පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Friday, March 22, 2013

ජිනීවා ගොසින් නහයෙන් හඬා - සිංහල බෞද්ධයින්ට දොස් පැවරීම

                                                  


     ජගත් මානව හිමිකම් සැසිය ලංකාවට හොඳ වේදිකාවකි. එහෙත් මහින්ද සමරසිංහ මහතා හෝ වෙනත් ලංකා නියෝජිතයෙකු මෙතෙක් මේ රටේ සැබෑ තත්වය අනාවරණය කළ බවක් දක්නට නැත. ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීම ප්‍රතික්ෂේප කිරීම උගත් පාඩම් කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය මෙන්ම ඇමරිකාවට අනුව ලංකාවේ සංහිඳියාවට කළ කී දේ ගැන සවිස්තර වාර්තාවක් ඇරුණු කොට යුද්ධය ඇති වීමට හේතුව සහ යුද්ධය ජය ගැනීමට කළ දේ ගැන සඳහනක්වත් මොවුන්ගේ ප්‍රකාශ වලින් පෙරට නොපැමිනුණි.
           තිස් වසරක කොටි ත්‍රස්තවාදය ඇති වීමට  හේතු වූ කාරනා අතර ඉන්දියාව මෙම ප්‍රශ්ණයට මැදිහත් වීම මූලිකව ගත යුතුය. ඔවුහු දෙමල ත්‍රස්තවාදීන්ට තමිල්නාඩුව තුල රැකවරණය දෙමින් අවි පුහුණුව ලබා දුන් ආකාරය කිසිවෙකුටත් සැඟවිය නොහැකිය.ලංකාව ස්වාධීන රාජ්‍යයක් ලෙසට කර ඔසවා නැගී සිටීම ඉන්දියාව කවදත් ඉවසුවේ නැත. ස්වාධීන රාජ්‍යයක් ව පැවති සිකීම් රටටට අනවශ්‍ය ආකාරයට අත පොවා එහි රජු සිහසුනෙන් පහ කර තමන්ගේ ප්‍රාන්තයක් කර ගත් අඳුරු ඉතිහාසයකට හිමිකම් කියන ඉන්දියාව ලංකාවට ද එය කරන්නට මාන බැලීය. උතුරේ දෙමල වැසියන්ගේ මානව හිමිකම් රකින්ට නිරන්තරයෙන් ඉදිරිපත් වන ඔවුහු ජේ.ආර්.ජයවර්ධන මහතා රට පාලනය කරන කාලයේ අහසින් පරිප්පු දමා බලහත්කාරය පෙන්වා දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනයට මග විවිර කළහ.ඒ මගින් උතුරේ වෙනම දෙමළ පළාත් සභාවක් ඇතිව ඉන්දියානු මැදිහත් වීමකට යා හැකි බව ඉන්දියාව විශ්වාස කළහ.
       1948 න් පසු ලංකාව පාලනය කළ නායකයින් ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙසට නොසැලකූහ. ඔවුන්ගේ මනසේ තිබෙන බහු වාර්ගික බහු ආගමික මනස් ගාතය නිසා උතුරේ තිබෙන සිංහල අයිතිය පිළිබඳව ඉන්දියාවට දැනුම් දීමට කිසිදාක නොහැකි වුණි. මෙහි ප්‍රතිඵලය නම් ඉන්දියාව කියන ආකාරයට කටයුතු කරන්නට සිදු වීමයි. පසුගිය තිස් වසරක කාලය තුලම මේ තෙපරබෑම නිසා ලංකාවට අහිමි වූ දෑ බෙහෝ වෙයි. මහින්ද රාජපක්ෂ රජය බලයට පත් කරන ලද ප්‍රධාන බලවේගය වූයේ සිංහල බෞද්ධ ජනතාවයි. රනිල් වික්‍රමසිංහයන් ගේ පාවා දීමේ පාලනයට එරෙහිව තමන්ගේ රටට ඇලුම් කළ විශාල ජනතාවක් මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය පාවිච්චි කළ බව අපි දනිමු. නමුත් මේ රජය බලයට පත් වූ වායින් පසුවද සාම සාකච්ඡා මාර්ගයෙන් කොටි ඉල්ලීම් දිනා දීමට සැලැස්වීමට කටයුතු කළ හැටි අපට අදත් අමතක නැත. මාවිල්ආරු සොරොව්ව වසා ගොවි ජනතාව පීඩාවට පත් කළ මොහොතේ අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාව උතුරට යවා කොටි සමග සාමයට කතා කොට ප්‍රශ්ණය ගොඩින් බේරා ගැනීමට රජය කටයුතු කරන අතර වාරයේ භික්ෂූණ් වහන්සේලා ඇතුල ජාති මාමක බලවේග මැදිහත් වීමත් හමුදාවේ ක්ෂණික පහර දීමත් හේතු කොට ගෙන මහින්ද රාජපක්ෂ රජයට යුද්ධය තොරා ගැනීමට සිදු විය. ඇත්ත කතාව එයයි.
    කොටින් එරෙහිව යුද්ධය මනා සංවිධානයකින් ඇගට ගෙන කරන්නට මේ රජයට සිදු වූයේ ඉන්දියාව ඇතුලු ජගත් බලවේග වලද ආශිර්වාදයෙනි.ප්‍රභාකරන් මේ කාටත් ප්‍රශ්ණයක්ව තිබිම ඊට හේතුවයි.එහෙත් ඔවුන් එලි පිට  විරුද්ධ කම් පෑහ. නමුත් මහින්ද රාජපක්ෂ මහතා සියුලු දහන් ගැට යොදවා මෙම බල වේග හීලෑ කොට යුද්ධය ඉදිරියට ගෙන ගියේය. එය ඔහුගේ පෞද්ගලික දක්ෂ කමකි. එහෙත් ඔහුට කිසිදාක නැවත සිංහල බෞද්ධයින්ට සැලකීමට වුවමනාවක් තිබීනොමැත. එයට හොඳම උදාහරණය උතුරේ නැවත පදිංචි කිරීම් වලදී සිංහලයින්ට තැන නොලැබීමයි. එසේම මේ රජය විසින් පත් කරන ලද උගත් පාඩම් කොමිසම කිසිලෙසකින් වත් රටට හිතකර ලෙසට සිය යෝජනාවලිය සකස් නොකළහ. දෙමළ පිරිසට යමක් දිය යුතු යයි යන පදනමේ සිට සකස් කළ මේ යෝජනාව සිංහලයින්ට මර උගුලකි. ඇමරිකාව දැන් සිය මානව හිමිකම් වාර්තාවන්ට පදනම් කර ගෙන තිබෙන්නේ මේ යෝජනාවයි. එය දඩ මීමා කර ගෙන වරින් වර ඉදිරිපත් කරන සිහි කැඳවීම් වල හරය නම් දෙමල ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් රජය විශාල වැරැද්දක් කර ඇති බවත් උතුරේ අන්‍ය ජාතිකයින් පදිංචි කිරිම අසාධාරණ බවත්ය. එසේම ඉන්දියාව කියන ආකාරයට පළාත් සභා ක්‍රමය නිවරදිව ක්‍රියාක්මක කර බලය බෙදීම නොකිරීම ද විශාල වැරැද්දක් ලෙසට පෙන්වා දී තිබේ.
         වත්මන් රජය සංවර්ධනය පිණිස විශාල වශයෙන් ණය ලබා ගනී. එය සාධාරණී කරනයට ද ඔවුන් නොයෙකුත් කතා ගොතති. විශාල වශයෙන් ණය තුරුස් වලට යටවී ගෙවා ගත නොහැකි වූ පවුලක් බංකොලෙත් වනවා සේම මේ ආණ්ඩුවද දැන් බංකාලෛත් මට්ටමට පත් වී තිබේ. මේ නිසා ඇමරිකාවට ජපානයට මෙන්ම මුස්ලිම් රටවලටද බැගෑපත් වීම ඇරුණුකොට වෙන විකල්පයක් රජයට ඉතිරිව නොමැත. යුද්ධයේ අවසාන දින කීපයේ දී කොටින්ට ආධාර උපකාර කළ රටවල් ගැන විශාල තොරතුරු සමුදායක් හමුදාවට ලැබුණි. ඒවා ඒ දිනවල රස කර කර රූපවාහිනී නාලිකාවලින් ඉදිරිපත් කෙරුණි. ඇමරිකාව නෝර්වේ මෙන්ම ප්‍රංශයද මේ ක්‍රියාවලියේ සිටී. ඔවුන් ප්‍රභාකරන් බේරා ගැනීමට කළ මෙහෙයුම දැන් කිසිවෙකුටත් රහසක් නොවේ. නමුත් ණය උගුලේ හිරවී සිටින ආණ්ඩුව මේ ද්‍රෝහී කම් හෝ ත්‍රස්තවාදය ව්‍යප්ත කිරිමට මේ රටවල් කළ හෙයිම්මාරුව ගැන කතා කරන්නට සූදානම් නැත. මානව හිමිකම් සැසිය ආණ්ඩුවට හොඳ වේදිකාවක් වන්නේ මේ කරුණු කියා පෑමටයි. එහෙත් එසේ වන්නේ නැත. මේ රටේ ඉතිහාසය සිංහල බෞද්ධයින්ට ඉතිහාසයේ සිට සිදුවූ ආසාධාරණකම් මෙන්ම මානව හිමිකම් කැඩීම් ඉන්දියාවේ වර්තමාන ක්‍රියාකලාපය රටේ අභ්‍යන්තර ප්‍රශ්ණ වලට මැදිහත් වීම් මේ සියල්ල කැටි කර ඉතා ශක්තිමත් වාර්තාවත් මානව හිමි කම් සැසියට හෝ එක්සත් ජාතීන්ගේ සමුලුවට ඉදිරිපත් කිරිමට ලංකා රජයේ නියෝජිතයින්ට කොන්දක් නොමැතිවීම බලවත් කණගාටුවකට කාරණයකි.
        මුස්ලිම් රටවල් ඇමරිකානු යොජනාවට පක්ෂව ඡන්දය භාවිත කලේ ඔවුන් ඇමරිකාවට විරුද්ධ වීම නිසාය . එය අපට දැක්වූ විශේෂ පක්ෂපාතිකමක් නොවේ. නමුත් මේ තත්වය පෙන්වා ලංකාවේ දැන් පැණ නැගී ඇති සිංහල බෞද්ධ රැල්ලට අපහාස කිරීම රජයේ පිළිවෙයි. මුස්ලිම් රටවල් වල සහාය නොලැබෙන තත්වයකට පත් කිරීමට පසුගිය දා ඇති වූ නැගිටීම් හේතු වන්නට ඉඩ තිබුණු බව සිය පාක්ෂිකයින් ඇමතූ ජනාධිපතිවරයා ප්‍රකාශ කලේය. නම් නොකියා කියවුණද මෙය බරපතල ප්‍රකාශයකි. තමන්ට ඡන්දය භාවිතා කළ සිංහල බෞද්ධයින් පවා දීමකි.මේ අවස්ථාවේ රට තුල බිහිවී ඇති රැල්ල තමුන්ට අවාසි සහගත වන බව රජය දනී. ඒ නිසා ඇතිවූ තිගැස්මකින් යුක්තව දැන් නිල් රැල්ලක් ඇති කිරීමට ප්‍රයත්න දරති. ඒ පදනමේ සිට පාක්ෂිකත්වය පෙරට දමා සිංහල බෞද්ධයින්ට අපහාස කිරීම කල හැකිය. මේ රැවටීම කොතෙක් දුරට කළ හැකි දැයි අපට සැකයකි.
               

No comments:

Post a Comment