ජනපති අනුර කුමාර දිසානායක මහතා උතුරට
සහ මන්නාරමට ගොස් දෙමළ ජනයාගේ පාරම්පරික ඉඩම් ගැන බොහෝ වේදනාවෙන් කතා කර
තිබේ.ආරක්ෂක කඳවුරු වලට යටව තිබුණු ඉඩම් සහ මහා මාවත් විවෘත කිරීම ගැන කතා
කරයි.පලාලි ආරක්ෂක මූලස්ථානය හරහා දිවෙන මාවත විවෘත කරන ලද්දේ කියන දේ ඔප්පු කර
පෙන්වන බව ප්‍රකාශ කරමිනි..පසුගිය කාලය පුරාවටම මේ ප්‍රදේශයන්හි ආරක්ෂක හමුදා සතුව
පැවති ඉඩම් ජනතාවට නිදහස් කර ඇත. 2013 වසරේ හමුදාව විසින් කරන ලද සම්පූර්ණ
මැනීමකින් මෙම ඉඩම් හඳුනාගන්නට යෙදී තිබූ අතර ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ නිර්දේශය
මත ඒවා වැඩි ප්‍රමාණයක් නිදහස් කරලීමට කටයුතු කර ඇත. උතුරේ නැතිනම් යාපන අර්ධද්වීපය
ඇතුළු යපාන දිස්ත්‍රික්කයේම යුද්ධයට ප්‍රථම 1981 ජන සංගණන වාර්තා අනුව සියයට 97
ක්ම වාසය කර ඇත්තේ දෙමළ ජනතාවයි. මුස්ලිම් ජනතාව සියයට 1.6 වන අතර සිංහල ජනතාව
සියයට 0.8 ක් විය.
උතුර දෙමළ ජනතාවගේ නිජ භූමියද යන ප්‍රශ්ණයට
මහචාර්ය සෙනරත් පරණ විතාන ,මහාචාර්ය අභය ආර්යසිංහ සහ මහාචාර්ය විමල විජේසූරිය යන
විද්වතුන් මනා සේ පිළිතුරු දී තිබේ.පෘතුගීසී සමය ආරමභ වන විට යාපනයේ ජීවත් වූ
බහුතරයක් සිංහලයෝ වූහ.ලන්දේසි යුගයේ දී යාපනයේ දුම්කල වගාවට මලබාරයෙන් වහල් ජනතාව
විශාල වශයෙන් ගෙන්වා පදිංචි කර ඇත.නෙදර්ලන්තයේ
(Beeldbank National Archives) හි 1695 වසරට අයත් ලංකාව පිළිබඳ
සිතියමක් ඇත.එහි වලිකාමම්, වඩමාරච්චිය සහ තෙන්මාරච්චි යන යාපන දිස්ත්‍රික්කයේ
පළාත් වල පවතින සිංහල සහ මලබාර් ගම්මාන පිළිබඳ විස්තර ඇතූළත් කර ඇත.එසේම
ලන්දේසි යුගයේ දී යාපනයේ සිටි රෙපරමාදු පූජකයෙකු වන
පිලිප්පුස් බල්දෙයස් රචනා කළ (True
and exact description of the great
island of Ceylon)නම් ග්‍රන්ථයේ ද යාපනයේ සිටි සිංහල ජනතාව
පිළිබඳව ද බෞද්ධ වෙහෙර විහාරස්ථානයන් ගැනද මනාව සඳහන් කර ඇත.මෙම සිංහල ජනයා පරංගි
සහ ලන්දේසි යුග වලදි පළවා හැරීමට මූලික හේතුව වූයේ 1591 දී අත්සන් කරන ලද නල්ලූර්
ගිවිසුමයි . පෘතුගීසින් සහ යපන තෙන්මාරච්චියේ සිටි සිංහල නිළධාරින් අතර අත්සන් කල
ගිවිසුමෙන් ඒ පෙදෙස පාතුගීසීන්ට පැවරුණි. නමුත් යාපන වඩමාරච්චිය තව දුරටත් ආර්ය
චක්‍රවර්තී පරපුර සතුව පැවතිණි. ඉන්පසු ඇතිවූ සටන් වලදී සිංහල ජනතාව විශාල වශයෙන්
ඝාතනයට ලක් විය.අනතුරුව යාපනයේ සම්පූර්ණ පාලනය පෘතුගීසින් සතුවූ අතර රාජකීයන් සහ
සිංහල ජනයා වන්නියට සහ උඩරට මාතලේ කඳුකරයට පලා ආහ.මේ නිසා ඇති ජන ශූන්‍යතාවය
පිරවීමට මලබාර්යෙන් දෙමළ ජනයා ගෙන්වා පදිචි කළ බවට සිතිය හැකිය.බ්‍රිතාන්‍ය සමයේ විශෙෂයෙන්ම
1796 දී මදුරාසිය විසින් යාපනය පාලනය කළ බැවින් නොකඩවා දෙමළ වැසියන් යාපනයට විත්
පදිංචි විය. විසිවන සියවස මුල් භාගය වන විට යාපන දිස්ත්‍රිකකයේ හත්ලක්ෂයට අධික
දෙමළ ජන ඝනත්වයක් පවතින්නේ ඒ හෙයිනි.
නව සිය තිහේ දශකයේ දී ඇතිවූ බෞද්ධ ප්‍රබෝධයත්
සමග දකුණේ සිට භික්ෂූන් වහන්සේලා නැගෙනහිර පළාතට සහ උතුරට වැඩම කළහ.සේරුවාවිල
මුහුදු මහා විහාරය එරාවුර් යන ස්ථානයන්හි සහ උතුරේ යාපනය යන ස්ථානයන්හි පවතින
පැරණි බෞද්ධ නටබුන් දැක බලාගෙන වන්දනාමාන කොට ඒවා යළි ප්‍රතිසංස්කරනයට උන්වහන්සේලා
උත්සුක වූහ. මෙයට බලවත් ශක්තියක් වූ යේ දකුණේ දෙඩන්දූවේ සිට ඇරඹි නෞකා ගමනාගමන
සේවයයි. ඒ අනුව දකුණේ වෙළෙඳ ව්‍යාපාරිකයන් රැසක් යාපනයට සහ නැගෙනහිරට පැමිණ ව්‍යාපාර
ආරම්භ කළහ. උත්තර ලංකා බෞද්ධ සංගමයේ ආරාධනයෙන් 1935 දී යාපනයට වැඩම කළ පූජ්‍ය
කඩවැද්දූවේ නන්දාරාම හිමියන්ගේ මෙහෙයවීමෙන් යාපන නාග විහාරය නැවත ආරම්භ කෙරෙන අතර
පසුව නයිනතිවු දූපතේ නාගද්වීප විහාරය ද ආරම්භ වී ඇත.1950 දශකය වන විට යාපන නාග
විහාරය, නාගද්වීප විහාරය, දඹකොළ පටුන විහාරය,කන්කසන්තුර තිස්ස විහාරය සන්තොරියම්
විහාරය සහ කිලිනොච්චි ලුම්බිණී විහාරය යනුවෙන් විහාරස්ථාන රැසක් ඉඳි විය. යාපනයේ
ජීවත් වූ මලබාර් දෙමළ වැසියන් මේවන විට එවකට රෙජිස්ටර් ජනරාල්ව සිටි පොන්නම්බලම් ගේ වුවමනාව පිට ශ්‍රී ලාංකික දෙමළ ජනයා ලෙසට ජන
සංගණනයට ඇතුළත් කර සිටි අතර සිංහලයන්ගේ ක්‍රියාකාරකම් පිලීබඳ ඔවුන්ගෙන් කිසිම
විරොධතාවයක් එල්ල නොවුණි.ඉංග්‍රීසින් ඔවුන් වෙනුවෙන් කෝවිල් 300 ක් ගොඩ නැන්වූ
නමුත් වෙසක් උත්සවය, පොසොන් උත්සවය වැනි අවස්ථා වලදී සිංහල බෞද්ධයන් විසින් පවත්වන
දන්සැල් සහ පින්කම් සඳහා මේ මලබාර් දෙමළ ජනයා ගේ විහාල සහයෝගයක් ලැබුණි.ඊට එක් හේතුවක්
වන්නේ උතුරේ තිබූ උග්‍ර කුල පීඩනයයි.මලබාරයන් පැමිණි වෙල්ලාලර් ප්‍රභූවරු මේ හීන
කුල වල ජනයා පාගාගෙන මූලික මිනිස් අයිතිවාසිකම් පවා උල්ලංඝණය කර තිබූ සමයක යපනයේ
සිංහල පාඨශාලා වල සිංහල දරුවන් සමග එක්ව සිටීමට ඔවුන්ට අවස්ථාව ලැබුණි.උතුරට පැමිණෙන
වන්දනා කරුවන් හට විහේෂ සැලකිල්ලක් දැක්වීමට මේ දෙමළ ජනයා කටයුතු කර තිබූ අතර දැඩි
හිතවත් කම් සහ ඇතැම් විට ඥාති සබඳකම්ද වර්ධනය කරගෙන තිබුණි.
මෙලෙස වර්ධනය වූ සිංහල දෙමළ සමගියට අකුල් හෙලන ලද්දේ එස්.ජේ.වී.
චෙල්වනායගම් නම් පුද්ගලයා විසිනි. මැලයාසියාවේ උපන් චෙල්වනායගම් දෙමළ කතෝලිකයෙකු
විය. ඒ වන විට උතුරේ ව්‍යාප්තව තිබූ
මිෂනාරි ව්‍යාපාරයේ අරමුණ වී තිබුණේ දෙමළ වැසියන් කතෝලික කරණය කිරීමයි. මේ ව්‍යාපාරයට
පළමුව ගොදුරු වූයේ යාපනයේ සිටි බ්‍රාහ්මණ සහ වෙල්ලාලර් පිරිසයි. මේ අතර යාපනයේ
නැවත ඇතිවූ බෞද්ධ ප්‍රබෝධය පිළිබඳ සහ ජාතික සමගිය පිළිබඳ මේ මිෂනාරීන් සිටියේ
සතුටකින් නොවේ. බෙදා පාලනය කිරීමේ මූලධර්මයන් මත කටයුතු කල ඉංග්‍රීසීන් මිෂනාරි ව්‍යාපාරය
හරහා මේ බෙදීම තවත් තීව්ර කළහ. චෙල්වනායගම් 1952 දී කන්කසනතුර අසුනට තරඟ කර පරාජයට
පත් විය. පසුව ඔහු පාගමන් යමින් දෙමළ ජාතිවාදය ඉස්මතු කරමින් ත්‍රස්තවාදියෙක් ලෙසට
යකටයුතු කලේය. මෙහි ප්‍රතිඵලය වූයේ 1956 දී විශාල චන්ද ප්‍රමාණයකින් කන්කසන්තුර
අසුන ජය ගැනීමයි.අනතුරුව 1957 දී සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කිරීමත් සිංහල
බේද්දයන්ට රටේ නිසි තැන හිමි වීමත් සමගම චෙල්වනායගම් ඇතුලු දෙමළ ජාතිවාදීන් තැන
තැන කළකෝලාහල ඇති කළහ.ශ්‍රි අකුරට තාර ගෑහ.යාපනයේ තිබූ බෞද්ධ වෙහෙර විහාරස්ථානයන්ට
හානි කළහ. සිංහල ජනයාට අඩන්තෙට්ටම් කළහ.මේ ජාතිවාදය නිසා සිංහල දෙමළ සමගිය පලුදු
විය.චෙල්වනායගම් විසින් යාපනයේ සිටි තරුණයන් කෙරෙහි කරන ලද බලපෑම සුලු පටු නොවීය.
ප්‍රභාකරන් නම් ත්‍රස්තවාදියා බිහිවූයේ ඒ පසුබිම තුළය.1977 දී කන්කසන්තුර පොලිසියට
පහර දුන් ත්‍රස්තවාදීන් විසින් කරුනානිධි සහ ෂන්මුගනාදන් යන දෙමළ කොස්තාපල් වරු
දෙදෙනා ඝාතනය කළහ. ඒ දෙමළ ත්‍රස්තවාදයේ ඇරඹුමයි. එතනින් පසු යාපන නගරාධිපති
දොරේඅප්ප ඝාතනය කරන ලදී. 1981 ජන සංගණන වාර්තාව අනුව යාපන දිස්ත්‍රික්කය තුළ එවකට
සිංහල ජනගහනය හය දහස ඉක්මවිය. 1985 වන විට මේ සියලු ජනයා පළවා හරිනු ලැබූහ. වෙහෙර විහාරස්ථාන
ගිනි තබා විනාශ කළහ. ස්වාමීන් වහන්සේලාට අඩන්තෙට්ටම් කලහ.
ජනපති අනර දිසානායක කතා කරන්නේ මේ
ඉතිහාසය නොදැන නොවේ.දැනටත් උතුරේ සමගියට බාධා කරන ගජෙන්ද්‍රකුමාර පොන්නම්බලම්,
ශිවාජිගිංගම් වැනි දෙමළ ජාතිවෘදීන් සිටිති. පොන්නම්බලම් මහතා කොළම සිටිමින් කොළම
දිස්ත්‍රික්කයේ පිහිටි වත්තක අයිතිකාරයා වෙමින් යාපනයට ගොස් දෙමළ ජනයා උසිගැන්වීමේ
යෙදෙති. මේ ජාතිවාදින්ට නීතිය ක්‍රියාත්මක කිරිමට ඉඩ නොලැබෙන්නේ දකුණේ දේශපාලකයන්
ඒවා වළක්වන බැවිනි.ඒ අතර සිංහල දෙමළ සමගිය ගැන කතා කිරීමට සංහිඳියා ලේකම් කාර්යාලය
විසින් රැස්වීම් පවත්වති.සිංහල ජනතාවට සංහිඳියාව අමුතුවෙන් උගැන්වීමට අවශ්‍ය නොවේ.
අවශ්‍ය වන්නේ දෙමළ ජාතිවාදය උසිගන්නවන දේශපාලනඥයන් පාලනය කිරීමයි. ප්‍රාදේශිය සභා
චන්දය හෝ මැතිවරණය හෝ බලාගනෙ දෙමළ චන්දය ලබා ගැනීමේ චේතනාවෙන් දෙමළ ජාතිවාදය
උලුප්පා සිංහල ජනයාගේ අයිතිවාසිකම් යමෙක් උලල්ංඝණය කරන්නේ නම් එය බලවත්
අගතියකි.1981 සිටි සිංහල ජනගහනයෙන් කිසිවෙක් මේ වන විට යළි උතුරේ පදිංචි කර නැත.යාපනේ
සිංහල ජනගහනය තුන්දහසට අඩු වී ඇත.බේකරි ව්‍යාපර කළ කිසිවෙකුට ඒවා යළි අරඹන්නට ඉඩ
දී නැත.සිංහල ජනතාවගේ ඉඩම් මහවිරු පවුල් වලට ලබා දුන්නේ කොටි සංවිධානයයි. ඒ මග
යමින් හමුදාව විසින් නිදහස්කරනු ලබන ඉඩම් දෙමළ ජනයාට පමණක් ලබා දෙන යුක්තිය කුමක්ද
යන්න අප විමසිය යුතුය.දෙමළ ජනයා සහ මුස්ලිම් ජනයා පමණක් යාපනයේ තබාගෙන ඉන්දීය
ආශිර්වාදයෙන් ක්‍රියාත්මක බෙදුම්වාදයට උඩගෙඩි දීම භයානක කරුණකි. නැවත ත්‍රස්තවාදයට
අත වැනීමකි.
මතුගම
සෙනෙවිරුවන්
No comments:
Post a Comment