පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Tuesday, June 7, 2022

ජනතාවට කොකා පෙන්වන ව්‍යවස්ථාදායකය

 

 

 

                               

             පාර්ලිමේන්තුව නැතිනම් ව්‍යවස්ථාදායකයේ 225 පත් කරන්නේ ජනතාවගේ චන්දයෙන්. චන්දෙ දීල මන්ත්‍රී වුණාට පස්සෙ ජනතාවට වගවීමක් නෑ.රටට අහිතකර පනතක් සම්මත කරාම එයට විරුද්ධව ඉහළ අධිකරණයට යන්න හැකියි.නමුත් එය වියදම් අධික ක්‍රියාවලියක්.අධිකරණයට ගියත් කරුණු දක්වන්නේ නැතිව නඩුව අහක දාන්න අධිකරණයට පුලුවන්.2020 වසරේ දි බුද්ධ ශාසන විෂය ජනපතිට තිබෙන්නට අවශ්‍යයි කියලා නීතිඥ අරුණ උණවටුන මහතා  නඩුවක් දැම්මා. කිසිම හේතු දැක්වීමක් නැතිව නඩුව අහක දැම්මා. සුව ඇමතිකෙහෙළිය එන්නත් අනිවාර්ය කරලා ගැසට්ටුවක් ගැහුවා.එකට විරුද්ධව නීතිඥ නුවන් බැල්ලන්තුඩාව නීතිඥ උනම්බුව ඇතුලු පිරිසක් සුපිරිම් උසාවියට ගියා.කරුණු දැක්වීමකින් තොරව නඩුව අහක දැම්මා.රුසියානු ගුවන් යානයක ගමන අත්හිටුවන්නට නියෝග දී තිබෙන්නේ කොළඹ වානිජ මහාධිකරණයයි. දැන ගන්නට තිබෙන ආකාරයෙන් වාරණ නියෝගය රැගෙන ගිය පිස්කල් සහ නීතිඥ සමාගමත් අයර්ලන්ත සමාගම අතර යම් දූෂිත ගනුදෙනුවක් වී ඇති බව පැහැදිලියි.කොවිඩ් වසංගතය කාලෙ ඉන්දියාව නොමිලේ දුන්නු එන්නත් තොගයක් ගන්න ගෝඨාභය ජනපතිවරයා කටුනායක ගුවන් තොටුපලටම ගියා.නුමුත් රුසියාව වැනි මිත්‍ර රටක් සමග මෙරට අධිකරණය ඇති කරගත් ප්‍රශ්ණය ගැන ඔහු නිහඩ පිළිවෙතක් අනුගමනය කරන ආකාරය නිරීක්ෂණය කළ හැකියි.ඇමරිකාව තරහා කරගෙන රුසියාව සමග වෙළඳ ගනුදෙනු කරන්නට සහ උදව් ගන්නට ගෝඨාභය කැමති නෑ.හිටපු ඇමරිකානු පුරවැසියෙක් නිසා ඔහු තාමත් ඇමරිකාවට පක්ෂපාතියි.නමුත් ඔහු තමන්ගේ මාතෘ භූමියට පක්ෂපාතී නැති බව ක්‍රියාවෙන් ඔප්පු කොට අවසානයි.

      2015 යහපාලන ආණ්ඩුව 19 සම්මත කරන්න ගිහින් කාරක සභා අවස්ථාවෙදි කලින් නොතිබූ කරුණු ඇතුලත් කරලා ව්‍යවස්ථාදායක මගඩියක් කරලා ජනතාවට කොකා පෙන්වා ජනපතිගේ බලතල කප්පාදු කරලා අගමැතිට බලය අරන් දුන්නා.එතනින් පස්සෙ අධිකරණයට යන්න අවස්ථාවක් නෑ.මේ විදියට ජනතා පරමාධිපත්‍යට කොකා පෙන්වන ව්‍යවස්ථාදායකයක් ශක්තිමත් කරන්නට තමයි ආයෙ නැවත 21 වන සංශෝධනය ගෙනවුත් තිබෙන්නේ.2002 දී නඩු තීන්දුවක් දුන්නා 19  වන සංශෝධනය 1978 ව්‍යවස්ථාවට පටහැනියි කියලා.නමුත් ජනතාවගේ ඇහැට වැලි ගහලා ඒ කෙටුම්පතම තමයි ආයෙ රනිල් සහ විජේදාස විසින් මහ රෑ සම්මත කරන ලද්දේ.දැන් ආයෙත් ඒ සෙල්ලම පටන් අරන්.පසුගිය කලේ විධායකය හෙබවූ ගෝඨාභය කරපු පිස්සු වැඩ නිසා විධායකය හෑල්ලුවට ලක් වුණා.මේ වැඩ වලට විරුද්ධව අධිකරණයට යන්නට පිළිවන්. ගියත් අර මුලින් කී සැන්තෑසියම තමයි වන්නේ. අධිකරණයේ අත්තනොමතික බලතල නිසා ජනතාවගේ ඉල්ලීම් පරාජය වනවා.කලකට පෙර ඇමරිකන් ආධාර යටතේ මෙරට විනිසුරුවරුන් පුහුණු කලා.මේ පුහුණු වෙච්ච අය සහ නීතිඥ සංගමය එකතුවෙලා හිටපු අධිකරණ ඇමතිගේ මෙහෙයවීමෙන් අධිකරණ භාෂාවෙන් ( සිංහල හා දෙමළ ) නීති අධ්‍යාපනය ලැබීමේ අයිතිය නැති කලා. ගුවන් යානයේ සිද්දියත් එවැනි පක්ෂපාතිකම් දරණ පුද්ගයන්ගේ මෙහෙයවීමක්.මේ ද්‍රෝහී ක්‍රියා ජනතාවට නිරාවරණය කරගත යුතුයි.

        විධායකය පත් කරන්නේ ජනතාව විසින්. ව්‍යවස්ථාදායකය පත් කරන්නේ ද ජනතාව විසින්. දෙකටම ජනතාව මුල් වනවා. එවිට විධායකයේ බලතල ව්‍යවස්ථාදායකයට නැවත දිය යුතු නෑ.කළ යුත්තේ විධායකයත් ව්‍යවස්ථාදායකයත් ජනතාවට වග විය හැකි යාන්ත්‍රණයක් සකස් කිරීමයි. ඒ සඳහා දිස්ත්‍රික් මට්ටමින් විධායක ව්‍යවස්ථාදායක ජනතා අධිකරණ පිහිටුවීය යුතුයි.ජනපති හෝ ව්‍යවස්ථාදායකය හෝ කරණ වැරදි ජනතාවට සෘජුව ඒ අධිකරණයට ඉදිරිපත් කළ හැකියි.ජනතාවට පුලුවන් සිංහල බසින් සහ දෙමළ බසින් මේ නඩු කියලා ඒ භාෂාවලින්ම නඩු පිටපත් ලබා ගන්නට.1972 දි සිරිමාවෝ මැතිණිය උසාවි භාෂා පනත ගෙනවුත් බලාපොරොත්තුවූයේ මේ තත්වය උදාකරන්නටයි.නමුත් රවුෆ්හකීම් අලි සබ්‍රි දේවනායගම් වැනි ඇමතිවරු ඒ අරමුණු විනාශ කලා. යම් නඩුවක් ඉවත දානවානම් අධිකරණය ඒකට කරුණු දැක්විය යුතුයි.අධිකරණයත් ජනතාවට වග විය යුතුයි.යනුවෙන් ව්‍යවස්ථාතාවට ඇතුලත් විය යුතුයි.   

  මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මුල් වන්නේ විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන තුන් කොටසයි.මගේ අදහස නම්.මෙයට සිවිල් සේවයත් ඇතුලත් විය යුතුයි.නීති සහ ප්‍රතිපත්ති සම්පාදනය කරන ව්‍යවස්ථාදායකයේ තීරණ ක්‍රියාත්මක කළ යුත්තේ සිවිල් සේවය සහ අධිකරණයයි. විධායකය විසින් රටේ ආරක්ෂාව සහ දළදා වහන්සේ ගේ උරුමය නියෝජනය කරාවි. ජනතා පරමාධිපත්‍ය උපරිම වශයෙන් ලබාගෙන ජනපති බවට පත්වන පුද්ගලයා. රටේ ප්‍රමුඛස්ථානය හිමිකර ගන්නා දළදා වහන්සේ සහ බුද්ධ ශාසනය සුරැකිය යුතුයි.එසේ නැතිනම් නව වන ව්‍යවස්ථාවෙන් ප්‍රයෝජනයක් නෑ. ඔහු රාජ්‍ය ආරක්ෂාවද සැලසිය යුතුයි.දළදා වහන්සේගේ උරුමය ආරක්ෂා කල යුතුයි සහ බුද්ධ ශාසනය සුරැකිය යුතුයි යන ඉල්ලීම අස්ගිරි මල්වතු මහා විහාරයෙන් වත් තවම ඉදිරිපත් වෙලා නෑ. ඒ කට හේතුව රනිල් හරි විජේදාස හරි කියන දේ හරිය කියල උන්වහන්සේලා හිතන නිසයි.වසර දෙදස් පන්සීයක් තිස්සේ පවතින මහා විහාරයේ බලය පාර්ලිමේන්තුවට වඩා ඉහළයි.පෙර රජවරුන්ට ව්‍යවස්ථා සම්පාදනයේ දී උපදෙස් දුන්නේ මහා විහාරයයි.එවැනි දැනුමක් සහ බලයක් තමුන් වහන්සේලාට තිබේ කියල නොසිතන තාක් ව්‍යවස්ථාදායකයේ 225 ජනතාවට කොකා පෙන්වමින් ඉඳියි.අන්තිමේදි භික්ෂු භික්ෂුණී උපාසික උපාසිකා ව්‍යවහාරය නැතිවෙලා පාදිලි සංස්ථාවත් මවුලවි ජිහාඩයත් රටේ ඉතිරිවේවි.

 

මතුගම සෙනෙවිරුවන්

 

No comments:

Post a Comment