පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, September 1, 2013

සිංහල බෞද්ධයාට එරෙහි මහින්ද චින්තනය


                               
 


       වර්තමාන සන්ධාන රජය බලයට පත් කිරීමට මූලිකව ක්‍රියාකරන ලද්දේ මේ රටේ සිංහල බෞද්ධ බලවේගයන් විසිනි. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජය රට බේදීමේ ක්‍රියාවලිය හරහා ලංකාව දෙමල ක්‍රිස්තියානි රටක් බවට පරිවර්තනය කරලීමේ ක්‍රියාමාර්ග ගත් අවස්ථාවේ දී මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක වරයා වශයෙන් පත් කර ජනාධිපති තනතුර දක්වා ගෙන යාමටත් අනතුරුව කොටි සමග වූ යුද්ධයේ දී ඔහුට සම්පූර්ණ සහයෝගය ලබා දීමටත් රට නිදහස් කිරීමටත් ජාතික බලවේග ගත් උත්සාහයන් කිසිවෙකුටත් අවතක්සේරු කල නොහැකිය. නමුත් බලයට පත් වූ පසු  මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගත් පියවරයන් දෙස බලන කල්හි තමන්ට ශක්තියක් වූ සිංහල බෞද්ධයන්ට නිසි පරිදි කළ ගුණ සලකා ඇත්දැයි සැකයක් ඇති වේ. මෙහි පහත පළ වන්නේ ඔහු විසින් සිංහල බෞද්ධයන්ට එරෙහිව එමෙන්ම සිංහල ජාතිය ශූන්‍ය කිරීමට ගත් ක්‍රියාමාර්ගයි.

1/ ජාතික භාෂා හා ඒකාබද්ධ අමාත්‍යංශයක් පිහිටු වීම. ඒ මගින් සිංහල භාෂාවට මේ රටේ හිමි විය යුතු ප්‍රධාන ස්ථානය අහෝසි කිරීම.ලංකාවේ ප්‍රධාන භාෂාව ඉංග්‍රීසි භාෂාව ලෙසට නැවතත් පත් කිරීම.

2/ මේ රටේ මහ ජාතියක් නැතැයි ප්‍රකාශ කිරීම සහ දෙමල මුස්ලිම් ජන වර්ගයන් ජාතීන් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම.

3/ ආගමික කටයුතු අමාත්‍යංශ යටතේ ක්‍රිස්තියානි හා මුස්ලිම් පල්ලි වලට විශේෂ වරප්‍රසාද ලබා දීම. බහුතර සිංහල බෞද්ධයන් ගෙන් එකතු වන මුදල් පල්ලි සෑදීමට වෙන් කිරීම.මුස්ලිම් වරුන් ගෙන් යැපෙන දි.මු. ජයරත්න වැනි පුද්ගලයෙකු බුද්ධශසන හා අගමික අමාත්‍යවරයා ලෙසට පත් කිරීම.

4/ මුස්ලිම් ආගමික නීති තව දුරටත් රටේ ස්ථාපිත කිරීමට සහාය පළ කිරීම .හලාල් ක්‍රමට  රට පුරා ව්‍යාප්ත කිරීම නැවැත්වීමට පියවර නොගැනීම. ශරියා නීතිය ඉගැන්වීම සඳහා නැගෙනහිර විශ්වවිද්‍යාලය තුළ ඉඩකඩ ලබා දීම.

5/ සිංහල බෞද්ධ හඬ ජන මාධ්‍ය තුළ යටපත් කිරීමට උපදෙස් දීම. සිංහල බෞද්ධ යන්ට සිදු වන අසාධාරණ කම් පිලිබඳව ලියවෙන ලිපි වාරණය කිරීමට නිල නොවන ක්‍රියාමාර්ග ගැනීම.

6/ ඉතිහාසය විෂයට අදාළව පාසල් පෙළ පොත් සැකැස්මේ දී සිංහල බෞද්ධ අනන්‍යතාවය ඉස්මතු නොවන ආකාරයට ත් අන්‍ය ආගම් හා ජන වර්ග ගැන වෙසෙසියාවක් දැක්වීමටත් කටයුතු කළ යුතු බවටත් උපදෙස් දීම.

7/ කූරගල දෙවනගල මුහුදු මහාවිහාරය මොට්ටාගල වැනි ඓතිහාසික ස්ථාන මුස්ලිම් වරුන් බලහත්කාරයෙන් අයිති කොට ගෙන ඒවායේ පැවති බුදු පිළිම සෙල් ලිපි ආදිය විනාශ කළ විට එයට විරුද්ධව පෙළ ගැසුණු සිංහල බෞද්ධ සංවිධාන හා පුද්ගලයන් මර්දනයට කිරීමට හමුදාව සහ පොලිසිය යෙදවීම.

8/ උතුර හා නැගෙනහිර ප්‍රදේශ වල සිංහල බෞද්ධයාට පදිංචි විමට ඉඩකඩ ලබා නොදීම. මඩකලපුවේ  මන්නාරමේ  සහ යාපනයේ අවතැන්ව සිටි සිංහලයන්ට නීත්‍යානුකූලව ඉඩම් ලබා නොදීම. ඔවුන්ට එරෙහිව නීතිය උසි ගැන්වීම.

9/ බෙදුම් වාදයට උඩගෙඩි දෙන රායප්පු ජෝශෆ් වැනි පූජකයන් හට මන්නාරම ප්‍රදේශයේ සියලුම පහසු කම් ලබා දිම. පාරම්පරික සිංහල ඉඩම් වල ක්‍රිස්තියානි පල්ලි හා මුස්ලිම් ජනපද ඇති කිරීමට ඉඩ දී බලා සිටීම.

10/ බහුජාතික සමාගම් වල මෙහෙයවීමෙන් පලිබෝධනාශක වලට ආසනික් හා රසදිය ද කිරිපිටි වලට මෙලමයින් හා ඩයිසයනමයිඩ් ද එක් කර සිංහලයා වඳ කිරීමට උපක්‍රම යෙදූ කුමන්ත්‍රණය හෙළි වූ විට ඒවා යට ගැසීම. මෙම සමාගම් වලට එරෙහිව නීත්‍යානුකූලව පියවර නොගැනීම සහ ඔවුන් සමග ගිවිසුම් අත්සන් කිරීමට සැරසීම. තව දුරටත් සිංහලයා රැවටීම උදෙසා රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය වැනි රාජ්‍ය මාධය ආයතන වලට දැන්විම් ලබා ගැනීම.

11/ සියලුම ආගම් වලට හා ජාතීන්ට එක සමානව සලකන්නනේය යන ඉංග්‍රීසි නීතිය පුන පුනා ප්‍රකාශ කිරීම හා සිංහල ජාතියට වඩා මුස්ලිම් වරුන්ට හා දෙමල ජනතාවට වැඩි වැඩියෙන් සැලකීම.

12/ සිංහල සංස්කෘතිය විසින් දුරාචාරයයයි හඳුන්වනු ලබන සූදුව ගණිකා සේවය සංචාරක ව්‍යාපාරය හරහා ප්‍රචලිත කිරීමට සියලුම පහසුකම් සැලසීම.

13/ නිදහස් අධ්‍යාපනය කප්පාදු කොට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම හා එම පහසුකම් මුස්ලිම් වර්ගයාට හා ක්‍රිස්තියානි පල්ලියට ලබා දීම.

14/ ඇමති වරුන් මන්ත්‍රී වරු විසින් කරනු ලබන අපරාධ අල්ලස් දූෂණ කටයුතු වසන් කිරීම. ඒ පුද්ගලයන් හට වටිනාකම් ලබා දීම.

15/ රටේ සාම්ප්‍රදායික අනුශාසක වරුන් වූ මහනායක හිමිවරුන් ගේ අවවාද අනුශාසනා පිළි නොගැනීම. ඒ වෙනුවට අගරදගුරු හා මවුලවි වරුන්ගේ  උපදෙස් ඉහළින්ම පිළිගැනීම.

 

 

No comments:

Post a Comment