පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, March 7, 2012

කතුවරයාගේ කෘති සත්වැන්න

ඉතිහාසය --------------                            කූරගල ශ්‍රී පාද දිවා ගුහාව

මුල් පළ කෙරුම --------                            2003 සැප්තැම්බර්

උපුටනය ---------------                            පටුන
                                                                 * ශ්‍රී පාද වන්දනාවේ ප්‍රභවය
                                                                 *ශ්‍රී පාද ලාංඡන පිහිට වූ තැන්
                                                                 *මක්කම සිරි පතුල හා මහමදාගම
                                                                 *කූරගල ප්‍රාග් ඉතිහාසය
                                                                 *කූරගල හෙවත් රාවන රජුගේ ලංකා පුරය
                                                                 *කූරගල ගල්ලෙන් තපෝවන ආරණ්‍ය සේනාසනය
                                                                 *කූරගල දිවා ගුහාව අබෞද්ධයින් සතු වීම

*සාර සංඛ්‍ය පෙරුමන් පුරමින් පාරමිතා දස              බලයෙන්     දා
  නොහැරම බුදු බව පතමින් බෝසත් තිලොවට බුදුවන මන නන් දා
  ගෝර බලැති රුපු බිඳහැර බෝසත් පාරමිතා දස බලයෙන්         දා
  සාර උතුම් සිරි පතුල් පිහිටුවේ කුහරේගල පිට        මන       නන්දා

No comments:

Post a Comment