පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, July 30, 2016

රනිල් කේලමාගේ ගජබින්න රටක් අනතුරේ හෙළයි

                                 

                   ලංකා රාජ්‍යයේ දේශපාලනය අද ඉතාමත් බැරෑරුම් තත්ත්වකට පත්ව ඇත. සිංහල දේශපාලකයන් සියල්ල දෙමළ ජනතාවගේ අත පල්ලනේ වැටීමත් ඔවුන්ගේ දෙමළ නිජ භූමිය පිළිගැනීමත් නිසා ඉන්දීය පදයට නැටවෙන රූකඩ බවට පත් වී තිබේ. මාරුවෙන් මාරුවට බලය ලබා ගනිමින් දෙමළ අභිලාෂයන් සංතර්පණය කරදීම ලංකා දේශපාලනයේ පිළිවෙත වට පත්ව ඇත. 1951 වර්ෂයේ දී අපගේ රාජකීය කොඩියට පටි දෙකක් ගසා බෙදුම්වාදය ආරම්භ කළ බව කවුරුත් අමතක කර තිබේ. දිගින් දිගටම සිදු වූ මේ බෙදීම් හමුවේ සිංහල අධිකාරිය අහිමි කිරීමේ කුමන්ත්‍රණය යථාර්තයක් බවට පත් කරමින් ඇත. ඊට එක් හේතුවක් වන්නේ නව යටත් විජිත වාදය විසින් ලංකාව සිය අභිමතාර්ථ සාධනයයෙහි යොදා ගැනීමයි. ඉන්දීය සාගරයේ වැදගත් සථානයක් වන ලංකාව තුළ ඇමරිකන් ගැති පාලනයක් තිබීම ඔවුන්ට වාසි සහගතය.ඉන්දියාව සිය බල ව්‍යාප්තිය තවදුරටත් ශක්තිමත් කරගැනීමට ලංකාවේ සවාධීනත්වයට ඉඩ තබන්නේ නැත. ඊට එක් හේතුවක් වන්නේ ලංකාවේ සියළුම රාජ්‍ය නායකයන් මතවාදීව ඔවුන් ඉදිරියේ දණ නැමීමයි.
        මහින්ද රාජපක්ෂ රජය ජන කැමැත්තෙන් පෙරළා රනිල් වික්‍රමසිංහ බලයට පත් වන්නේ මෛත්‍රී රූකඩය ඉදිරියේ තබමිනි. රනිල් වික්‍රමසිංහ කවදත් බෙදුම්වාදයට පක්ෂය. ඊට හේතුව ඔහුගේ සන්තානයේ ඇති බටහිර ගැති බවයි. තමන්ගේ සවාමීවරුන් වන ඉංග්‍රීසීන්  ඉදිරියේ ඉංග්‍රිසි කාරයෙකු ලෙසට පෙනී සිටිමින් ලංකාව ඔවුන්ගේ වෙළදපළක් බවට පත් කිරීම සඳහාද දෙවනුව තම බල පරාසය ආරක්ෂා කර ගැනීමට ඉන්දීය වුවමනාවන් සඳහා  පෙනී සිටීමද දැක්විය හැකිය.කොටි ත්‍රස්තවාදය ඉදිරියේ දණින් වැටුණු රනිල් වික්‍රමසිංහ නොර්වේ සාම නියෝජියන් ගේ ඉල්ලීම පිට අභ්‍යන්තර ස්වයං පාලනයක් සඳහා ප්‍රභකරන් සමග සාම ගිවිසුමක්ද අත්සන් කලේය. නමුත් වැඩි කලක් යන්නට මත්තෙන් රනිල් වික්‍රමසිංහ රජය බිඳවැටුණෙන් මහින්ද රාජපක්ෂ රජය විසින් කොටි ත්‍රස්තවාදය අවසන් වශයෙන්ම පරාජය කරනු ලැබිණි. මේ යුද්ධය ආරම්භ වූ කාලවකවානුවේදී රනිල් වික්‍රමසිංහයන්  එවකට සිටි ඇමරිකන තානාපති රොබට් ඕ  බ්ලෙක් සහ තවත් තානාපතිවරුන් හමුවේ රටට එරෙහි ප්‍රකාශ රාශියක්ම කර ඇත. මේවා රහස් වාර්තා ලෙසට කේබල් මගින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට පිටත් කර ඇත. රනිල් වික්‍රමසිංහ යුද්ධය ගැන කියූ කේලමක් ඒ ආකාරයෙන්ම විකිලීස් වෙබ් අඩවියේ ඇතුලත් කර තිබේ. මෙම ප්‍රකාශනයෙන් කියවෙන්නේ යුද්ධමය විසඳුමක් ඉදිරිපත් වුවහොත්  40000 ක් පමණ අතිරේක වශයෙන් මිය යා හැකි බවයි. wickremesinghe predicted that the government would pursue a military solution in the north. He estimated that fighting could cause as many as 40,000 additional deaths and large numbers of new internally displaced persons.( 2008-01-14 ) මේ කේලම උපයෝගී කොට ගෙන ශ්‍රීලංකාවට එරෙහි යුධ අපරාධ ගොනු කර ඇති අතර රට බේරා ගත් රණ විරුවන් සිරගත කරමින් ඇත.ඉදිරියේදී විදෙස් විනිසුරුවන් ඉදිරියේ අපගේ රණවිරුවන්ගේ ඉරණම විසඳෙන්නේද රනිල් වික්‍රමසිංහයන්ගේ පාවා දීම හේතුවෙනි.
      මෙම වාර්තාවට අමතරව රනිල් වික්‍රමසිංහ වරින් වර විදේශ තානාපති නිළධාරීන් අභිමුවෙහිදී රටට එරෙහිව කළ ප්‍රකාශ රාශියක් මේ වෙබ් අඩවි වල සටහන්ව තිබේ. ඉන් එකක් නම් ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවා 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරලීමට එක්සත් ජාතික පක්ෂය සහාය දෙන බවයි. මේ ප්‍රකාශන නිකුත් වන්නේ 2007 -2008 වසර ඇතුළතදීය. රටට සිංහල ජනතාවට එරෙහි ක්‍රමන්ත්‍රණය දියත් කිරීමට කෙතරම් කාලයක සිට ඔහුවලිකෑවේද යන්න මෙයින් තේරුම් ගත හැකිය.වර්තමානය වන විට ඔහු බලයට පත් වී තමන් විසින් ඇමරිකානු බලධාරීන් ඉදිරියේ පොරෙන්දු වූ සියළුම දේ ක්‍රියාත්මක කරලීම ආරම්භ කර ඇත. අතුරුදහන් වූවන් සඳහා කාර්යාලයක් පිහිටුවීම සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීම සහන සම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කිරීම සහ විදෙස් විනිසුරුවන් යටතේ අධිකරණයක් පිහිටුවීම යන කාරණා වලට 2015 වසරේදී රනිල් ආණ්ඩුව පොරොන්දුව ඇති බව සංහිඳියා කාර්යසාධක බලකාය විසින් නිකුත් කර ඇති පත්‍රිකා වල සඳහන් වෙයි.පාක්‍යසෝති සරවන මුත්තු ගේ ප්‍රධානත්වයෙන් ඇති විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මගින් අච්චු ගස්සන සාම විමර්ශී නම් සඟරාවේ ද මේ බව පැහැදිලිව සටහන් වේ.මේ පොරොන්දු හොඳින් හෝ නරකින් ඉටු කිරීම රනිල් වික්‍රමසිංහයන්ගේ සාහසික බලාපොරොත්තුවයි.ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කර ඇති පාද යාත්‍රාව නිසා රජය පෙරලේයැයි බියෙන් පසුවන නමුත් රට බෙදීමේ ක්‍රියාවලිය වන සංහිඳියා යාන්ත්‍රණය වේගවත්ව ඉදරියට යයි. සැමටම වඩා බියකරු ක්‍රියාන්විතය වන්නේ ආරක්ෂක අංශ අඩපණ කිරීමයි. ඒ සඳහා නව පණතක් ගෙන ඒමට රජය බලාපොරොත්තු වේ.ඉදිරියේදී ලංකා රාජ්‍ය හමුදාවේ කිසිම විරෝධයක් නොමැතිව රට ගිල ගැනීම ට අවශ්‍ය පසුබිම ඉන් තහවුරු වෙයි. මේ ද්‍රෝහී නායකයා නූතන දොන් ජුවන් ලෙසට නැවතත් ඉතිහාසයට එක්වනවා නොඅනුමානය.


2 comments:

  1. එකිනෙකට සම්බන්ධ නැති කරුණු එකට අමුණා ඔබ ලියා ඇත්තේ ප්‍රබන්ධයක්. එක උදාහරණයක් දෙන්නම්.

    1. ඔබ දක්වා ඇති රනිල් වික්‍රමසිංහ මහතා කී දෙයක් දක්වන කේබල් පණිවිඩයේ දිනය ලෙස දක්වා ඇත්තේ 2008 ජනවාරි 14 වන දිනයයි. (wickremesinghe predicted that the government would pursue a military solution in the north. He estimated that fighting could cause as many as 40,000 additional deaths and large numbers of new internally displaced persons.( 2008-01-14 ) යුද්ධය පටන් ගත්තේ 2006 වසරේදී. එම පනිවිඩයේ යැයි සඳහන් වෙනවා. 2006 සිට පවතින යුද්ධය පටන් ගනීවී යන්න 2008 දී predict කරන්නේ කොහොමද?

    2. අනික් කරුණ නම් යුධ අපරාද චෝදනා පැන නැගුණේ ත්‍රස්තවාදීන් මහජනයා සිටින යුධ මුක්ත කලාපයට ඇතුලත් වූ 2009 අප්‍රේල් මස සිට සිදුවීම් ගැනයි. හමුදා කිලිනොච්චිය යටත් කර ගත්තේ 2009 ජනවාරි පළමුවනදා. එවිට 2008 ජනවාරි වල රනිල් කියූ දෙයක් යොදාගෙනද 2009 අප්‍රේල් සහ මැයි යන මාස වල සිදුවුණා යැයි කරණ චෝදනා නැගෙන්නේ ?

    ReplyDelete
  2. //කොටි ත්‍රස්තවාදය ඉදිරියේ දණින් වැටුණු රනිල් වික්‍රමසිංහ නොර්වේ සාම නියෝජියන් ගේ ඉල්ලීම පිට අභ්‍යන්තර ස්වයං පාලනයක් සඳහා ප්‍රභකරන් සමග සාම ගිවිසුමක්ද අත්සන් කලේය. //

    2001 සාම ගිවිසුම අභ්‍යන්තර ස්වයං පාලනයක් ගැන නෙවෙයි. චන්ද්‍රිකාගේ අවසන් කාලයේ විශාල යුද කඳවුරු ප්‍රමාණයක් විනාස වුණා. එමෙන්ම සාම ගිවිසුම බල පැවැත්තුනේ භූමියට පමණයි අභ්‍යන්තර ස්වයං පාලනය සාම සාකච්චා ඉදිරියට ගෙනයාමට අක්මැති වූ කොටින් ඉදිරිපත් කල කොන්දේසියක් පමණයි. ප්‍රභාකරන් විසින් රනිල් 2005 පැරදවීමෙන් රනිල් ගේ සාම ගිවිසුම වුන්ට කොතරම් හානියක් සහ ජාත්‍යන්තරව අවස්සියක් කලාද කියලා ඔප්පු වෙනවා..

    ReplyDelete