සීතාවක රාජ්‍යය
බිඳ වැටීමේ කාලවකවානුව තුළ ශාසනික වශයෙන් සිදු වූ පරිහානියත් සමග මෙරට පැරණි අධ්‍යාපන
ක්‍රමයද අභාවයට පත් විය.ඉන් පසු සරණංකර සංඝරාජ සමයෙහි
පුනර්ජීවනයට පත් ශාසන සම්ප්‍රදාය සහ මෙරට අධ්‍යාපනයට මූලික වූ මහඟු ග්‍රන්ථයක්
වූයේ වදන් කවි පොතයි. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ දවස දී ශාස්ත්‍රඥයෙකු ලෙසට ප්‍රකටව
සිටි අත්තරගම බණ්ඩාර පඬිතුමන් විසින් මෙම
කාව්‍යග්‍රන්ථය රචනා කරන ලද බව දැක්වේ. එතුමා තම තරුණ කාලයෙහි දිම රාජ කුමාරවරුනට
අකුරු ශාස්ත්‍රයට ගුරු වූ නිසා රාජගුරු යනුවෙන් ද ප්‍රකට වූහ.
තිබූ තැනක සොර
සතුරන් ගත නොහෙනා - එසැඬ මනාවන් වතුරෙන් වල නොයනා
කෝප වුවත් රජ
මැතිඳුන් ගත නොහෙනා - උගතමනා ශිල්පය මයි
මතු රැකෙනා යැයි වදන් කවිපොතේ දක්වයි.
ශිල්ප ශාස්ත්‍ර
සේවනයෙහි යෙදීමට අකුරු ශාස්ත්‍රය මනා ලෙස ප්‍රගුණ කළ යුතුය.පරංගි යුද්ධ, ලන්දේසි යුද්ධ වලින් බියෙන් ඇළලී වල් වැදි
සිටි ජනතාව ඉන් මුදවා ගැනීමට සංඝරාජ මහා හිමි පාණන් ඇති කළ අධ්‍යාපන පරිසරය තුළ
අකුරට යන්නට මැළි කළ දරුවන් ට මෙන්ම චණ්ඩ ගති ප්‍රකට කළ දරුවන්ට ද මතක සිටින ලෙස
මේ කව ලියා ඇත.
පොල් ඉරටේ අණ
තදකර ගතිම්මා - ඉන් ඔල මොළ කමකට සිත
නොයම්මා
දැන් නිසලව ඉඳ
අකුරුත් කියම්මා - ඉන් අප දඟ ගේක ලූදැය
අපෙ අම්මා
කුඩා කළ
දරුවන් ගේ හැසිරීම දඟකාරය. කොල්ලන්ටත් බල්ලන්ටත් නළියන්නේ නැතිව සිටින්නට බැරි බව
දෙමාපියන් දනී. ඒ නිසා ගොවිපළෙහි පියා සමග වැඩට යන්නට සැලැස්වුහ.අතීතයේ නම් අංගම්
ඉළන්ගම් හරඹ සමග මේ තරුන ගාය මෙල්ල වූ බව වැඩිහිටියෝ කියති.සෙල්ලමත්, දැනුම ලබා ගැනීමත් ඒ සැම තැනකින්ම සිදු විය. ගැහැණු දරුවන් ගේ දැනුම මුලු තැන්ගෙයි
ඇසුරෙහිම වැඩිණ.අල පලාවන් සහ දර සොය ගිය ඔවුහු
සමාජ ආශ්‍ර යෙන් හොඳ නරක දැන ගත්හ.දරුවන් හදා වඩා ගැනීමෙහි පරිචයක් ලැබූහ.
නමුත් පිරිත් පොත කියවන්නට සකස්කඩ, ඝණදෙවි හෑල්ල
,නම්පොත කියවන්නට අකුරු දැන ගත යුතු විය. බාල
කළ සිටම පණ්ඩිතයෙක් බව පෙනේ නම් පන්සලේ ගුරුගෙදර වැඩි දුර ශික්ෂණයට යෙදවිය යුතු
විය.දහම් පොත් පත් පරිශිලනයට පෙළඹවිය යුතු විය.කොලු දඟ කාරකම් මඩින්නට ඇතැම් විට
වේවැල අතට ගන්නට සිදු විය.හැඳි නොගෑ හොද්ද කැටි වනවා සේ ශරීරයේ අනුමත තැන් වලට
මෘදු පහරක් දීමෙන් ගත සිත අවදිවන බව දෙගුරුන් දැන සිටියහ.වැලිපිල්ලේ අකුරු ලියන
විට ක්ෂණිකව මොළය කරා සන්නිවේදනය වන්නාක් මෙන්ය.එසේම වැඩිහිටියන් වෙත කීකරු
වන්නටත් ගෞරව කරන්ටත් උපතින් පැමිණෙන උද්දච්ච කම් මඩින්ටත් මාර්ගය පාදා තැබූහ.
බ්‍රිතාන්‍ය රජුට ගිවිසුමකින් රට භාර
දෙන්නට සිදු වූයෙන් රටේ අධ්‍යාපන පුනර්ජීවනය තවදුරටත් සිදු නොවීය.ඒ වන විට පන්සල්
ආශ්‍රිතව පාසල් හය දහසක් තිබුණු බව ලංකාවට පැමිණි මිෂනාරීන් වාර්තා කර තිබේ.ඔවුන්ට
අවශ්‍ය වූයේ පන්සල අභිබවා පල්ලිකුඩම් වල ආගමික අධ්‍යාපනයක් ආරම්භ
කිරීමයි.වෙස්ලියන්, බැප්ටිස්ට් සහ
ඇන්ග්ලිකන් නිකාය මගින් පාලනය වන ඉස්කෝල ආරම්භ වූයේ රජයේ අනුග්‍රහයෙනි රොබට් බ්‍රවුන්රිග්
එයට පූර්ණ අනුග්‍රහයක් දැක්වූහ.මෙරට නිදහස් අධ්‍යානයේ පියා ලෙසට හඳුන්වන
සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මහතා සිය මූලික අධ්‍යාපනය ලබා ගත්තේ වෙස්ලියන් උසස් පාසලෙනි. පසුව ගාල්ලේ රිච්මන් විදුහලට
ඇතළත් විය. බෞද්ධ ළමයෙකු වුවද ඔහුට හැදී වැඩීමට සිදු වූයේ කතෝලික ආගමික පරිසරයක් තුළය.
නේවාසිකාගාර පුහුණුව බටහිර ක්‍රමයට විය. මේ කාලයේ බෞද්ධ පාසල් රට පුරා ව්‍යාප්ත වූ
සමයයි. පූජ්‍ය දොඩන්දූවේ පියරත්න තිස්ස මාහිමියන්ගේ ආරාධනයෙන් ලංකාවට සැපත් කර්නල්
ඔල්කට් තුමා විසින් පරම විඥාණාර්ථ පාසල් ඇති කිරීම නිසා මිෂනාරි පාසල් හා තරඟ
කරමින් ස්වභාෂා අධ්‍යාපනයක් සහ නවීන අධ්‍යාපනයක් තහවුරු කරලීමට උත්සාහයක් විය.
1931
ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ රැස්කළ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපන විධායක
කමිටුවේ සභපති ධූරයට පත් වූයේ කන්නන්ගර
මැතිතුමාය. මේ වන විට දහනව වන සියවසේ සිදු වූ අධ්‍යාපන පෙරළිය පිළිබඳවත් මිෂනාරි
අධ්‍යාපනය නිසා රටේ සංස්කෘතියට සහ ඉදිරි ගමනට ඇති වූ පසු බෑමත් ගැන පුළුල්
අවබෝධයක් ඇතිව එතුමා විසින් සිය මුල්ම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 1932 දී පමණ ආරම්භ
කරන්නට යෙදුණි.මේ වන විට දිවයින පුරා බෞද්ධ පාසල් 240 ක් ක්‍රියාත්මක වූ අතර 1162 ක් වූ අනෙක් සියලුම පාසල් විවිධ ආගමික නිකායන් මගින්
පාලනය කරන්නක් විය. ඒවායෙහි ආගම ඉගැගැන්වීම
කෙරෙහි උනන්දුවක් දක්වා නොමැත. ස්වභාෂාවද නොසලකා හැර තිබුණි. ඒ නිසා යම් ප්‍රතිසංස්කරණයකදී
අන්වාර්යයෙන්ම ස්වභාෂා ඉගෙනීම ශක්තිමත් කිරීම සිදු කළ යුතු විය. එම නිසා කන්නන්ගර
මහතා විසින් සෑම පාසලකම ස්වභාෂා අධ්‍යාපනය දියුණු කරලීමට උත්සාහ ගන්නා ලද අතර ඉංග්‍රීසි
දෙවන බස ලෙසට හැදෑරිමට උනන්දු කරවන ලදී. මෙම ක්‍රමයට ආගමික නිකායික පාසල් විරුද්ධ
වූ නමුත් නොපැකිළව තම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දහිරිය එතුමා තුළ
පැවතිණ. ඉන්පසු එම වසරේ මහනුවර ගම්පළ අසළ
හන්දෙස්ස ග්‍රාමයේ මෙරට කලා ශිල්ප පදනම්
කොට ගත් අධ්‍යාපනයක් ලබා දීම සඳහා වැඩ සටහනක් ආරම්භ කර ඇත එහි පළමු පියවර වශයෙන්
ආදර්ශ පාසල් 13 ක් ක්‍රියාත්මක කොට එය
සාර්ථක වූ පසු අනෙක් පළාත්වලට ද ආදේශ කොට පාසල් 79 ක දක්වා ව්‍යාප්ත කරන ලදී. මෙතෙක් නොසලකා හැර තිබු මෙරට මූලික ශිල්ප කලා
දැනුම අදාළ පරම්පරාවට පමණක් නොව සියලුම දෙනට ලබා දීමේ අරමුණින් අධ්‍යාපන අරමුණු
පුළුල් කරනු ලැබිණ.
මෙතෙක් ගුරු ගෙදරට සීමාව තිබූ අකුරු කරවීම
ඇතුළු ඉගැන්වීම් වලින් ඔබ්බට ගිය ප්‍රතිසංස්කරණයන්හි අරමුණ වූයේ ගුරු ගෙදෙර විදු
ගෙදරක් බවට පත් කිරීමයි.මේ වන විට රට පුරා ක්‍රියාත්මක වූ බෞද්ධ පාසල් එතුමාගේ ක්‍රියාවලියට
නොමද සහායකින් ඉදිරිපත් විය.දෙඩෙන්දූවේ පළමු බෞද්ධ පාසල මෙන්ම රටපුරා පන්සල් අසල
සකස් කළ එවැනි පාසල් පදනම් කොට ආධාර ලබන පාසල් ලෙසට ඒවායේ බෞද්ධ අධ්‍යාපනය මෙන්ම
නවීන අධ්‍යාපන ක්‍රම ද ඇතුල් කිරිමට උනන්දු කරවනු ලැබූහ.මේ පාසල් වල ග්‍රාමීය කෘෂිකර්මයට
වැදගත් තැනක් ලැබුණි. පාසලේ ගෙවත්ත ද කුඹුර ද වගා කිරීමට ළමුන් යොදවනු ලැබූහ.ඒවායේ
අස්වනු විකුණා ලද මුදල් ළමුන් ගේ ඉතිරිකිරීම් පාස් පොත් වලට දමා ඉතිරි කිරීම ට
පදනම ඇති කළහ.ආර්ථික වශයෙන් සමෘද්ධිමත් බෞද්ධ ජනතාවක් ඉදිරියට ගැනීම ඒ අරමුණු අතර
විය.1937 වර්ෂය වන විට මෙකී ග්‍රාමීය අධ්‍යාපන ක්‍රියාවලිය තුළ ශාස්ත්‍රීය විෂයයන්
කෘෂිකර්මය ඇතුලු ග්‍රාමීය විද්‍යා විෂයයන් වඩු වැඩ යකඩ වැඩ ඇතුළු කාර්මික පුහුණුව
දියුණු කරන ලදී. 1939 වසර වන විට මේ ආකාරයෙට සාර්ථකව පාසල් 253 ක් තුළ මෙම ග්‍රාමීය
අධ්‍යාපන වැඩ සටහන් ස්ථාපිත කරතිබුණි.
1945 වසරේ නිදහස් අධ්‍යාපන පනත සම්මත කර
ගන්නා විට 1939 ආඥා පනත මගින් ද ඇති කර ගත් බලතල අනුව කන්නන්ගර මහතාගේ මූලික අභිප්‍රායන්
සාර්ථක අඩියකට පත්ව තිබුණි. එම අධ්‍යාපන
මූල ධර්ම විදෙස් රටකින් ක් නොව එතුමාගේ සහ බෞද්ධ පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් හදා වඩා
ගත්තකි. ඒ අනුව ඊළ පියවර වූයේ ගුරුවරුන් පුහූණ කිරීම උදෙසා අඩිතාලමක් තැබීමයි. ඒ
අනුව 1934 දී මීරිගම කෘෂිකර්ම පහුණු මධ්‍යස්ථානය ද 1936 න් පසු ගුරු අභ්‍යාස විද්‍යාල කීපයක්ම බිහි කරන ලදී.
ඉන් 1946 වසරේ ගිරාගම සෞන්ර්ය ආයතනයද මහරගම ගුරු අභ්‍යස විද්‍යාලය ද කැපී පෙනේ.ඒ
ගුරු විදුහල් වලින් පිටවූ ගුරු ශිෂ්‍යන් සඳහා සකස් කළ ප්‍රතිඥාවත් ද විය.'සිතින් ද කයින් ද වචනයෙන්ද ශිෂ්‍ය පරම්පරාවට
ගුරු කුලයට මාතෘ භූමියට හා මනුෂ්‍ය සංහතියට ද අචල භක්තියෙන් යුක්තව ජාති කුල ආගම
භේදයෙන් සහ සතර අගතියෙන් තොරව ගුරුවරයෙක් වශයෙන් සේවය කිරීමටත් ගුරු සේවානුබද්ධ
සකල සම්ප්‍රදායන් සපුරා ආරක්ෂා කිරීමට සහ ආදර්ශමත් චරිතයක් හා පෞරුෂයක් මා තුළ
මෙන්ම ශිෂ්‍ය පරම්පරාව තුළද සංවර්ධනය කිරීමටත් අධ්‍යාත්මක ගුණ වගාව ඥාන පූරණය හා
ශිල්ප ශාස්ත්‍ර දානය සඳහා මගේ පූර්ණ හ්‍රමය යෙදිමටත් ප්‍රතිඥා දෙමි' යනුවෙන් එහි දැක්වා ඇත.
මේ අනුව බලන
කල්හි කන්නන්ගර අධ්‍යාපන ක්‍රමය තුළ තිබූ උදාර ගුණ සමුදාය තුළින් නව ලොවක් බිහිකර
ගැනීමට', ජාතියක් ඉහළට ඔසවා තැබීමට ගත් වෙහෙස මනාව ප්‍රකට වේ. අවාසනාවකට
මිෂනාරීන් ගේ සහ සමසමාජ පාක්ෂිකයන්ගේ වුවමනාවට කන්නන්ගර මහතා මතුගම ආසානයෙන්
පරාජයට පත් කිරීමෙන් පසු 1951 දී අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු ලෙසට එච්.ඩබ්. වුඩ් හවුස් නම් ඉංග්‍රීසි ජාතිකයෙකු පත්
කිරීමෙන් පසු ග්‍රාමීය අධ්‍යාපනය නොසලකා හැර නැවතත් පංති කාමරය මූලික කරගත් ශාස්ත්‍රීය
අධ්‍යාපනයට පමණක් මුල් තැන් දුන්හ. ඒ නිසා නිදහස් අධ්‍යාපනයේ තිබූ උදාර අරමුණු
විනාහ කරනු ලැබිණ. අද අප කළ යුත්තේ ඒ ප්‍රතිපත්ති වලින් බැහැරව විදෙස් උපදෙස් අනුව මොඩියුල ආරෝණය කිරීම
නෙව කන්නනන්ගර චින්තනයෙන් පදනම දැමූ විදු
ගෙදරට මෙරට සම්ප්‍රදායත් ෙමන්ම විශ්ව
දැනුමත් එක් කර ආත්ම අභිමානයෙන් සහ ජාතික
අභිමානයෙන් යුක්ත යහපත් පිරිපුන් දරුවන්
සෑදීමේ වැඩ පිළිවෙල ආරමභ කිරීමයි. ආචාර්ය සී.ඩබ්. ඩබ්. කන්නන්ගර මහතාට දක්වන
උපහාරය එයයි.
මතුගම
සෙනෙවිරුවන්
No comments:
Post a Comment