පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, September 28, 2019

මුලතිවු කොටි උසාවියේ විධානය නොතැකූ ඥානසාර හිමිගේ විධායකය


                    
            වසර දහයක පමණ කාලයක් මුලතිවු ඓතිහාසික ගුරුකන්ද විහාරයේ විහාරාධිකාරිව වැඩ සිටි කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් කෙටි කලක් ගිලන්ව සිට අපවත් වූ අතර  සමස්ත සිංහල බෞද්ධ හදවත් බලවත් කම්පනයකට පත් කිරීමට මෙම සිදුවීම හේතු විය.  උතුරේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන රැක ගනිමින් සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරලීමට අවංකව කැප වුණු  මේධාලංකාරහිමි වැනි එඩිතර හිමි නමකගේ නික්මයෑම වෙන කවරදාටවත් වඩා ඉදිරියේදී දැනෙනු නිසැකය. උන් වහන්සේ ගේ නිසල දේහය  පසුගිය ඉරිදා දිනයේ මුලතිවු විහාරභූමියේ ම වූ වැව අසලදී අදානය කරනු ලැබිණ. මෙ අදාහන පූජෝත්සවය තහනම් කොට උතුරේ සිංහල බෞද්ධ අයිතියට කණේ පහරක් ගසන්නට බලා සිටි දෙමළ ජාතික සංන්ධානය ඇතුලු දෙමළ ජාති වාදීන් සැබවින්ම මේ අදාහනය සිදු වූ ගුරකන්දේදීම තවත් වරක් පරාජයට පත් විය.
       මුලතිවු උසාවිය කොටි උසාවියක් බව මෙයට පෙරත් අවස්ථා ගණනාවකදීම සනාථ කර තිබුණී.එදා ප්‍රභාකරන් පාලන සමයේ දී ඇටවූ කොටි උසාවි වලින් තීන්දු තීරණ ගනු ලැබූවේ.යම් ලෙසටද වර්තමානයේ මුලතිවූ උසාවියෙන්ද නැගෙන්නේ කොටි හඬයි. මේ කොටි අණට කඩේ යන පොලිසියක්ද මුලතිවූ ප්‍ර දේශයේ පිහිටා තිබීම කෙතරම් සංවේග ජනකද. මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රැකීමට බැඳි සිටින ශ්‍රීලංකා පොලිසිය එහි නවවන වගන්තිය ප්‍රගුණ කර නැති බව පෙනේ.ඔවුහු දෙමළ ජාතිවාදීන් ගේ ඉල්ලීමට ගුරුකන්ද දායක සභාවට එරෙහිව උසාවියට පැමිණිලි කරති.කොටි උසාවිය ඇන්නෑවේ කියමින් දෙමළ ජාතික සන්ධානයේ ජාති වාදී නඩයට සාපේක්ෂකව නඩු තීන්දු නිකුත් කරති.
       දළදා වහන්සේ මුල්වරට වැඩම කලා යැයි ජන ප්‍රවාදගත නයාරු ලංකාතොට අසල ගුරුකන්ද රජමහ විහාරයට  ටී.එන්.. දේශපාලන අංශයෙන් බලහත්කාරකම් සිදු වූයේ අද ඊයේ නොවේ.. ගුරුකන්ද රජ මහ විහාරයේ වර්තමාන විහාරාධිපති කොළඹ මේධාලංකාර හිමියන් ගේ මූලිකත්වයෙන් එහි බුදු පිළිම වහන්සේ නමක් ප්‍රතිෂ්ඨාපනය වන අවස්ථාවේ දීද එය සිදු විය..පසුගිය දුරුතු මස තෛයිපොංගල් දිනයේ දී පන්සලට කඩා වැදුණු හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී රවිහරන් ඇතුළු සියයක පමණ කණ්ඩායමක් ස්වාමීන් වහන්සේට සහ එහි දායකයන්ට බැණ තර්ජනය කරමින් බලහත්කාරයෙන් පන්සල් භූමිය තුළ මඩුවක් අටවා පොංගල් කිරිබත් උයා පන්සල් භූමියේ කෝවිලකට අත්තිවාරම් දමන්නට උත්සාහ දැරූ අකාරය කාහටත් මතක ඇතිවාට නිසැකය.මෙම සිද්දියෙන් පසු එතැනට කඩා වැදුණු ටී.එන්.. සංවිධානයේ මන්ත්‍රීවරු කීප දෙනෙක්ද ආලම්පීල් කෝකිලායි පල්ලි වල පූජකයන්ද චාල්ස් නම් පූජකයාද එක්ව පන්සලට තිබෙන අයිතිය ගැන මේධාලංකාර හිමියන් ගෙන විමසා සිටි අවස්ථාවේ දී උන්වහන්සේ එයට නීර්භීතව පිළිතුරු දුන්හ.මෙවැනි  අභීත හිමිනමක් ගේ අදාහන පූජෝත්සවය පැවැත් වීමට නායකත්වය ගත යුතුව තිබුණේ රජයයි. බුද්ධශාසන ඇමතිවරයා හෝ ජනාධිපතිවරයා මේ සම්බන්ධව කිසිම ක්‍රියාමර්ගයක් ගත් බව දැන ගන්නට නැත.සංස්කෘතික ඇමතිවරයාට වගේ වගක් නැත. එසේම මෙරට බුද්ධශාසනය වෙනුවෙන් වැඩ සිටින මහානායක ස්වාමීන් වහන්සේලාද මේ අදාහනය කළ යුතු නිවරදි ආකාරය පිළිබඳ රජයට උපදෙස් දුන්නේ නැත අඩු ගණනනේ උන්වහන්සේ  ඇතුලත් නිකායට අයත් නායක ස්වාමීන් වහන්සේ පවා මුණිවත රැක තිබෙන අතර වාරයේ  පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුලු මහා සංඝ රත්නය ගුරකන්දට වැඩම කිරීම මහත් ශක්තියක් වූ බව කාහටත් පැහැදිලිය.
         මුලතිවු උසාවිය තීන්දුව ප්‍රකාශයට පත් කරන්ට පෙර මේධාලංකාර හිමියන් ගේ චිතකයට ගිනි දැල්වින. ගුරුකන්ද විහාරයට අසල වැව් තීරයට සමීපව ඉතා කඩිනමින් චිතකය සකස් වූ අතර දෙමළ ජාතික සංන්ධානයේ විරෝධය නොතකමින් අදාහනය සිදු විය. මෙම ස්ථානයේ පැරණි පිල්ලෙයාර් කොවිලක් තිබී නොමැති බවට ඕනා තරම් සාක්ෂි ඇත. මෙයට පෙර මෙම භූමිය හමුදා කඳවුරකි. එහි තිබූ අනුරාධපුර යුගයට අයත් ස්ථූපයන් රතු පැහැති ගඩොල් බෝධිසත්ව ප්‍රතිමා වලින් අපට කියා පාන්නේ මෙම ස්ථානය තෙතරම් පැරණි බෞද්ධ සිද්ධස්ථානයක්ද යන්නයි. මෙම සිද්ධථානය වසර දෙදහසකට වඩා පැරණි බෞද්ධ ආරාම සංකීර්ණයක් යැයි වර්තමාන පුරාවිද්‍යා අධයක්ෂ ජනරාල් වරයා මුලතිවු උසාවියට පැමිණ සාක්ෂි දෙමින් සැළ කර සිටියහ. එහෙත් එතුමා විශාල වැරැද්දක් කර තිබුණි. ඔහු දුන් සාක්ෂිය උසාවියට ලිඛිතව ඉදිරිපත් නොකිරීම එම වැරැද්දයි. මේ නිසා මුලිතිවු මහේස්ත්‍රාත්වරයා ඊනියා පිල්ලෙයාර් කොවිලේ පාලක මණ්ඩලයටද මෙම ස්ථානයේ වැඩ කටයුතු කර ගැනීමට අවසරදෙමින් තීන්දුවක් දුන් අතර දැන් එම තීන්දුවට විරුද්ධව මහාධිකරණයෙය් නඩුවක් ගොනු කර තිබේ.
         මේ සියල්ල සිදු වන්නේ දහනම වන ව්‍යවස්ථාව මගින් ජනපතිවරයාගේ බලතල අඩු කොට අගමැති විසින් ඒවා පැහැර ගත් කාලවකවානුවකදීය. එදා 1948 නිදහස ලැබුණු අවස්ථාවේ දීද එංගලන්ත රැජිනට වග කියන අගමැතිවරයෙකු බිහිවිය. ඔහු සොල්බරි ව්‍යස්ථාවේ 29 වන වගනිතිය ප්‍රකාරව සියලුම ආගම් වලට එක සමාන ලෙසට සැලකිය යුතු විය.එම තත්තවය තුළ මේ රටේ සියලුම අගමැතිවරුන්ට සිදු වූයේ බුද්ධශාසනයට කෙණෙහිලිකම් කිරීමටයි.1972 ව්‍යවස්ථාවෙන් මෙරට ජනාධිපති ධූරයක් බිහි වීමත් පසුව 1978 දී විධායක ජනාධිපති ධුරයක් බිහිවීමත් නිසා.අගමැතිට  ඉහළින් සිටින ජාතික නායකයෙකු බිහි විය. එහෙත් එම ව්‍යවස්ථාවේ ද ජනාධිපති බලතල අතර බුද්ධශාසනයට අවශ්‍ය සේවය ඉටු කරලීම දක්වා නොමැතිය . වර්තමාන දහනව වන සංශෝධනය අනුව නම් ජනපතිවරයාගේ කාර්ය භෘරය වී තිබෙන්නේ ජාතික ආරක්ෂාවත් සංහිඳියාව ඇති කිරීමත්ය. ඒ අනුව ඔහු සර්ව ආගමික සංහිඳියා කාරයෙකු වී ඇත. සිංහල බෞදධයන්ට නිහඬව නිවටව සිටින්නට අණ දී දෙමළ ජාතිවාදීන්ට මුස්ලිම් අන්තවාදීනට රිසිසේ නටන්ට ඉඩ සලසා ඇත්තේ එහෙයිනි.කොළම සිටින විග්නේශ්වරන් ගුරුකන්දට පැමිණ උතුරේ පන්සල් වලට විරුද්ධව පෙළපාලි යන්නේ එහෙයිනි. ඒ අතර මොවුන් විධායකය අහෝසි කොට සියලු බලතලයන් අගමැතිවරයාට ලැබෙන පරිදි විසිවන සංශෝධනයක් ගෙන එන්නට වලිකෑම පසුගියදා දැක ගන්ට හැකි විය. ජනපතිවරණයක් කටේ තියා ගෙන එය ඉදිරිපත් කරන ලද්දේ අගමැතිවරයා විසිනි.මේ නිර්ලජ්ජිත ක්‍රියාවලිය තුළින් පසක් වන්නේ සිංහල බෞදධයාට තිබෙන අවසාන අයිතියත් නැති කිරීමට අවශ්‍ය ව්‍යවස්ථා මරඋගුල් අටවන්නට මොවුන් සූදනම් බවයි.මේ සඳහා සජිත් ප්‍රේමදාස ද එකඟ කර ගැනීම ඔවුන් ගේ අවසාන තුරුම්පුවයි.
        විධායකය යනු මේ රටේ සාම්ප්‍රදායානුකූලව තිබූ රාජ්‍ය නායකත්වයයි.රාජකීය තනතුරයි. එය අද ප්‍රජාතන්ත්‍රීයව සකස් ව තිබුණද රටේ වාසානාවට එම තනතුර යොදාගන්නා ආකාරය ඉතිහාසය විසින් පැහැදිලිව සාක්ෂි සහතිකව උගන්වා තිබේ. මහා විජයබාහු මෙන්ම මහා පරාක්‍රමබාහුද සයවන පරාක්‍රමබාහුද එම ආදර්ශය අපට පෙන්වා දී තිබේ.ලංකාවේ ස්වාධීනත්වයට එරෙහිව යම් අවස්ථාවක ප්‍රශ්ණයක් පැණ නැගුණද එයට නිර්භයව මුහුණ දුන්නේ ජාතික නායකත්වයයි. රජුට අවශ්‍ය ශක්තිය දීමට එදා මහාවිහාරය කටයුතු කළ ආකාරය වර්තමාන හා විහාරයට අමතක වී ගොසින්ය. මල්වතු විහාරයේ මහා නායක හිමියන් එදා ලන්දේසි යුගයේ දී ෆැල්ක් ආණ්ඩුකාරයාට  පවසන දේ මීට සාක්ෂි වෙයි. එම සාක්ෂිය මහාචාර්ය අභය ආරියසිංහ මහතා සංස්කරණය කළ ලංකාවේ රජසිරිත් සහ ලෝක චාරිත්‍ර නම් ග්‍රන්ථයට ඇතුලත් කර තිබේ.කෙසේ වෙතත් විධායකය අහෝසි කොට අගමැතිවරයෙකුට රට පැවරීම යලි රට ආපස්සට දැමීමකි.  ජනතා විමුක්ති පෙරමුණත් මෙරට බත් බැලයන් වූ එන්.ජී.ඕ. නඩයත් ලංකාව අස්ථාවර කරලන්ට ගෙන ආ මේ මත වාදය තවත් වරක් ඥානසාර හිමියන් විසින් අවලංගු කර තිබෙන ආකාරය අපට ගුරු කන්දෙන් දැක ගත හැකිය. නායකත්වයක් දක්වමින් ප්‍රශ්ණයකට නිවැරදිව මුහුණ දෙන තැන විධායකය පවතින බව මෙම සිද්දියෙන් අප තේරුම් ගත යුතුය.


No comments:

Post a Comment