පූග ඵල නොහොත් පුවක් ලංකාවේ ජන ජීවිතය හා
බැඳුණු බුලත් විටට ගැනෙන ප්‍රධාන අමු දුව්‍යයකි. නවීන පර්යේෂකයින් එහි යම් යම් දුර්ගුණයන්
ඉස්මතුකර පෙන්වීමට උත්සාහ දැරූවද එහි භාවිතයේ තිබෙන විශේෂතා නිසා එය එක්තරා
විදියකට ඖෂධයක් ලෙසටද කර්මාන්ත අමු ද්‍රව්‍යයක් ලෙසටද ප්‍රයෝජනයට ගනිති. කසට
රසයෙන් යුතු පුවක් මදය මත් කාරකය.
සැබවින්ම බුලත් විට සැපිය යුත්තේ අලුයම සහ ආහාර අනුභවයෙන් පසුවය. බුලත්
විටට ගැනෙන ප‍්‍රධාන ද්‍රව්‍යයන් වන පුවක් සහ හුණු මගින් මුඛයේ භාෂ්මික මාධ්‍යයන්
ඇති කිරීමට සහාය ලබා දේ. මූකල පුවක් නැතහොත් රබ්බඩ පුවක් මගින් මුඛයේ පණු දොස් නසන
අතර සෙම හා වාතය කිපී ඇත්නම් සමනය කරයි. මුඛයේ විරස ගතිය නැති කරලීමට ද එය උපකාරී
වේ. දන්තාබාධයන් නැසීමට ද පුවක් වල කසට ගතිය උපකාරී වේ. ඇතැමුන් ගේ පරිභෝජනයට
ගැනෙන ගොලෑ පුවක් වෙසෙසින්ම උණ හා පිපාසාව සංසිඳවන ඖෂධයකි. පුවක් භාවිතයේ දී පැරණි ගැමියන් පුවක්
මදය පිහියෙන් සූරා ඉවත් කලේ එහි මත් ගතිය ඇති කරන විසක් ඇති හෙයිනි. එසේම කුරුට්ට
ද ඉවත් කිරීමට යෙදුනි. ඇතැම් පළාත් වල දී දැහැත් වට්ටියට ඇරුණු කොට පුවක් ගෙඩිය
පළා සුද්ද කර තැබීම නොකරති. බුලත් හෙප්පුවේ ගිරය ඇති හෙයින් අවශ්‍ය කෙනෙකුට පුවක්
ගෙඩිය පළා සුද්ද කොට විටට ගත හැකි වන ලෙසට එය තබා තිබුණි. මෙයට හේතුව කුඩා දරුවන්
රෝගීන් ආදී බුලත් විට නොසැපිය යුතු යයි දක්වා ඇති පිරිස ගෙන් බුලත් පරිභෝජනය
වළක්වාලනු පිණිසය. සිංහල පුවක් හම්බන් පුවක් රට පුවක් යයි භාවිතයේ තිබෙන වර්ග
අතරින් සිංහල පුවක් විශේෂ වඩාත් සුදුසු අතර කරුංකා සහ මඩ පුවක් සෑදීමට ද ඒවා යෝග්‍ය
වේ.
දේශීය ඖෂධ අතර පුවක් ඉහළින්ම සැලකෙන අතර දන්ත
රෝග නැසීමට කෙරෙන මුඛ ශෝධන ක‍්‍රියා වලියේ දී පුවක් සහ පුවක් මුල් යන දෙවර්ගයම
යොදා ගනී. .බුලත් විටට ගැනෙන අනෙකුත් ද්‍රව්‍යයන්
වන එනසාල් කරාබු නැටි ලතා කස්තුරි සාදික්කා අරලු ආදිය සමග පුවක් එක් වූ කල්හි එය
බල ගතු ඖෂධයක් බවට පත් වේ. දෛනික ආහාර වේල් වලින් පසුවද ස්ත්‍රී සමාගමයෙහිද මේවා
පරිහරණයට උපදෙස් ලබා දී තිබේ. මාංස ජනක ධාතු 4.9 ක් ද පිෂ්ඨ ධාතු 47.2 ක් ද කැල්සියම් 50.0 ක් ද පොස්පරස් 130.0 ක් දයකඩ
1.5 ක් ද විටමින් බී 286.9 ක් ද විටමින් සී 416.2 ක් ද අඩංගු පුවක් බලගතු ඖෂධයක්
බවට .තහවුරු කොට ඇත්තේ ඉන්දියානු පර්යේෂකයින් විසිනි.
සිංහල පුවක් රට පුවක් හා හම්බන්
පුවක් යන විශේෂ තුන ලංකාවේ දැනට වගා වේ. ඒවා වගා කරනවා නොව ගෙවතු වල සහ විවෘත ප්‍ර
දේශ වල ඉබේ වැවෙන බව කිව යුතුය.මෑතකදි මේ වර්ගයන් ගේ විශේෂිත වරණයක් එකතු කොට අපනයන
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පුවක් පැළ බෙදා දීම කර ඇත. අතීතයේදී මේ පුවක් විශාල වශයෙන්
ලංකාවෙන් ඉන්දියාවට අපනයනය කළහ. දකුණු ඉන්දියාවේ මලබාරය කොරමැන්ඩලය ආදී ප්‍රදේශ වල
ජනයා මේවා බෙහෙවින්ම භාවිතයට ගනිති.මෙහි ආර්ථික වැදගත් කම වටහා ගත් මුස්ලිම්
වානිජයින් විශේෂයෙන් දකුණු ඉන්දීය සම්භවයක් ඇති මුස්ලිම් වරු මෙම වෙළෙදාමේ
ඒකාධිකාරයක් පවත්වා ගෙන ගියහ. ඔවුහු සම්පන් නම් කුඩා යාත්‍රා විශේෂ යොදා ගනිමින්
ගැමියන්ට අවශ්‍ය රෙදි පිළිද සහල් වර්ගයන්
ද පටවා ගෙන ලංකාවට පැමිණ ගම්වලට ගොස් ඒවා හුවමාරු කොට පුවක් ලබා ගත්හ. මේ
අතර අමු පුවක් මඩ පුවක් මෙන්ම කරුංකා ද විය. දාහත් වන සියවස වන විට ලංකාවෙන් මෙලෙස
පුවක් අමුණු 40000 ක් පමණ ඉන්දියාවට ගෙන ගිය බව සංඛ්‍යා ලේඛන දක්වයි. මෙම පුවක් අපනයනය සදහා යොදාගත් යාත්‍රා
සම්පන් වූ බැවින් එම වෙළෙඳාමේ යෙදුනු මුස්ලිම් වරු හම්බයන් වූහ. එම යාත්‍රා මගින්
ගොඩ බෑ සහල් සම්බා සහල් වූ පුවක් හම්බන් පුවක් විය.එසේම ඔවුන්ගේ ප්‍රධාන තොට බවට
පත් වූයේ හම්බන් තොටයි. මේ ආකාරයට දේශිය ආර්ථිකයේ වැදගත්ම තීරුවක් පවත්වා ගෙන ගිය
පුවක් වෙළෙදාම ක්‍රි.ව. 1658 වන විට ලන්දේසීන් ගේ ආධිපත්‍යට යටත් විය . ලන්දේසීහු
මෙමගින් ලැබිය හැකි වාසි සලකා පුවක් එකතු කිරීම තමන් ගේ යටත් නිළධාරින්ට පවරා
අපනයනය පිණිස තමන්ම යුහුසුලු වූහ. මේ නිසා පුවක් වල මිල ගණන් අඩු වූ අතර අපනයනය
කරන ප්‍රමාණයද අඩු විය.නමුත් ලංකාවට ඉංග්‍රීසින් පැමිණෙන අවදිය වන විට මේ වෙළෙදාම
සම්පූර්ණයෙන්ම ලන්දෙසින් සතු වූ අතර ගිල්ඩර් 19800000 ක් වූ ඔවුන්ගේ වාර්ෂික
ආදායමෙන් ගිල්ඩර් 9000000 ක් ඔවුන් ලබා
ගෙන තිබුණේ පුවක් අපනයනයෙනි. මේ අවදියේ දී මේ වෙලෙදාමට මුස්ලිම් වරුන්ට කිසිසේත්ම
මැදිහත් විය නොහැකි විය.මුස්ලිම් වානිජයින්ට ලංකාව තුල ඉඩ කඩම් ලබා ගැනීම තහනම්
කෙරුණි. ගමන් බිමන් ද හැකිතාක් සීමා කරමින් නීති රීති පැනවුණි. නමුත් 1800 වර්ෂය
පමණ වන විට ලංකාවේ මුහුදු බඩ පළාත් වල බලය ඉංග්‍රීසින් සතු වීමෙන් පසුව නැවතත් මේ
ආර්ථිකය නිදහස් කළ බව පැවසේ. ඉංග්‍රීසින් මුස්ලිම් වරු තමන්ගේ වැඩ රාජකාරි වලට
යොදා ගෙන සිංහලයින්ට විරුද්ධව කටයුතු කිරීමට පොලඹවා ලූහ.1818 ජාතික විමුක්ති සටනේ
ප්‍රධානත්වය ගත් කැප්පෙටිපොල නිලමේ ගලේවෙල ආඬියාගල පෙදෙසේ පරවාගම වලව්වේ දී
අත්අඩංගුවට පත් වූයේ මුස්ලිම් වෙලෙන්දෙකුගේ ඔත්තුවක් නිසාවෙනි.
ඉන්දියාවේ කර්ණාටකය කේරලය ඇසෑමය තමිල්
නාඩුව මහාරෂ්ඨ්‍රය අන්ද්‍රාව ත්‍රිපුරය මෙන්ම බෙංගාලයේ ද ලංකාවෙන් යවන පුවක් ජනප්‍රිය
වෙයි. නමුත් එම ප්‍රදේශ වලද පුවක් ගස වැවේ. වේලන ලද පුවක් නොහොත් කරුංකා වල ටැනින්
හා ගැලික් අම්ලය නම් රසායන ද්‍රව්‍යයන් අඩංගු වේ. මේවා හම් පදම් කිරීම සඳහා යොදා
ගනිති. එසේම ආහාර වර්ණ කාරකයක් ලෙසද යොදා
ගනී. ඉන්දියාව මෙන්ම පකිස්තානය බුරුමය තායිවානය චීනය වැනි රටවල් විශාල සංඛ්‍යාවක පුවක් භාවිතයට
ගනිති. ඉන්දියාවේදී මෙය කර්මාන්ත අමු ද්‍රව්‍යයක් විලස මෙන්ම පන්පරා බාබුල් වැනි
මත් කාරක ද්‍රව්‍යයක් ලෙසට ද නිමා කෙරේ. ඒවා වෙළෙඳ පලේ ඉතා ජනප්‍රිය වෙයි. නමුත්
මේ මත් පුවක් ගැනීම සෞඛයට අහිතකර බව පෙන්වා දී ඇත. 2012 වර්ෂයේ දී අමු පුවක් කිලෝ
ග්‍රෑම් 10650 ක් ඉන්දියාවට අපනයනය කර ඇත. එයින් ලැබුන ආදායම 22457256 කි. ඒ අනුව
අමු පුවක් කි.ග්‍රෑ. 01 ක මිළ උපරිම වශයෙන් 245 කි. එසේම කරුංකා කි.ග්‍රෑ. 208000
ප්‍රමාණයක් ද ලංකාවෙන් ඉන්දියාවට අපනයනය කර ඇත. එයින් ලබා ඇති වාර්ෂික ආදායම
49055878 කි. කරුංකා කිලෝවක උපරිම මිළ සටහන් වන්නේ රුපියල් 261 ක් වශයෙනි.
පුවක් වල අපනයන ආදායම සලකා බැලුවහොත් එය
විශාල ප්‍රමාණයකි. කරුංකා පුවක් කිලෝව
රුපියල් 180 බැගින් රුපියල්37440000 ක ප්‍රමාණයක් ග්‍රාමිය ආර්ථීකයට එකතු
වේ.අප දන්නා පරිදි ලන්දේසි යුගයේ සිටම මේ ආර්ථිකය පාලනය කරනු ලබන්නේ මුස්ලිම්
වානිජයින්ය. ඔවුහු ගම් වල එකතු වන පුවක් කොළඹ ගෙනවුත් ඉන්දියාවට පටවා අධික ලාබ
ලබති. ලංකාවේ පර්යේෂණායතන රාශියක් තිබුණද ඔවුහු මේ අගනා අමු ද්‍රව්‍ය පර්යේෂණයට
ලක් කර නැත. පුවක් ලෙල්ල පුවක් කොලපත පුවක් කොළ මෙන්ම පුවක් ලීය ගැනද කරන ලද අගනා
පර්යේෂණ රැසක් ඉන්දියාවේ දක්නට ඇත. ලංකාවේ ගලේවෙල ප්‍රදේශයේ කර්මාන්ත කරුවෙකු
පමණක් මේ පුවක් කොළපතෙන් කරන ලද නිමැවුම අද ජාත්‍යන්තරයට පවා ගොස් තිබේ. නමුත්
අපගේ විද්‍යාඥයින් මේ පුවක් ගැන කතා කරන්නේ ද්වේශයෙනි. එහි පිළිකා කාරක ඇතැයි කරන
ලද පර්යේෂණයක් හුවා දක්වමින් පුවක් ආර්ථිකය විනාශ කරලීමට තමන්ගේ දායකත්වය දක්වති.ඉන්දියාව
හා පකිසිථානය අපගේ ප්‍රධාන පුවක් අපනයන ඉසව්ව වුවද චීනය තායිවානය වැනි රටවල මෙය
ඖෂධයක් වශයෙන් භාවිතා කරන බැවින් නව වෙළෙඳ ඉලක්ක සොයා යායුතු කාලය එළඹ ඇතැයි
සිතමි. ඒ මගින් පාරම්පරික සිංහල ජනතාවට ආර්ථික ශක්තියක් බිහි කර දීමේ ප්‍රවේශය වඩා
නිරවුල් වනු ඇත.
2013 අප්‍රියෙල් 01 ඉරුදින
No comments:
Post a Comment