පළාත් සභා චන්දයක් හදිස්සියේ ඉල්ලීමට මේ රටේ ජනතාව අදහස් කලේ නැත. පළාත් සභා
විසුරුවා හැරීමට කාලය තවත් තිබියදීත් ඒවායින් තුනක් විසුරුවා හැර චන්දය පැවැත්වීම
මගින් රජය බලාපොරොත්තු වූයේ ජනතාව උගසට තබා බලය දීර්ඝ කාලීනව රැක ගැනිමට පසුබිම
සකස් කර ගැනීමයයි සිතමි.වර්තමාන රජයේ මැති
ඇමති වරුන් ගැන රටේ යහපත් ප්‍රතිචාරයක් නැත. ඒ මදිවාට ආර්ථික ඝාතක නිළධාරීන් ගැනද
රටේ බුද්ධිමත් ජනතාව තුල ප්‍රසාදයක් නැත. පළාත් සභාවල මහ ඇමතිවරුන් ගේ ක්‍රියා
කලාපයන් ඉතාමත් ජුගුප්සාජනක තත්වයට ඇද වැටී ඇති බව කිවමනා නොවේ. එවැනි තත්වයක්
හමුවේ රජය මෙවර පළාත් සභා තුනෙන් දෙකක ජයග්‍රහණය ඇති කර ගෙන තිබේ. එහිදී එම ජයග්‍රහණයේ
තනිකරම හිමිකරුවා ජනාධිපතිවරයා බව පැහැදිළිවම පෙනේ. ඔහු පළාතෙන් පළාතට යමින්
ජනතාවගේ අදහස් පුබුදුවා ලමින් ඇති කළ මානසිකත්වය මේ ජයග්‍රහණයට හේතු විය. එයින් ගම්‍ය වන අනෙක් කාරණය නම් පළාත් සභා නොතිබුණද මේ රටේ
පරිපාලනය හා සංවර්ධනය කර ගෙන යා හැකි බවයි.
මේ තත්වය
මෙසේ වුවද නැගෙනහිර පළාතේ පළාත් සභා චන්දයෙන් රජයට සිතූ පරිදි ජයග්‍රහණයක් ලැබුණේ
නැත. එය ආසන 14 දක්වා පසුබැස ඇත. රජයක් පිහිටුවනවා නම් දෙමළ සන්ධානය ද මුස්ලිම්
කොන්ග්‍රසය ද එකතුකර ගත යුතුය. මෙවැනි තීරණයකට රජය එළඹිය හොත් පැහැදිලිවම මුස්ලිම්
වර්ගවාදයට හා දෙමළ ජාතිවාදයට නැගෙනහිර පළාත යට කරන්නට ආණ්ඩුවට සිදු වනවා නිසැකය.
එ.ජා.ප ය ද යටකී පක්ෂ දෙක හා සන්ධාන ගත වී බලය පිහිටුවීමට ප්‍රයත්න දැරුවහොත් එම
පළාත් තුල මතු වන්නේ එම තත්වයමයි. මහින්ද
රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වාශය තබා මේ රටේ ඒකීය භාවය වෙනුවෙන් සිය සෘජු චන්දය
භාවිතා කිරීමට මෙ රටේ සිංහල ජනතාව පෙරමුණ ගත් බව නොරහසකි. එසේ දිගින් දිගටම මහින්ද
රාජපක්ෂ මහතා වෙත සිංහල ජනතාව සහයෝගය පළ කර ඇත. රටේ කුමන ප්‍රශ්ණ තිබුණද මැති
ඇමතිවරුන්ගේ නොපණත් කම් තිබුණද ජාතික හෙළ
උරුමය හා ජාතික නිදහස් පෙරමුණ යන ජාතික බල වේග රජය සමග එකතුව සිය ප්‍රධාන අරමුණ වෙනුවෙන් කැපවී
සිටියහ. නමුත් ජාතික බලවේග වලට කෘතගුණ සැලකීම පසෙකින් තබා මුස්ලිම් වර්ග වාදය හා
දෙමළ ජාතිවාදය වර්ධනය කරලීමට ඉතා නග්නව කටයුතු කිරිමට රජය උත්සාහ දරා ඇත. ත්‍රිකුණාමල
දිශාවේ සන්ධාන ලැයිස්තුවෙන් තරඟ කිරීමට ජාතික නිදහස් පෙරමුණට අවස්ථාව ලබා නොදීමට
තීරණය කිරිමෙන් ඒ බැව් තහවුරු කර ඇත. නමුත් මේ රටේ ජාතික බලවේග පිළිබඳව තව දුරටත්
ජනතාව විශ්වාශය තබා ඇති බව මෙම චන්දයෙන් පැහැදිළි වේ. ජයන්ත විජේසේකර මහතාද ජාතික
හෙළ උරුමයේ නියෝජිතයින් දෙදෙනාද මෙවර පළාත් සභාවට ඉහළින්ම පත් වී ඇත්තේ මේනිසාය. උතුර
හා නැගෙනහිර පළාත් ඓතිහාසිකව ගත් කළ සිංහල බෞද්ධ ජනතාවගේ උරුමයකි. ඒ බැව් එහි ඇති
පුරාවස්තුවලින් සනාථ වේ. මෑතකදී යුධ හමුදාව විසින් සොයා දැන ගෙන ඇති සිද්ධස්ථාන
ගැන සලකා බැලූ කල්හි මේ බව සැකයකින් තොරව තහවුරු වේ. එසේම ඒ පළාත් වල කිසිම
ආකාරයකින් ද්‍රවිඩ නිජභූමියක් නොපැවති බවටද හොඳින්ම සනාථ වේ. නමුත් වාර්ගික පවිත්‍රකරණය
නිසා කාලයක පටන්ම උතුර හා නැගෙනහිර පළාත් වලින් සිංහල ජනතාව ජීවත් වන්නේ ඇත. කොටි
ත්‍රස්තවාදය පරාජයට පත් කිරීම වෙනුවෙන් සිය ලේ කඳුලු දහදිය හෙලූ සිංහල ජනතාව
බලාපොරොත්තු වූයේ තමන්ට සිදු වූ ඓතිහාසික අසාධාරණයන් වෙනුවෙන් රජය ඉදිරිපත්වනු ඇතැයි
කියාය. ඒ සඳහා සිය වාස භූමි වල නැවත පදිංචිකිරීම සිදුවනු ඇතැයි උදක්ම ප්‍රාර්ථනා
කළහ. එසේම මූදු මහා විහාරය වැනි
සිද්ධස්ථාන වලට අයත් සඟ සතු ඉඩ කඩම් නිරවුල් කර දේ යයිද බලාපොරොත්තු විය.නමුත් සිදු
ඇත්තේ වෙනත් දෙයකි. ඉන්දීය රජයේ අවශ්‍ය තාවය මත කටයුතු කළ රජය සිංහලයින් පදිංචි කිරිමට මැළි කමක් දැක්වීය.
හමුදා කඳවුරු මේ ප්‍රදේශ වල තිබීම පවා ජාත්‍යන්තරව විවේචනයට ලක් වී ඇති අතර සිංහල
ජනතාව වෙනුවෙන් රජය කිසිම ආකාරයකින් හඬක් මේ වනතුරු නගා නොමැත. සිංහලයින් නැවත
පදංචි කරලීමේ දී නොයෙකුත් නීති රීති වලට යටත් කොට ඔවුන් අධෛර්ය කිරීම දිගින් දිගටම
සිදු වේ. පදවිය වාහල්කඩ වැනි ප්‍රදේශ වල
හා මැද රට කඳුකරයේ ද ඉඩම් නැති විශාල පිරිසක් සිටින බව පැහැදිළිය. රජය කළ යුත්තේ
ජන අනුපාතය අනුව උතුර හා නැගෙනහිර ප්‍රදේශ වල මේ ජනතාව පදිංචි කරවීමයි. නමුත්
එවැනි සාධනීය පියවරකට රජය නොඑළඹුණ බව කවුරුත් දන්නා කරුණකි. පසුගිය වසර සියය තුල
යාපනයේ ජීවත්ව සිටි සිංහල ජනතාවට පවා එවැනි අවස්ථාවක් නොලැබුණ බවද සත්‍යයකි. එවැනි
කෙනෙහිලිකම් මධ්‍යයේ වුවද උතුරුමැද ජනතාව රජය වෙත සිය චන්දය ප්‍රකාශ කර තිබේ. නැගෙනහිර
පළාතේ චන්දයේ දී රජය ගත් පිවරයන් කිසිසේත්ම අනුමත කළ නොහැකිය. රාජ්‍ය දේපළ මැතිවරණ
ව්‍යාපාරය සඳහා භාවිතා කිරීම ඇරුණු කොට මුස්ලිම් වර්ග වාදය ඉදිරියේ ඉතාමත් නිවට
ලෙසට යටහත් පහත්ව කටයුතු කරන්නට සන්ධානයට සිදු විය. මේ රටේ මහ ජාතියක් නැතැයි
කියමින් සිංහල ජනතාවට අවමන් කළ රජය මුස්ලිම් වර්ග වාදයට උඩගෙඩි දුන්නේ ඔවුන් ගේ
චන්දය බලාපොරොත්තුවෙනි. එහෙත් එය ඉටු වූයේ නැත.මුස්ලිම් වරුද සිය ආගමික අන්තවාදයෙන්
හොඳ හැටි පෝෂණය වී තිබේ. අප කුඩා කාලයේ සිටි සිංහල මුස්ලිම්වරු අද දක්නට නැත.
ඔවුහු සිංහල පාසල් වලට යමින් සිංහල ජනතාව නිසා සිය ව්‍යාපාරික කටයුතු කරමින්
සමගියෙන් ජීවත් වූහ. එහෙත් අශරොෆ් ගේ වර්ගවාදි හැඟීම් වලට යටවුණු චන්ද්‍රිකා
මැතිණිය මේ සුලු පිරිසට අවශ්‍ය පරිදි දේශපාලනය හැසිරවීමට ඉඩ දුන්හ. වර්තමාන රජයද
එම තත්වය තව දුරටත් ඉදිරියට ගෙනයයි. දෙමළ සන්ධානයද දෙමළ රාජ්‍ය පක්ෂය නැමැති බෝඩ්
ලෑල්ල පෙරටු කර ගෙන ඊළාම් මතවාදය වෙනුවෙන් පෙනී සිටී.. මෙයින් කියවෙන්නේ ජාතිය
එකලස් කරලීමේ රජයේ ව්‍යපෘතිය තව දුරටත් අසාර්ථක වී ඇති බවයි. ඒ වෙනුවට වර්ගවාදය හා
ජාතිවාදය තවත් වටයකින් ඉදිරියට ගෙනවිත් ඇත. මුස්ලිම් දෙමළ අය අන්තවාදයට නැඹුරු වන
විට සිංහල ජනතාවද ඒ මග ගන්නා බැව් රහසක් නොවේ. නැගෙනහිර පළාතෙන් එක්සත් ජාතික
පක්ෂයට බහුතර සිංහලයින් ගේ කැමැත්ත ලැබී ඇත්තේ ද ජාතික බලවේග ඉදිරියට පැමිණ ඇත්තේ
ද ඒ නිසාය. එක්සත්
ජාතික පක්ෂය හා එකතුව නැගෙනහිර පළාත් සභාව පිහිටුවීමට රජයට අදහසක් පැමිණීම ද
සිහිනයකි. ඒ වෙනුවට මුස්ලිම් දේශපාලකයින්ට හා සම්බන්දන් වැනි ජාතිවාදීනට කප්පම්
ගෙවමින් රජයක් පිහිටවීමට සන්ධානය තල්ලු වන ආකාරයක් දැන් පෙනේ. මේ ඊනියා දේශප්‍රේමිත්වය
කුමක්දැයි ප්‍රශ්ණ කිරීමට කිසිවෙකුත් නැත. නැගෙනහිර පළාත තුලින් අවසාන සිංහලයා
එළවා දමන තෙක්ම මේ පාවාදීම් සිදුවනු ඇතැයි යන්න ඉරහඳ මෙන් පැහැදිළි කාරණයක් වී
තිබේ. එයට හේතුව වර්ගවාදය හා ජාතිවාදය පවතින්නේ
බලයත් සමග බැවිනි. නමුත් සිංහල ජනතාවගේ
බලය තහවුරු කළහොත් මේ ගෝත්‍රික බෙදීම් වෙනුවට සැබෑ ජාතික සමගිය ඇතිවනු
නිසැකය. එය තේරුම් ගන්නට සමතෙක් අද අප අතර සිටී දැයි ප්‍රශ්ණයකි. එසේ වූයේ නම් එය
සමස්ත ජාතියේම වාසනාවක් බවද කිව යුතුය.
සිංහලකම බෞද්ධකම ගැන කතාකිරීමත් ජාතිවාදයට උඩගෙඩි දීමක් යැයි මොරදෙන සම(හරක්) අය සිටින මේ යුගයේ නිර්භයව මේ කාරණා ප්‍රකාශ කිරීම ගැන ඔබතුමාට මාගේ ප්‍රණාමය
ReplyDelete