පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Thursday, May 23, 2019

සිංහලයන්ගේ අනුකම්පාව භූමිකම්පාවක් විය හැකියි


                                   
            දේව මෙහෙයන්ට සාභාගි වෙමින් සිටි කතෝලික ජනතාව බෝම්බ කරුවන් මගින් ඝාතනය කොට සංචාරක හෝටල් ආර්ථීකය අඩපණ කොට දැනට මාසයක් ගතව අවසන්ය.හමුදාවේ මෙහෙයුම් නිසා මෙම විනාශයට මග පෑදූ මුස්ලිම් සංවිධාන වල නායකයන් සහ ඔත්තු කරුවන් රාශියක්ම අත්අඩංගුවට පත් කර ගැනීමට හැකියාව ලැබී තිබේ. පොලිසියේ දෙබිඩි පිළිවෙත ඉදිරියේ වුවද එවැනි සාර්ථක ක්‍රියාන්විතයක් කරගෙන යෑමට හැකි වීම මගින් නැවතත් ප්‍රකට කර තිබෙන්නේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන්හි දක්ෂතාවයයි. රටේ ආරක්ෂක අංශ මෙලෙස සිය නිපුණතාවයන් ප්‍රදර්ශනය කරන විට රටට නායකත්වය සපයන දේශපාලඥයන් පත්ව තිබෙන අවාසනාවන්ත තත්ත්වය ඉතා දරුණුය. බුද්ධි අංශ වලට සහ ආරක්ෂක මොහයුම් වලට සීමා පනවමින් කලහකාරී තත්ත්වයන්ට තුඩු දෙන සිදු වීම් නිර්මාණය කරමින් තමන්ගේ බලය රැක ගැනීමට දරන ප්‍රයත්නය බෙහෙවින්ම ඛේදජනකය.
        ඉස්ලාම් මූලධර්මවාදය කුරාණය නමැති මූලික ලියැවිල්ලෙන්ම  උගන්වන්නකි. කුරාණය ආගමික ග්‍රන්ථයක් නොවන බව පසක් වන්නේ ත්‍රස්ත ක්‍රියාකිරීමට අන්‍ය ආගමිකයන් විනාශ කරලීම ඒ මගින් දෙන මග පෙන්වීම නිසාය. එසේ නම් පසුගිය සියවසක පමණ කාලයක මේ ඉස්ලාම් භාක්තිකයන් ලංකාවේ සාමයෙන් ජීවත් වූයේ කෙලෙසකදැයි කිසිවෙකුට ප්‍රශ්ණනයක් මතු කළ හැතිය.සැබවින්ම ඔවුන් එසේ ජීවත් වි සිට නැත.ඉස්ලාම් ආගම අදහන ජන රංචුවක් ලෙසට සිංහල ජන සමාජයට ඔවුහු ආගන්තුක බවක් දැක්වූයේය. වර්ෂ 1800 වැනි කාලයේ දී ඔවුහු ලංකාවේ පැලපදියම්ව සිටි යේ ඉතාමත් ස්වල්ප දෙනෙකි. විශේෂයෙන්ම ලන්දේසීන් ස්වකීය වෙළෙදාම තර කර ගැනීමට ගන්නා ලද උත්සාහයන්හිදී මේ සංක්‍රමණීක මහමත් ජනයා පළවා හරින ලදහ. මහුදු බඩ පෙදෙස් වල මඩු කූඩාරම් අටවා ගෙන සිටි කිසි කෙනෙකුට ලන්දේසීන් ගෙන් නිදහසක් ලැබුණේ නැත. නමුත් 1796 දී ලන්දේසින් විසින් ඉංග්‍රීසින්ට රට පැවරීමේ දී මෙකී මහමත් ජනයා පිළීබඳ එකඟතාවයක් නොදැක්වීම නිසා ඉංග්‍රීසි ආන්ඩුව ඔවුන් වෙනුවෙන් සානුකම්පිකව කටයුතු කරලීමට ආරම්භ කර තිබේ. එහි ප්‍රථම පියවර වූයේ 1806  අගෝස්තු 05  දා මහමත් ජනයා ගේ විවාහ පිළීබඳ නිකුත් කළ ආඥා පත්‍රයයි.මේ තත්ත්වයෙන් පසු ඉංග්‍රීසීහු මහමත් වෙළෙන්දන් ගේ උදව් උපකාර මත ඔත්තු සේවාවන් ක්‍රියාත්මක කළහ. එසේම ඌවේ පාලකයා ලෙසට හජ්ජි නම් පුද්ගලයෙකු පත් කළහ.1817 දී ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව කළ නැගී සිටීමේදී මේ ඔත්තු කරුවන් කළ මෙහෙය ට රාජපාක්ෂික භාවයේ සැලකිල්ල දැක්වූහ.විශේෂයෙන් අරගලයට මැදිව ගම්බිම් අතහැර ගිය සිංහලයන් ගේ ඉඩම් ඔවුන් වෙත පැවරූහ.ඉන්පසු 1852 අංක 08 1886 අංක 02  1910 අංක 20  1912 අංක 03  1918 අංක 05  1922 අංක 09 යන වර්ෂ වලදී ආඥා පනත් නිකුත් කරමින් මුස්ලිම් විවාහ සහ දේපල නීති ශක්තිමත් කර තිබේ.අද කාති උසාවි දක්වා වර්ධනය වී තිබෙන්නේ මේ නීති පද්ධතියයි.
       මෙවැන් තත්ත්වයක් ලද වරප්‍රසාද  නිසා මහමත් ජනයා ( පසුව මුවර් හෝ මුස්ලිම්) සැලකිය යුතු ජන සංඛ්‍යාවක් ලෙසට ලංකාවේ බලය අත්පත් කරගනිමින් සිටියහ. විශේෂයෙන්ම වෙළෙදාම අරභයා ඔවුන් දැක්වූ සමත් කම් සහ අධිකාරිය මත ඔවුන් ජීවත් වූ ගම් බිම් අභිබවා යමින් රට පුරා බලය පතුරුවමින් සිටියහ. 1912 වැනි කාලයකදී සිංහලයන් සමග ගම්පලදී ගැටුමක් සාදා ගන්නේ මේ ආරෝපණය කරන ලද බලය කරණ කොටනෙය. පසුව කුරුණෑගල මරදාන වැනි තැන්වලදී මුදා හරින ලද ඔවුන් ගේ ප්‍රචන්ඩත්වයට මූල බීජ සපයා ඇත්තේ කුරාණයයි. ඉංග්‍රීසීන් ගෙන් දිගින් දිගටම ඔවුන් ලද වරප්‍රසාද නිසා රටේ පරිපාලන බලය ඇල්ලීම උදෙසා රහසිගතව සංවිධානය වීමේ අවශ්‍යතාවය ඔවුන් එහිදී තේරුම් ගන්නට ඇත.ලංකාවේ ගම්වල ඉඩම් ඇල්ලීමේ ප්‍රතිපත්තියේදී ඔවුහු සිංහල ජන ප්‍රධානීන් ගෙන් සහාය ලැබූහ. එසේත් නැත්නම් උපක්‍රමශීලිව බලහත්කාරකම් යෙදවූහ.දඹුලු විහාරයේ බුදු පිළිම වහන්සේ ගේ අඟ පසඟ සඳහා පූජා කළ ගම් බිම් අදටත් දඹුල්ල අවට වෙයි. නිකට පෙදෙසට පූජා කළ ගම වූයේ නිකවටවනයි. මේ නික වටවන පුරාණ සිංහල ගම්මානයකි. එහි ආරචිචි කෙනෙකු සිටියේය. මඩකලපුවේ සිට පැමිණෙන මුස්ලිම් වෙළෙන්දන් මේ ගම් හරහා සිය ව්‍යාපාර කටයුතු කරන කල්හි ජන ප්‍රධානීන් ගේ නිවෙස් වල රාත්‍රිය ගත කිරීම ස්වභාවයක් විය. මේ කියන ආරච්චිලද එසේම වෙළෙන්දන්ට කරුණාව දක්වමින් සත්කාර කළ කෙනෙකි. ඒ කාලයේ තිබූ මුදල් හිඟතාවයන් නිසා ආරච්චිල මුස්ලිම් වෙළෙන්දා ගෙන් ණයට ගැනීමට පෙළඹී සිටියේය. කලකදී මේ ආරච්චිල රෝගාතුරව හදිසියේ මිය ගියේය. අසරණවූ මැණිකේ නිවසේ තනිවිය. මුස්ලිම් වෙළෙන්දා තමන්ගෙන් ගත් ණය ගැන මතක් කරමින් මැණිකේ පීඩාවට පත් කළේය. අවසානයේ සිදුවූයේ ආරචිචිලගේ බිරිඳ බලහත්කාරයෙන් මුස්ලිම් වෙළෙන්දාගේ භාර්යාව බවට පත් වීමයි. තනි සිංහල ගමක් වූ නිකවටවන මුස්ලිම් ගමක් වූයේ එලෙසය.
       නවසිය තිහේ දශකයේ දී ත්‍රිකුණාමලයේ තඹලගම සිටි මරක්කල වෙලෙන්දන් කන්තලේ කඳු ගැටයෙන් එපිට තිබෙන හොරොව්පොතානට පැමිණියේ අස්වනු කපා පාගා ගත් පසු වී රැගෙන යන්නටයි. පරදෙහියාකඩ පරංගියා වාඩිය වැනි ගම්වල ජනයා ගොවිතැන් බත් කර මුස්ලිම් වෙළෙන්දන් සමගබඩු හුවමාරු කරගනිමින් සිටියහ. කලක් යනවිට මුදලින් පොහොසත් වූ මේ වෙළෙන්දන් අස්වනු වාරයට ගම්වලට පැමිණ ආයුධ පෙන්වා බලහත්කාරයෙන් වී රැගෙන යන්නට පටන් ගත්හ. පොලිසියෙන් පිහිටක් නුවූ අතර ගම්මුන් සංවිධානයව මේ වෙළෙන්දන් පලාවා හරින්නට කටයුතු කළ බව එහි සිටි පැරණි ගැමියන් කියති.මෙයින් පෙනී යන්නේ මුස්ලිම් ජනයා උපක්‍රමශීළිව සහ බලහත්කාරයෙන් සිංහල සමාජයත් භූමියත් ආක්‍රමණය කළ ආකාරයයි.
      ලංකාවට නිදහස ලැබීමේ ක්‍රියාවලියේ දී සහ 1956 දී ඇති වූ සිංහල පුනරුද ව්‍යාපාරයන් නිසා මහමත් ජනයාගේ තරුණු පරම්පරාවන්ට සිංහල පාසල් වල අධ්‍යාපනය ලබන්නට සිදු විය. එහිදී සිංහලයන් සමග මුසු වීමට වැඩි අවස්ථාවක් හිමි විය. මේ නිසා කුරාණයේ ඉගැන්වීම් යටපත් කොට ගෙන සිංහල සංස්කෘතියට එකතුවීමට අවසථාවක් හිමි විය.නමුත් වෙළෙද ඒකාධිකාරිය ලබා ගැනීමටද ප්‍රධාන පක්ෂ වලට සම්බන්ධ වෙමින් කේවල් කර ගැනීමේ බලය ලැබ ගැනීමටද ඔවුන් සූක්ෂම වී යැයි සිතමි.සිංහල ජන සමාජයට වැඩි වැඩියෙන් මුහු වීම නිසා වෙළෙඳ ව්‍යාපාර ණයට දීම් ආදී කටයුතු වලදී මේ ජනතාව සිංහලයාට ඉහළින් වැජඹෙන්නට උත්සාහ ගත්හ.1965 න් පසු පත්වූ ඩඩ්ලි සේනානයක රජය අවදියේ මුස්ලිම් ව්‍යාපාරිකයන්ට සහ දෙමළ ව්‍යාපාරිකයන් රාශියකට රට පුරා ඉඩ කඩම් බදු දුන් බව ප්‍රසිද්ධ රහසකි.මේවායේ විස්තර හැන්සාඩ් වාර්තාවල පළ වී තිබේ.1970 න් පසු සිරිමා බණ්ඩාරනායක රජය ගත් වැදගත් තීරණ නිසා රාජ්‍ය සමාගම් රාශියක් බිහිවිය. සමූපාකාර තොග වෙලෙඳ සංස්ථාව වැනි ආයතන වී අලෙවි මණ්ඩලය වැනි ආයතන නිසා රාජ්‍ය ව්‍යවාසායක් ක්‍රියාත්මක විය. මේ නිසා යම් පමණකින් මුස්ලිම් අධිකාරයට පහර වැදුණු  බව කිව යුතුය.නමුත් 1977 දී ජේ.ආර්.ජයවර්ධන විසින් හඳුන්වාදුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තය මග පිහිටා රාජ්‍ය ව්‍යවසාය විසිරුවා හරින ලදී. මෙහි ප්‍රතිඵලය වූයේ මුස්ලිම් සහ දෙමළ ව්‍යාපාරිකයන් විසින් ආනයන අපනයන ඒකාධිකාරය අත්පත් කර ගැනීමයි.මෙයට ප්‍රතිවිරුද්ධව දඹුල්ල වැනි වෙළඳමධ්‍යස්ථාන ආරම්භ කළද ප්‍රා දේශීය සිංහල දේශපාලඥයන් ගේ මැදිහත් වීම් මත එහිද යම් අධිකාරි බලයක් මේ අයට හිමි වී තිබේ.අද වන විට සිංහලයන් විසින් මුස්ලිම් වෙළඳ ව්‍යාපර වර්ජනය කරලීමේ තත්ත්වයකට පත් වී තිබේ. නමුත් මුස්ලිම් ඒකාධිකාරය විසින් ආනයනය නතර කළහොත් රට තුළ ආනයනික ආහාර හිඟයක් ඇති වීමට ඉඩකඩ තිබේ.විශේෂයෙන්ම කුළුබඩු ව්‍යාපාර වලින් වැඩි තීරුවක් අත්පත් කරගනෙ සිටි ඊබ්‍රහිම් අත්අඩංගුවට පත් වීම නිසා ආනයනික කුළුබඩු වල දැවැන්ත හිඟයක් මතු වී ඇතැයි කීම මුසාවක් නොවේ.රිෂාඩ් බද්යුදීන් වෙළඳ ඇමතිවරයාගේ දීර්ඝ කාලීන සැලසුම් තේරුම් ගන්නට මේ උදාහරණය පමණක් ප්‍රමාණවත්ය.
      මුස්ලිම්  ත්‍රස්තවාදීන්ගෙන් අහිසංක මුස්ලිම් ජන සමාජය වෙනස් වන බවද ඔවුහු අන්තවාදයට නොකැමතිබවද දෙශපාලනඥයන් සහ මුස්ලිම් මවුලවි පූජකයන් පවසති.එහෙත් අසූව දශකයේ දී මුස්ලිම් කොන්ග්‍රසය නමින් ඇති කළ බල දේශපාලනය තුළින්  මුස්ලිම් ජනයා සීඝ්‍ර යෙන් නව වහාබ්වාදයට ගොදුරු වූයේය.  මුස්ලිම් අරසු කච්චි නායක අබ්දුල් රසූල් මේ ආගමනය ගැන භීථීය පළ කළ කෙනෙකි.කෙසේ වෙතත් සිංහල ජනයා මේ පිරිස ගැන අනුකම්පාවෙන් සැලකීම පුදුමයට කරුණක් නොවේ. ඔවුහු තමන්ගේ ඉඩම් දේපළ වැඩි මිලට මේ අයට විකුණූහ.එසේත් නැතිනම් බදු දුන්හ.. දළදා මාළිගයේ නාථ දේවාලයේ වීෂ්ණු දේවාලයේ ඉඩම් රාශියක් මුස්ලිම් පිරිස සතුව ඇත්තේ භික්ෂුන් වහන්සේලාගේ කරුණාව පෙරදැරි කරගනය.මේ අනුකම්පාව අද භූමි කම්පාවක් වී තිබේ. මුස්ලිම් අන්තවාදයේ ස්භාවය ත්‍රස්තවාදයෙන් නැවතී නොමැත ඔවුහු වඳ පෙති මගින් තරුණ  සිංහල කාන්තාවන් වඳ බවට පත් කරලීමට විවිධ උපක්‍රම යොදති. තේ කොළ වලට කසල තේ මෙන්ම විවිධ රසායන වස එකතු කරමින් සිංහල සමාජය රෝගාතුර කරලීමට කුමන්ත්‍රණය කරති.මේවා සත්‍ය යෙන් තොර යයි ආණ්ඩුවේ ප්‍රකාශකයන් සඳහන් කළ කාලයක් තිබුණි.. දැන් මේ භීතිය පාර්ලිමේන්තුවටද පැමීණ තිබේ. මන්ත්‍රීවරු ඇමතිවරු බිත්තියට හේත්තු කර තිබේ. මහින්ද රජපක්ෂ මහතාද කොටින්ට විරුද්ධව යුධ මෙහෙයුම ආරම්භ කරන ලද්දේ මෙලෙස බිත්තියට හේත්තු වීමෙනි.එහෙත් බුද්ධි අංශ සිරගත කළ ඇමරාකාව සමග කුමන්ත්‍රණ කාරීව කටයුතු කරන යහපාලන රජය මුස්ලිම් බලහත්කාරයන්ට එදිරිව නිවරදිව කටයුතු කරන්නේ යැයි සැක පහළ වේ. හිස්බුල්ලා බද්යුදීන් රහුමාන් මුස්තාපා. අසාද් සාලි වැනි දේශපාලන ප්‍රබලයන් අගමැති සහ ජනපති ගේ රැක වරණය මත යෙහන් සිටීමෙන්  එම සැක පහළ වේ.

       

1 comment:

  1. During MR time Muslim Tea traders killed 2 Sinhala Tea company executives (no one remember this due to the war with LTTE, at the time) Later govt killed 4 Muslims from Gampola and burned them in a 4WD near BMICH. At the time govt intelligent was strong (under Gota) acted swiftly and Muslim attack on Sinhala Tea companies ended there.

    ReplyDelete