ලංකාවේ ශාසන ඉතිහාසය වූ කලි ඉතා
ගාම්භීර වූ රාජ රාජ මහා මාත්‍යාදීන්ගේ ආශිර්වාද ලත් සංවිධිත සංස්ථාවකි.අනුරාධපුර
යුගයේ සිට අනුබුදු මිහිඳු මහ රහතන්වහන්සේ ප්‍රමුඛ මහා රහතුන් වහන්සේලා විසින් ඇති
කල ලංකා ශාසනය අඛණ්ඩව අවිච්ඡින්නව පැවත පැමිණ වරින් වර සතුරු ආක්‍රමණ හමුවේ දුර්මුඛව
තිබී නැවතත් ශාසන ලැදි රජවරුන් අතින් ආලෝකමත් වූ නික්ලේෂී ගමන් මගකි.කෝට්ටේ යුගයේ
දී සිදු වූ පර සතුරු ආක්‍රමණ රටට ආගන්තුක විය. පෙර නුවූ විරූ අවි ආයුධ සම්පන්නව
පැමිණි පෘතුගීසි ලන්දේසි ආදීන් නිසා රට දැය සමයට උදා වූයේ නරක කල දවසකි.උසම්පන්න
භික්ෂුව අතුරුදහන් විය.නැවතත් ශාසනාලෝකයක් ඇති කරන ලද්දේ සෙංකඩගල මහනුවර අභිනව
රාජධානි සමයේ දීය. ඒහෙත් එය වැඩි කලක් නොපැවතිණ.ශාසනය තුලින්ම ඇති වූ ප්‍රතිවිරෝධතා
මධ්‍යයේ උපසම්පන්න භික්ෂුවක් සොයා ගනු නොහැකි විය. සිල්වත් සමාගම යයි ප්‍රකට ශීල
ගුණැති පිරිසක් යම් ශාසන උන්නතියක් වෙනුවෙන් දුෂ්කරතා මධ්‍යයේ උකටලී නොවී ගම්
නියම් ගම්හි හැසිරුනහ. මේ කාලය රාජ්‍යයට අභාග්‍ය කැන්දන සමයක් ද විය. සිංහල රාජවාලිය අවසාන වී වඩුග නායක්කර්
පවුලකට රජකම පිරිනැමුනේය. එහෙත් සිල්වත් සමාගමේ භික්ෂූහු පසුබට නොවුණහ. රාජ්‍ය
අනුග්‍රහයෙන් කෙසේ හෝ ශාසනය නැවත පිහිටුවන්නෙමියි යන දෘඩතර අධිෂ්ඨානයෙන් රජු කැමති
කරවාගෙන උපාලි තෙරුන් ප්‍රමුඛ සියම්
භික්ෂු පිරිස දහසක් දුෂ්කරතා වන්ට මුහුණ දෙමින් කැඳවාගෙන පැමිණ යළි උපසම්පදාව මෙහි
ඇති කළහ.කාලයක් ගත විය.දිවයිනේ විවිධ තැන්වල වැලිවිට සංඝරජුගේ ශිෂ්‍ය භික්ෂූන්
වහන්සේලා වැඩ සිටි අතර නොයෙකුත් කරුණු ඉස්මතු වී ශාසන විභේදනය සිදුවිය. වර්ෂ 1800
දී බුරුමය නොහොත් අමරපුරයෙන් යළි උපසම්පදාව රැගෙන මෙරට පැමිණ අමුරපුර උපසම්පදාවද
පවත්වා අනතුරුව තවත් කලකින් රාමඤ්ඤ රටට
ගොස් උපසම්පදාව රැගෙන පැමිණි කළ රාමඤ්ඤ වශයෙන්
නිකායන් බෙදී ගියහ.
මෙලෙස බිහි වූ මහා විහාර වංශික අමරපුර නිකායේ
වර්තමානයේ පාර්ශවයන් විසි දෙකක් ප්‍රභේද වී තිබේ. ඊට හේතු කාරණා විවිධය මෙහිදී
මාතෘකා වන්නේ වර්ෂ 1900 දී ආරම්භ කරන්නට යෙදුණු අමරපුර අරියංවංශ සද්ධම්ම යුක්තික
නිකාය පිළිබඳවයි.මෙම නිකායේ ආරම්භය සනිටුහන් වන්නේ සියම් මහ නිකායේ පහතරට භික්ෂු
පරම්පරාව හෙබවු පූජ්‍ය කතළුවේ ගුණරත්න මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් අමරපුර
කල්‍යාණවංශය පිහිටුවීමෙනි. පසුකාලීනව මෙම නිකායේ උපසම්පදාව ලත් මාතර ධම්මාරාම
ස්වාමීන් වහන්සේ භික්ෂූන් පිරිසක් සමග එක්ව අමරපුර සද්ධම්ම යුක්ති නිකාය පිහිටුවා
ගත්හ.මෙම මාතර නිකායේ ශිල සම්පන්න භික්ෂුන් වහන්සේ නමක් වු පූජ්‍ය වලේබොඩ පියරත්න
ස්වාමීන් වහන්සේ කීප විටක්ම අමරපුර නිකායේ උපසම්පදාව ලබාගෙන කටයුතු කිරීමට උත්සාහ දැරූවද
එය ව්‍යර්ථ වී බුරුමයට වැඩම කොට වර්ෂ 1838
රාමවතී පුරයේ දී උපසම්පදාව ලැබ ආපසු ලක්දිවට පැමිණ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා
නව දෙනෙකු බිහි කළහ. මේ අතර අමරපුර සද්ධම්මවංශ මහා නිකායේ මහානායකව වැඩ සිටි මාතර
ධම්මාරාම හිමි අපවත්වීමෙන් පසු ඇති වූ වියවුල් තත්වයක් නිසා වලේබොඩ පියරතන හිමියන්
විසින් වෙනම නිකායක් බිහි කිරීම පිණිස ඇති කල පසුබිම ප්‍රයෝජනයට ගෙන වර්ෂ 1900
වෙසක් පුර පෑළවිය ලත් රිවි දිනයේ දී කළුතර
බෝඹුවල ශ්‍රී සුබෝධිරාජාරාමයේ දී අභිනව නිකායක් එනම් අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික
නිකාය බිහි කිරීම පිණිස තීරණයක් ගෙන තිබේ. දැන් මේ නිකායට වර්ෂ එකසිය විසිපහක්
සපිරෙයි.මෙම සැමරුම් උත්සවය 2025 අප්‍රියෙල් මස 29 දින සිට මැයි මස 08 වන දින
දක්වා කළුතර බෝඹූවල හ්‍රී සුබෝධිරාජාරාමයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
කළුතර බෝඹුවල ග්‍රාමය අතීතයේ සිටම රාජ
පූජිත වු ගම්වරයෙකි.කෝට්ටේ හයවන පරාක්‍රමබාහු රජකුමා සිය මව සිහි වීම පිණීස තැනූ
පැපිළියානේ සුනේත්‍රාදේවී පිරිවෙනට පුද දෙනු ලැබූ ගම්වර අතර මග්ගොන බද්දෙන්
බෝඹුවලද විශේෂ යැයි පැපිළියාන සන්නසේ සඳහන් වේ.ඒ නිසාම එය රාජ පූජිත ගම්වරයකි.සුවිශේෂි
ප්‍රභුවරුන්ට වාස භූමිය සැලසූ මෙහි වර්ෂ 1840 දි පමණ මහා ශාස්ත්‍ර ආලෝකයක් ඇති
විය. පෙර සඳහන් කළ පූජ්‍ය වලේබොඩ පියරත්න ස්වාමින් වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේ වන
පොල්දූවේ ධම්මාරාම තිස්ස නම් හිමි නමක් බෝඹුවල ගම්පියසේ වස් වැස
සිටියහ. නමුත් උන්වහන්සේ වැඩි කලක් එහි රැඳුනේ නැත. ඒ කාලයේ බෝඹුවල ගම්පියසේ පොලිස්
විදානේ වශයෙන් සිටි සිරිනේරිස් පොලිස් විදානේ මහතාට ආවාස ඉඩම රුපියල් දහයකට අලෙවි
කොට උන්වහන්සේ සිය ගම්පියසට වැඩම කරන ලද්දේ ඥාතීන් ගේ ඉල්ලීම පිටය. නමුත් බෝඹුවල
ගම්වාසීන් පසුබට නොවීය.පූජ්‍ය වලේබෙඩ පියරත්න සිවාමීන් වහන්සේ ගේ තවත් ශිෂ්‍ය
භික්ෂූන් වහන්සේ නමක් වූ මහගම මංගල තිස්ස හිමියන් වහන්සේ ගමට වැඩම කරවා වස් වස්සවා
බෝධින් වහන්සේ නමක් රෝපණය කර ඇරඹූ
විහාරස්ථානය එකල දූවේ විහාරස්ථානය නමින් ප්‍රකට විය.ඒ අතර වස්කඩුවේ සුභූති නායක
ස්වාමීන් වහන්සේගේ පැවිදි පරපුරේ ශිෂ්‍ය
භික්ෂූන් වහන්සේ නමක් වූ බෝඹුවල දස්සනසාර නායක ස්වාඹීන් වහන්සේ මෙහි වැඩම කරවන
ලද්දේ ගම්වාසීන් ගේ දැඩි ඉල්ලීම මතයි.වර්තමාන සඟ පරම්පරාව ඇරඹෙන්නේ මේ ශිල ගුණ
සම්පන්න යතිවරයන් වහන්සේ ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අතිනි.
බෝඹුවල සුබෝධිරාජාරමායේ ස්වර්ණමය
යුගය 1850 සිට 1920 දක්වා දිවෙයි. ඒ කාලය තුළ වර්ෂ 1860 දි පමණ සීමා මාලකය සහ දළදා
මන්දිරය ද 1905 වසරේ දී විහාරගෙය ද 1916 දී ධර්ම ශාලාව සහ සංඝවාසය ද 1929 දී චෙත්‍යරාජයාණන් වහන්සේ ද ආදී විහාර
අංගයන් සංවර්ධනයට බඳුන් කරනුයේ යථොක්තව සඳහන් කල පූජ්‍ය මහගම මංගලතිස්ස ස්වාමීන්ද්‍රයණන්
වහන්සේ ගේ මෙහෙයවීමෙනි.විහාරස්ථානයේ තිබූ පැරණි ලේඛන පරීක්ෂා කර බලන කල්හි. ඒ
කාලයේ විහාරස්ථානයේ කටයුතු සංවිධානය කර
ගැනීමට පත් කළ නිලයක් වන විහාර මැම්බර් තනතුර ගැනද කියැවෙයි. මහා
විහාරයේ පැවති දේපළ බලාගැනීමේ ක්‍රියාවලියට පත් කර තිබූ සංගක්කාර තනතුර මෙන් මෙයද
ගෞරවනීය තනතුරක් විය. දේපළ සංවර්ධනයට ඒ තනතුර හෙබවූ පුද්ගලයා දායක විය. ගණන්
මිනුම් හරිහැටි ඉෂ්ඨ සිද්ධ කර විහාරස්ථානයට අය විය යුතු මුදල් ලබා දීම සිදු විය.
සමහරක් විට විහාරගම් දේවාලගම් පනත ආශ්‍රයෙන් මෙවැනි තනතුරක් ඇති වූ බව සිතිය
හැතිය.
මෙවැනි පරිසරයක බිහිවූ මහා විහරස්ථානයක
1900 වසරේ දී අභිනව මහා නිකායක් බිහි වීම අරුමයට කරුණක් නොවේ.සුපේෂල ශික්ෂාකාමී
යතිවරයන් වහන්සේලා වැඩ සිටි බැවින්ද සුවිශේෂී සංඝ පීතෘ වරයන් වහන්සේල නිතර ආව ගිය
තැනක් වශයෙන්ද ප්‍රකටව තිබීම නිසා අරියවංශ සද්ධම්ම යුක්තික නිකාය බිහි වී ඇත. ඒ
සඳහා සමකාලීන සඝ තෙරවරුන් වහන්සේලා තිස් අට නමක් සාභාගි වූ බව වාර්තා වල දැක්වෙයි.සද්ධම්මයුක්ති
නිකායෙ බිහි කිරීමට මුල් වූ මාතර ධම්මාරාම මහානායක් හිමියන්ගෙන් උපසම්පදාව ලැබූ
බොහෝ භික්ෂු පිරිසක් මෙයට අයත් විය. එයට මුල් වූයේ ගාල්ලේ දංගෙදර
ජයවර්ධනාරාමාධිපතිව වැඩ විසූ පූජ්‍ය දංගෙදර
සුමනජෝති නායක ස්වාමීන් වහන්සේය. අරියවංශ නාමය හඳුන්වා දි ඇත්තේ ද උන්වහන්සේ
විසිනි.සටිකා බුද්ධ ශික්ඛා නම් විනය ග්‍රන්ථයේ ශෝධක කර්තෘවරයා වූ උන්වහන්සේ ගේ
උගත් නැණවත් ගති පැවතුම් නිසා නායකත්වය නිතැතින්ම හිමි විය. පූජ්‍ය වලේබොඩ පියරතන
හිමියන් උන්වහන්සේ ගේ උපාධ්‍යවරයන් වහන්සේ විය.ඒ අවස්ථාවේ දී ගණචරිය සිරි වාචිස්සර
යන ගෞරව නාමය සහිතව අමරපුර අරියවංශ සද්ධම්මයුක්ති නිකාය පාර්ශවයේ මහානායක
ධූරයට උන්වහන්සේ පත් කරගෙන ඇත.ඒ සමගම
කළුතර පළාතේ ප්‍රධානත්වය බෝඹුවල දස්සනසාර
හිමියන්ට ද ගාලු පළාතේ ප්‍රධානත්වය කිහිඹියේ සුමංගල මහා ස්ථවිරයන්ට ද කොළඹ පළාත
පූජ්‍ය කණුගල ගුණතිස්ස මහා ස්වාමීන් වහන්සේට ද මීගමු පළාත යාගොඩමුල්ලේ සාරානන්ද
මහා ස්වාමීන් වහන්සේ ට පැවරීම සිදු ව තිබේ.
මේ වන විට මේ සද් කටයුත්ත සිදු වී
වර්ෂ 125 ක් ගතව තිබේ. මේ නිකාය පාර්ශවය යටතේ
පළාත් සංඝ සභාවන් නමයක් බිහිව තිබේ.ඒ අනුව විහාරස්ථාන පන්සිය දහයකි පි. ස්වාමීන්
වහන්සේලා දෙදහසකට අධික සංඛ්‍යාවක් පැවිදිව සිටී. විසිවන සියවස මුල් දශකයේ 1903 දී පමණ ඇරඹි
පළමු උපසම්පදාවෙන් පසු 1916 දී බෝඹුවල
සුබෝධිරාජාරාම සීමාමාලකයේ දී උපසම්පදා උත්සවය පැවැත්වූ අතර එදින මුද්‍රණය කර බෙදා
හරින ලද විභජ්ජවාදිනො අරහතො සම්බුද්ධස්ස නම් වූ පත්‍රිකාව මිගින් උපසම්පදා උත්සවයට සම්බන්ධවී
සිටි භික්ෂුන් වහන්සේලාගේ නාම ලේඛනය
පාළියෙන් රචනා කර ප්‍රසිද්ධ කර ඇත. මේ වන විට උපසම්පදා උත්සව 44 ක් පවත්වා ඇති අතර
මෙවර හතලිස් පස් වන උපසම්පදා පින්කම ද සිදු වෙයි.මේ නිකාය පාර්ශවය මගින් කරන
සේවාවන් ද අති විශාලය සමාජ සේවා කර්තව්‍යයන් ද සුවිශාලය.ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනය
බැබළවීමට මෙවැනි ශීල ගුණ සම්පන්න භික්ෂූ පිරිසක් දායාද කළ අරියවංශ සද්ධම්ම යුක්තික
නිකාය පෝෂණය කරමින් සංඝ සාමග්‍රිය ඇති කර ගැනීම වර්තමාන භික්ෂූ පරපුරේ
කාර්යභාරයයි.
මතුගම සෙනෙවිරුවන්
යතිවරය කියන්නෙ යාඥා කරන කෙනා කියන එක නේද?.
ReplyDeleteබුදු සසුනේ සිල්වත් සංඝයා එසේ යාඥා කරනවාද. එසේ නොවේනං "යතිවරයා" ලෙස සංඝයා වහන්සේ අැමතීම අඩු ගානේ ඔබ වැනි යමක් කමක් දන්නා පුද්ගලයන්වත් නොකල යුතු දෙයක්ඉනේද?
යතිවරයා කියන්නෙ යාඥා කරන කෙනා කියන එක නේද?.
ReplyDeleteබුදු සසුනේ සිල්වත් සංඝයා දේවගැතියන්සේ එසේ යාඥා කරනවාද. එසේ නොවේනං "යතිවරයා" ලෙස සංඝයා වහන්සේ අැමතීම මහාසංඝයාට කරන අවමානයක් නේද?
අඩු ගානේ ඔබ වැනි යමක් කමක් දන්නා පුද්ගලයන්වත් අනිකුත් අයට අාදර්ශයක් ලෙස මෙවැනි වචන ප්‍රවේශමෙන් පාවිච්චි කල යුතුයි නේද?