පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, May 15, 2019

පරිසරය මුලට ජාතික ආරක්ෂාව දෙවැනි තැනට -රිෂාඩ් ගේ කොළණීයේ සත්‍ය කතාව


                    
        යුද්ධය නිසා අවතැන්ව සිටි පුත්තලමේ ජනතාව මන්නාරමේ මුසලි ප්‍රදේශයේ නැවත පදිංචි කරන ලද බව අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් දැන් පිළිගෙන ඇත. ඔහු ගේ අණින්මන්නාරම මුසලි ප්‍රදේශය තුළ පිහිටි කලින් හෙළි පෙහෙළිව නොතිබූ කල්ලාර් මහ කැළයේ ඉඩම් නිදහස් කර එහි ජාසිම් සිටි නමැති නව ජනාවාසය ඉඳි කර තිබේ.මේ බැව් 2018 වර්ෂයේ විගණකාධිපති වාර්තාවෙන්ද හෙළිදරව් කර ඇත. 2018 වසරේ මන්නාරමේ  දී පැවැත්වුණු පරිසර සමුළුවකදී ජනධිපතිවරයා විසින්  රිෂාඩ් බද්යුදීන් අමාත්‍යවරයා ඉදිරියේම පවසා ඇත්තේ අතීතයේ කළ වැරදි නැවත නොකල යුතු බවත් සිටුවන ගස් ලක්ෂය ඔහු විසින් රැක බලා ගත යුතු බවත්ය. වැරදි පිළිගැනීම  සමාව දීම සිංහල බෞද්ධයන් ගේ සිරිතකි.එහෙත් මේ මුස්ලිම් ඇමතිලාගේ වහාබ්වාදය නිසා බෝම්බ පිපිරී විශාල විනාශයක් සිදුව ඇත.එයට සමාව දෙන පිලිවෙලක් ගැන ජනාධිපතිවරයා සහ අගමැති වරයා සිතන බව පෙනේ. වහාබ්වාදයට උදව් කළ අමාත්‍ය රංචුවේ බැංකු ගිණුම් නිවාස සහ ඔවුන් කළ ගමන බිමන් ගැන පරීක්ෂා නොකරන්නේ එබැවිනි. නැවත මෙවැනි විනාශයක් නොකරන බවට සහතිකයක් මේ නායකයන් දෙපළට දිය හැකිද යන්න ප්‍රශ්ණයකි.
         මෑත කාලයේදී වඩාත් චෝදනාවට ලක් කරන ලද මුස්ලිම් ඇමතිවරයා වූයේ රිෂාඩ් බද්යුදීන් ය.කල්ලාර් වනයට (විල්පත්තු පරිවාර රක්ෂිතය) කළ විනාශයට  පරිසරවේදීන් විරෝධතා පැවැත්වූහ. පරිසර සංවිධාන එහි ගොස් ගස් සිටැවූහ. අතැම් අය නඩු දැමූහ. ඒ සියල්ල පරිසරය වෙනුවෙනි.වනාන්තරය කැපීමට අවසර දී තිබුණේ රජයේ වන සංරක්ෂණ අංශ විසිනි. එසේම මන්නාරම දිසාපති විසිනි.මෙම පෙදෙස් වල පදිංචි කළ පිරිස් වල මුල් ගම් බිම් ගැන නැවත පදිංචි කිරීම් අමාත්‍යංශය සොයා බැලිය යුතුව තිබුණී. එහෙත් මේ කිසිවක් සිදු නොවුණි.විදේශ වලින් මෙරටට කරන ලද ආයෝජන මධ්‍ය යේ සියල්ලම නිහඬ කරවනු ලැබිණ. එහෙත් කොළණි වලට මුවාවී වහාබ්වාදය පතුරවන කඳවුරක් ගොඩ නන්වන ලදැයි කිසිවෙක් පැමිණිලි නොකළහ.ලංකාවට මත් ද්‍රව්‍ය ගෙනවිත් ගොඩබාන ප්‍රධාන ස්ථානයක් ලෙසට මෙම කොළණීය වර්ධනය වන බවක් කිසිවෙක් දැන නොසිටියහ. එහෙත් කීප වරක්ම සිලාවතුර ප්‍රදේශ අසළින් මත්ද්‍රව්‍ය ගෙනා බෝට්ටු අත් අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකිවුණී. මේ නිසා කුපිතවුණු මෙම අමාත්‍යවරයා මෙම පෙදෙස් වලින් නාවිත කදවුරු ඉවත් කළ යුතු බවට උද්ඝෝෂණ දියත් කළහ.
         මන්නාරම පෙදෙස අතීතයේදී හැඳින්වූයේ මන්නාරමය කරඹවලානය හා නෙල්ලිවලානය යනුවෙනි.එය පැරණි පිහිටි රටට අයත් වැදගත් ඓතිහාසික ප්‍රදේශයකි. මෙම පෙදෙස පිහිටිරටින් වෙන්කොට මන්නාරම් නමින් වූ දිස්ත්‍රික්කයට එක් කරන ලද්දේ ඉංග්‍රීසීන් විසිනි. එයට හේතුව ලන්දේසීන් විසින් 1766 ගිවිසුම මගින් මෙම ප්‍රදේශය උඩරට රාජධානිය විසින් අත් හරිනු ලැබීමයි. උඩරට රජු විසින් අත් හරින ලද කොටසේ මායිම අදටත් නුවර කලාවියත් මන්නාරම් දිස්ත්‍රික්කයත් වෙන් කරන සීමාව වෙයි.එය කොටි ත්‍රස්තවාදීන් විසින් ඊළාම් සීමාව ලෙසටද ගෙන ඇත. මන්නාරම් තොට අතීතයේදී සිංහල රජවරුන්ට වැදගත් වූවා සේම ඉංග්‍රීසීන්ටද මහත් වැදගත්කමක් ඉසිලීය. එයට හේතු වූයේ මන්නාරමේ සිට කල්පිටිය දක්වා මුහුදු තීරයේ හමුවන මුතු බෙල්ලන්ය. මේ මුතු බෙල්ලන් කිමිදීම දුරාතීතයේ පටන් රජයේ ආදායම් මාර්ගයක් විය. වරින් වර අක්‍රමණිකයන් විසින්ද මේ මුතු කිමිදීම සිය පාලනයට ගෙන ආධිපත්‍ය පතුරුවා ගෙන සිටියහ. වරක් උඩුගම්පල විසූ සකලකලාවල්ලභ රජු මලවරායන් නමැති අක්‍රමණිකයෙකු පළවා හැර ඔහු ගේ නැව් ද පොඩිපට්ටම් කළ බවට ඉතිහාසයේ ලියැවී තිබේ.ඉංග්‍රීසීහු මේ මුතු කිමිදීම කාර්යක්ෂමව විධිමත්ව කරලීමට වාර්තාවක් සකස් කළහ. ඒ අනුව 1887 වර්ෂයේදී ඉන්දියාවෙන් සහ අරාබියෙන් මුතු කිමිදින්නන් ගෙන්වා මුසලි ප්‍රදේශයේ  නවත්වා ගෙන මුතු කිමිදීම ආරම්භ කළ බවට සාක්ෂි හමු වෙයි.ව්‍යවස්ථදායක මන්ත්‍රණ සභා වාර්තාවකට අනුව මුසලි හි මරිච්චකට්ටුව සහ මුල්ලිකුලම් අසල ඉංග්‍රීසීහු මේ මුතු කිමිදින්නන් ගේ කඳවුරු කීපයක් ඇති කළහ.

                                          ( මුතු කිමිදෙන්නන් ගේ මරිච්චකට්ටු වහල් කඳවුර 1887-1891 )

      දෙමළ පිරිසට එක් කඳවුරක්ද මරක්කල අයට තවත් කඳවුරක් ද වශයෙන් ඇති කොට සනීපාරක්ෂක පහසුකම් ඇතුළු සියළු දේ ලබා දී මුතු කිමිදීම ධෛර්යමත් කළ බව දැක්විය හැකිය. මේ ආකාරයට 1887 සිට 1891 දක්වා කාලය තුළ ඉන්දීය දෙමළ පුද්ගලයන් සහ මරක්කලයන්  මේ කඳවුරු වලට ගාල් කරන ලදහ.මෙම කඳවුරු පිළිබඳ අදින ලද සිතියමක්ද පෙරකී වාර්තාවට අමුණා ඇත. මෙම වාර්තාවට අනුව දකුණු ඉන්දියාවේ කීලකාරි වලින් ගෙන්වන ලද දෙමළ සහ මරක්කල පිරිසට වෙන වෙනම කඳවුරු දෙකක් සාමය ඇති කිරීමට පොලිසියක්  උසාවියක් පානීය ජල පහසුකම් සඳහා අඩම්පන් කුලම් නමැති වැව ද දිය නෑමට පලන්ඩිකුලම් නම් වැව ද වශයෙන් වෙන් කර තිබූ බවට හෙළි වෙයි. 1891 වර්ෂය වන විට ඉන්දියාවේ කීලකාරි කායලපට්ටනම ටියුටිකොරින් බොම්බාය  ඇතුළු ගම් දොළසකින් ගෙනෙන ලද  මුතු කිමිදින්නන් සහ වෙළෙන්දන් නිසා කඳවුරේ දෙමළ මරක්කල අරාබි ජනගහනය 24000 ක් ප්‍රමාණයකට ඉහළ ගොස් තිබූ බව එහි රෝහල් සුපරින්ටෙන්ඩට් වරයා වූ නවරත්නසිංහම් වාර්තා කර ඇත. අරාබී මුතු කිමිදන්නන් නිතරම ඉන්දියාවේ සිට පැමිණෙන දෙමළ මරක්කල පිරිසට හිරිහැර කළ බවද ඔවුන් ගේ වාඩි ගිනි තැබූ බවද එහි වාර්තා වේ. මේ ප්‍රදේශයේ හින්දු කොවිල් දෙකක් පිහිටා තිබූ අතර 1897 වන විට එකදු මුස්ලිම් පල්ලියක්  හෝ පිහිටා තිබී නොමැත.
          මේ වාර්තාව අනුව දැන් අපට ඉතිහාසය පැහැදිලිය. දීර්ඝ සතුරු අක්‍රමණ වලින් පසුව විශේෂයෙන්ම ලන්ද්සින් මේ ප්‍රදේශ ස්ථීරව අත්පත් කර ගැනීමෙන් පසුව ඉන්දීය සක්‍රමණිකයන්ට මෙහි වාසභූමි ඇති වූ බවයි. ඉංග්‍රීසීහු එම පිළිවෙත ඉදිරියට ගෙන යමින් මුතු කිමිදින්නන්  ගේ කඳවුරු ඇති කොට ඔවුන් ගේ මුතු බෙලි ජාවාරම ඉදිරියට ගෙන ගොස් තිබේ.අවසානයේ මේ කඳවුරු වසා දැමූ පසු බොහෝ දෙනෙක් ඉන්දියාවට නැවත සංක්‍රමණය වූ අතර යම් පිරිසක් මෙහි ඉතිරිවූහ දෙමළ අය මේ දුෂ්කර පරිසරයේ වැව් ආශ්‍රිතව පැලපදියම් වූ අතර මරක්කලයන්ද යම් පිරිසක් මෙහි වෙළ හෙළදාමක නිරත වූහ.          1981 ජන සංගණන වාර්තාව අනුව මන්නාරම් දිස්ත්‍රික්කයේ මුවර් ජනයා(මරක්කල) 27717 ක් පමණ විය. එයිනුත් මුසලි ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාශයෙහි 8665 ක ප්‍රමාණයක්  විය.යුද්ධයෙන් පසුව 2012 වර්ෂය වන විට  සමස්ත මන්නාරම් දිස්ත්‍රික්කය තුළම සිටි මුස්ලිම් ජනගහනයෙන් අවතැන් වූ ගණන 11281 ක් පමණය.එම නිසා ලක්ෂයක් අවතැන් වී යැයි අමාත්‍යවරයා පවසන දේ මුසාවකි. 1981 වර්ෂය වන විට මුසලි බල පෙදෙසේ සිංහල ජනගහනය දක්වතොත්  එක්දහස් අට සිට අසූ දෙකකි.මුසලිහි  බෞද්ධ ජනගහනය 842 කි. යුද්ධ කාලයේදී මෙම මුසලි පළාතේ සිටි බොහෝ දෙනෙක් අවතැන් වූහ. මුස්ලිම් පිරිස පුත්තලම් පැත්තට සංක්‍රමණය වූ අතර සිංහලයන් අනුරාධපුරයටත් වෙනත් පළාත් වලටත් සංක්‍රමණය වූහ. 2009 යුද්ධය අවසාන වීමෙන් පසුව මුස්ලිම් ජනතාව නැවත පදිංචියට පැමිණ සිටි අතර ඔවුන් ගේ  ජනාවාස වන මුල්ලිකුලම්( මුල්ලිකුලම පැරණි සිංහල ජනාවාසයකි ) කරඩිකුලි පල්ලෙකුළි ආදී තැන් වල පදිංචි වූහ.1960 දශකයේ දී මෙහි ග්‍රාම වසම් හතක් විය. 1980 දශකය වන විට මෙම මුසලි පළාතේ ග්‍රාම වසම් 08 දක්වා වර්ධනය විය. ඒවා නම් මෙතැන්වැලි අරිප්පු සිලාවතුර අකාතිමුරුප්පු මරිච්චකට්ටි කොක්කුපඩයාන් මුල්ලිකුලම් වෙප්පල් සහ කරඩිකුලි වශයෙන් විය. මරිච්චකටුට්වෙන් ඔබ්බට ජනාවාසකරණය ආරම්භ කරන ලද්දේ 2010 වසරේදී පමණය. මුස්ලිම් ජනතාව වසර දාහක් පමණ තිස්සේ මෙරට වාසය කරමින් සිංහලයන් සමග සහයෝගයෙන් සිටින බව වත්මන් දේශපාලඥයන් කියති. එය පට්ටපල් බොරුවකි. 1818 ජාතික විමුක්ති අරගලය මර්දනය කරලීම පිණිස මුස්ලිම් ඔත්තු කරුවන් දුන් දායකත්වය නිසා ඉංග්‍රීසීන් ඔවුන්ට පුරවැසි කම මෙන්ම වරප්‍රසාදයන්ද දුන්හ. ඉන්පසු පෙර සඳහන් කළ පරිදි බුරුතු පිටින් ඉන්දියාවෙන් මරක්කලයන් මෙරටට ගෙන්වා ගත්හ. පසු කාලයේදී මෙලෙස පැලපදියම් වූ මරක්කලයන් සිංහලයන්ට එරෙහිව යොදා ගන්නට ඉංග්‍රීසී ආණ්ඩුව සමත් වූහ.1915 මුස්ලිම් කෝලාහලය එහි ප්‍රතිඵලයකි.
         යුද්ධයෙන් අවතැන්වූ පුද්ගලයෙකු වශයෙන් සැලකෙන බද්යුදීන් අමාත්‍යවරයා අද මන්නාරම් දිස්ත්‍රික්කයේ පමණක් නොව වවුනියා දිස්ත්‍රික්කයේ ද මහ බලවතා වෙයි. ඔහු විසින් ප්‍රදේශයේ ජනතාවට විහාරස්ථානයන්ට විසි කරන මුදල් අසීමිතය.එම වරදාන ලබාගන්නා ස්වාමීන් වහන්සේලා අතලොස්සක් සහ සිංහල මන්ත්‍රීවරයෙක් නිතරම මේ ඇමතිවරයා වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡා පවත්වයි. ඇමතිවරයා ගේ මහා ධනස්කන්ධය කෙලෙස උපයා  ගෙන ඇත්තේ දැයි කිසිවෙකුත් නොදනී. එහෙත් මුස්ලිම් මූල්ධර්මවාදය පතුරුවන කටාර් රාජ්‍යය මගින් මෙලෙස මුදල් පොම්ප කරන බව දැන ගන්නට ඇත. එසේම නීති විරෝධී මත්ද්‍රව්‍ය ව්‍යාපාරයන් මගින්ද මෙවැනි මුදල් එක්රැස් කරගන්නා දේශපාලකයන් එමට ඇත. කෙසේ වුවත් උතුරේ සිංහල අනාථයන්ට තම මුල් ගම්බිම් වලට යන්නට අත නොදුන් ආණ්ඩු දෙකක පැටි කිරිය අපි දනිමු.ඔවුහු නැවත පදිංචි කිරීම් අමාත්‍යංශය හරහා මරක්කලයන් සහ දෙමළ ජනයා පදිංචි කරලීමට වැඩි වෙහෙසක් ගනු ලබන්නේ චන්ද බලාපොරෙත්තුවෙනි. වත්මන් යහපාලන රජයද එලෙසම ඉදිරි චන්ද වලදී උතුරේ දෙමළ සහ මුස්ලිම් ජනයාගේ  චන්ද බලාපොරොත්තු වෙන් සිටිති. ඒ වෙනුවෙන් ඕනෑම කප්පමක් දීමට ලෑස්ති වීම වර්තමාන ස්වභාවයයි. අද වන විට නැගෙනහිර පළාත තුළ හමුදාව මගින් මෙහෙයුම් නොකරන්නේද බේරුවල දර්ගා නගරය වැනි තැන්වලට වෙනත් නීතියක් ක්‍රියාත්මක වනුයේද චන්ද සඳහා දෙන කප්පම් වශයෙනි.සිංහල ජනතාව මියගියාට මේ දේශපාලනඥයන්ට කම් නැත. ඔවුන්ගේ ස්වාමිවරුන් වූ බටහිර යටත්විජිතවාදීන් ගේ ආඥාව මත හැසීරීම සාමාන්‍ය ස්වභාවයයි. බද්යුදීන්  අමාත්‍යවරයා  මෙන්ම අනෙකුත් මුස්ලිම් අමාත්‍යවරුන්ට මුස්ලිම් ව්‍යප්තවාදය වෙනුවෙන් කටයුතු කරන්නට ඉඩ දී තිබෙන අතර බටහිර වුවමනාවන් වෙනුවෙන් ද යොදාගනු ලබන බව මෙහිදී අප තේරුම් ගත යුතුය.

    

No comments:

Post a Comment