සිරිලක උසම කඳු වැටිය ලෙසින් සැළකෙන
පිදුරුතලාගල කන්ද ආසන්නයේ තවත් විශේෂ ස්තානයක් ඇත. ශාන්තිපුරය යනුවෙන් හඳුන්වන එය
සැළකෙන්නේ ලංකාවේ උසම ගම්මානය ලෙසිනි.මහුදු මට්ටමේ සිට අඩි හත්දහසක් ඇත.මෙම ගම්මානය
අසල සුවිශේෂි ස්ථානයක සංචාරක සංවර්ධන අධිකාරියේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා ගුවන්
හමුදාවේ දායකත්වයෙන් ඊගල්ස් වීව් පොයින්ට් නමින්
දක්වන සංචාරක නැරඹුම් මධ්‍යස්ථානයක් පසුගියදා විවෘත විය.මේ ස්ථානයේ සිට
නුවර එළිය හාත්පස බලන කල්හි පිදුරුතලාගල කන්ද , කිකිළියාමන කඳු ගැටය., ග්‍රෙගරි
වැව ,කලුකැලේ ආදී දර්ශනීය තැන් සුන්දරත්වයෙන්
යුතුව අංශක තුන්සිය හැටක කෝණයකින් නැරඹිය
හැකිය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට පැමිණි
අවස්ථාවේ දී මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන
යැමට ගුවන් හමුදාවට භාර දී ඇති අතර දැන් එය අවසන් කර පසුගියදා විදේශ කටයුතු
ඇමැති විජිත හේරත් මහතා විසින් විවෘත කර ඇත.මේ වත්මන් කතාවයි. නමුත් මෙයට අතීත
කතාවක් ඇත.ඒ කතාව නම් එතරම් සුන්දර නොවේ.
නුවර ඒළියේ හිටපු මන්ත්‍රීවරයෙකු සහ
නගරාධිපතිවරයෙකු වශයෙන් නම් දැරූ විලියම් ප්‍රනාන්දු මහතා ගේ මග පෙන්වීම මත රජයේ
අනුග්‍රහයෙන් ඉහතකී ශාන්තිපුර ගම්මානය 1959 වසරේ බඹරකැලේ දී ඉඳි වන්නේ බ්‍රිතාන්‍ය වතුවැවිලි
කරුවෙකු වූ මැන්ඩ්‍රා ,වන සංරක්ෂණ නිළධාරී කෝල් මේයර් සහ එවකට නුවර එළියේ දේශපාලන
බල අධිකාරිය හොබවා සිටි දේශපාලනඥයන්ගේ බලවත් විරෝධතා මධ්‍යයේ බව සිහිපත් කළ යුතුයි.ඒ
සඳහා ඉඩම් වෙන් කර දීමට එවකට අගමැතිව සිටි බණ්ඩාරනායකගේ සහයෝගය නොමදව ලැබුණි. 1818
උඩරට විමුක්ති අරගලය නිහීන ලෙසට මර්දනය
කොට සිංහල ජනතාවට අයත් ඉඩම් වතු වැවිල්ලට යටකර ජනතාව අනාථ බවට පත් කිරීම එදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අරමුණ විය.
විලියම් ප්‍රනාන්දු මහතාගේ අදිටන වූයේ එලෙස අවතැන් ජනතාව වෙනුවෙන් නුවර එළියේ උසම
තැන ගම්මානයක් ඉඳි කර දීමයි. එදා සුදු ආණ්ඩුකාරයාගේ නිල නිවසට ඉහළින් මේ ගම්මානය ඉඳි කිරීම ඔහුගේ අරමුණ විය.ඒ ප්‍රයත්නය
ජය ගැනීමට ඔහු කළ දුෂ්කර ක්‍රියාවන් නිසා සුදු අධිරාජ්‍යවාදීන් ගේ පුංචි එංගලන්තය
නැවත සිංහල ජනතාව සතු විය.
විලියම්
ප්‍රනාන්දු මහාතා සිංහල ජනපද බිහි කිරීමෙන් සිය සේවාවන් අවසන් නොකරන ලදී. එයට
හේතුව ජනපද වාසීන්ට අවශ්‍ය නිත්‍ය රැකියා සහ ගොවිතැනට අවශ්‍ය පරිසරය බිහි කළ යුතුව
තිබූ බැවිනි.එක් පුද්ගලයෙකුට අක්කර කාල බැගින් වෙන් කරන ලද අතර එම ඉඩම් වල අර්තපල්
කැරට් ලීක්ස් ගෝවා ආදී උඩරට එළවුළු වගා කරවීමට සලස්වන ලදී. නුවරඑළියේ මාගස්තොට ඉඳි
කරන ලද බලවේග කම්හල ඒ යුගයේ හැටියට නුවර එළියට විශාල කර්මාන්තයක් විය.එහි සේවකයන්
ගණන පන්සීය ඉක්ම විය.මේ බලවේග කම්හල එක්සත් ජාතික පක්ෂයේ අදූරදර්ශි ක්‍රියා නිසා
පසුව වැසී ගිය අතර මෙම කම්හල නිසා ජීවිතය
ජයගත් ප්‍රදේශ වාසී තරුණ තරුණියන් අදත් එය සිහිපත් කරන්නේ මහත් උද්දාමයෙනි. එයට අමතරව සංචාරකයන් අද්දවා ගැනීමට ශාන්තිපුරයට
යාබදව ඉඳි කරන ලද කලාපුරයද දැක්විය හැකිය. නර්තන
හැකියාවන්ගෙන් සහ සංගීත හැකියාවන්ගෙන් සමන්විත කලාකරුවන්ට ඉඩම් ලබා දී
පදිංචි කොට සංචාරකයන්ට අවශ්‍ය සේවා සැපයීම
ඔහුගේ අභිප්‍රාය විය. මේ කලාපුරය සිරිමා බණ්ඩාරනායක මැතිණිය ගේ අතින් විවෘත විය.ඒ අවස්ථාවේ දී සිරිමා මැතිණිය පළ කළ
අදහස් මෙලෙස විය.' කන්ද උඩරට ප්‍රදේශයේ සිංහල ජනතාවගේ අනාගතය අන්ධකාරවීමට තරම්
හේතු වූයේ එම ප්‍රදේශයේ ඉඩකඩම් වැඩි හරියක් විදේශිකයන් අත්පත් කොට සිටි බැවිනි.
එහෙත් එම භයානක උවදුරෙන් උඩරට ප්‍රදේශය ගලවා ගැනීමට නුවරඑළිය මහජන මන්ත්‍රී
ටී.විලියම් ප්‍රනාන්දු මහතා විසින් ආරම්භ කරන්නට යෙදුනු සිංහල ගොවි ජනපද ව්‍යාපාරය
සමත්වන බව අද ශාන්තිපුර උත්සවයට සාභාගි වූ මගේ එකම හැඟීමයි. මේ වෙනුවෙන් සෑම සිංහල
දේශප්‍රේමියෙකුගේම සහය නොඅඩුව ලැබෙනු ඇතැයි මාගේ එකම බලාපොරොත්තුවයි'.
. අනතුරුව විලියම් මහතාගේ අභිප්‍රාය වූ උඩරට
ගැමියන් අතර සිටි පාරම්පරික කලා කරුවන් සහ
නුවර එළියට පැමිණෙන සංචරකයන් අතර මනා සබඳතාවයක් ගොඩ නගා ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය
දියුණු කිරීමයි. 'ඉහතින් ආරම්භ කරන්නට යෙදුණු කලාපුරයේ සංචාරකයන්ට ප්‍රයෝජනයට
තැනීමට අදහස් කරන සංචාරක කලා නිකේතන ගොඩනැගිල්ලට 1975 අප්‍රියෙල් මස පහලොස්වන දින
සුභ මොහොතින් ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් මුල් ගල තබන ලදී'
යනුවෙන් විලියම් ප්‍රනාන්දු මහතාගේම අත්
අකුරින් ලියන ලද වැකියක සඳහන් වෙයි. .මේ අවස්ථාවට එවකට වරාය සහ ගුවන්සේවා ඇමතිව
සිටි පී.බී..ජී. කලුගල්ල මහතා සාභාගි වූ අතර මෙම කලා නිකේතනය නොබෝ දිනකින්ම විවෘත
කිරීම සහ කලාකරුවන් වෙත ඉඩම් ප්‍රදානය කිරීම බලාපොරොත්තුව විය.. එහෙත් පසුකාලීනව
නුවර එලිය ප්‍රදේශයේ ඇතිවූ දේශපාලන විපර්යාසයන් මත විලියම් ප්‍රනාන්දු මහතා දුර
දක්නා නුවණින් ක්‍රියාත්මක කළ බොහෝ ව්‍යාපෘති අතරමග නතර වූ අතර විවෘත ආර්ථික සැඩ
පහරට අසුවී බවේග පෙහෙකම්හලද අඩපණ විය.කලාකරුවන්ට වෙන්කරන ලද කලාපුරයේ ඉඩම් දේශපලන
හිතවතුන් අතර බෙදා ගන්නා ලද අතර සංචාරක නිකේතනයේ අරමුණු ඉටු නොවීය.
හරියටම
වසර පනහකට පසු 2025 වසරේ ජනවාරි මස දී සංචාරක කලා නිකේතනය විවෘත වන්නේ ඊගල්ස් වීව්
පොයින්ට් යනුවෙනි.එදා විලියම් ප්‍රනාන්දු මහතා ඔහු කළ සෑම වැඩකටම මනරම් සිංහල වචන
යොදන ලද්දේය. ගාමිණි පුර ,සේන පුර, සිරිසඟබෝපුර ,අභය පුර ආදී වශයෙන් ගම්මන රැසක් නම් කරන ලද්දේය.කාලය
විසින් විශාල පරිවර්තනයක් සිදු කර ඇත.ශාන්ති පුරයේ නව පරපුර විලියම් මහතා ගැන
දන්නේ දැයි මම නොදනිමි. නමුත් මේ සංචාරක දසුන යලි පුනර්ජීවනයට පත් කළ ඇත්තන් මෙහි
ආරම්භකයන් ගැන කෘතවේදී වුවා නම් කලාපුරයේ සහ ශාන්තිපුරයේ ඇත්ත කතාව ගැන සමස්ත ශ්‍රීලංකා
වාසී ජනතාවටම දැනෙන පරිදි කියන්නට ඉඩ තිබුණි.මන්ද බ්‍රිතාන්‍යයන් විසින් සකස් කළ
පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ සිටින මහජන නියෝජතයෙකු ගේ පරිවර්තනයක් බලාපොරොත්තු
නොවූ අවදියක විලියම් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ කෑම වට්ටොරුවට සිංහල කෑම ආදේශ
කරන්නට ද බලවත් සටනක් කළ බව බොහෝ දෙනෙකුට අමතක වී ගොස් ඇති බැවිනි. එහෙව්
විප්ලවයක් කළ පුද්ගලයෙකුගේ නිර්මාණාත්මක ක්‍රියාවලියකින් පුනරුදය ලබන විට මුලු නුවර එළිය ජනතාවටම සතුටු වන්නට තිබුණු අවස්ථාව
මග හැරී ගිය බව සංවේගයෙන් සිහිපත් කළ මනාය.
මතුගම
සෙනෙවිරුවන්
No comments:
Post a Comment