2016 මැයි මස 27 දින
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරුදහන් තැනැත්තන් පිළිබඳ පණතට අදාල ගැසට් පත්‍රයේ සඳහන් පරිදි සාක්ෂි ආඥාපණතේ සීමාවන් ඉක්මවා යන
බලතල ඊට හිමි බව පැහැදිලිය. ඊට අමතරව වරෙන්තුවක් නොමැතිව පොලිස් ස්ථානයකට හෝ හමුදා
කඳවුරකට ඇතුළු වීමට බලතල ද හිමි වන්නේය. මීනීවලවල් හෑරීමටද අවශ්‍ය බලතල හිමි බව
සටහන්ව ඇත. මේ ගැසට් පත්‍රය පළ කරනු ලබන්නේ අග්‍රාමාත්‍ය වරයාගේ ආඥාව පරිදිය.මෙය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) 13 සහ 14 යන වගන්ති උල්ලංඝණය කරන බව නීති විශාරදයන්
පෙන්වා දී ඇත.
2015 වසරේ විදේශ ඇමති මංගල සමරවීර මහතා ජිනීවා
ගියේ මහින්ද රාජපක්ෂ රජය සහ හමුදාව කල නොපණත්කම් ගැන මානව හිමිකම් කොමිසම ඉදිරියේ
සිය කණගාටුව පළකරන්නට බව පැහැදිලි කර ඇත.
යහපාලන රජයත් මානව හිමිකම් කවුන්සිලය මගින් නිකුත් කළ ප්‍රකාශයට මංගල සමරවීර මහතා
එකඟතාවය පළ කර ඇත.ඒ අනුව ලක්රජය වෙනුවෙන්
පොරොන්දු කීපයක් දී තිබෙන බවද පැහැදිලිය. මේ එකඟතාවය හෝ පොරොන්දුව අනුව 2015 දෙසම්බර් 18 දින සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ
ජනාධිපති කාර්ය සාධක බලකාලයක් පිහිටුවනු ලැබ ඇත.එයද අග්‍රාමාතයවරයාගේ ආඥාව පරිදි
සිදුව තිබේ. මේ කාර්යාවලියේදී රාජ්‍ය නොවන සංවිධාන වලින් සෘජුවම සහයෝගය ගැනීමටත් විශේෂ නියෝජනයක් ඔවුන් හට ලබා
දීමටත් රජය එකඟ වී තිබේ. පාක්‍ය සෝති සරවන්මුත්තු මහතා මෙම බලකායේ ලේකම් බවට
පත්වන්නේ එලෙසයි. ඔහුගේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයනම් රාජ්‍ය නොවන් සංවිධානය
නියෝජනය කරන පිරිස ට පැවරී තිබෙන කාරිය නම් රට පුරා ගොස් මහජන අදහස් ගැනීමයි.
ඉන්පසුව පෙර කී පොරොන්දුව අනුව අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය සත්‍ය සෙවීමේ
කොමිසම සහන සම්පාදක කාර්යලය මෙන්ම විශේෂ අධිකරණයත් පිහිටුවීම කළ යුතු වේ. මෙය ජනධිපති
කාර්ය සාධක බලකායට පැවරී තිබෙන ප්‍රධාන
වගකීමයි. දැන් මාස හයකට වඩා ඉක්ම ගොසින් ඇත. උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ වල මේ ප්‍රවිචාරණ ක්‍රියාවලිය
යස රඟේට කෙරෙන බවත් ව්‍යජ සාක්ෂි එකතු කරන බවත් මීට පෙර මා දිවයින පුවත් පත මගින්
හෙළි කල බව කිව යුතුයි.
මේ හෙළිකිරිමෙන් කලබලයට පත් වූ ආණ්ඩුව
වහාම දිසාපතිවරුන් කැඳවා මේ ප්‍රවිචාරණ ක්‍රියාවලිය රට පුරා ම පැවැත්වීමට උපදෙස්
දී තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ දිනවල බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ සහ කළුතර යන
ස්ථාන වල ප්‍රවිචාරණ ක්‍රියාවලිය සිදු කරමින් ඇත. එහිදී එහි සභාපති වරයා වශයෙන්
කටයුතු කරන නීතීඥ සුර්ශන ගුණවර්ධන මහතා මෙම මස තෙවනි දින කළුතර දස්ත්‍රික් ලේකම්
කාර්යාලයට පැමිණි ඇතර ඔහුගේ කණ්ඩායමට දෙමළ මුස්ලිම් බහුතරයක් අඩංගුව සිටි බව අප නිරීකෂණය කළෙමු.
මෙම ප්‍රවිචාරණ ක්‍රියාවලිය සම්බන්ධව පැහැදිලි කිරීමක් කළ ගුණවර්ධන මහාතා මහජන
අදහස් විමසීමෙන් පසු සත්‍ය හා යුක්තිය ඉටු කිරීමට රජය බැඳී ඇති බවයි.මේ ප්‍රවිචාරණ
ක්‍රියාවලිය වැදගත් වන්නේ සිවිල් සංවිධාන වල අදහස් නියෝජනයෙන් එය සකස් කිරීම සිදු
කරන බැවිනි යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කල බව මෙහිදී සඳහන් කළ යුතුයි.මේ අවසථාවට
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී පූජ්‍ය තෙබුවන පියනන්ද හිමි යන් ඇතුළු ප්‍රදේශ වාසී
භික්ෂූන් වහන්සේලා කීපනමක් සාභාගි විය.
සුදර්ශන ගුණවර්ධන මහාතා කෙසේ සඳහන් කළද
මේ වන විටත් මෙම ක්‍රියාවලියේ රජය එකඟ වී ඇති අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය
දැනටමත් පාර්ලිමේන්තුවට පණතක් ලෙසට ඉදිරිපත් කර ඇත.මේ අවස්ථාවේ දී ඒ පිලිබඳ ප්‍රශ්ණ
කිරිමක් කරන ලදී. නමුත් කමිටුවේ පිළිතුර වූයේ දැනටමත් සංහිඳියා කටයුතු ප්‍රමාද
බැවින් මෙවැනි පියවරක් රජය විසින් ගන්නට ඇතැයි කියාය. එහෙත් 2015 දෙසැම්බර් මාසයේ
සිට මේ කමිටු එකක්වත් පොල් ගෑවේ නැත. උතුර සහ නැගනෙහිර පළාත්වල සැරිසරමින් ඔවුහු
දෙමළ ජනතාවගෙන් ප්‍රශ්න විචාරීම කළහ.ව්‍යාජ සාක්ෂි එකතු කළහ. නමුත් දකුණේ සිංහල
සමාජය මේ ගැන දැනුවත්ව නොසිටියහ.එය මාධ්‍ය මගින් හෙළිදරව් වීම සමගම කලබලයට පත්ව
ලහිලිහියේ අනෙකුත් පළාත් වලද මේ ප්‍රවිචාරණ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව අපගේ
වැටහීමයි. අගොස්තු 03 දින රැස්වීම පිළිබඳ කළුතර දිස්ත්‍රික් ලේකම් වරයාට වාර්තා
කොට තිබුණේ ජූලි මස 27 දිනය. නිවාඩු දින දෙකක් ඉදිරියේ තබා දැනුම් දීමෙන් දිස්ත්‍රික්
ලේකම් වරයාට අවශ්‍ය පරිදි ජනතාව දැනුම්වත් කිරීමට අවස්ථාව නොලැබී ඇත. සැබවින්ම
කමිටුව බලාපොරොකත්තු වන්නේ ද එයයි. උඩින් පල්ලෙන් අදහස් ටිකක් මෙම පළාත් වලින්
ගොනුකර රජය විසින් කලින් සකස් කරන පණත් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට උත්සාහ
දැරීමයි. අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාල පණත මෙයට ප්‍රබල උදාහරණයකි. මේ
සම්බන්ධව නිසි පරිදි මන්ත්‍රී වරන් පවා දැනුම් වත්ව නොසිටි බව පෙනේ.
බෙදුම්වාදය හිස් මුදුනේ තබාගෙන දෙපයින් නැගී
සිටීමටත් කොන්ද නොනවා සිටීමටත් වෑයම් කිරීම සැබවින්ම විහිලුවකි. තිස්වසරක්
පැවති කොටි ත්‍රස්තවාදය මේ රටේ ජීවත් වූ
සිංහල දෙමළ මුස්ලිම් සැමට මහත් වූ පීඩාවක් ගෙනදුන්නකි. එය මැඩලීම මෙන්ම සාමය
උදාකරදීමද රජය සතු යුතුකමක්ව පැවතුණි. 2009 ට පෙර රනිල් වික්‍රමසිංහ රජය යටතේ කොටි ත්‍රස්ත ක්‍රියාකාරකම් උත්සන්න
විය. එම රජයට සාමය උදා කළ නොහැකි වුණි. එම නිසා මහින්ද රාජ පක්ෂ මහතාට එම වරම
ජනතාව විසින් ලබා දුන්නේය. වසර කීපයක් යුද්ධයකින් පසුව කොටි ත්‍රස්තවාදය රටින්
අතුගා දැමීමට ඔහුගේ නායකත්වය යටතේ ක්‍රියාකල හමුදාවට ශක්තිය ලැබුණි. එම සටන යුක්ති
යුක්තය. සාමය පුල පුලා බලාසිටි ජනතාවට එය මගින් සාධාරණයක් ඉටු කළේය. එසේ නම් තව
දුරටත් සත්‍ය හෝ යුක්තිය සෙවීම සඳහා කොමිසන් පිහිටුවීම හෝ අධිකරණ පිහිටුවීම කල යුතු දැයි පැනයක් නගී. සිංහල දෙමල සහ මුස්ලිම්
තුන් පාර්ශවයෙන්ම ජනතාව යුද්ධයේදී මරණයට පත් විය. ඇතැම් විට අතුරුදහන් වූයේ
දෙමාපියන්ට මළ මිනියවත් දැක ගන්නට නොහැකි වන පරිදිය. අලිමංකඩ අසල නාවික කඳවුරට පහර
දුන් කල්හි. එහි සිටි නාවික සොල්දාදුවන් පානයට ජලය නොමැති කමින් මිය ගියහ. මළ
සිරුරු එම ස්ථානයේම වළ දැමූහ.මේ සටනේදී ඇතැම් හමුදා භටයන් ආබාධිත වූහ.ඉතින් අප කළ යුත්තේ තව දුරටත් බෙදුම්වාදය
ඇති නොවීමට වග බලා ගැනීම නොවේද.නව යහපාලන රජයේ කුහක ක්‍රියාකාරකම් නිසා දිවිපරදුවට
තබා ක්‍රියාකළ හමුදා භටයන්ට පමණක් නොව සාමය අපේක්ෂාවෙන් සිටි සමස්ත ජනතාවම අපේක්ෂා
භංගත්වයට පත්ව තිබේ. තවදුරටත් ස්වාධීන රටක ජීවත් වීමේ අයිතිය හිමි නොවන්නේ යයි
සැවොම කල කිරීමකට පත්ව ඇත.
No comments:
Post a Comment