විදුලි බිල නැන්වීම රජයේ පොදු වුවමනාවක්
බවට පත් කරන ලද්දේ කවුරුන් විසින් දැයි යන්න දැන් පැහැදිලි වී තිබේ. පවිත්‍රා
වන්නි ආරච්චි මැතිනියගේ කතාවට අලගු තියන්නට ගිය කෙහෙළිය රඹුක් වැල්ල මන්ත්‍රීවරයා
ගේ ප්‍රකාශය මගින් එය තවත් තහවුරුව ඇත. මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයා මෙහි පිටුපස
සෘජුව සිටින බව පැහැදිලිය. මේ අවස්ථාවේ මේ විදුලි කලබගෑනිය ඇති කිරීමේ චේතනාව
බෙහෙවින් බරපතලය. ජනතාව තුල රජය කෙරෙහි තිබෙන අප්‍රසාදය වඩාත් තිව්ර කිරීම ඔහුගේ අරමුණයි.
ඒ අතර උතුරේ පළාත් සභා චන්දය පැවැත්වීමටද සූදනම් වන අතර ජාතික බලවේග පාර්ශවයෙන්
රජය ට තිබෙන විරෝධතා වෙනත් පැත්තකට හැරවීමද මෙයින් බලාපොරොත්තු වනවා විය හැකිය.
මෙම උපක්‍රමයන් පිටුපස රජයේ ප්‍රබල ඇමතිවරයෙකු සිටින බවද තහවුරුව තිබේ. ඔහුගේ
සැලසුම් අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාද නොසිතූ ලෙසට අප්‍රසාදයට පත් ව ඇත.
කොටි ත්‍රස්තවාදය වසර තිහක් පුරාවට ඇදී ගියේ
තනිකරම දේශපාලකයින් ගේ වරදක් නිසාම නොවේ. ඊට නිළධාරින්ද වගකිව යුතු විය. ඔවුහු රට
ආර්ථික අස්ථාවර භාවයට පත් කිරීමට නිතරම විදේශික බලවේග සමග් එක්වූ බව පැහැදිලිය.කුමන රජයක් බලයට පත් වුවද මේ
නිළධාරි පන්තිය තමන්ගේ ස්ථාවරයේ සිටිමින් පවත්නා රජය අපහසුතාවට පත් කරන්ට කටයුතු කළහ.යුද්ධය
ජය ගැනීමේ අවස්ථාවේ දී සෘජු තීරණ නොගත්තා නම් මේ නිළධාරි වුවමනාව මත සටන පරාජයට
පත් වන්නට ඉඩ කඩ තිබුණී. මෙවර රුපියල
බාල්දු කිරීමෙන් ඇතිව තිබෙන ආර්ථික කඩාවැටීම නිසා රජය ගැලවිය නොහැකි ණය බරක පටලවා
ඇත.මේ නිසා ඉන්දියාවටද ඇමරිකාවටද අවශ්‍ය පරිදි උතුරු පළාත මෙහෙයවීමට දැන් රජය
සූදානම්ය. එය එසේ කළහොත් ඇති වන තත්වය බෙහෙවින්ම භයානකය.
උතුරු පලාත ඓතිහාසික බෙදීමක් නොවේ.
එය ව්‍යාජ බෙදීමකින් වෙන් කරන ලද්දේ ඉංග්‍රීසීන් විසිනි. ලන්දේසින් බලය හැර යන විට
දී ඒ ප්‍රදේශයේ පදිංචි කරවන ලද බහුතර දෙමල ජනගහනයට අවශ්‍ය නීති රීති පවා සකස් කර
තිබුණි. වගාවට සහ නොයෙකුත් සේවාවන් සඳහා ඉන්දියාවෙන් ආනයනය කර ලද දෙමල වහලුන් ගේ
සංඛ්‍යාව ඉතා විශාල විය. මොවුහු වරින් වර ඉන්දියාවට සංක්‍රමණය වීම වැලැක් වීම
පිණිස තේසවලාමෙයි නම් නීතියක් සංග්‍රහ කරන
ලද්දේ ලන්දේසීන් විසිනි. මේ නීතිය ඒ යුගයේ
හැටියට ඉති ප්‍රබල වූවුක් විය.සිය සිවිල් ප්‍රශ්ණ වලට සහන ලබා ගැනීම පිණිස පළාතේ
පුද්ගලයින් අනුගමනය කළ යාපා පටුනේ පැරණි සිරිත් විරිත් හා රීති එක් රැස් කිරීමට ක්‍රි.ව.
1706 වර්ෂයේ දී සයිමන්ස් ආන්ඩුකාරයා විසින් අයිසැක් නම් පුද්ගලයාට පැවරීමෙන් පසුව
මලබාරයෙන් සංක්‍රමණය වූ දෙමල වැසියන්ට අදාලව තේසවලාමෙයි නම් නීතිය සංග්‍රහ වී ඇත.
මෙම නීතිය යාපනයේ වැසියන්ට පමණක් පළමුව අදාල වූ නමුත් දෙවනුව යාපනයේ මඩකලපුවේ
මලබාර්වරුන්ගේ නීතිය ලෙසද ද්‍රවිඩ දේශ නීතිය ලෙසද විකාශනය විය.
උතුරේ හා නැගෙනහිර ප්‍රදේශ වල වාසය කරන්නන්
සහමුලින්ම ද්‍රවිඩයින් නොවේ . ඒ අතර සිංහලයින් වැද්දන් මුක්කුවාර් වරුන් ද සිටියහ.
මේ නිසා ඉංග්‍රිසි ආණ්ඩුව තම බලය තහවුරු කරගත් පසු 1806 දී පමණ මේ නීති රීති වලට
අර්ථ කථන සැපයීම සිදු කරන ලදී. මේවා සිදු වූයේ ඔවුන් අතර තිබූ නඩු ආශ්‍ර යෙනි.
උදහරණයක් වශයෙන් නිල්ලෙයිනාදන්ට එරෙහිව රාමස්ස්වාමි චෙටිටියාර් නඩුවේ දී බොන්සර්
අගවිනිසුරු තේසවලාමෙයි හඳුන්වාදුන්නේ යාපන පළාතේ ද්‍රවිඩ පදිංචි කරුවන් ගේ පැරණි
සිරිත් ලෙසිනි. මන්නාරමේ මඩකලපුවේ මෙන්ම දකුණේ ද සිටි ද්‍රවිඩයින්ට වෙනත් සිරිත් මෙන්ම
රීතිත් තිබුණද උතුරු පළාතේ වාසය කරන සෑම ද්‍රවඩයෙකුම තේසවලාමෙන් ආවරණය කරන බව මේ
නඩු තීන්දු වලින් ප්‍රකාශ විය. නමුත් මධ්‍යම පළාතේ ජීවත් වන ඉන්දීය දෙමල වැසියෙකු
මේ නීතියෙන් ආවරණය නොවන බවට තීන්දුවක් රජයට එරෙහිව පෙරුමාල් නම් නඩු තීන්දුවෙන් ප්‍රකාශයට
පත් ව ඇත. ඇතැම් නඩු වලදී පෙළපත් මත වාසය ඔප්පු නොකළ හැකි යයි තීරණය කර ඇත.
වුඩ්රෙන්ටන් නම් අග විනිසුරු වරයා මෙයට දුන් අර්ථ නිරූපණය අනුව උතුරු පළාතේ පදිංචියක්
හෝ ස්ථීර නිවාසයක් ලබා ගැනීමත් වැදගත් බව ඔහු වේලුපිල්ලේ ට එරෙහිව සිව කාමි පිල්ලේ
නඩුවේ දී කියා සිටියේය. මේ අනුව සිදු වූයේ සංක්‍රමණියන්ටද තමන්ට ස්ථීරව පැලපදියම්
විය හැකි නීතිමය ආවරණයක් ලැබීමයි.මෙම නීතිය පුද්ගල නීතියක් ලෙසටද සලකනු ලැබූ අතර
කොළඹ සිටි පුද්ගලයෙකුට යාපනයේ ඉඩම් තිබුණ අවස්ථාවකදී වුවද ඔහුට තේසවලාමේ අවරණය
ලැබීමේ හිමි කම ඇති විය.
දේපළ අයිතිය පවරීම වැනි අවස්ථා මත
උතුරේ පදිංචි ද්‍රවිඩයින්ට මේ නීති ආවරණය ලැබීම නිසා සිහලයින්ට සිදු වූයේ උතුරු
පළතට ආගන්තුක වූ වෙළෙන්දන් බවට පත් වීමටයි.ඔවුන්ට ස්ථීරව යාපන පළාතෙන් ඉඩම් මිලදී
ගත නොහැකි විය. ඉංග්‍රීසි යුගයේ සිටම
මූදුකර වැද්දන් ඇතුලු වැදි ජන වර්ගයා දෙමල භාෂවට හුරු කර සිටීම නිසා ඔවුන්ද ද්‍රවිඩයින්
ලෙසට සැලකූ අතර තේසවලාමේ නීතියෙන් ඔවුන් ද ආවරණය විය. මේ නිසා උතුරු පළාත යනු ද්‍රවිඩ
වාසභූමියක්ය යන මතය දීර්ඝකාලීනව තහවුරු විය.කොටි ත්‍රස්තවාදීන් ඇතුලු ඊලාම් අරමුණු
සහිත බලවේග සියල්ල ඓතිහාසික ද්‍රවිඩ වාසභුමි නම් මිථ්‍යාවට පදනම් සකස් කර ගැනීමට
අවශ්‍ය නීතිමය රාමුව මේ මලබාර් සිරිත් සංග්‍රහයෙන් ලබා ගත් බව පැහැදිලිය.
ප්‍රභාකරන් පරාජයට පත් කොට ත්‍රස්තවාදය
අවසන් කළද ඊළාම අරමුණු වෙනස් කරන්නට තවමත් හැකිව නොමැත. ඊට හේතුව මෙම ඉලක්කයන්
සහිත විශාල දෙමළ ජාතිවාදීන් පිරිසක් විදේශගතව ජීවත්ව සිටීමයි. ඔවුහු ඊලම පිහිටුවා
එක්සත් ජාතින්ගේ සංවිධානයේ 194 වන රට බවට පත් කිරීමට දැනටමත් පිඹුරු පත් සකසා
තිබේ.ඔවුන්ගේ රට බෙදන අරමුණු සමග ඇමරිකාව සහ ඉන්දියාවේ දේශපාලන අවශ්‍යතාවයන් ගැලපී
යාම නිසා යුද්ධයෙන් පසුවද රට බෙදීමේ තත්වයකට තල්ලුවෙමින් පවතී. උතුරේ පළාත් සභාව
පැවැත්වීම ට රජය ට බල කර සිටින්නේ මේ නිසාය. රට ආර්ථික වශයෙන් බංකොලෙත් තත්වයකට
පත්කොට මේ තත්වය උදාකර ගැනීම ලෙහෙසි බැවින් රජයේ නිළධාරි තන්ත්‍රය බිලී බාගෙන
තිබෙන බව පෙනී යයි. උතුරු වසන්තය නමින් ක්‍රියාත්මක රජයේ වැඩපිළිවෙල යටතේ සංවර්ධන
වැඩ කටයුතු වලදී නිළධාරීන්ට සෘජුව උපදෙස් ලැබී ඇත්තේ මේ ප්‍රදේශ දෙමළ පළාතක් ලෙසට
සැලකිය යුතු බවයි. එහිදී දෙමල භාෂාවට මුල්
තැන ලැබේ. නාම පුවරු වල පවා එම ප්‍රතිපත්තිය පෙන්නුම් කරයි.
ජීවිත දහස් ගණනාවක් පූජා කර නිදහස් කර
ගත් රට මේ ආකාරයට බෙදී වෙන් වී යාමට ඉඩ හැරීම බෙහෙවින්ම ඛේදජනකය.මුල සිටම උතුරේ
අවතැන්ව සිටි සිංහලයින් පදිංචි කරවීමට රජය දැක් වූ උදාසීනත්වය නිසා රායප්පු ජෝශෆ්
වැනි කතෝලික පූජක වරුන්ද අද තමන්ට අවශ්‍ය පරිදි ඊලාම් අරමුණු වෙත යාමට උත්සාහ ගනී.
මේ අවස්ථාවේ දී පළාත් සභා හරහා රට බෙදුණ හොත් ආපසු එය නැවත හැරවීම බෙහෙවින්ම
දුෂ්කර විය හැකිය. උතුරු පළාතේ බලය පිහිටවිය යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැමති
දේශපාලන සංවිධානය බවට ජනතාව අතර මතයක් ඇති
කොට සමස්ත සිංහල බෞද්ධ උරුමය යටපත් කිරීම රජයේ වත්මන් අරමුණයි. තේසවලාමෙයි නීති
මුස්ලිම් නීති ආදි රටට නොගැලපෙන නීති තබා ගෙන පක්ෂවාදී අරමුණින් රට පාවා දීමට සැරසෙන රජය දිවි පරදුවට තැබූ අභීත රණවිරුවන් ගේ බලාපොරොත්තු සුන් කරන බව පෙන්වා දිය හැකිය.
No comments:
Post a Comment