ඓතිහාසික රජරට ශිෂ්ඨාචාරයේ හදවත වන්නේ නුවර
කලාවියයි. නුවර වැව කලා වැව හා පදවිය මුල් කර ගත් මේ වාරි සභ්‍යත්වය තුළ හුරුලු
වැවද ප්‍රධාන ජල මුලාශ්‍රයක් බවට පත් වේ. එයට හේතුව එය හබරණ කඳු වැටි ආශ්‍රිතව
පටන් ගන්නා ප්‍රධාන වැව බවට පත් වීමයි. මේ නිසා එතැන් සිට පදවිය දක්වා වු කලාපය
හුරුලු පළාත ලෙසට හැඳින්වෙන්නට විය. කල්පෙ කෝරළයය
මහ පොතාන කෝරළය හා උඩ්ඩියම්කුලම කෝරළය ආදී වශයෙන් වෙන් වූ සශ්‍රීකත්වයෙන්
අග තැන්පත් හුරුලු පළාත පාලනය කිරීමට
අවසාන සිංහල රාජ්‍ය කාලයේ දී හුරුලු මුදියන්සේ නමින් තනතුරක් ද ඇති කර තිබුණි. එයට
පත් වූයේ වන්නි වරයෙකු වූ ඉලංගසිංහ කුමාරසිංහ වන්නියාය. පොළොන්නරු අවදියෙන් පසුව
සතුරු ආක්‍රමණ හමුවේ විවිධ පීඩනයන්ට ලක් වූ මේ ප්‍රදේශය ක්‍රමයෙන් ජන ශූන්‍ය භාවයට
පත් වූයේ ඝන කැලෑ හා නටබුන් වු වැව් අතර පැතිර ගිය මැලේරියා වසංගතය නිසාවෙනි. මේ
ප්‍රදේශයේ මැනීම් කටයුතු වලට පැමිණි සුදු නිළධාරියෙකු වූ ජේ.බී.එම්. රිඩුට් කියන
පරිදි එක් දිනක් වත් එහි වාසය කළහොත් මැලේරියාවට ගොදුරු වීම නියත විය. මේ ප්‍රදේශය
පාලනය කළ හුරුලු මුදියන්සේ මෙන්ම උලගල රටේ
මහත්තයාද පූලියද්දේ රටේ මහත්තයාද තමන්ට මනාප පරිදි උඩරටින් සෙනඟ ගෙනවිත් මෙහි
පදිංචි කරවා ඇත.ඇතැම් ගම් වල පහතරට වෙළෙන්දන්ද විය.
අනුරාධපුර යුගයේ දී පදවිය හා
වාහල්කඩ මහා වැව් යුගලය තැනවෙන්නට ඇතැයි සිතිය හැකිය. නමුත් එයටත් වඩා ඈත යන
ඉතිහසයකට මේ පෙදෙස අයත් ව බවට නිසැකය. එයට හේතු සාධක සපයන වැදගත්ම ලේඛන හමුවන්නේ
ලෙන් ලිපි තුළිනි. හොරොව්පතානේ දියතිත්තවැව කන්දේ හමුවූ ලෙන් ලිපියක ඇත්තේ ශතරශ
අඩි යනුවෙනි. සාතාගිරි යක්ෂයාගේ අණ යනුවෙන් එය අර්ථ දැක්විය හැකියයි ඇතැම්
විද්වතුන් පවසති. එසේම ත්‍රිකුණාමලය හා කුදිරමලේ යාකරන දේශාංශක රේඛාවේ හමු වන
රාමාකන්ද ද වැදගත් ස්ථානයකි. විශ්ව බලය ගැබ්ව ඇති එම ස්ථානය පිළිබඳ තවත් පර්යේෂණයක්
අවශ්‍ය වේ. කෙසේ වෙතත් ඓතිහාසික වැදගත් කම වඩාත් තහවුරු වන්නේ මහින්දාගමනයත් සමග
ඇති වූ බෞද්ධ ප්‍රබෝධයෙනි. මහ රහතුන් වහන්සේලා වෙනුවෙන් කළ ලෙන් රාශියක් මෙහි ඇත.
ඒවා හමුනොවන තැනක් නැති තරම්ය. එතරම් විශාල සංඛ්‍යාවක් ලෙන් ලිපි මෙහි හමු වන්නේ
ඇයි දැයි ඇතැම් විට විමතියක් ඇති වේ. එහෙත් ලංකා ධරණීතලයේ පැවති සුවිශේෂත්වය ඊට හේතු
වී යයි එක හෙලා පැවසිය යුතුය.
හුරුලු පළාතේ අපට හමුවන අනෙක්
විශේෂත්වය නම් පවතින දිය උල්පත් සංඛ්‍යාවයි. වියළි කර්කෂක භාවයක් පෙන්වුවද යටින්
ඇදෙන දිය උල්පත් නිසා මේ ප්‍රදේශයට ගෙනෙන වාසනාව සුලු පටු නොවේ. කැබතිගොල්ලෑව
කලාපයේ පමණක් දිය උලපත් විසිතුනක් හමු වන්නේ යයි කියති. එයට අමතරව හුරුලු පළාතේ කුකුල්
බැදි දිගිලිය වැනි උල්පත් ද දැක්විය හැකිය. මේවා මතු කරගෙන ඇත්තේ මහා සාගරයට යටින්
පවතින විශාල මිරිදිය දියවැලකින් බව පැරණියන් පවසති. මේ සත්‍යය සොයා ගැනීමට මෑතකදී විද්‍යඥයන්ද
සමත්ව ඇති බව කිව යුතුය.මේ උල්පත් නිසා කාන්තාර ලක්ෂන දක්වන් ස්ථානයන් පවා
තෙත්බිම් බවට පත් කර ගත්තේයයි කියති.
හුරුලු පළාතේ පවතින
මෙම සමාජ සංස්කෘතික පැවැත්ම කාලාන්තරයක් තිස්සේ යටපත්ව පැවතියේ උතුරු නැගෙනහිර
යුද්ධය නිසාවෙනි. මේ ප්‍රදේශවල සිංහල ජනතාව ගම් පිටින් විනාශ වූ අවස්ථාවන්ද බොහෝය.
එසේම අවතැන් වූ සංඛ්‍යාවද විශාලය. එහෙත් යුද්ධයෙන් පසුව ඇති වූ සාමකාමි වාතාවරණය
නිසා ක්‍රමයෙන් සංවර්ධනය වන හුරුලු පළාතට බලවත්ම තර්ජනය එල්ල ව ඇත්තේ මුද්ලිම් අන්තවාදීන්
ගෙනි. මුස්ලිම්වරු මේ පෙදෙසට පැමිණි ඇත්තේ දහනව වන සියවස මුල් භාගයේ දී වෙළදාම්
පිණිසය. අකුරණ හා ත්‍රිකුණාමලය වැනි ඈත පළාත්වලින් පැමිණ හොරොව්පතාන වැනි මංසංදි
වල කඩපිල් අටවාගෙන පැලපදියම් වූ මොවුන් නවසිය පහළවේ මුස්ලිම් කෝලාහල වලින් පසුව ජන
ශූන්‍ය වූ ගම්මාන වල පදිංචි කරවීමට එවකට සිටි රටේ මහත්වරුන් කටයුතු කළහ. වෙසෙසින්ම
හරක් පට්ටි රැක බලා ගැනිමට ඔවුන් යොදවා ඇති බව පෙනේ. ත්‍රිකුණාමල වරායට පැමිණෙන බ්‍රිතාන්‍ය
නැව් වලට හරක් මස් සැපයීම්වල කොන්ත්‍රාත් ගෙන කටයුතු කළ ඇතැම් රටේ මහත්වරුන් මේ
කාර්යයට යොදවා ගෙන ඇත්තේ මුස්ලිම් වරුය. හුරුලු පළාතේ කල්පෙ කෝරළයේ මුක්කර වැව ආනඔලන්දාව වීර සෝලේ වැනි ගම්මාන පැරණි සිංහල ගම්මාන වුවද
ඒවා එකළ ජන ශූන්‍යව තිබූ හෙයින් මුස්ලිම් වරුනට නිදහසේ ඒවායේ ජීවත් වීමේ අයිතිය
හිමි විය.
මේ ප්‍රදේශයේ සිටින සිංහල ජනතාවද
අල්පය. ඒවායේ වැඩි වර්ධනයක් සිදු වූයේ මීට අඩසියවසකට මෙපිටින්ය. මේ නිසා කැලෑවට
වැසී ගිය වැව් අලුත් වැඩියා කරමින් ගම්මාන පුලුල් කරගැනීමේ කටයුතු සිදු වූයේ ඉතාමත්
හෙමිනි. යුද්ධය නිසා මේ සංවර්ධනය තවත් අඩාල විය. වාහල්කඩ වැනි මහා ජලාශ ව්‍යාපාරයක්
වුවද ආරම්භ වූයේ හැත්තෑව දශකයේ දී ය. එබැවින් සාම්ප්‍රදායික සිංහල ගම්මානයන්ට වඩා
බලවත්ව නැගී සිටීමට මුස්ලිම් ජනතාවට හැකිවිය. ඔවුහු නැගෙනහිර හා අකුරණ මුස්ලිම්
වරු සමග සහසම්බන්ධ වෙමින් හොරෙව්පතාන වැනි නගරයන්හි වෙළෙඳ බලය අත්පත් කර ගත්හ.
සිංහලයන් සතු ඉකඩම් වල අනවසරයෙන් පදංචි වීමටද පටන් ගත්හ. මෙම පෙදෙස පාලනය කළ
දේශපාලනඥයන්ද මේ පිරිසට කරන ලද උදව් හේතුවෙන් මේ නැගී සිටීම වඩාත් වේගවත් විය.
යම් ජන කොටසක් සංවර්ධනය වීම හෝ ව්‍යාප්ත
වීම සාමාන්‍ය කරුණක් වුවද මෙම මුස්ලිම් වරුන්ගේ ව්‍යාප්තිය සිදුවන්නේ සමාජයට හා
සංස්කෘතියට හානිදායක වන අන්දමිනි. මෙම ප්‍රදේශය පුරා පැතිර පවතින පුරා වස්තු විනාශ
කරමින් වෙසෙසින්ම නටබුන්වූ සෑම ස්ථූපයක්ද විනාශ කරමින් ඒවායේ නිදන් ගොඩ දැමීම ජයටම
කර ඇත්තේ මේ මුස්ලිම් වරුන්ගේ මූලිකත්වයෙනි. මෙහි සෑම කඳුගැටයකම පුරාවස්තු නැති
තැනක් නොමැත. ඒවායේ ගල් පුපුරුවා හැර සෙල් ලිපි හා බුදු පිළිම කඩා ආසන වලින් ඉවත්
කර නිදන් සෙවීමේ ආශාවෙන් හැසිරුණු ඔවුහු අද වන විට කැලෑ එළි කරමින් ඉඩම්
බලහත්කාරයෙන් තම් ග්‍රහණයට නතු කර ගැනීමේ ව්‍යාපාරයක නිරතව සිටී. මෙයට ප්‍රබල
සාධකයක් මොටගෝනෑව වන රක්ෂිතයෙන් වාර්තා වේ. නෙලුගොල්ල හා මොටගෝනෑව අතර රක්ෂිතයේ
කැලෑ කපමින් එහි වාඩි තනා ගැන්මද බහුලව දකින්නට හැකිය. කීප වාරයක්ම වන සංරක්ෂණ
නිළධාරින්ගේ අත් අඩංගුවට පත් වූවද ඉවත් කිරීමේ නියෝග ලැබී නොමැති හෙයින් තවමත්
මේපිරිස කැලෑ සංහාරයේ යෙදෙති.
වීරසෝලේ ගමේ පදංචි මුස්ලිම් වරු තම ව්‍යාප්තියත්
සමග සාම්ප්‍රදායික සිංහල ඉඩම් ආක්‍රමණය කරමින් සිටී. ඔවුහු කුංචිකුලම පුරාවිද්‍යා
රක්ෂිතයේ තිබූ ස්ථූපයක් මෑතකදි ඩෝසර කරන ලදහ. එහි සංඝාරාමය තිබූතැන සම්පූර්ණයෙන්ම
ඩොසර් කොට අසල තිබූ පොකුණද වසා දමා ඉඩ ඉරිඟු සිටවූහ. එහෙත් ග්‍රාම නිළධාරින් මේ
පිළිබඳව ඉහළට වාර්තා නොකළහ. මුස්ලම්වරු කැලෑ ඉඩම් අත්පත් කරගත්තද සිංහලයන්ට ඉඩම්
හෙළි පෙහෙලි කිරීමද පුරාණ වැව් ප්‍රතිසංස්කරණය කොට අස්වැද්දීමද තහනම්ය. ප්‍රාදේශීය
ලේකම් වරයාගේ වැඩි නැඹුරුව පවතින්නේ මුස්ලිම් වරුන් විසින් අත්පත් කරගත් ඉඩම් වලට
ඔප්පු ලබා දීමටයි. මේ නිසා උපන් බිමේ අනාථයන් බවට පත් ව සිටින සිංහලයන් අනෙක් අතින්
අලි ඇතුන්ගෙන්ද පීඩා ලබති. ඊට හේතුව කිසිම වග විභගයක් නොමැතිව මෙහි අටවා ඇති අලිගාල
නිසාවෙනි. මෙහි සිටින අලි රංචුවල ගමන් මාර්ග නිරීක්ෂණය නොකර කරන ලද මේ ක්‍රියාවලියේ
බරපතල ප්‍රතිවිපාක විඳින්නට සිදුව තිබෙන්නේ අහල පහළ පදිංචි සිංහලයින්ටයි.පරංගියාවාඩියේ
ගම්මානයට කඩා වැදුණු අලි රංචු මෑතකදී එහි නිවෙස් කඩා දමා ඇති ආකාරය මෙයට
උදාහරණයකි.
අනුරාධපුර ත්‍රිකුණාමල මාර්ගය දැන් කාපට්
කොට වැඩි දියුණු කිරීමට පටන් ගෙන ඇත. මේ සඳහා අවශ්‍ය ගල් ලබා ගැනීමට ද කඳු කඩා පුපුරුවා දැමීමට පටන් ගෙන ඇත.
මෑතකදී යාන් ඔයට සමීප විශේෂ පුරා විද්‍යා
රක්ෂිතයක් වන පන්වැව කන්ද එලෙස ගල් කොරියකට ලබා දෙන්නට පුරා විද්‍යා නිළධාරීන්ගේද
අවසරය ලැබී තිබුණි. පසුව වන සංරක්ෂන නිළධාරීන්ගේ මැදිහත් වීම නිසා එම රක්ෂිතය බේරා
ගැනීමට හැකිවිය. දැන් වීරසෝලේ රක්ෂිතයද එලෙස ගල් කොරියකට ලබා ගෙන විනාශ කරදමමින්
ඇත. එය ලබා ගෙන විනාශ කරන්නේ මුස්ලිම් වරුන්ය.මේ පෙදෙසේ පවතින දිය උල්පත්ද වර්තමානය වන විට වැඩි වැදගත්කමින්
යුක්ත ව තිබේ. එයට හේතුව රජරට පුරා පැතිර පවතින වකුගඩු රෝගයයි. නමුත් මේ උල්පත්
ආරක්ෂා කරනු වෙනුවට ඒවා පිහිටා තිබෙන රක්ෂිත හෙළි පෙහෙලි කිරීමටද ප්‍රදේශීය ලේකම්
වරුන්ගෙන් අවසර ලැබේ. උදාහරණයක් වශයෙන් කැබිතිගොල්ලෑවේ කුංචුට්ටු උල්පත
දැකවිය හැකිය . එයට යාබද ඉඩම බෙදා දීම නිසා දැන් ඩෝසර කරණයට ලක්ව ඇත.ලංකාවේ සමාජ
සංස්කෘතිය බරපතල සෝදා පාලුවට ලක් කරන මෙම ක්‍රියා වැරදියයි වටහාගැනීමද බැරි තැන
ඉහළ නිළධාරින්ගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි ප්‍රශ්ණයක් පැණ නැගේ. එය අපගේ අධ්‍යපනයේ
කඩැ වැටීම පෙන්නුමකරන කැඩපතක් වැනිය.
“නිදහස මහ මුහුදක් වේ – එහි උල්පත අත නුඹවේ
ReplyDeleteඒ බව සිහිකොට මෙළොවේ – යුතුකම ඉටු කළ යුතු වේ”
“ගිය ගිය තැනදී ජාතික හෙන හඬම තල ව්
සිය ගත රිහිරි ලක්බිම තෙම තෙමා හෙල ව්
එය නිදහසය සිතමින් හැර විකට ඉල ව්
දිය දද දියත නංවනු බැරි මොකද බොල "
“පැරකුම් ගැමුණු ගජබා රාජසිංහ සු රෝ
ඉවසුම් නැතිව විමසති තොපි කරන අරෝ
එම නම් මතුරමින් සිංහල සොහෝ වු රෝ
එක පිම් මෙන්ම කවුරුත් ඉදිරියට ව රෝ”
“බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා
මා සිත ගින්නෙනි ලූ ලුණු මෙන් පුපුරන්නෙකු කෝප විකාරෙන්
ඈ සනසන්නට සිංහල ලේ ඇති සිංහල කොල්ලකු අයියෝ
දැන් උපදින්නෙම නැද්ද උපුල්වන් දෙව් රජුනේ ලක රක්නා”
http://www.33000.in/2014/01/Actress-Interview-before-Election.html#IDComment788178648
ReplyDelete