ලංකාව ඩෛරල් රාජ්‍යයක්
ලෙසට හෝ අභ්‍යන්තර ස්වයංපාලනයක් සහිත රටක් වශයෙන් බෙදා වෙන් කිරීම වාසි සහගත වන්නේ
කුමකටද යන්න පැහැදිලිය. ඉන්දියාවට හෝ ඇමරිකා එක්සත් ජනපදයට සිය දේශපාලනික ආර්ථික
සහ ඇතැම් විට ආගමික ව්‍යාපෘති පහසුවෙන් ක්‍රියාත්මක කරලීම උදෙසා මෙවැනි බෙදීමකට
යෑම පහසුතරය. දෙමළ ඊළාම් සංකල්පය වෙල්ලාලර් උගතුන් ගේ නිර්මාණයක් වුවද එයට
දේශපාලනික හා යුධමය ශක්තියක් ලබා දුන්නේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයයි. සිය
දේශපාලනික වුවමනාවන් සඳහා කොටි පුහුණු කරලීමේ කඳවුරු වලට ඉන්දියාව ඉඩ දුන්නේය.
ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය අවි ලබා දීමෙන් සහ ජගත් ප්‍රජාව අතර මතවාදී ශක්තිය ජනිත
කරලීමට උදව් උපකාර ලබා දුන්නේය. පක්ෂ දේශපාලනික වශයෙන් බෙදී සිටින රටක් වශයෙන්
ලංකාවේ දෙශපාලනය විදේශවලට අවශ්‍ය පරිදි හැසිරවිය හැකිය. මේ බෙදුම්වාදය ක්‍රයාත්මක
කරලීමේ වගකීම ඇන්ටන් බාලසිංහම් සහ ප්‍රභාකරන් නම් පුද්ගලයන් හට වගකීමක් ලෙසට
තිබුණි. ඇන්ටන් බාලසිංහම් මිය යෑමෙන් පසු ප්‍රභාකරන් සිය ස්වාමිවරුන් අභිබවා යෑමේ
ප්‍රතිඵලයක් වශයෙන් ඔහු ඇතුළු එල්.ටී.ටී. සංවිධනාය විනාශ කිරීමට මහින්ද රාජපක්ෂ
රජයට යම් ඉඩක් ලබා දුන් බවද පැහැදිලිය. එහෙත් යුධ ජයග්‍රහණයේ ස්වරූපය මත ප්‍රභාකරන්
බේරා ගැනීමට පවා බටහිර රටවල් අවසාන මොහොතේ උත්සාහ දැරූ බව ප්‍රකටය.මේ නාටකයේ
යථාර්ථවාදී ස්වරූපය නිසාම ජනතාව ඉන් උද්දාමයට පත්වීම හේතු කොට ගෙන බටහිර කූටෝපායික
සැලැස්ම පිලිබඳ කතිකාවක් රට තුළ ඇති නොවුණි.
ප්‍රභාකරන් මෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාද
බටහිරයන්ට හිසරදයක් විය. මහින්ද රාජපක්ෂ මහතා විදේශ අධිපතිවාදයට හිස නොනැමීය.
එහෙත් ඔවුන්ගේ ආර්ථික වලෑමට යටත් වුණි.පී.බී.ජයසුන්දර මහතා හරහා ක්‍රියාත්මක වූයේ
බටහිර ගැති ආර්ථික ප්‍රතිපත්තියකි. එහි ප්‍රතිඵලයක් ලෙසට ලංකාව තුළ දැඩි ආර්ථික
අර්බුදයක් නිර්මාණය වුණි.දිගින් දිගටම ණය ගැනීමත් එම මුදල් වැඩි ප්‍රමාණයක් අව
භාවිතයේ යෙදීමත් කරණ කොට රට තුළ රජය කෙරෙහි බලවත් අප්‍රසාදයක් ඇති විය. මේ
වාතාවරණය යටතේ ජනාධිපතිවරයා ඉවත් කිරීමේ සුප්‍රකට කුමන්ත්‍රණය ඇරඹුණි. මාක්ස්වාදී
මත වලින් ඔළුව කුරුවල් කරගත් බලය සඳහා සිය ව්‍යාපෘති ක්‍රියාත්මක කරන එමෙන්ම
ජාතිකවාදියෙකුද නොවන මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකත්වයට තෝරා ගැනුණේ
මහින්ද එලවීමේ ව්‍යාපෘතියේ උච්චතම අවස්ථාවේදීය. පක්ෂ දෙකක පුද්ගලයන් දෙදෙනෙකු
එක්කර ඊනියා ජාතික ආණ්ඩුවක් යයි කියැවෙන සභාගයක් අටවා සම්මුතිය තුලින් බෙදුම්වාදය
කරා රට දැක්කවීම බටහිර න්‍යාය පත්‍රය විය. නමුත් එළවූ මහින්ද වෙනුවෙන් රටපුරා
යළිත් රැල්ලක් නිර්මාණය වීම මේ බෙදුම්වාදයට ඇතිවූ ප්‍රධාන බාධාව විය. එයටද
විසඳුමක් ඔවුන් සොයා ගන්නට ඇත. එය මෛත්‍රීපාල සිරිසේන මහතා හරහා ක්‍රියාත්මක විය.
එමෙන්ම මැතිවරණ කොමසාරිස්වරයා හරහාද ක්‍රියාත්මක විය. අවසාන ප්‍රතිඵලය වූයේ එක්සත්
ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීමයි.
1951 වසරේදී බණ්ඩාරනායක මහතා
හරහා රට පක්ෂ වශයෙන් බෙදා බෙදුම්වාදය මගින් සිංහලයා දුර්වල කිරීම බ්‍රිතාන්‍යයන්ගේ
අරමුණ වූවා සේම මෛත්‍රීපාල සිරිසේන මහතා හරහා පක්ෂ එකට එක්කොට ජාතික ආණ්ඩුවක් අටවා බේදුම්වාදය ක්‍රියාත්මක කිරීම වර්තමාන න්‍යාය
පත්‍රය වෙයි. මෙහිදී අප පළමුව සලකා බැලිය යුත්තේ මහින්ද රජපක්ෂ රජය යටතේ මේ
බෙදුම්වාදය කිනම් ආකරයකින් තිබුණේද යන්නයි. එවිට මෙම ප්‍රශ්ණය තේරුම් ගැනීමට යම්
පහසුවක් ඇතිවෙයි. මහින්ද රජපක්ෂ මහතා විසින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජයට පත්
කළද ඉන්පසු දෙමළ ඊළාම් මතවාදය පරාජයට පත් කිරීම උදෙසා පියවර ගැනීමට පසුබට විය. ඔහු
බැන්කී මූන් ලංකාවට පැමිණි පසු ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කලේය. එම ප්‍රකාශය සමාන්‍ය
රජ්‍ය තාන්ත්‍රික පුරුදක් වුවද එහි යම් වෙනසක් කිරීමට රජය අපොහොසත් විය. ඇමරිකා
එක්සත් ජනපදය බ්‍රිතාන්‍ය හා නොර්වේ යන රටවල් ත්‍රස්වාදීන්ට උදව් කිරීම යුද්ධය
පැවති කාලවකවානුවේදී තහවුරුව තිබුණද ඒ පිළිබඳව ජාත්‍යන්තරය දැනුවත් කිරීමක් සිදු
නොවීය. මෙම ඒකාබද්ධ ප්‍රකාශය හරහාවත් එය කළ යුතුව තිබුණි. අනෙක් කරුණ නම් දරුස්මාන්
වාර්තාව හරහා බොරු බේගල් ඇදබෑම නිවරදිව විවේචනය නොකිරීමයි. එසේම මැක්සවල් පරණගම කොමිසම
මගින් යුද්ධය ඇති වීමට සෑබෑ ලෙසටම හේතු වූ කරුණු මෙන්ම එල්.ටී.ටී.ඊ . ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්
නිවරදිව එළදැක්වීමට කටයුතු නොකිරීමයි. මැක්ස්වල් පරණගම යනු හිටපු විනිසුරු වරයෙකි.
ඔහුට මේ සම්බන්ධව තිබෙන සුදුසකම කුමක්ද. සැබැවින්ම විනිසුරවරයෙකු ලෙසට සිටීම පමණි.
ලංකාවේ බොහෝ විනිසුරුවරයන්ට සමාජයේ ප්‍රශ්ණ පිළිබඳව කිසිම අවබෝධයක් නොමැත. එවැනි
පුද්ගලයන් අතින් බිහිවන වාර්තා වලින් සිදු වූයේ ලංකාවේ සැබෑ තත්ත්වය තව දුරටත්
වසන් වීම පමණකි.
උතුරේ ජිවත් වූ
දහස් ගණනක් සිංහල ජනතාව එයින් පන්නා දමා වාර්ගික පවිත්‍රකරණයක් සිදු වූ ආකාරය
ඉතිහාසයට අයත් නමුත් ඉඩම් පිළිබඳ ඔවුන්ගේ අයිතිය මේ ප්‍රශ්ණයේදී යටපත් කළ නොහැකිය.
ලංකාවේ පාලකයන් තුළ සිංහලයන් පිළිබඳ තිබෙන කැක්කුම ඉතාමත් අල්පය. එයට එක් හේතුවක්
වන්නේ මුස්ලිම් සහ දෙමළ ව්‍යාපාරිකයන් විසින් දේශපාලඥයන් නඩත්තු කිරීමයි. අනෙක්
කරුණ නම් ජාත්‍යන්තර ආයතන විසින් මේ දේශපාලනඥයන් නඩත්තු කිරීමයි. මේ ඛෙදවාචකය
යහපාලන සමයේ පමණක් නොව ඉන් අතීතයට ද දිවයන සංසිද්දියකි. දෙමළ හෝ මුස්ලිම් ජනතාව
කරන ප්‍රකෝපකාරී ක්‍රියා නීතිය ඉදිරියේ ප්‍රශ්ණ නොකිරීමත් ඔවුන්ට සමාජය තුළ විශේෂ
වරප්‍රසාද අත් කර දීමත් සිදු වන්නේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි.
ලංකාවේ රජ්‍ය භාෂාවන් අතර සිංහල ඉදිරියෙන්ම
සිටී. එහි අනන්‍යතාව කිසිවෙකුටත් අවතක්සේරු කළ නොහැකිය. නමුත් ජනාධිපති කාර්යසාධක
බලකායේ මෙහෙවීමෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා විසින් මෑතකදී රජයේ සේවකයන් වෙත
නිකුත්කරන ලද දෙමළ අකුරු නම් ග්‍රන්ථය තුළ අන්තර්ගත කරුණු අනුව දෙමළ සහ සිංහල භාෂා
එකම මූලයකින් පැමිණ ඇතැයි අවධාරණය කර තිබේ.. අනෙක් කරුණ නම් දෙමළ බහුතරයක් සිටින
දිස්ත්‍රික්කයන්ට සිංහල නිළධාරීන්ට අමතරව දෙමළ නිළධාරීන්ද බඳවා ගැනීමයි. උදාහරණයක්
වශයෙන් මහනුවර දිසාපති කාර්යාලයේ දැනට සිටින සිංහල කාර්යාල සහායකට අමතරව දෙමළ
කාර්යාල සහායකයෙකු බඳවා ගැනීම දැක්විය හැකිය. සිංහල නිළධාරීනට දෙමළ බස ඉගැන්වීම කරන අතර තුරම මෙවැනි දේ කිරීම
තුළින් මතු වන්නේ බෙදුම්වාදයේ මූලධර්මයි. මේ තත්ත්වයට අමතරව මෙවර පහේ ශිෂ්‍යත්ව
අවම ලකුණුදීම දැක්විය හැකිය. දිස්ත්‍රික්ක කීපයකම ලකුණු මට්ටම් අතර විශාල පරස්පරයක්
තිබෙන බව මෙහිදී පෙන්නුම් කළ හැකිය. කොළඹ සිංහල මාධ්‍ය සිසුන්ට ලකුණ 160 ක්ද දෙමළ
මාධ්‍ය සිසුන්ට ලකුණු 154 ක් දක්වා තිබීමද ත්‍රිකුණාමලයේ සිංහල සිසුන්ට 153 ක්ද
දෙමළ සිසුන්ට 151 දක්වා තිබීද මෙහිදී දැක්විය හැකිය. මෙලෙස එකම රටක ජීවත් වන
පිරිසකට දෙවිදියකට සැලකීම බෙදුම් වාදය
ශක්තිමත් කිරීමකි.විභාගදෙපාර්තමෙන්තුව විසින් මෙම ක්‍රමය අනුගමනය කිරීමට හේතු
වන්නට ඇත්තේ යුද්ධකාලයේ ඇති වූ තත්ත්වයයි. නමුත් එම බෙදීමට දිගින් දිගටම අනුබලය දැක්වීම කළයුතු නොවේ.අනෙක නම් යාපනය
කිලිනොච්චිය මන්නාරම සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක තුනටම සිංහල මාධ්‍ය සිසුන් සඳහා
විභාගදෙපාර්තමේන්තුව ලකුණු මට්ටමක් නොදැක්වීමයි. එයින් පැහැදිලි වන්නේ මෙම ප්‍ර
දේශ වල සිටින අතලොස්සක් පමණ සිංහලයන් ගේ දරුවන්ද අනිවාර්යයොන්ම දෙමල මාධ්‍ය මගින්
පිළිතුරු සැපයිය යුතු බවයි.
අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සඳහා
මහින්ද රාජපක්ෂ රජය අනුගමනය කරන ලද්දේ දුර්වල ක්‍රියාදාමයකි.යුද්ධයෙන් පීඩාවට පත්ව
විනාශයට ගිය උතුර සහ නැගෙනහිර සංවර්ධනයට විදේශ මුදල් ලබා ගැනීම තුළ දෙමළ හා
මුස්ලිම් ජනතාව පමණක් පදිංචි කිරීම මෙහිදී දැක්විය හැකිය. සිංහලයන් පදිංචි කිරීමට
විදේශ ආධාර නොලැබෙන බවට පූර්ව නිගමනයක් තිබීම මෙයට හේතුව විය හැකිය. කෙසේ වෙතත්
වන්නිය හා යාපන අර්ධ ද්වීපයේ මෙන්ම මන්නාරමේ සිට අවතැන් වූ සිංහල පවුල් වලට යලිත්
ආපසු යෑමට රජයෙන් ධෛර්යයක් නොලැබුණි. නාවක්කුලියේ පදිංචි වීමට සිටි සිංහල පවුල් වලට
රජයෙන් පවා තර්ජන ඇති විය. නැගෙනහිර සිටි සිංහලයන් ගේ ඉඩම් වලට ව්‍යාජ ඔප්පු සාදා
මුස්ලිම් අය පදිංචි ව සිටින බව පෙන්වා දුන්නද රජයේ බලධාරීන් නොඇසූ කන් ඇතිව සිටිනු
දක්නට ලැබුණි. රිෂාඩ් බද්යුදීන් ඇමතිවරයාට විශේෂ වරප්‍රසාද රජයෙන් ලැබුණු බව පෙනේ.
මන්නාරම මරිච්චකට්ටු රක්ෂිතය කපා මුස්ලිම් ජනයා පදිංචි කරවීමට ඔහුට රිසි සේ අවසර
ලැබුණි. මහින්ද රාජපක්ෂ රජය පෙරලීමට යහපාලන පෙරමුණට හේත්තුවූයේද මේ පිරිසමයි.
අවසානයේ එක්සත් ජාතික පක්ෂ රජය පත් වූ පසු වැඩිම විෂය ගණනාවක් සහිතව මේ මුස්ලිම්
නායකයාට ඇමතිකමක්ද නැවත ලැබුණි. ඔහු නැවත සිය බෙදුම්වාදී වැඩ පිළිවෙල ඉදිරියට ගෙන
යයි.
උඩරට කඳුකරයේ වතු ඉඩම් රාශියක් දෙමළ
වතු කම්කරුවන්ට ලබා දීමට රජය පසුගියදා
කටයුතු සැලසීය. නමුත් ඉංග්‍රීසීන් ගේ වතු වගාව නිසා සිය ඉඩම් අහිමි වූ
සිංහලයන් වෙනුවෙන් මේ අය ගන්නා පියවරක් නැත.ඒ අතර සිරගතකර සිටින දරුණු ගණයේ කොටිත්‍රස්ත
සැකකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා උද්ඝෝෂණ කරනු පෙනෙයි. මෙය රජයේම න්‍යාය පත්‍රයකි.අවසානයේ
දී යුද්ධයට නායකත්වය දුන් රණවිරුවන් පෝරකයට දක්කවා කොටි අපරාධකරුවන් නිදහස් කරලීමට
රජය එකඟතාවය පළ කරනු නිසැකය.මේ තත්ත්වයෙන් අපට පැහැදිලි වන්නේ බටහර න්‍යාය පත්‍රයට
අනුව පත්වූ යහපාලන රජය මෛත්‍රී සම්මුතියෙන් වාර්ගික වශයෙන් රට තුළ බෙදුම් වාදය ඇති
කිරීමට පසුබිම සකස් කරන ආකාරයයි. ඉදිරියේදී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මගින් දෙමළ
ජනතාවට අවශ්‍ය දේ ලබා දෙන්නේ යැයි ජිනීවා
වලදී විදේශ ඇමතිවරයා පොරොන්දු වී ඇත. නමුත් ලංකාවේ බහුතර සිංහලයන් මුහුණ දෙන ප්‍රශ්ණයන්
ගැන මේ කිසිවෙකුට නිනව්වක් නැත. මේ අවාසනාව ගැන රටේ බහුතරයක් දෙන දැනුවත්ව නොසිටින
බව ද සහතිකය.
No comments:
Post a Comment