දහතුන් වන සියවස ගෙවී යත්ම ලෝකයේ මහා බල අරගලයක පෙර නිමිති පහල වන්නට විය.
යුරොපීයන්ද මුස්ලිම් වානිජයින්ද තකට තක සිට සාගරයේ බලය තහවුරු කරමින් පෙරදිගට ඇදී
එන්නට විය. මෙය සාමකාමී ලෝකයට කොහෙත්ම සුභ දායී ආරංචියක් නොවීය. නමුත් එවකට පැවති
පරිදි නවීන නාවුක යාත්‍රා වලින් සන්නද්ධ
වූ පෘතුගීසින් යුරෝපයේ සිට පෙරදිග බලා පැමිණියේ මුස්ලිම් වානිජ බලය සතු ඉසව් ජයග්‍රහණය
කරගන්නටයි. මුස්ලිම් වරු ඉන්දියාව ආක්‍රමණය කරමින් එහි සිට ආර්ය රජවරු සමූලඝාතනය
කරමින් අක්බාර් ආධිපත්‍ය පිහිටවූ අතර ඉන්දියාව පුරාම මුස්ලිම් ආගම පැතිරෙන්නට විය.
දකුණ ඉන්දීය ද්‍රවිඩයින් පමණක් නොව ඇතැම් රාජ වංශිකයින් පවා මුස්ලිම් ආගම වැළඳ ගත්
බව ඉතිහාසයේ සඳහන්ය.
ඉන්දියාවේ මුස්ලිම් පාලකයින් සමග සටන් වැදුණු
හින්දු පාලකයින් අවසානයේ මුස්ලිම් වරු සමග සමගි සන්ධාන ගත වූයේ තම කුමරියන්
මුස්ලිම් වරුනට පාවා දීමෙනි.මෙයට විරුද්ධව දකුණේ හින්දූන් මහා බලගතු රාජ්‍යයක් පිහිටවූ
අතර ලංකාවටද ඉන් විශාල බල පෑමක් එල්ල විය. ක්‍රි.ව.1 287-1250 අතර කාලයේ ලංකාවේ රජ
කල සතරවන විජයබාහු රජු මේ නිසා උතුරු ඉන්දියාවේ රාජ්පුත් වංශිකයින් සමග සමගි සන්ධාන
ගතව සිටි බව පෙනේ. මෙහි ප්‍රථිපලය වූයේ ලංකාවේ රජුට රාජ්පුත් වංශික ආරක්ෂක
සේනාවක්ද වීමයි. මේ තත්වය තුල රජ වාසලේ යම් නොසන්සුන්තාවයක් ඇතිවිය. රජුගේ සෙනෙවි
මිත්‍ර රජුට එරෙහිව කුමන්ත්‍රණය කොට රාජ්‍ය ගැනීමට තැත් කලේය. නමුත් රාජ්පුත්
ඨකූරක එය වළක්වා මිත්‍ර සෙනෙවි මරා විජයබාහු ගේ පුත් බුවනෙකබාහුට රාජ්‍ය ලැබ
දුන්නේය. මෙවකට රාජ්පුත් වංශිකයින් මුස්ලිම් ආගම වැළඳ ගෙන තිබුණී.රජු ඔවුන්ගේ කෙනෙකු
උපදේශකයෙකු ලෙසට තබා ගත්තේය.මොහුගේ අනුදැනුම ඇතිව අල්හාජ් අබු උ ඒමන් නම් දූතයෙකු
1283 දී ඊජිප්තුවේ රජවාසලට දූත ගමනක් ද යැවීය. රජු මේ දූතයා අත යවන ලද ලිපියේ මෙලෙස සඳහන් වේ.
ලංකාව ඊජිප්තුවයි.ඊජිප්තුව ලංකාවයි. මගේ දූතයා ආපසු එන විට ඊජිප්තුවේ
දූතයෙකු ඔහු සමග එනු ඇත කියාත් දුතයෙකු ඒඩන් නගරයේ වාසයට එනු ඇත කියාත් මම
බලාපෙරොත්තු වෙමි. හැම වර්ගයකම මැණික් අති විශාල ප්‍රමාණයක් මා සතුව තිබේ. නැව්
ඇතුන් මුස්ලින් රෙදි අගිල් සහ කුරුඳු වැනි සියලු වානිජ වස්තූන්ද වෙළෙන්දන් විසින්
ඔබ වෙත ගෙන එනු ලැබේ. තෝමර තැනීමට සුදුසු
ලී ඇති ගස් මගේ රාජ්‍ය යේ වැවෙයි.අවුරුදු පතා නැව් විස්සක් එවන්නයි සුල්තාන් තුමා
මට කියතොත් ඒවා සැපයීමට මට පුලුවන. තවද එතුමාගේ විජිත වල වෙළෙන්දන්ට මාගේ
රාජ්‍ය යේ වෙලෙදාම් කිරීමට පැමිණිමට සම්පූර්ණ නිදහස තිබේ. මේ තත්වය මත රාජ් පුත්කුමරියක් තම දෙවනි බිසවක්
ලෙසට තබාගත්තේ ද රාජ්පුත් බලය රජුට ශක්තියක් වූ බැවිනි යයි කල්පනා කළ හැකිය. මේ අනුව
එම බිසවට වත්හිමි නම් පුත්‍ර යෙකුද ඇති විය.
ඉන්දියාවේ චාලුක්‍ය රජ පෙලපත අවසාන වූවායින් පසුව දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය
හොයිසාල් කාකටීය හා යාදව රාජ වංශයන් වශයෙන් රාජධානි හතරක් ඇති විය. 1268 දී පාණ්ඩ්‍ය
දේශයේ රජු බවට පත් මාරවර්මන් කුලශේකර ගේ
අමාත්‍යවරයා බුවනෙකබාහු රජුගේ කාලයේදී ලංකාව ආක්‍රමණය කොට යාපහුව වටලා රජු මරා දමා
දළදා පාත්‍රා ධාතුවද පැහැරගෙන පාණ්ඩ්‍ය දේශයට ගියේය.අරාජික වූ රාජ්‍ය තුල සිහසුනට
පත් වීමට වත්හිමිට මේ අවස්ථාවේදී මුස්ලිම්
වෙළෙඳ බලය විසින් සහාය දක්වන ලදී. බුවනෙකබා රජුගේ අග බිසවගේ පුත් කුමරා ළදරු වියේ
සිටීම මෙයට හේතුවයි. ඔවුහු බේරුවල ප්‍රදේශයේ මාළිගයක් තනවා වත්හිමි කුමරා ආරක්ෂා
කොට කල්යල් බලා කුමරුට රාජ්‍ය අත්පත් කර දුන්හ.කලුන්දෑ පටුන හා සිරිමල් එතනා නාඩගම
දක්වන පරිදි ඉතා කෙටි කලත් වත්හිමි කුමරා රාජ්‍ය විචාල බව පෙනේ.
දුරාතීතයේ සිටම බෞද්ධ රාජ්‍යයක් ලෙසට
පැවතුණු ලංකාව මුස්ලිම් රටක් බවට පත් වීමේ අවදානම වටහා ගත් භික්ෂූන් වහන්සේලා මේ
උගුලෙන් ගැලවීම පිණිස ජාති හිතෛෂි නිළධාරීන් සමග කතිකා කොට ගෙන කුමන්ත්‍රණයක් ලක
ලෑස්ති කළහ.මේ අවදියේදී කුරුණෑගල වැවේ රන් සෙම්බුවක් මතු වෙමින් යට යන බවට
ආරංචියක් පැතිර ගියේය. වස්තු ලෝභයෙන් භරිත වත් හිමි මෙය ගැනීමට ඇමතියන්ට අණ දුන්නේය.
මෙහිදි බෝයගනේ නම් මහ නායක තෙර නමක් මූලික වී මේ අවස්ථාව රජු පහ කිරිමට යොදා
ගත්තේය.මේ රන් සෙම්බුව ගැනීමට කුරුණැගල ගල උඩ පිරිත් දෙසුමක් කල යුතු යයි රජුට
ඒත්තු ගැන්වූ පිරිස ගල උඩ රෝද සවි කරන ලද පිරිත් කොටුවක් සකස් කලේය. අනතුරුව
පිරිත් දෙසුම දිනයේ දි රජු ඒ ස්ථානයට කැඳවා ගෙන පැමිණ අසුන් ගැන්වුයේය. පසුව රජුට
නොදැනෙන්නට රැහැන් කපා දමා පිරිත් කොටුවද සමගින් රජු ගලෙන් පහළට පෙරලා ජිවිතක්ෂයට
පත් තළ බව සඳහන්ය.වත් හිමි බණඩාර මණ්ඩපයද සමගින් ගල පහළට පෙරලී ගලේ බණ්ඩාර නමින් යක්ෂ ආත්මයක් ගත් බව
සඳහන්ය.අදත් මේ ගලේ බණ්ඩාර දේවාලය කුරුණෑගල ගල පාමුල තිබේ.
ලංකාවේ රාජ වංශය මුස්ලිම්
වීම වැලැක්වීම ඉතිහාසයේ ශ්‍රේෂ්ට සිදු වීමකි. නමුත් මුස්ලිම් වරු මේ තත්වයෙන් පසුබට
නොවුහ. ඔවුහු ලංකාවේ වෙළෙදාම සම්පූර්ණයෙන්ම පාලනය කිරිමට පටන් ගත්හ. පෘතුගීසින්
ලංකාවට පැමිනෙන තෙක්ම මේ තත්වය එසේම විය. ඒ අතරවාරයේ ගංපළත් කෝට්ටේ යුගයත් අතර
රයිගම රජ කල වීර අලකේෂවරයන් මුස්ලිම් ආගම වැළඳ ගෙන මුස්ලිම් වරුනට රට අභ්‍යන්තරයේ
බලකොටු තනා ගන්නට ද අවසර දුනහ. මහාචාර්ය සෙනරත් පරනවිතානයන් මේ බැව් සඳහන් කරන්නේ
මෙසේය.
වීර
අලකේස්වර පානදුරේට ඇවිත් එතැන හිටිය මහමදිය වෙළෙන්දන්ගේ උදවු ලබා ගෙන සුවර්ණ පුරයට
ගොහින් හිටිය කාලෙදි සුවර්ණ පුරේ විසූ මහමදි ජනයින් සුවර්න පුරරාජ්ජෙ පැහැර ගතහ.
වීර අල්කේශ්වර මලක්කාවට ඇවිත් එතැන රජ කර සිටිය පරමේශ්වර රජුත් මහමදියෙක් වෙලා
ඉන්න බව අහල හැම තැනම මහමදියො බලයට පත් වෙලා ඉන්නවාය තව ටික කලක් ගියාම ලංකා
රාජ්ජයත් ඒ ගොල්ලො අතට ගන්න පුලුවන් වේවිය කියල හිතල බලල තමනුත් මහමදියයෙක් වෙන්න
පෙරොන්දුවක් දීල පරමේශ්වර රජු දීපු බල සෙනෙගත් කැටිව පානදුර තොටට ගොඩ බැහැල එතැන
සිටිය මහමදිය ජනයින් සමග රයිගම් පුරයට පැමිනිල එතැන සිටිය වීර බාහු ඈපාගේ සේනාපතියනත් සමග සමග යුද කරල එයා පරදවල
රයිගම් පුරය අල්ලගෙන එතැන් මහමදිය පල්ලියක් කරවන්න අරඹල ගංපලත් අල්ලගන්න යන්න
පිටත්වුනු තැනේදී චීන රාජ්ජෙ ඉඳල චෙංහෝ නම් සෙන්පතියා පාණදුර තොටට පැමිනිල ඉන්න බව
අහන්න ලැබිල රයිගම් පුරය රැක ගැනීම මහමදියන්ට බාර කරල තමන් ගංපලට යන්න රයිගමින්
නිකුත් වුනා. චෙංහෝ සෙනවියා මහමදියන් එක්ක යුද්ද කරල උන් පරදවල පලා යවල රයිගම්
පුරය අල්ලගෙන ගංපලට යන පාර ඉදිරියට පැමින හරස් කපා ගෙන ඉඳල වීර අලකේශ්වර සමග යුද
කරල එයා පරදවල අල්ලගෙන වීර අලකේශ්වරත් එයාගේ මවත් සොහොයුරියත් චීන රාජ්ජෙට ගෙන
ගියා......මේ නිසා දෙවන වරටද රට මුස්ලිම් වීම වැලකුණි.
ලංකාවට පෘතුගීසින් ආගමනය වන විට පෙර කී
මුස්ලිම් වරු ලංකාවේ විවිධ තොටුමුණු ආශ්‍රිතව තම වෙළෙඳ බලය තර කර ගෙන සිටියහ.කෝට්ටේ
සමයේ දී මායාදුන්නේ හා සීතාවක රාජසිංහයන් මේ මුස්ලිම් වරුන්ගෙන් උදව් උපකාර ගෙන
පෘතුගීසින්ට පහර දුන්නේය. මේ හේතුව නිසා අවසානයේ දී පෘතුගීසින් විසින් ලංකාවේ සිටි
ඉන්දීය මුස්ලිම් වරුනට පහරදී විනාශ කළහ. මේ හේතුවෙන් ඔවුන් අවතැන් විය. දෙමළ බස කතා කළ
ඔවුහු රැකවරණය පතා සෙනරත් රජු වෙත ගියහ. පෘතුගීසින්ට විරුද්ධ සටන් වලදී මුස්ලිම් වරුන් ගෙන් ගත් සහයෝගය නිසා
සෙනරත් රජු මේ පිරිස නැගෙනහිර පළාතේ පදිංචි කරවන ලදහ. 1627 දී කොන්ස්ටයින්
අධිරාජයා ගත් තීරණයක් නිසා මුස්ලිම් වරු සහමුලින්ම විනාශ කිරිමට පෘතුගීසින් උත්සුක
විය. ලන්දදේසීන් ලංකාවට පැමිණ බලය අත්පත් කර ගන්නා විට මුස්ලිම් වර්ගයාගේ බලය
තිබුනේ ඉතාමත්ම සීමිත ලෙසයි. ඔවුහු මුහුදු
බඩ වෙළෙඳාමේ පමණක් යෙදී සිටියහ.මේ මුස්ලිම් වානිජයින් සමූහ වශයෙන් වෙළෙඳ ව්‍යාපාර
වල යෙදී සිටියහ. ඔවුන්ගේ ප්‍රධානතම ව්‍යපාරය බවට පත්ව තිබුණේ අලි ඇතුන් වෙළෙඳාමයි.
මෙවුහු ඇතැම් විට මුහුද කොල්ලකෑමේ ද යෙදී සිටියහ. ආචාර්ය අරසරත්නම් මහතා සිය
ලන්දෙසි බලය කෘතියේ මොවුන් ගැන සඳහන් කරන්නේ මෙසේය.
බෙංගාලයෙ සහ ගොල්කොන්ඩාවේ මුස්ලිම් වරු
ලංකාවේ අලි ඇතුන් කෙරෙහි මහත් සැලකිල්ලක් දැක්වූහ. ලංකාවට නිරන්තරයෙන් අවශ්‍ය වූ සහල්
ද තවත් ඒ තරම් වැදගත් නොවූ සීනිද පට රෙදි සේල වර්ගද අබිංද ලංකාවට ගෙන ආහ. මෙසේ මේ
වෙලෙඳාම ලංකාවට ඉතා වැදගත් එකක්වූයේ මෙයින් ලංකාවට අත්‍යවශ්‍ය සහල් ලැබුණු අතර ඒ වෙනුවට
ඔවුන් ලංකාවේ අලි ඇතුන් හා පුවක් තම රටවලට ආපසු ගෙන ගිය බැවිනි. මෙය මෙසේ නොවූයේ
නම් ඇතුන් පිටරට යැවීමට ලංකාවට කරදර වන්නට ඉඩ තිබුණි. බොහෝ විට ඇතුන් ගේ වටිනාකම
ලංකාවට ගෙනෙන ලද සහල් වල වටිනාකමට වැඩි වූයෙන් ලංකාවට වාසි වන පරිදි වැඩි පුර
මුදලක් ඉතිරි විය. පහතරට ප්‍ර දේශ වල අයිතිය තබා ගත් යම් බලවතෙක් වීද ඒ බලවතා
ඇතුන් වෙළෙඳමේද ඒකාධිකාරය අයිතිව සිටියේය. ප්‍රධාන වශයෙන් බෙංගාලයේ නවාබ් තුමාත්
ගොල්කොන්ඩාවේ රජතුමාත් මොවුන්ට අමතරව කොරමැන්ඩල් වෙරලේ ඇතැම් සුලු රජවරුන් මේ ඇතුන්
මිලදී ගත් අය අතර වූහ.
අලි ඇතුන් වෙලෙදාමට
අමතරව ලංකාවේ ප්‍රධාන ආර්ථිකය බවට පත්ව තිබුනේ පුවක් වෙලෙදාමයි.ලංකාවේ ගම්බද
පෙදෙස් වලින් එකුතු කරන ලද පුවක් මිලදී ගත්තේ දකුණු ඉන්දීය මරක්කලයින්ය. ඔවුහු
ඉන්දියාවේ සිට සම්පන් නම් යාත්‍රා විශේෂය භාවිතා කරමින් ලංකාවට පැමිණ ඉන්දියාවෙන්
ගෙනා සහල් සහ රෙදිපිළ වලට මේ පුවක් හුවමාරු කළහ. දකුණු ඉන්දීය වැසියන් බෙහෙවින්ම
පුවක් භාවිතා කල බැවින් මෙලෙස පුවක් වැදගත් වෙළෙඳ භාන්ඩයක් විය. මුස්ලිම් වරු රජයට
සුලු රේන්දයක් ගෙවා මදුරාවත් කොරමැන්ඩලයත් අතර ප්‍රදේශයට පුවක් රැගෙන ගියහ.
ඉන්දියාවේ සිට ලංකාවට ගෙන ආ සහල් වලට නම් පට බැදුනේද සම්පන් යාත්‍රා මගින් ප්‍රවාහනය
කල බැවිනි. ඒවා සම්බා වශයෙන් හැඳින්විණ. මේ සහල් වැඩි පුර පරිභෝජනය කලේ රජ වරු
විසිනි. රොබට් නොකස් කියන පරිදි මුස්ලිම් වරුන්ට එකළ අවශ්‍ය වූයේ මේ වෙළෙඳාම
සම්පූර්ණයෙන් පාලනය කිරිමට පමණි. රට ඇල්ලීමට හෝ වෙනත් කාර්යයකට ඔවුහු අත නොගැසූහ.
පෘතුගීසීන් ගෙන් පසු ලන්දේසීන් 1648 දී පමණ මේ
පුවක් වෙලෙඳාම කෙරෙහි මහත් රුචියක් දක්වන්නට පටන් ගත්හ. එහි ප්‍රතිඵලයක් වශයෙන්
ඉන්දියාවත් ලංකාවත් අතර පැවති මේ වැදගත් ආර්ථික ක්‍රමය පිරිහෙන්නට පටන් ගත්තේය.
ලන්දදේසීහු තමන්ගේ යටත් වැසියන් බණවා පුවක් එකතු කිරීමට අණ කල අතර කුරුඳු ඒකාධිකාරය
මෙන්ම පුවක් ඒකාධිකාරයක්ද ඇති කළහ. මේ වන විට ලංකාවෙන් පුවක් අමුණු 40000 ක් පමන
වාර්ෂිකව ඉන්දියාවට ගෙන යමින් තිබුණු අතර ලන්දේසීන් මැදිහත් වීම නිසා එය 20000 ට
පමණ අඩු විය. මෙයින් අප තේරුම් ගත යුත්තේ මුස්ලිම් වානිජයින්ට ඒ යුගයේ කෙතරම්
බලයක් අත්ව තිබුණු බවය. කෙසේ වෙතත් 167 4 වන විට ලන්දේසීන් මේ වෙළෙඳාම සම්පූර්ණයෙන්ම
පාලනය කිරීමට පටන් ගත්හ. ඉන්පසු නාගරික ආර්තිකය දියුණු කරලීම පිණිස මුස්ලිම් ජනපද
ලන්දේසීන් විසින් තහනම් කළහ.එසේම ඔවුන්ගේ
ගමන් බිමන් සීමා කළහ.මුස්ලිම් වරුන්ට අලුතෙන් කිසිම ඉඩමක් පවරා නෙදිය යුතු බවට
නීති රීති පැනවිණි. තිබෙන ඉඩම් වල අයිතියද නිවරදිව පෙන්විය යුත් විය. මේ තත්වය
නිසා මුස්ලිම් වරුන්ගේ බලතල හීන වී ගියහ. වෙළෙඳ ඒකාධිකාරයද ලන්දේසීන් සතු විය.
ඉංග්‍රීසින් ලංකාවේ බලයට පත් වන විට
දකුණු ඉන්දියාවත් ලංකාවත් අතර සුලු වෙළෙඳාම අත්පත්ව තිබුනේ නායක් වරුන්ටයි. ඔවුහු
ලන්දේසීන් ගේද ආශිර්වාදය ඇතිව මේ ආර්ථිකය පවත්වා ගෙන ගියහ. නමුත් 1815 දී ශ්‍රි
වික්‍රම රාජසිංහයන් බ්‍රිතාන්‍යයන් අතට පත් වීමත් නායක් වරුන්ට ලංකාව තහනම්
කිරිමත් හේතු කොට ගෙන මුස්ලිම් වානිජයින්ට නැවතත් අවස්ථාව ලැබුණි. බ්‍රිතාන්‍යයන්
යලි වෙළෙදාම නිදහස් කළහ. මුස්ලිම් වරු නව බ්‍රිතාන්‍ය පාලනයේ විශ්වාසය දිනා
ගැනිමින් වෙලෙඳාම කරන අතරවාරයේම මුස්ලිම් ජනපද පිහිටුවාලීමට පටන් ගත්හ.1818 ජාත්ක
විමුක්ති සටනේදී ඉංග්‍රීසින්ට උදව් කළ අතර
කැප්පෙටිපොළ නිලමේ පරවහගම ප්‍රදේශයේදී පාවා දීමට කටයුතු කරන ලද්දේද මුස්ලිම්
වෙළෙන්දෙකු විසිනි.මෙතෙක් ඔවුන් ගේ ජනපද වශයෙන් තිබුනේ ඉතාමත් සීමීත ස්ථාන කීපයක්
පමණකි. බන්ඩාරගම අටුලුගම ගම්පල නැගෙනහිර පළාත පුත්තලම වැනි සීමිත ස්ථාන කීපයක පමණක්
ඔවුන් සංක්‍රමණිකයින් වශයෙන් රැදී සිටියහ. නමුත් ඉංග්‍රීසින් මේ ක්‍රමය වෙනස්
කරමින් 1821 දී පමණ ඔවුන්ට පුරවැසි කම ප්‍රධානය කළහ.ලංකාවේ වර්තමාන මුස්ලිම් බලය
නැග ඒමේ ආරම්භය මෙයයි. 1981 වන විට ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම මුස්ලිම් ජනගහනය
වර්ධනය තිබූ අතර පුත්තලම නුවර වැනි පෙදෙස් වල විශාල වශයෙන් ජන ගහන වර්ධනයක් දක්නට
හැකි විය.
ඉර හද අදත් පායනවා හද අරණේ
ReplyDeleteමගේ රට පිනට කෑවේ නෑ නුබ පොරණේ
හෙළ දරුවන්ගේ දහමේ සිංහල දෙරණේ
ඔවුනගේ දහදියයි ලද උත්තම සරණේ!