලවේගයන්හි ක්‍රියාකාරිත්වයෙන් පැණ නැගුණු මහජන ඒකමිතිය නිසා ප්‍රභාකරන් මූලික කරගත් ඊලාම් මෙහෙයුම සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සන්ධාන රජයට හැකි විය. වෙනත් කිසිම ජන නායකයෙකුට නොලැබුණු ජන වරමක් මහින්ද රාජපක්ෂ මහතාට හිමි වූයේ මේ උදාර කටයුත්තට නායකත්වය සැපයූ නිසයි. ලංකාව ඒකීය රටක් වශයෙන් පිළිගැනෙන කොන්දේසිය පමණක් එදා සන්ධාන රජය ඉදිරියේ තබන ලද බව කවුරුත් දන්නා කරුණකි. මේ කොන්දේසිය මත පළාත් සභාවන්ද කලකදී අහෝසි විය යුතුව තිබුණි. එහෙත් එය එසේ වූයේ නැත. ඊට හේතුව යුද්ධයෙන් පසුව උතුරු හා නැගෙනහිර පෙදෙස් වල සිදු කරන ලද අත්තොනෝමතික දේශපාලන ක්‍රියාකලාපයයි. වර්ෂ 1818 සිටම සිංහල ජනතාවට සිදු වූ ඓතිහාසික අසාධාරණයන් එමට ය. එහෙත් ඒ කිසිවක් නොසලකා සන්ධාන රජය බලයට පත් කිරීමට කැපවූ සිංහලයන්ට ප්‍රමුඛත්වය නොදී නැවත දෙමළ මුස්ලිම් ජන කොටස් වලට පමණක් මුල් තැන ලබා දීම නිසා පළාත් සභා අහෝසි කිරීම වෙනුවට ඊලාම් මතවාදය පෝෂණය කරන උතුරු පළාත් සභාවක් ස්ථාපිත විය.මෙම පියවරට තල්ලුවීමට සන්ධාන රජයේ තකතීරුකම් රාශියක් ඉවහල් වූ බව පිළිගන්නට සිදුව ඇත. වර්තමානය වන විට උතුරු පළාත් සභාවේ මහ ඇමති විග්නේශ්වරන් මහතා ලක්රජයද ඉක්මවා යමින් ජාත්‍යන්තර ප්‍රජාව වෙත නැඹුරුව සිය ඊලාම් බෙදුම්වාදය ක්‍රියාත්මක කරන තැනකට තල්ලු වී තිබෙන්නේ මේ රජයේ අමන මරිකම් හේතු කොට ගෙනයි.

           ලංකාවේ සිංහල බෞද්ධ ජනතාව ඓතිහාසික වශයෙන් ක්‍රමයෙන් බෙලහීන කරනු ලැබූ පිරිසකි. ඔවුනට එරෙහිව බ්‍රිතාන්‍යයන් විසින් වරින් වර දෙමල මුස්ලිම් ජන කොටස් යොදවා ගත්   බවට සාක්ෂි ඇත. එසේම ක්‍රිස්තියානි අභිලාශයන් උදෙසා බෞද්ධයන්ගේ උරුම හිමිකම් විනාශකරන ලද ආකාරය ඉතිහාසයෙන්ම සොයා ගත හැකි ය. 1948 වර්ෂයේදී නිදහස ලැබීමෙන් පසුව මෙම ඓතිහාසික වැරදි නිවරදි කරන රජයක් කෙරෙහි මෙරට වැසි බහුතර සිංහල ජනතාව අපේක්ෂාවෙන් පසු වූහ. 1956 දී බණ්ඩාරනායක රජය කෙරෙහි යම් කිසි විශ්වාසයක් තැබූවේ යම් සේ ද සිරිමා බණ්ඩාරනායක මැතිණිය ගේ රජය කෙරෙහිද එවන් විශ්වාසයක් විය. කොටි පැරදවීමට ක්‍රියාකළ මහින්ද රාජපක්ෂ මහතාගේ රජය කෙරෙහි ද පවතින විශ්වාසය තවමත් සහමුලින්ම අවසන් වී නොමැත. එහෙත් මේ කිසිවක් නොසලකන තත්ත්වයකට අද රජය පත්ව තිබේ.

            සිංහල ජනතාව සතු උරුම හිමිකම් වලට පාළු ගෙයි වළන් බිඳින්නන් ලෙසට පහරදීම සාමාන්‍ය දෙයක් බවට පත් ඇත. ඒ සඳහා අවශ්‍ය තනතුරු වාසුදේව නානායක්කාර රවුෆ්හකීම් ඩිලාන් පෙරේරා දි.මු.ජයරත්න රාජිත් සේනාරත්න වැනි දේශපාලන නායකයන්ට ලබා දී තිබේ.මෙවර වෙසක් උත්සව සමයේ දී ගම්පළ සහීරා විදුහලේ කළ වෙසක් සැරසිලි ඉවත් කිරීමට එහි විදුහල්පතිවරයා කටයුතු කර තිබුණි. එයට විරෝධය පෑ ප්‍රදේශයේ සිංහල ජනතාවට එරෙහිව කටයුතු කර තිබුණේ බුද්ධ ශසන ඇමති දි.මු.ජයරත්න මහතායි. මේ ආකාරයට සිංහල භාෂාව අවලංගු කාසියක් බවට පත් කිරීමට ද ක්‍රියාත්මක වෙමින් ඇත. සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රීත්වය සිංහල දරුවන්ට උගන්වන අතර ඉංග්‍රීසි බස ප්‍රධාන රාජ්‍ය භාෂාව බවට පත් කිරීමද දෙමළ හා ඉංග්‍රීසි  භාෂා පමණක් දෙමළ ළමුන්ට ඉගැන්වීමෙන් තව දුරටත් සිංහල භාෂාව උතරු හා නැගෙනහිර පළාත් වලින් ඉවත් කිරීමට කටයුතු කිරීමද ක්‍රමානුකූලව සිදු වේ. බෞද්ධ හිමිකම් අවසන් කළ හැකිවන මුස්ලිම් නීති ස්ථාපිත කිරීම අන්‍යාගමීකරණය සිදුකිරීම සිංහල ජනතාව සතුව තිබූ උතුරු පළාතේ ඉඩ කඩම් නීත්‍යනුකූල ලෙසටම දෙමළ ජනතාවට ලබා දීම. මේ අතරින් කීපයකි.

          සිංහල ජනතාවගේ ප්‍රෞඩ ඉතිහාසය හා සිද්ධස්ථාන ක්‍රමානුකූලව වැනසීම සඳහා ක්‍රියාකිරීමද මේ අතර වෙයි.  එවැනි ස්ථාන ගල් වලවල් සඳහා බදු දීම සංචාරයකයන් සඳහා අවශ්‍ය දුරචාරය නීති ගතකිරීම සන්ධාන රජය නොදැන කරනවා වන්නට බැරි ය.ගොනා හැරෙන්නේ පොල් පැළය කන්නට බවද වළන් කද බිඳීමටද මේ ගොනා වැඩි කලක් ගත නොකරන බවද අප සිහියට ගත යුතු ය. ඔවුන්ගේ ඉලක්කය සිංහල සංස්කෘතිය හා උරුමයයි. එදා බ්‍රිතාන්‍යයන්ටද කළ නොහැකි වූ මේ විනාශය කළු සුද්දන් වන වර්තමාන පාලකයන් අගේට කරනවා බලා ඇමරිකාව ඇතුළු බටහිර බලවතුන් සතුටු වන බව කිව යුතු ය.         බටහිරට අවශ්‍ය ලෙසට දිගේලි කරන ලද මෙම වෘෂභයා හීලෑ කර නොගතහොත් අපගේ විනාශය සිදු වීමට වැඩි කලක් ගත නොවනු ඇත. ඒ සඳහා සුදුසුම කාලය එළඹෙන ජනාධිපතිවරණයයි. විපක්ෂයෙන් සැලකිය යුතු චරිතයක් ඉදිරිපත්වීම ප්‍රශ්ණයක්ව පවතින අවස්ථාවක වුවද උතුරේ විග්නේශවරන් නමැති චරිතය ප්‍රබල තත්ත්වයක තිබෙන බව අප අමතක නොකල යුතු ය. එසේ හෙයින් ජාතික බලවේගයන්ට අවශ්‍ය ආකාරයට සන්ධාන රජය නම්මවා ගැනීමට මේ සුදුසුම කාලය බව පෙන්වා දිය හැකි ය.  ඒ පිණිස පහත සඳහන් කොන්දේසි ඉටු කරවා ගත යුතු ය. අවම වශයෙන්වත් එසේ නොකළහොත් සිංහල ජාතික ව්‍යාපාරයට යළි නැගිටිය නොහැකි වන ලෙසට මේ වෘෂභයා පහර දෙනවා නිසැක ය. එ නිසා මේ වෘෂභයාගේ කර ඇඹීම පිණිස මෙම යෝජනා  ජනතාව ඉදිරියේ තබා එයට වටිනාකමක් එක් කළ යුතු යයි සිතමි.

01/ සියලුම ජන කොටස් සඳහා එකම නීතියකින් කටයුතු කිරීම. එහිදී මුස්ලිම් නීති හා තේසවලාමෙයි නීති අහෝසි විය යුතු ය.

02/අන්‍යාගමීකරණ පණත සම්මත කිරීම.

03/ ගව ඝාතනය තහනම් කිරීම.

04/ ජන අනුපාතය අනුව උතුරු සහ නැගෙනහිර පළාත් වල සිංහලයන් පදිංචි කිරීම.

05/ ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයේ නියෝජනය සහිත උත්තරීතර උපදේශක සභාවක් පත් කිරීම.

06/ විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කිරීම. පාර්ලිමේන්තුවට වගකියන දශරාජධර්මය රකින තනතුරක් බවට පත් කිරීම. බුද්ධශාසනයේ පැවැත්ම හා අරක්ෂාව ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ වගකීමක් බවට පත් කිරීම.

07/ බුද්ධශාසනයෙහි ප්‍රමුඛතාවය පිළිබඳ ප්‍රතිපාදන ව්‍යවස්ථා ගත කිරීම.

08/ රීගේනින් ශ්‍රීලංකා ප්‍රතිපත්ති වලින් ඉවත් වීම.

09/ වසරක් ඇතුළත පළාත්සභා ව්‍යුහය අහෝසි කර ප්‍රාදේශීය සභාවලට බලය පැවරීම.

10/ වසර තුනක් ඇතුළත කෘෂිරසායන වස විස ඉවත් කොට පාරිසරික කෘෂිකර්මය ස්ථාපිත. කිරීම.

           සිංහලයන්ට සිදුවූ ඓතිහාසික අසාධාරණයන් ඉවත් කිරීමට  මෙම යෝජනා  සර්ව සම්පූර්ණ නොවේ. එහෙත් මුලින් ටිකක් ඉන්පසුව තවත් ටිකක් යන දෙමළ ජාතිවාදයේ උපක්‍රම ආදර්ශයට ගෙන දැනට පසු පස්සට තබන පය ඉදිරියටම තබමින් සිංහලබෞද්ධ උරුමයට නැවතත්  වටිනාකමක් එක් කර ගත යුතු ය. 2015 වසරට රටේ ස්වාධීනත්වය අහිමි වී වසර දෙසීයක් සපිරෙයි. මේ ගමන එම ස්වාධීනත්වය නැවත ලබා දීම සඳහා වූ මුලපිරීමකි.

Wednesday, May 7, 2014

1818 විමුක්ති අරගලය පරාජය වූයේ මරක්කල ඔත්තුකරුවන් නිසාවෙන් ද


                


                 මොනරවිල කැප්පෙටිපළ අදිකාරම්තුමා ඉංග්‍රීසීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූවේ එක්දහස් අටසිය දහඅටේ ඔක්තෝබර මස විසිඅට වන දා සත් කෝරළයේ පරවහගම වලව්වේදී ය. ඒ උඩරට කැරැල්ලට නායකත්වය දෙමින් බ්‍රිතාන්‍ය ආණ්ඩුවට එරෙහිව යාම නිසාවෙනි. 1815 වසරේ දී ඉංග්‍රීසි කිරීටයට රට භාරදුන් සිංහල රදළවරු පුරාණ සම්ප්‍රදායය අනුව ආණ්ඩුව පවතී යයි සිතූහ. නමුත් එය එසේ සිදු නොවී ය. දිනෙන් දින නිලමේ වරුන්ගේ බලතල අඩු වන්නට විය. එසේම බුද්ධශාසනයට හිමිව තිබූ ස්ථානය ක්‍රමයෙන් දුර්වල වන්නට විය. මෙයින් කෝපයට පත් භික්ෂූන් වහන්සේලා එක් වී නිලමේ වරුන් සංවිධානය කොට ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව රහසිගතව රැස් වූහ. මොනරවිල කැප්පෙටිපොළ අදිකාරම් තුමා ඒ වන විට ඉංග්‍රීසි ආණ්ඩුවට පක්ෂපාතීව සිට කැරැල්ල මඩින්නට පැමිණියද පසුව තම රට ජාතිය වෙනුවෙන් මේ අරගලයට නායකත්වය ලබා දුන්නේ ය.  ජාතියේ විමුක්තිය වෙනුවෙන් ඉදිරියට පැමිණි දේශප්‍රේමී ජනතාව ගේ මතය නිවරදි යයි කැප්පෙටිපොළ  අදිකාරම් තුමාද විශ්වාස කළ බව පෙනේ. 1817 දී ඇරඹි මේ උඩරට කැරැල්ල සැබවින්ම   කැරැල්ලක් නොව ජාතික විමුක්ති අරගලයක්ම වන්නේ මේ නිසා ය.

           බලගතු ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව ඇති කළ කැරැල්ලක් ලෙසට පෙණුනද මේ අරගලය සන්සිඳවීම ලෙහෙසි පහසු නොවී ය. ඊට ප්‍රබල හේතුවක් වූයේ කැප්පෙටිපොළ අදිකාරම් තුමා ගත් නායකත්වයයි. එහිදී භාවිතා කළ යුද්ධ උපක්‍රම ආදිය නිසා ඉංග්‍රීසි ආණ්ඩුව බියට පත් විය. ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් විසින් නිකුත් කළ ආඥා පත්‍ර වල මේ බව සඳහන්ව ඇත. සිංහල නායකයන් මැනවින් සංවිධානය වී අවි ආයුධ තනමින් යුද්ධයට මුහුණ දුන් ආකාරය ගැන සඳහන් කරන විලියම් ඔනීල් නම් නිලධාරියා දක්වන මේ අදහසින් ඒ බැව් තහවුරු වෙයි.´ අද පස්වරු තුනට පමණ පිලිමතලව්වේ සහ කැප්පෙටිපොළ අල්ලා ගත්බව ඔබ තුමන්ට සැළ කල හැකි වීම ප්‍රීතියකි. අද අලුයම හතරට පමණ පුලියන්කුලමෙන් පිටත්ව ගම් හතරක් ඉක්ම ගමන් කිරීමෙන් පසු ගස් රුප්පාවක වූ ඔවුන්ගේ මුරපොල හමු විය.ඉන් පසු මම මුලු භට පිරිස සමග හැකි තරම් නිශ්ශබ්දව කුඹුරු හරහා ගොස් අප උත්සාහයේ පරමාර්ථය ඉෂට කරගත් බව කීමට කැමැත්තෙමි. ඔවුන්ගේ අනුචරයෝ හැම දෙන ම විශිෂ්ට යුද්ධායුධ කම්මල් විස්සක් හා යුද්ධොපකරණ රාශියක් හැරදමා පළා ගියෝය.මේ යුද්ධොපකරණ විනාශ කරනු ලැබේ. කුඩා ගෙන්දගම් මල්ලක් හා යුද්ධායුධ මම ගෙන එන්නෙමි. කැප්පෙටිපොළ පිළිමතලව්වේට එක් වූයේ අද් උදේ බවත් දුම්බරින් පිටත් වූයේ විසි දිනකට පෙර බවත් කියයි.`

             කැප්පෙටිපොළ අල්ලා ගැනීමේ දී ජනතාවගේ සහාය අපේක්ෂා කර ඇත. එහෙත් සිංහල ජනතාවගෙන් ඊට අනුග්‍රහයක් ලැබී නොමැත. කැප්පෙටිපොළ සිටින තැනක් පිළිබඳව ඔත්තුවක් ලබා දුන් කෙනෙකුට ත්‍යාගයන් ලබා දීම ප්‍රකාශයට පත් කලෙන් ඒ මත බලාපොරොත්තු තැබීමට සිදු විය. මේ අවදියේ දී ඉන්දියානු මරක්කලයන්ට විශේෂ වර ප්‍රසාද අයත්ව තිබුණි. 1818 මාර්තු මස 02 දින රොබට් බ්‍රවුන්රිග් ආණුඩකාරවරයා වෙනුවෙන් ජෝ ලුසිනන් ලේකම්වරයා විසන් නිකුත් කරන ලද ආඥා පත්‍රය මගින් මේ වරප්‍රසාද පිරි නමා ඇත. බ්‍රිතාන්‍ය රජයට තිබෙන පක්ෂපාති කමට සහ ලැදියාවට ප්‍රති උපකාර වශයෙන් කන්ද උඩරට පළාත්වල සිටින මරක්කලයන්ට විශේෂයක් කොට සළකන ලද්දේ විය. උඩරට සිංහල ප්‍රධානීන් ගේ බලතල සීමාවෙන් ඔවුන් ඉවත් කර  මරක්කලයන් වෙනුවෙන් නීතිය ක්‍රියා කිරීම ඉංග්‍රීසි නිළධාරීන්ට පවරන ලදහ.මෙතෙක් මඩිගේ දෙපාර්තමේන්තුව යටතේ සිටි මොහොමදිය වරු ද මෙලෙස ඉංග්‍රීසි නිලධාරීන් ගේ බලතල සීමාවට පමණක් යටත් කරන ලදහ.

            ලන්දේසීන් විසින් රටින් පන්නා ගන්නට උත්සාහ කොට තිබූ මේ මරක්කල ජන සමූහය මුහුදු බඩ වෙළෙදාමෙන් වැඩි කොටසක් අත්පත් කර ගෙන් තිබුණි. පුත්තලම වැනි පෙදෙස් වල ඉඩකඩම්ද සන්තක කර ගෙන තිබුණි. නමුත් ඔවුන්ට ලන්දෙසීන් ගෙන් නම් විසුමක් නොවීය. එහෙත් වර්ෂ 1796 දී ඕලන්දයන්ට ලංකාව හැර දමා යෑමට කරුණු සිදු වූයෙන් මේ බල පෑම තවදුරුටත් කළ නොහැකි විය.

          ඉංග්‍රීසි ආණ්ඩුවේ නිලධාරීන් චාටුවෙන් වසඟකරගත් මේ මරක්කලයන් ඔවුන්ගේ විශ්වාසය දින ගැන්මට වැඩි කලක් ගත නොකළේ ය. ඌව වෙල්ලස්ස මුහන්දිරම් තනතුරකට හජ්ජි නම් මරක්කලයෙකු පත් කිරීමට ඉංග්‍රීසි ආණ්ඩුව ගත් තීරණය සිංහලයන් කුපිත කරවන්නක් විය. මේ හජ්ජි මුහන්දිරම් ලවා ඔත්තු බැලවීමටත් ඒව වාර්තා කරගැනීමටත් නිළධාරීන්ගේ බලාපොරොත්තුව විය. හජ්ජි එය අකුරටම ඉටු කළේ ය. නමුත් ඔහු වෙල්ලස්සේ පින්නවැල්ලේදී බූටෑවේ රටේ රාළට අසුවී සිරගතකරන ලද්දේ ය. හජ්ජි බේරාගන්නට ගිය බදුල්ලේ දිසාපති විල්සන් හටද මැරුම් කන්නට සිදු විය. මේ නිසා මරක්කල ජනතාව සිංහලයන්ට විරුද්ධව දිගින් දිගටම ක්‍රියා කළ බව පෙනී යයි. මණිබඩු කාරයෙකු ගේ වේශයෙන් ගම් වල සැරිසරමින් කැප්පෙටිපොළ සිටි දිශාවට ඉව අල්ලමින් ගිය එක් මරක්කල ඔත්තු කරුවකුට දිනක්  සත් කෝරළයේ පරවහගම වලව්වේ පැවති රාත්‍රී උත්සවයක් දැක ගන්නට හැකි විය. ඒය ශාන්ති කර්මයක් නොහොත් තොවිලයක් විය. මණිබඩු විකුණන මුවාවෙන් වලව්වට පිවිසෙන ලද නමුත්  වලව්වේ සිටි ගැහැනුන් ගෙන් ඔහුට විසුමක් නොවී ය.  මේනිසා සිදු වන්නේ කුමක්දැයි කියා බැලීමට මේ මරක්කලයා වලව්ව අසල කැලයක සැඟව බලා සිටියේ ය. පරවහගම වලව්වේ සිටි කුමාරිහාමි කැප්පෙටිපොළ අදිකාරම් තුමාට ඥාති සහෝදිරියක් වන මඩහපොළ වලව්වේ කුමරියක් විය.මේ ඔත්තකරු පරවහගම වලව්වට පැමිණියේ ද මේ නිසා ය.  සවස හයහමාරට පමණ කැළයෙන් මතු වූ කණ්ඩායමක් වලව්ව දෙසට පැමිණියේ ය. ඒ අතර රෝගාතුරව සිටි  පිළිමතලව්වේද කැප්පෙටිපොළ ද විය. මණිබඩු ටික පැත්තකින් තැබූ මරක්කලයා ඒ වන විට පුලියන්කුලමට ළඟාව සිටි ලෙෆ්ටිනට් ඔනීල් නම් ඉංග්‍රීසි නිළධාරියා හමුවට පැමිණ කාරණය සැළ කර සිටියේ ය.

                 යුද්ධය අසීරු වන බව කැප්පෙටිපොළ දැන සිටියේය එහෙත් තමන්ට හිතවත් ව සටනට එක්ව සිටින පිරිස අමාරුවේ දැමීමට හෙතෙම කල්පනා නොකළේ ය. ඒ නිසා රටේ විවිධ පළාත්වල ට ගොස් සටනට අවශ්‍ය සේනා සංවිධානය කර ගැනීමට ඔහු උත්සුක විය. ඒ අනුව සත් කෝරළේ මානෑවේ සිටි ඥාතීන් හමුවට ද ඔහු පැමිණියේ ය.එහි රජ ගම් මැද්ද හා මැද ගම්මැද්ද යනුවෙන් ගම් දෙකක් විය. මේඥාතීන් සිටියේ මැදගම්මැද්දේ ය. නමුත් කැප්පෙටිපොළ එහි පැමිණෙන විට ඉංග්‍රීසීන්ට මේ ඉව වැටුණි. කපිතාන් ජේ.ප්‍රෙසර් නම් නිළධාරියා භට සේනාවක් ගෙන මානෑව බලා පැමිණෙන බව කලියෙන්ම දැන ගත් නිසා මානෑවේ සිටි පිරිස පරවහගම වලව්ව තෙක් පසුබසින්නට තීරණය කළහ. කෙසේ වෙතත් මරක්කල වෙළෙන්දා එදා ඔත්තු සැපයීම නිවරදිව නොකලේ නම් කැප්පෙටිපොළ අල්ලා ගැනීම ලේසි නොවන්නට ඉඩ තිබුණි. මෙලෙස බ්‍රිතාන්‍ය ආණ්ඩුවට පක්ෂපාතීව ඔත්තු සැපයීම  නිසා 1820 දී මේ මරක්කලයන්ට හා උඩරට පළාත්වල සිටි මොහොමදිය වෙළෙන්දන්ට පුරවැසි කම ලබා දෙන්නටද ඉංග්‍රීසීන් කටයුතු කළහ. වර්තමාන මුස්ලිම් ව්‍යප්තියේ ඇරඹුම එතැනයි.