ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය උදෙසා රජය
විසින් පත් කරන ලද ලාල්විජේනායක කමිටු වාර්තාව දැන නිකුත්ව තිබේ. එහි මූලික
නිර්දේශයක් නම් අනාගමික රාජ්‍යයක් නිර්මාණය කිරීමයි.ආගමක් යනු ඇදහිල්ලකි. හින්දු
දේව ඇදහිලි කිතුනු දෙවියන් අල්ලාහ් සමග ලෝකයේ දේශපාලනය ගැටගැසී තිබේ. රටක පාලකයා
නොහොත් රජු දෙවියන්ගේ පුත්‍රයෙකු ලෙසට සැලකීමක්ද අතීතයේ විය. සූර්ය දිව්‍ය පුත්‍ර
යනුවෙන් අතීත රාජ අභිධානයන් සැකසී තිබෙන්නේද ඒ නිසාය. වත්මන් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය
තුළද මේ දේශපාලනික ආගමික සංකල්පය වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක වේ.මහා බ්‍රිතාන්‍ය
ඊට උදාහරණයකි. ඇතැම් රාජ්‍ය ව්‍යවස්ථා තුළ රාජ්‍ය ආගම යනුවෙන් සඳහනක් තිබුණද ඒසේ
නොමැති ව්‍යවස්ථාවන්ද ඇත. නමුත් ආගමික අර්ථයෙන් වත්මන් ප්‍රජාතන්ත්‍රීය රාජ්‍යයන්ද
ආගමික පසුතලයක ක්‍රියාත්මක වේ. විශේෂයන්ම පාප්වරයාගේ බලපෑම මත ක්‍රියාත්මක වේ.නමුත්
පල්ලියේ අඥාදයකත්වය නිසා පහළ ස්ථරයේ ජනතාවට විඳින්ට සිදුවූ ගැහැට නිසා පසුකාලයේදී
යුරෝපය පුරා අනාගමික රජ්‍ය පිළිබඳ සංකල්පයන් ප්‍රචලිතව ගියේය.එම සංකල් මගින්
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති වලටද බලපෑමක්
එල්ල කර ඇත.
බුදුදහම ආගමක් නොවේ. හින්දු පදනම මත බුදු
දහමේ නොයෙකුත් සංකල්පයන් ඇති වීමට පසුබිම සැකසුණද ආගමික රාජ්‍යයකට වඩා පුළුල් අර්ථ
විග්‍රහයක් බෞද්ධ රාජ්‍යකට ඇත. නොයෙකුත් සංස්කෘතික බැඳීම් මගින් රාජ්‍යය ශක්තිමත්ව
තිබීම ඓතිහාසික විකාශනය අනුව සහේතුක වේ. නමුත් ධර්මාශෝක අධිරාජ්‍යායාගේ බෞද්ධ
දේශපාලනික සංකල්ප මත රාජ්‍යක පැවැත්මට මෙන්ම රජවරුන්ගේ පැවැත්මට මනා පදනමක් ඇති කර
තිබුණි. ලංකාවේ ක්‍රියාත්මක වූයේද විශේෂයෙන් දශරාජධර්මය මගින් ශික්ෂණය ලබා දුන්නේද
මේ සඳහාය. එම නිසා ඓතිහාසික සිංහල රාජ්‍යය ආගමික රාජ්‍යක් ලෙසට අර්ථ විග්‍රහ කිරීම
වැරදි සහගතය. එය සැබවින්ම බෞද්ධ සංකල්ප හා මතවාද මගින් පාලනය වන ධාර්මික රාජ්‍යයකි.
ලංකා ඉතිහාසයේ විවිධ යුග වලදී ඇතිවූ සතුරු ආක්‍රමණ හමුවේ මෙකී පාලන ක්‍රමය පවත්වා
ගෙන යෑමට බාධා ඇති විය.එම නිසා සිංහල බෞද්ධ සංස්කෘතික හර පද්ධතියකින් නිතරම රජ්‍යය ආරක්ෂා වුණි. සත්වන සියවසෙන්
පමණ පසු ඇති වූ මහායාන සංස්කෘතික බලපෑම මධ්‍යයේ ඇතිවූ බෝධිසත්ව සංකල්පය මගින්ද ලංකා රාජ්‍යය ශක්තිමත් වීමට පසුලලලබිම සකස් වුණි.
පෘතුගීසීන් ලන්දේසීන් සහ ඉංග්‍රීසීන්
ගේ ආක්‍රමණ නිසා රටේ ස්වාධීනත්වය ක්‍රමයෙන් නැතිවූ බව අප දනිමු. විශේෂයෙන්ම 1815 දී අත්සන් කරන ලද ගිවිසුම නිසා
ලංකාව ආගමික රාජ්‍යක් ලෙසට පරිවර්තනය විය. God save The King යනුවෙන් ඉංගිරිසි
පාඨයක් ඉංගිරිසි රජයේ සේවකයන් විසින් භාවිතා කලේ එහෙයිනි.නමුත් අප අතීතයේදී භවිතා
කලේ පස්වාන් දහසකට බුදුවන්ඩ දේවයන් වහන්ස යනුවෙනි. වසර පන්දහසක් කල් පවතින බුද්ධ ශාසනය
රැකීම පිණිස ධාර්මික රජයක් පැවතිය යුතු බව අපගේ කියවීම විය. සැබවින්ම අපගේ මේ
පැරණි සංකල්ය ක්‍රමයෙන් අභාවයට පත් විය.1815 දී උඩරට ජන ප්‍රධානීන් විසින් එම
ගිවිසුමට ඇතුලත් කරන ලද පස්වන වගන්තිය ප්‍රකාරව ඉංග්‍රීසි රජය කටයුතු කිරීම
අත්හලේය.1948 දී අපට නිදහස යනුවෙන් පාලන බලයක් හිමිකර දෙන කල්හි ඉංග්‍රීසින්
විසින් අනුදැන සිටි ආගමික රාජ්‍යය පවත්වාගෙන යෑමට පාලකයන්ට සිදු විය.ඩොනමෝර් ව්‍යවස්ථාවේ
29වන වගන්තිය මගින් ඒ තත්ත්වය තහවුරු විය.
නව ව්‍යවස්ථාවක් ලක් රජයට සාදා
දීමට කැබිනට්ටුව මගින් පසුගියදා ආචාර්ය
ලාල් විජේනායක මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කලේය. කොමිෂන් පණත යටතේ එම
පත්කිරීම නොකළ බැවින් එහි නීත්‍යානුකූල බව පිළිබඳ ප්‍රශ්ණ තිබුණද මාස කීපයක් තුළ
මහජන අදහස් ලබාගෙන දැන් වාර්තාවක් නිකුත් කර තබේ. එහි ආගම යනුවෙන් විස්තර වන
ඡෙදයෙහි. තිබෙන එක් නිර්දෙශයක් නම් ලංකාව අනාගමික රාජ්‍යක් කළ යුතු බවයි. ලොකයේ කොහි
රටකවත් එම තත්ත්වය දක්නට නැති වුවද එය එලෙස දක්වා තිබේ. මට පෙනෙන ආකාරයට ඔවුන් එසේ
සඳහන් කරන්නේ 1815 ගිවිසුම ප්‍රකාරවද 1972 ව්‍යවස්ථාව අනුවද තහවුරු කරන ලද බුද්ධශාසනය
පිළිබඳ ප්‍රමුඛතාවය ඉවත් කිරීමටයි. එවිට ක්‍රමානුකූලව ලංකාව පාලනය කරන බටහිර රාජ්‍යයන්
හි ආගමික භාවය ලංකාවට ආරෝපණය වේ. මෙම
වර්ෂයේ පෙබරවාරි මස 27 දින දාතමින් යුතුව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන
අදහස් විමසීමේ කමිටුව වෙත මාගේ යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු කළෙමි. එහිදී කමිටුවේ
ලේකම් රංගා ජයසුන්දර මහත්මිය විද්‍යුත්
තැපෑලෙන් පිළිතුරු ලිපියක් එවමින් සඳහන් කරන ලද්දේ එම යෝජනා කමිටුවේ සැලකිල්ලට ලක්
කිරීම පිණිස ඉදිරිපත් කරන ලද බවයි. නමුත් වාර්තාව නිකුත් කළ පසු එය පරීක්ෂා
කිරීමේදී මාගේ යෝජනා සැලකිල්ලට ගෙන නොමැති බව පෙතී ගියේය. එසේම යෝජනා ඉදිරිපත් කළ
අයගේ නාම ලැයිස්තුවේද මාගේ නම ඇතුලත් වී නොමැති බවද සඳහන් කළ යුතුය.මාගේ යෝජනා වල
ප්‍රධාන කරුණක් වූයේ නවවන ව්‍යවස්ථාව පිළිබඳ සඳහන් කිරීමයි. එහි හැඳින්වීම මෙන්ම
අර්ථ නිරූපණයන්ද වඩාත් ශක්තිමත් විය යුතු
බව මාගේ අදහස විය.එහි සඳහන් කරන ලද යෝජනා මෙලෙස විය.
ආගම -බුදු දහම ආගමක් නොවේ. එම නිසා
බුද්ධාගම ගැන සඳහන් නවවන ව්‍යවස්ථාවේ හැඳින්වීම බුද්ධ ධර්මය,
බුද්ධ ශාසනය සහ බෞද්ධ සංස්කෘතිය යනුවෙන් වෙනස් විය යුතුය.බුද්ධ
ධර්මය ,බුද්ධ ශාසනය සහ බෞද්ධ සංස්කෘතිය සුරක්ෂිත කොට පෝෂණය
කිරීම රාජ්‍ය යේ මූලික වගකීම වේ යනුවෙනන් එය සංශෝධනය විය යුතුය..
⋆බුද්ධ
ශාසනය පිළිබඳ අර්ථ නිරූපණයක් අවශ්‍ය වේ. එසේම මූලික අයිතිවාසිකම් නීතියකින් හෝ
වෙනත් නීතියකින් මෙම ව්‍යවස්ථාව දුර්වල නොකල යුතුය. පෙර සිරිත පරිදි භික්ෂූන්
වහන්සේලා වෙනුවෙන් පනවන ලද විනය නීති පිළිගැනීමකට ලක් කල යුතුය. ඒ සඳහා මෙම ව්‍යවස්ථාව
යටතේ ප්‍රතිපාදන පැනවිය යුතුය. ශාසනික පැවැත්ම තහවුරු කරලීම උදෙසා සංඝාධිකරණ පණතක
අවශ්‍යතාවය මතුව ඇත. නමුත් එය රෝම ලන්දේසී නීතිය මගින් දුර්වල නොකළ යුතුය. පෙර
සිරිතට අනුකූලව නීති සම්පාදනය ඉතා වැදගත් වේ.
⋆බෞද්ධ
ප්‍රතිපත්ති සහ මූලධර්ම මත රටේ ආර්ථික සමාජීය දේහය ශක්තිමත් කල යුතුය.මෙම කරුණු මත
පදනම් වූ රාජ්‍ය තන්ත්‍රයක් තහවුරු කරලීමට උත්තරීතර සංඝ මණ්ඩලයක් පිහිටුවිය යුතුය.
දේව
ඇදහිලි සහ ආගම් -
උඩරට
ගිවිසුමේ පස්වන වගන්තිය ප්‍රකාරව මෙරට පුරාණයේ සිට පැවති ඇදහිලි විශ්වාස ඇතුලත්
දේවාගම්(ජන ආගම්) ආරක්ෂා කිරීමටත් එය වටා පවතින සංස්කෘතික තත්ත්වයන් ප්‍රවර්ධනය
කිරීමටත් රජය බැඳී සිටී. නමුත් යුරෝපීයන්ගේ පැමිණීමෙන් පසු මෙරට ප්‍රචලිත වූ ආගම්
සුරක්ෂිත කිරීමට හෝ ප්‍රවර්ධනය කිරීමට ව්‍යවස්ථාව තුළ ඉඩක් වෙන් නොකළ යුතුය. එහෙත්
රට තුළ ජීවත් වන පුර වැසියන්ට තමන්ගේ ආගම් ඇදහීමට බාධාවක් නොකල යුතුය.ඒ නුමුත්
බුද්ධ ශාසනයට හෝ බෞද්ධ සංස්කෘතියට එරෙහි යම් ආගමක් ව්‍යාප්ත වන්නේ නම් එය රට
තුළින් ඉවත් කිරීමට සහ තහනම් කිරීමට ප්‍රතිපාදන ව්‍යවස්ථාව තුළ පැවතිය යුතුය.
රටපුරා විසිරී තිබෙන විහාරස්ථාන වල
සිටින භික්ෂූන් වහන්සේලා බහුතරයක් මෙයට සමාන යෝජනා මෙම කමිටුවට ඉදිරිපත් කළ බවට
නිසැකය. එයට හේතුව වර්තමාන ව්‍යවස්ථාවේ බුද්ධාගම යනුවෙන් සඳහන් ඡේදය හිස් පිටුවක්
ලෙසට පැවතීමයි. අප තර්ක කලේ එය වඩා අර්ථ
ගැන්විය යුතු බවයි. මහා සංඝරත්නයේ යෝජනා යම් තරමකින් හෝ සඳහන් නොකිරීමට කමිටුව වග
බලා ගෙන ඇත. නමුත් ලාල් විජේනායක කමිටුවේ ඇතැම් අය යෝජනා කොට ඇත්තේ බුද්ධාගම
යනුවෙන් කියැවෙන හැඳින්වීම පවා වෙනස් කොට ආගම් යනුවෙන් සඳහන් කළ යුතු බවයි. එහිදී
මෙම ලිපියේ පළමුව සඳහන් කොට ඇති පරිදි බදුදහම ආගමක් නොවන බව මෙම කමිටු සාමාජිකයන්
හට අවබෝධයක් නොතිබෙන බව පෙනේ. එහිදි මෙම වාර්තා රචනයේදී ඔවුහු පවසන එක් වැදගත්
කරුණක් තිබේ. එය මෙසේය.
අප පෞද්ගලිකව අනාගමික රාජ්‍යයකට කැමති
නමුත් මහජනතාව ඉදිරිපත් කළ විවිධ අදහස් අනුව අපට පෙනී ගියේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
මෙම වගන්ති වෙනස් කිරීම අනවශ්‍ය ගැටුමකට හේතුවක් විය හැකි බවත් එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා
සම්පාදන ක්‍රියාවලියට බලපෑ හැකි බවත්ය.සැබවින්ම මෙහිදී මෙම රචකයන් වඩාත් බිය වී
ඇත්තේ මහනායක හිමි වරුන් ඇතුළු සිංහල බෞද්ධයන් මෙම ව්‍යවස්ථාවට විරුද්ධ වීමෙන්
බෙදුම්වාදය ශක්තිමත් කරන ඉතිරි යෝජනාද
කුණු කූඩයට යෑමට ඉඩ ඇති බවයි. එහෙයින් ඔවුහු නව වන ව්‍යවස්ථාව වෙනස් කිරීම උදෙසා
වන යෝජනා පරිස්සමින් පරිහරණය කරමින් නිර්දේශ ඉදිරිපත් කොට ඇත.නමුත් ජාතික කොඩිය
වෙනස් කිරීම මෙන්ම ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම යන කාරණා වලදී කමිටුව නොබියව අදහස්
ඉදිරිපත් කොට ඇති බව පෙනේ. අගමැති ප්‍රධාන වෙස්ට්මිනිස්ටර් පාලන තන්ත්‍රයක් ඇති
කිරීම දෙමල හෝ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන උප ජනාධිපති ධූරයක් ඇති කිරීම යන
කාරණා වලට විශේෂ තැනක් දෙමින් එමයෝජනා පැහැදිලි කරමින් මෙම කමිටුව ප්‍රබල ආකාරයට
නිර්දේශ ඉදිරිපත් කොට ඇති බව පෙනේ.උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල සිංහල ජනයා පදිංචි
කිරීමෙන් ජන අසමතුලිතතාවයක් ඇතිවූ බව මෙම වාර්තාවේ මහත් අභිරුචියෙන් සඳහන් කර ඇත.
නමුත් දහසය වන සියවසෙන් පසු යාපනය සහ මඩකලපු ප්‍රදේශ වලින් එළවා දමන ලද සිංහල
ජනගහනය පිළබඳ සඳහන් නොකිරීමට කමිටුව වගබලා ගෙන ඇත.( ටික්කම මහින්ද කුමාර මහතා
යාපනයේදී සිය යෝජනා ඉදිරිපත් කරමින් මෙම සංගණන වාර්තා ලබාදී ඇත.) මෙම සවිස්තර
වාර්තාවේ පසුබිමේ තිබෙන්නේ බෙදුම්වාදී න්‍යාය පත්‍රය බව පැහැදිලව පෙනේ. එසේම කමිටු
වාර්තාවේ සමලිංගික ප්‍රජාවක් සහ ඔවුන්ගේ අයිතිවාසිකම් පිලීබඳ කරන සදහනට වැඩි ඉඩක්
වෙන්කරනු ලැබ ඇත.එහි සඳහන් නිර්දේශය මෙසේය.
වයස සම්පූර්ණ වී ඇතිසියළු පුද්ගලයන්ට ජනවර්ගය
ජාතිය ආගම ලිංගික අන්‍යතාවය( නාරිමෛථුන සම ලිංගික ද්වී ලිංගික පාරලිංගික සහ
අන්තර්ලිංගික) හෝ ලිංගිකනැඹුරුව ආදියේ සීමාවකින් තොරව විවාහ වීමට හා පවුලක් සෑදීමට
අයිතිය තිබේ. විවාහය තුළ හා එය අවලංගු කිරීමෙන් පසුව ඔවුනට සමාන අයිතිවාසිකම්
ලැබිය යුතුය.සැබවින්ම රටක සදාචාරය සහ යහපාලනය ඇති කළ හැකි ප්‍රතිපාදන සැලසිය හැකි
නව වන ව්‍යවස්ථාව අර්ථ නිරූපණයට වඩා මෙවැනි දුරාචාරයන්ට රට යොමු කිරීම ලාල්
විජේනායක කමිටුවට වඩාත් අභිමතව ඇති බව පැහැදිලිය. එයට හේතුව මෙම කමිටුව පත් කරන්නට යෙදුණු පාලකයන්ද එවැනි
දුරාචාර අනුමත කරන නිසාවෙනි. එසේම මෙම කමිටුව නියෝජනය කරමින් ස්ත්‍රී වාදයට කඩේ යන
පුද්ගලයන්ද රාජ්‍ය නොවන සංවිධානයන්හි වැඩකළ පුද්ගලයන්ද සිටින නිසා බව පැහැදිලිය. එසේ හෙයින් අනාගමික
රාජ්‍යයක් බවට ලක්රජය පත් කිරීමේ භයානක යෝජනාව ඇතුළු සමස්ත වාර්තාවම කුණු කූඩයට යැවිය
යුතු බව එක හෙළා පැවසිය යුතුය. විධායක අගමැති සිහිනයෙහි සිටින්නන්ද අවබෝධ කළ යුතු
කාරණය වන්නේ මෙම වාර්තාවේ එක් වගන්තියක් හෝ සම්මත කිරීමට ඉඩ දුනහොත් ඒ මගින් ව්‍යවස්ථා
කුමන්ත්‍රණය සාර්ථක වන බවයි.
ජනවාරි 8 වනද වෙච්ච වෙනස ඇතුලේ මේ සේරම අන්තර්ගතව තිබුණා
ReplyDelete