පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, March 3, 2012

කතුවරයාගේ කෘති සය වැන්න

ගෘහ නිර්මාණ ශීල්පය---------         හෙළ බදාම වරුණ

පළමු පඝ කෙරුම ------------          1998 ජූනි

දෙවන පළ කෙරුම ----------           2001 දෙසැම්බර්


උපුටනය --------------------- බදාම වට්ටෝරුව
                                               බොරලු අස් කරන ලද මැදි පමණ වූ වැලි
                                               පොල් කොහු ඉඹුල් පුලුන්
                                               දහයියා වී පොතු
                                               ඉදුණු ඇඹුල් කෙසෙල් හා අලු හුණු
                                               වැලි සෑහෙන පමණ ද ඊට අඩුවෙන් පොල් කොහු ද ඊට අඩුවෙන්  ඉඹුල් පුලුන්                                                ද ඊට අඩු වෙන් වී පොතු ද ඊට අඩුවෙන් දහයියා අලු ද ප්‍රමාණවත් පරිදි ගෙන                                                 එකට කලවන්කර වලක දමා වතුර වත් කර සිලුම ද්‍රව්‍ය හොඳට අනා දින තුනක්
                                               තිබෙන්නට හැර ඊට පසු ඉටි පදම එන තුරු මෝල් ගසකින් කොටා කටු මාරන්
                                               ගැසිය හැකිය.

No comments:

Post a Comment