යාපන දිස්ත්‍රික්කයේ එකම සිංහල ගම්මානය
පිහිටා තිබෙන චාවකච්චරි ප්‍රා දේශීය සභාව විසින් අරුම පුදුම නිවේදනයක් නිකුත් කර
තිබේ.නාවක්කුලි හි දුම්රිය ස්ථානයට යාබදව
පවත්වාගෙන යනු ලබන සමිද්ධි සුමන විහාරස්ථානයේ පිහිටුවා තිබෙන වන්දනා කරුවන්ට තිබෙන
විශ්‍රාම ශාලා පහසුකම් වහාම නවතා දමන ලෙසටත් එසේ නොකළහොත් නඩු පවරන බවටත් මේ
නිවේදනයේ කියා තිබේ.මේ පිළීබඳව පුවත් පත් වල පළ වී තිබෙන වාර්තා අනුව නාවක්කුලියට
පමණ් නොව යාපනයේ සිංහල ජනතාව ජීවත් වන තවත් ප්‍රදේශ වලටත් මේ නීතිය බලපවත්වන්නට
ඔවුන් කැස කවන බව පෙන්නුම් කෙරේ.
දෙමළ ඊළාම් මතවාදයෙන් පෝෂණය වූ වර්ගවාදී මෙහෙයුම් ආරම්භ වන්නේ කන්කසන්තුර මහජන
මන්ත්‍රීවරයාව සිටි එස්.ජේ.වී. චෙල්වනායගම් මහතාගේ උසි ගැන්වීම් මත 1950 දශකයේය.බොහෝ
සාමකාමීව තිබූ උතුර ගිනි ගැනීම්වලට ලක්වන්නේ ඔහුගේ උග්‍ර වර්ගවාදී හැසිරිම් වලට
ආකර්ශණය වූ දෙමළ තරුණයන් රට බෙදීමේ ව්‍යාපාර වලට තල්ලු වී යෑමෙන්ය.මේ නිසා යාපන
දිස්ත්‍රික්කයේ සිටි විසිහතරදහසකට අධික සිංහල ජනතාවට පමණක් නොව මුස්ලිම් ජනතාවට සහ
මේ දෙගොල්ලන් සමගම සමගියෙන් සිටි දෙමළ ජනතාවත් මහත් සේ පීඩාවට පත් වූශ.
උත්තර පස්සය, උතුර සහ නාග ද්වීපය යනුවෙන් හඳුන්වන කලාපය
තුළ අතීතයේ දී පැවති බෞද්ධ සභ්‍යත්වය සතුරු ආක්‍රමණ හේතුවෙන් වැනසී ගියේය. ඇතැම්
තැන්වල රහතුන් වහන්සේලා පමණක් හයසීයයකට අධික සංඛ්‍යාවක් වැඩ වාසය කළ බව වංශ කතා
දක්වන අතර යම් මුහුද ගොඩ ගැලීමක් නිසා මේ ප්‍රදේශය විනාශ වීමෙකට ලක්ව මීටර තුනක පමණ
වැලි තට්ටුවකින් වැසී ගොස් ඇති බව මෑතකදී කළ පුරාවිද්‍යත්මක කැණීම් වලින් හෙළි වී තිබේ.
කදුරුගොඩ විහාරයේ පවතින නටබුන් චෛත්‍ය වලට යටින් පූර්ව යුග වලදී ඉඳි කරන ලද බෞද්ධ
නටබුන් රැසක් තිබෙන බව මේ සොයා ගැනීම් වලින් තහවුරු වී තිබේ.දහ අට වන සියවස් වලදී
උතුරට ගෙන්වන ලද වහල් ශ්‍රමිකයන් වන මලබාරයන් නිසා මේ ජන ශූන්‍ය වූ භූමිය නැවත
වහල් ජනපද වශයෙන් ජනාවාස කර ඇත.ලන්දේසීන් විසින් අඳින ලද පැරණි සිතියම් වලින් ඒ
බැව් සනාථ වේ.මෙකී ජනාවාස භූමි වල සාරය විදෙස් වලට යැවුණූ අතර මලබාර් දෙමළ ජනයා
ඉතාමත් දුක්ඛිත ජීවිතයක් ගත කළහ. ලන්දේසි ආධිපත්‍යය ලිහිල් වී යෑමෙන් පසු මේ ජනයා
පාලනය කිරීම උදෙසා නැවතත් මලබාර් දිස්ත්‍රික්ක වලින් වත් පොහොසත් කම් ඇති වෙල්ලාල
ජනයා යාපනයට පැමිණියහ. ඔවුහු ලන්දේසීන් ගෙන් සහ පසුව ඉංග්‍රීසින් ගෙන් ඉඩම් මිළදී
ගෙන වහල් ජනපද පාලනය කළහ. මේ වන විටත් යාපනයේ ජීවත් වූ සිංහල ජනයා වන මඩප්පිලි
ගොවි කුලය සහ ඉන්දීය වෙල්ලාල වර්ගය ෙඇතැම් විට එක සමාන කර ඇතද සිංහලයන් බෞද්ධයන්
වූ බවද මලබාර් වෙල්ලාලයන් හින්දූන් වූ බවද පැහැදිලි කළ හැකිය. ලන්දෙසි පල්ලි ඉඳි
කළ ඇතැම් ප්‍රදේශ වල සිටි සිංහල බෞද්ධ
ජනතාව ගැන බල්දෙයස් නම් ලන්දේසි පූජක තැනගේ විග්‍රහයෙන් ඒ බැව් පැහැදලි වේ.
නාවක්කුලිය ,කදුරුගොඩ, උඩුප්පිඩිය ,චුන්නාකම කැස්බ දූව නොහොත් කයිට්ස්, බූරු දිවයින නොහොත් ඩෙල්ෆ්ට්, කාරතිවු නොහොත් කාර දිවයින එලෙස සිංහල
ජනතාව ජීවත් වු ප්‍රදේශ අතරට ගැනේ. ඉංග්‍රීසීන් ගේ කාලයේ දී මේ ප්‍රදේශ වල සිටි
සිංහල ජනයා අභිබවා දෙමළ ජනගහනය වර්ධනය වන කල්හි ඇතැම් සිංහලයන් වන්නියට සහ
අනුරාධපුරයට සංක්‍රමණය වී ඇත. නමුත් ලංකාවට නිදහස ලැබීමෙන් පසු උතුර යළි ක්‍රමයෙන්
සිංහල ව්‍යාපාරිකයන් ගෙන් පිරී ගියේය. බේකරි කර්මාන්තය ,ගරාජ නොහොත් කාර්මික වැඩ පළ වල් මේ අයගේ ප්‍රධාන
ජීවනෝපාය වීය. හතළිහේ දශකයේ දී උතුරේ විහාරස්ථාන යළි ඉඳි වීමෙන් පසු ඒවායේ වන්දනා
කරුවන් සඳහා නවාතැන් පහසුකම් ඇති විය. දායකයන් නොමැතිව වන්දනා කරුවන් නිසාම
පැවතුණු මෙවැනි විහාරස්ථාන නඩත්තු වූයේ ඒ ශත්තියෙනි. අසූව දශකයේ ඇරඹුණු යුද්ධයෙන්
පසුව 1985 දී පමණ උතුරේ සිටි සිංහල ජනතාව ඝාතනයය ලක් වීමෙන් සහ පහරදීම් වලින්
පීඩාවට පත්ව දකුණට සහ අනාථ කඳුවරු වලට සංක්‍රමණය වූහ.නාවක්කුලියේ තිබූ සිංහල පාසල විනාශ කරන ලද අතර සිංහල ජනතාවට
උන්හිටි තැන් නැතිවූහ. 2009 වසරේ දී යුද්ධය හමාර වූ පසු අවතැන් ව සිටි නාවක්කුලියේ
සිංහල පවුල් 180 ක් 2010 දී නැවතත් උතුරට
ගොස් බැලූ විට ඔවුන් පරිහරණය කළ ඉඩම් කොටි මහවිරු පවුල් විසින් අත්පත් කරගෙන තිබුණි. එහිදී ඔවුන්
නවාතැන් ගෙන තිබුනෙ දුම්රිය ස්ථානයේ බව එකල පුවත් පත් වාර්තා කළහ. අනතුරුව මේ
ජනතාවගේ උද්ඝෝෂණයන් නිසා එංගලන්තයේ සිටින සිංහල ජනතාවගේ ආධාරයෙන් උපතාරයෙන් සහ
සිංහල රාවයේ මෙහෙයවීමෙන් නාවක්කුලියේ නිවාස සංවර්ධන අධිකාරියට අයත් පොල් වත්තක
ඉඩම් කට්ටි කීපයක් ලබාගෙන පදිංචි වන්නට ඉඩ ප්‍රස්ථා ලැබිණ. අනතුරුව දුම්රිය
ස්ථානයට යාබදව විහාරස්ථානයද ඉඳි කිරීම ආරම්භ කළද මන්ත්‍රී ශිවාජිලංගම් ගේ විරෝධය
හමුවේ එවකට පැවති ප්‍රාදේශිය සභාව විසින්
වාරණයක් ගැනීම නිසා අතර මග නැවතුණි. නමුත් නඩු කටයුතු වලදී එවකට සිටි ශ්‍රී නිධී
නන්දසේකරන් මහේස්ත්‍රාත් තුමිය විසින් දෙන ලද අපක්ෂපාතී තීන්දුව නිසා යළිත්
නාවක්කුලි විහාරස්ථානය ඉඳි කරලීමට අවස්ථාව ලැබුණි.අද වන විට උතුරේ බෞද්ධ සිද්ධස්ථාන
වන නාග ද්වීපය, තිස්ස විහාරය, නාග විහාරය සහ කදුරුගොඩ ආදීයට වන්දනාවට යන
සැදැහැවතුන් සඳහා නවාතැන් පහසුකම් සපයන ස්ථාන අතරින් ප්‍රමුඛ තැනක් ගන්නේ නාවක්කුලි
විහාරස්ථානයයි. වන්දනාකරුවෝ එහි නවාතැන් ගෙන උයා පිහා ගෙන ගිමන් නිවා ගෙන විහරස්ථානයටත්
මූල්‍යමය ශක්තියක් වී පිටත්ව යති.
වර්තමානයේ පත්ව සිටින චාවකච්ඡරි ප්‍රාදේශීය
සභාවේ පාලන අධිකාරියට ප්‍රශ්ණයක්ව තිබෙන්නේ මේ ක්‍රමවේදයයි.ඔවුහු ඉතාමත්ම වර්ගවාදීව
කටයුතු කරමින් සිටී.මේ අතර දෙසැම්බර්
මාසයේ 12 13 සහ 14 යන තෙදින තුළ සංහිඳියාව උදෙසා ජාතික දිනයක් රජය විසින් ප්‍රකාශයට
පත් කර තිබේ.සියලු ජාතීන් සහ ආගම් නියෝජනය කරමින් මේ දිනය උත්කර්ශවත් කිරීම ද
සංස්කෘතික අවස්ථාවන් ප්‍රදර්ශනය කිරීම ද සිදු කිරීමට මේ වන විට අමාත්‍ය මණ්ඩල
අනුමැතිය හිමිව තිබේ. වෙන් කළ මුදල මිලියන තුන්සීයකි.රටේ අතැම් පිරිස් විශේෂයෙන්ම
උතුර සහ නැගෙනහිර පළාත්වල දේශපාලන නායකයන් විසින් රටේ නීතියට ද පයින් ගසා
සංහිඳියාවට බාධා කරන වර්ගවාදී ඇවිස්සීම් සිදු කරන කල්හි උසාවි නියෝග පවා නොතකා විහාරස්ථාන ඉදිරියේ
කලහකාරී අන්දමින් හැසිරෙන කල්හි රජය පැත්තෙන් දියත් කරන සංහිඳියාව ගොළු වී ඇත.
නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ තොප්පිගල ආසන්නයේ දිවුලපතාන නමැති පාරම්පරික
ගම්මානයේ ජීවත් වූ සිංහල ජනතාවට නඩු දමා එළවා දැමීමට කටයුතු කරන ලද්දේ පසුගිය
රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවයි. ඒ මගම ගනිමින් ඒ ජනතාව මඩකලපු දිස්ත්‍රික්කයෙන් ඉවත්
කර අම්පාර පමණක් කේන්ද්‍ර කොටගෙන ඉඩම් බලපත්‍ර ලබා දීම සිදු කරන්නේ මඩකලපු දෙමළ
මන්ත්‍රීන්ගේ ඉල්ලීම් මතයි. මේ කිසිවක සංහිඳියාව නැත.ප්‍රායෝගිකව සංහිඳියාව සඳහා
කැප වන්නේ දකුණේ සිංහල ජනතාව පමණකි. කෝවිලක් සැදුවත් පල්ලියක උත්සවයක් තිබුණත් ඒ
සැම විටම කරුණාවෙන් මෛත්‍රියෙන් සැළකීමටත් ඒ සංස්කෘතික උත්සව වලට සාභාගි වීමද සිංහල ජනතාවගේ සිරිතකි.ජාතික දිනයක්
කෘතිමව නිර්මාණය කර සර්ව ආගමික උත්සව පැවැත්
වීම තුළින් ඒ අයට අලුතින් ඇතිවන හැඟිමක් නැත. රජය නාවක්කුලිය ගැන මේ වන තෙක් කිසිදු
ප්‍රකාශයක් සිදු කර නොමැත.ජාතිවාදය අවුස්සන්නේ යැයි පවසා නැත.රටේ අනෙක් පළාත් වල
පාතාලේ ක්‍රියාකාරකම් සිදුවන විට විපක්ෂයට ඇගිල්ල දිගුකරන ආණ්ඩුව උතුරේ වර්ගවාදය පෝෂණය කරමින් නිහඬවම
බලා සිටී.චාවකච්ඡරි දේශපාලනයේ වර්ගවාදී කොඩි දකුණේ ඉස්සීමෙන් කිසිවෙකුට පලක් නැත.
රටේ සංස්කෘතික උත්සව විශේෂයෙන් අවුරුදු දින වැනි සුවිශේෂි උත්සව තිබෙද්දී විශාල
මුදල් කන්දරාවක් වියදම් කිරීමෙන් පෙනෙන්නේ ආණ්ඩුව කරන ඇත්තන් ගේ බංකොලොත්භාවයයි.
මතුගම
සෙනෙවිරුවන්
No comments:
Post a Comment