පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, July 14, 2018

සිංහල කොටි රෙජීමය ගැන සිංහල ජනමතය කුමක්ද


                                       
           දෙමළ කොටි සංවිධානය ශක්තිමත් කිරීමට සහ ත්‍රස්තවාදයට අනුබල දීමට උතුරේ සහ දකුණේ රජ්‍ය නොවන සංවිධාන  මෙන්ම දේශපාලන සංවිධානයන්ද සහාය පළ කරන ලද ආකාරය පසු ගිය කාලයේදී මනා ලෙස හෙළි විය.විකල්ප මාධ්‍ය භාවිතාවේදී එම සහාය මැනවින් ලැබී තිබුණි.යුද්ධය අවසාන වීමෙන් පසු ඔවුනතරින් ඇතෙමෙක් රටින් පිටව පලා ගියහ. ඊනියා දෙමළ අයිතිවාසිකම් දෙමළ නිජ භූමිය ඇතුළු මනංකල්පිත ඉල්ලීම් සත්‍යයක් යැයි   තේරුම් ගෙන කරන ලද පාවා දීම් අනන්තය අප්‍රමාණය. ත්‍රිවිධ හමුදාව තුළ පවා මෙම පිරිස් ස්ථාන ගත වෙමින් කොටි පැරදවීමේ අවස්ථාව වරින් වර මග හැරියහ.කොටි සංවිධානය විසින් මුදලට ලබා ගන්නා ලද සිංහල ඔත්තු කරුවන්ද සිටි බව නොරහසකි. කෙසේ වෙතත් මෙම ගැටළුව මනා ලෙස හඳුනා ගත් එකම පුද්ගලයා හිටපු ආරක්ෂක ලේකම් වරයා වෙයි. කොටි පරදන මග පිළිබඳව එදා ජාතික හෙළ උරුමය ශාස්ත්‍රීයව කතා කළහ. ඒ අතර හමුදාව ශක්තිමත් කරමින් බුද්ධි අංශ ශක්තිමත් කරමින්  යුද්ධයකට අවශ්‍ය නිවරදි පසුබිම සකස් කරන ලද්දේය. මාවිල් ආරු සොරොව්ව වැසීම සහ ඇරීම යනු කොටි පරදන මග ආරම්භ කළ හෝරාවයි.
         ප්‍රභාකරන් මරණයට පත් වීම කොටි ත්‍රස්තවාදය අවසන් වීම නන්දිකඩාල් ජයග්‍රහණය මේ සියල්ලට සිංහල ජන මතය එකහෙලා පිළිතුරු දුන්හ. සියළු භය බිරාන්ත වීම් අවසන් බව ජන සමාජය තේරුම් ගත්හ.තම යුධ නායකයා මිය පරලොව යෑම දෙමළ කොටි සමාජය කම්පනයට පත් කළද බහුතරයක් දෙමළ වැසියන් එයින් ලැබූ නිදහස මනා සේ අත්වින්දාහ.එම මතය වැඩි දියුණු වූයේ උතුරේ සහ නැගෙනහිර කරන ලද විශාල සංවර්ධනයෙන් ඔවුන් ලැබූ ප්‍රතිළාභ නිසාය.මෙම සියළු ජන මතයන් රටේ නිදහසේ නායකයා බවට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු විය .2010 වසරේ ජනාධිපතිවරණයේදී ඔහු ලැබූ ඓතතිහාසික ජයග්‍රහණයෙන් ඒ බැව් සනාථ වෙයි. උතුරේ සහ නැගෙනහිර කරන ලද සංවර්ධනයට සාපේකෂව දෙමළ සමාජයෙන් වැඩි යමක් බලාපොරොත්තු වුවද  ලැබූ චන්ද ප්‍රතිශතය තුළින් ගම්‍ය වූයේ බුද්ධිමත් දෙමළ සමාජය බේද වලින් තොරව ජාතික ගමනකට මුල පුරන්නට කැමැති බවයි.2005 වසරේ මහින්ද රාජපක්ෂ මහතා ලැබූ චන්ද ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් එනම් චන්ද 345221(යාපනය වන්නි මඩකලපුව ත්‍රිකුණාමලයසහ දිගා මඩුල්ල ) ලැබීමෙන් ඒ බැව් සනාථ වෙයි. 2005 දී ඔහු ලැබූවේ චන්ද 226009 කි. එහෙත් පැවති රජය වරද්දා ගත්තේ මේ වෙනස් කම් නිසි පරිදි අවබෝධ කර නොගත් බැවිනි.ඔවුහු අනපේක්ෂිත ආකාරයට දෙමළ දේශපාලනඥයන්ගේ ජාතිවාදයට සහ මුස්ලිම් අන්තවාදයට නතු වූහ.එහි බලාපොරොත්තුව වැඩි මනත් යමක් චන්ද ගොඩක් අපේක්ෂාවයි.එහෙත් මෙම සමාජ ස්ථරයන් දෙක විසින් සහජීවනය හා සංවර්ධනය පිළිබඳ කරන ලද පිළිගැනිම පැවති රජයට තෙරුම් ගැනීමට නොහැකි විය.විග්නේශවරන් වැනි උග්‍ර දෙමළ ජාතිවාදියෙකු සහ බද්යුදීන් වැනි උග්‍ර මුස්ලිම් අන්තවාදියෙකු ළන් කර ගැනීමෙන් සිංහල සමාජය කළ කිරීමට පත් වූ බව ද පැහැදිලි සත්‍යයකි.එහි අවසාන ප්‍රතිඵලය වූයේ  මැදිහත් දෙමළ මුස්ලිම් සමාජයෙන් පිරිසක්ද ජාතිවාදය සහ අන්තවාදය තූළ කිඳී යෑමයි.
               2015 ජනාධිපතිවරණයේදී මහින්ද රdජපක්ෂ මහතා  පරජයට පත් වූයේ චන්ද හාර ලක්ෂ හතලිස් නවදාහක ප්‍රමාණයකිනි.යහපාලන කණ්ඩායමට එකතු වූ මුස්ලිම් දෙමළ චන්ද නිසා මෙම  ජයග්‍රහණය සිදු වූ බව ප්‍රකdශයට පත් වුවද සම්පූර්ණ සත්‍යය එය නොවේ.විශේෂයෙන්ම කොළඹ ගම්පහ සහ කළුතර යන ප්‍රධාන දිස්ත්‍රික්ක වල චන්ද 123167 ක ප්‍රමාණයක් අඩු වීම දක්නට ලැබුණු අතර පොළොන්නරුව පුත්තලම ත්‍රිකුණාමලය නුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කයන්හි චන්ද විශාල ප්‍රමාණයක්ද මහින්ද රජපක්ෂ මහතාට අහිමි විය.නමුත් දෙමළ ජනතාව වැඩියෙන්ම ජිවත්වන යාපනය වන්නි මඩකලපුව දිගාමඩුල්ල  සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි මහින්ද රජපක්ෂ මහතාට චන්ද 323600 ක් ලැබුණු බව සිහිපත් කළ මනාය. එය 2010 වසරේ ලැබූ චන්ද ප්‍රමාණයට වඩා චන්ද 21 621 ක අඩු වීමක් පමණකි.මෙයින් අප තේරුම් ගත යුත්තේ කුමක්ද උතුරේ වැඩිමනත් ජනතාව ජාතිවාදයෙන් තොරව ඒකීය ලංකාවක් තුළ ජීවත් වන්නට තිබෙන කැමැත්තයි.සැබවින්ම මහින්ද රජපක්ෂ මහතාට එරෙහිවූයේ දකුණේ සිංහල ජනමතයයි. වංචාව දූෂණය පගාව ආදී කරුණු නිසා දකුණේ මධ්‍යම පන්තික සමාජ මනස් ඔද්දල් වීමේ ප්‍රතිඵලයක් ලෙසට එය දැකිය හැකිය. එසේම දෙමළ ජාතිවාදී දේශපාලඥයන්ට සහ මුසලු දේශපාලනඤයන්ට වඩාත් ගැති වීමෙන් සමාජයේ ඇති වූ කල කිරීම ද එහිදී ප්‍රකශයට පත් විය.2013 -2014 වසර වල සිංහල ජන සමාජය අත්විඳි අත් දැකීම් මේ වෙනස් කමට හේතුවකි. සැබවින්ම යුද්ධය ට නායකත්වය දෙමින් රට නිදහස් කළ ජන නායකයා ලෙසට සාදාදරණීය හැඟිමක් මහින්ද රාජපක්ෂ කෙරෙහි සිංහල ජන මනස තුළ වැඩී තිබේ. මහින්ද රජපක්ෂ මහතාට 2010 වසරේ දී නුවර එළිය දිසිත්‍රික්කයෙන් චන්ද 151604 ක් හිමි වූයේ එනිසාය.2015 දී ඔහුට එම ප්‍රදේශයෙන් අහිමි වූයේ චන්ද හයදහස් දෙසිය හැටපහකි. මේ නිසා අප කවුරුත් තේරුම්  ගත යුතු සත්‍යය නම් මේ රටේ ප්‍රධාන ජන නායකයා වීමට කැමැත්තෙන් සිටින කවුරු හෝ බහුතර සිංහල ජන සමාජය දිනා ගැන්ම කළ යුතු බවයි. ශ්‍රී ලංතා නිදහස් පක්ෂය වේවා එක්සත් ජාතික පක්ෂය වේවා එහි සිටින්නේ සිංහල ජන මතය නියෝජනය කරන පිරිසයි. පක්ෂ භේද හදා ගෙන සිටියද රටේ සුභ සිද්දිය උදෙසා ඔවුහු වාද භේද අමතක කරති. 2010 ජනපතිවරණයේදී මහින්ද රජපක්ෂ මහතාට එක හෙළා ඔවුන් ගේ වැඩි පිරිසක් සිය කැමැත්ත ප්‍රකාශ කරන ලද්දේ එහෙයිනි.
       යහපාලන රජය බිහිවන්නට කලියෙන් පැවති එක්සත් ජාතික පක්ෂ රජයයන් කොටි සමග ගැසූ ගිවිසුම් ස්වයං පලනයට කැමැත්ත පළ කිරිම් පොලිස් භටයන් 600 ක් පාවා දීම වැනි සිදු වීම් වලින් ප්‍රකාශ කෙරෙනුයේ එම පක්ෂයේ නායකයන් ගේ ස්ථාවරයයි.  පස්යොදුන් කෝරලය ගැන හෝ මහාපරාක්‍රමබාහු ගැන නොදන්නා එහි නායකයන් දෙමළ නිජ භූමිය ගැන දනී. ඔස්ලෝ සම්මුතියේ දී ඇති වූ එකඟතා පිළිගනී. එසේම 2009 වසරේ යුද්ධය පැවති කාලවකවානුවේදී මෙම පක්ෂයේ නායකයා ගේ ප්‍රකාශයෙන් ගම්‍ය වූයේ යුද්ධයේදී 40000 ක් ඝාතනය වීමට ඉඩ ඇති බවයි.මේ බැව් විකිලිස් වෙබ් අඩවියේ සටහන්ව ඇත. මේ කේලම දඩමීමා කර ගෙන ජිනීවා මානව හිමිකම් මුළුවේදී 40000 ක් ඝාතනය වූවා යයි බොරු චෝදනා එල්ල කළහ. යහපාලන රජය පත් වූවායින් පසු  ජිනීවා 30/1 යෝජනාවට ලංකාවේ විදේශ ඇමැති මංගල සමරවීර එකඟතාවය පළ කොට අත්සන් කලේ පළමු කී චෝදනාවද පිළිගනිමිනි.එසේම යහපාලන ආණ්ඩුවෙන් පසුගිය වසර කීපය තුළ හමුදා ප්‍රධානීන් බුද්ධි නිළධාරීන් අත් අඩංගුවට ගැනීම සලාව අවි ගබඩාව පුපුරුවා හැරීම හමුදාව සතු අවි මුහුදට ඇද දැමීම ආදී සියයල්ල කරන ලද්දේ උතුර සහ නැගෙනහිර ප්‍ර දේශ වල දෙමළ සaවයං පාලනයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමටයි. එසේම ජිනීවා යෝජනා ක්‍රියාත්මක කොට විදේශිකයන්ට රට ගොදුරු කර ලීමට පසුබිම සකස් කිරීමටයි.අද වන විට උතුරේ පැවති හමුදා කඳවුරු  විශාල ප්‍රමාණයක් ඉවත් කරමින් ඇත.සමස්ත හමුදාවේම භට පිරිස් අඩු කිරීමට චක්‍රෙල්ඛන නිකුත් කර තිබේ..ඔවුහු හමුදාව දුර්වල කිරීම සිදු කරන්නේ උතුරේ  අවි දරන තරුණයන්ට රිසි සේ ඉඩකඩ සැලසීමටයි.එසේ නම් අපි සිංහල කොටි රෙජිමය කවුරුදැයි  හඳුනා ගත්තා වෙයි.
        යහපාලන රජය පත් වූ පසු උතුරේ මහ ඇමති විග්නේශවරන් සම්බන්ධන් යන දෙදෙනාම දෙමළ ජනතාව අවුස්සමින් ජාතිවාදය වපුරමින් සිටිති. යහපාලන රජය දුන් පොරොන්දු නිරතුරු සිහිපත් කරති.නව ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් සිංහල බලය බිඳ දැමිය හැකි බවට ඔවුහු විශ්වාස කරති. මෑතකදී විජයකාල ඇමතිවරියගෙන් පිටවූයේ ඔවුන් බලාපොරෙත්තු වන ස්වයං පාලනය පිළිබඳ අදහසයි. එම අදහස් දෙමළ ජනතාව වෙත කවමින් දකුණේ නායකයන්ට චන්ද වැටීමේ ප්‍රතිශතය අඩු කිරීම එහි අරමුණයි.විජයකලා හුදකලාව තමන්ගේ ආතතිය පිට කලා යයි යමෙක් සිතන්නේ නම් එය මුලාවකි.මේ සියල්ලට මුනිවත රකිමින් දකුණේ යහපාලනය අරක් ගත් සිංහල කොටි රැළ බලා සිටින්නේ ඒ චන්ද පොදිය තමන් වෙත ලබා ගැන්මටයි.රාජිත. සේනාරත්ත සියයට විසිපහේ සුළු ජන චන්ද ප්‍රතිශතයක් ගැන කියන්නේ ඒ නිසාය.මේ සිංහල කොටි රෙජීමය මේ අවුරුදු තුනට රටට කළ අපරාධ නිමක් නැතිය. ආර්ථිකය වැට්ටවීමට පිණිස මහ දවාලේ මහ බැංකුව මංකොල්ල කෑමම මහා අපරාධයකි.ඒ මෙහෙයුම් සියල්ල රටේ සම්පත් විකිණීමට දෙමළ ජාතිවාදින්ට භූමිය බෙදා වෙන් කිරීම ආදී කරුණු ඉටු කර ගැන්මටයි.ප්‍රගීත් එක්නැලිගොඩ සිංහල කොටියා හඳුනාගත්තා  මෙන්ම යහපාලන සිංහල කොටියාද හදුනාගැනීමට දැන් කාලය පැමිණ ඇත්තේ එහෙයිනි. ඔවුන් ට එරෙහිව දකුණේ සිංහල ජනමතය පෙළ ගැස්වීම කළ යුතුය.රාමසාන් වලට පල්ලි ගානේ ගොස් බුරියානි කෑවාට මේ ජනමතය පෙළ ගැස්සවිය නොහැකිය.එවැනි  සිදුවීම් වලින් සිංහල ජන ප්‍රතිශතයක් නැවතත් කළ කිරීමට පත්වේ. උතුරේ සහ නැගෙනහිර මැදිහත් ජනතාව දිනා ගනිමින් දකුණේ  සිංහල ජන මතයෙන් බහුතරයක් දිනා ගන්නා  පුද්ගලයා 2020 ජන නායකයා වෙන බව සිකුරුය. එහෙත් සිංහල ද්වීපයේ ඉදිරිගමන පවතින්නේ එය බෞද්ධ රටක් බවට පත් වීමෙනි.එය 2020 ඉලකක්ය නොවේ.


No comments:

Post a Comment