පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Monday, February 20, 2012

ළිඳ හා වැසිකිලි වල සඳහා වාස්තු

                                                  නිවස යනු වෙසෙසි වාසය සලසන ස්ථානයයි. ගල් ගෙයක් හෝ ගස් දෙබලක හෝ වාසය කිරීමට වඩා නිවාසය මනුෂ්‍ය ප‍්‍රජාවගේ සමාජ ජීවිතය ඔපවත් කරන්නකි. සිරිකත නැතිනම් ශ‍්‍රීයා කාන්තාව නිවසකට නිරන්තරයෙන් කැන්දා ගෙන පැමිණීමට හැකියාව ලැබේ නමි එම ස්ථානය නිවසක් ලෙසට හඳුනා ගත හැකිය. ලංකාවේ නිවාස පිළිබඳ නිර්මාණ ශිල්පය වසර ගණනාවක සිට විකාශනය වූ සම්ප‍්‍රදායකි. ඒ සම්බන්ධව පාරම්පරිකව පවතින දැනුම පරිහරණය කිරීමෙන් යට සඳහන් කල නිවාසයක විසීමට භාග්‍ය උදාවේ.
       ගෘහ නිර්මාණ ශිල්පය හෙවත් වාස්තු විද්‍යාව බෙහෙවින්ම ගැඹුරු ශාස්ත‍්‍ර වේදයකි. ලංකාවේ ජනතාව අතර ප‍්‍රචලිත වාස්තු විද්‍යාව සම්ප‍්‍රදායයන් දෙකක් මත පදනමි ව තිබේ යයි සිතිය හැකිය. එකක් විශ්ව කර්ම මූලික වාස්තු විද්‍යාවයි. අනෙක මය ඉසි මූලික වාස්තු විද්‍යාවයි. මෙම ක‍්‍රමවේද දෙක අතරේ පවතින මාන ක‍්‍රම  පවා විවිධත්වයක් ගනී. මෙම අගනා ශාස්ත‍්‍රයට නොයෙකුත් විදේශීය සම්ප‍්‍රදායන්ගෙන් ආභාෂය ලැබී තිබේ එය වඩාත් ශක්තිමත්ව පවතින්නට හැකිකම් ලැබුවේ එවැනි ගුරුහරු කම් නිසාවෙන් යයි සිතිය හැකිය. මෙම ලිපියට අදාළව සටහන් කරන්නට යෙදෙනුයේ වාස්තු විද්‍යාව යයි හඳුන්වනු ලබන සිංහල ගෘහ නිර්මාණ සම්ප‍්‍රදායේ පාරම්පරික දැනුම් පද්ධතියෙන් උකහා ගත් කොටස් කීපයෙකි. වෙසෙසින්ම ගෙයකට අත්‍යවශ්‍ය වූ ළිඳ හා වැසිකිලිය සම්බන්ධව තිබෙන වාස්තු සම්ප‍්‍රදාය ඉස්මතු කරලීම මෙහි අරමුණයි.
      ළිඳ පිරිසිඳු වතුර නොහොත් පානීය ජලය සපයන උල්පතකි. බුබුලකි. එය භෞතික වශයෙන් ම උල්පතක් බැවින් වාසනාව පිළිබඳ සංකේතයකි. ළිඳෙන් නිවසට වාසනාව ලබා ගැන්මට නම් එය නිවැරදි දිශාවකට ස්ථාපිත විය යුතුය. එසේම ගෙට නුදුරින් එහෙත් සම්මත දුරකින් ස්ථාපිත විය යුතුය.       පෘතුවියේ ගමන් වේගය අනුව සියලුම වස්තූන් ගුරුත්ව බලයට යටත් වේ. මනුෂ්‍යා මෙන්ම අනෙකුත් භෞතික වස්තූන් ද ඒ ධර්ම නියාමයට යටත්ය. මනුෂ්‍යයෙකුගේ ජීවිතය පිළිබඳ හඳහනකින් පවසන දේ සොබා දහමට සාපේක්ෂ වේ. හඳහනේ කොටු දොළහ මගින් සංකේතවත් කරන දුක සැප මනුෂ්‍යා වෙත නිරන්තරයෙන් ළඟා වේ. එය තේරුම් ගැනීමට ජ්‍යෙතීර්වේදීන් ගේ මග පෙන්වීම අත්‍යවශ්‍යවේ. මනුෂ්‍යා විසින් භෞතිකව නිර්මාණය කරන ලද යම් කිසි වස්තුවක් මහ පොළවේ කෘතිම ව පිහිටුවා ලීමේ දී මෙකී සොබා දහම් නියමය එයට අදාල පරිදි ක‍්‍රියාත්මක වීමට පටන් ගනී. ඒ අනුව  ගෙදරකට සාපේක්ෂව ළිඳක් ස්ථාපිත කිරීමේ දී එයටද හඳහනක් නිර්මාණය වේ. පොළවේ කාන්දම් බලය හා විශ්ව ශක්තිය නිවසට බලපාන ආකාරය එහිදී තේරුම් ගැනීමට හැකි වන්නේ හඳහන ආශ‍්‍රයෙනි. මෙහි සඳහන් රූප සටහන මගින් එය වටහා ගැනීම වඩාත් පහසුය.

එක් එක්  දිශාවට සාපේක්ෂව පිහිටුවන ලද ළිඳ මගින් නිවසට ඇතිවන සුභා සුභ මෙලෙස දැක්විය හැකිය.

උ/ව. ස්ථාන-- ධන හානි සිදු වේ. ලෙඩදුක් කරදර ඇතිවේ. පිරිමි පක්ෂයට බඩේ අමාරු සෑදීමට ඇති ඉඩකඩ                     බෙහෙවින්ම වැඩිය. .
ව/බ.  ස්ථානය----දූවරු හිතුවක්කාරවේ. විවාහය දෙදරීමට ලක් වේ.
බ.  ස්ථානය----අඬ දබර ඇතිවේ. අඹු සැමි කෝලාහල ඇතිවේ. කාන්තාවන් ගෘහයේ නායකත්වයට පත් වේ.
                 අසල්වාසීන් ගෙන් කරදර ඇති වේ.
බ/නි.  ස්ථානය----සාමාන්‍යයෙන් සුභයි. අඩි විස්සක් පමණ එහායින් ළිඳ සකස් කළ යුතුය.
නි/ද.  ස්ථානය----ස්වාමියා හැරලා යයි. දූවරු හිතුවක්කාර වේ. කාන්තාව හැරලා යයි.
ද.  ස්ථානය----කාන්තාවන්ට විපත්තිකරය. ඇතැමි විට මරණය පවා සිදුවිය හැකිය. අඬ දබර ඇති වේ. පිරිමි
                 කාලකන්ණි ස්වභාවයකට පත් වේ
ද/ගි.   ස්ථානය----මහා විපත්ති සිදු වේ. දූවරු නොගැලපෙන අය සමග විවාහ වේ.
ගි/නැ.   ස්ථානය----පුත‍්‍රයින් ට හොඳ නැත. රැකී රක්ෂා විනාශ කරයි. ගර්භාෂ රොග ඇති කරයි.
නැ.   ස්ථානය----පිරිමින්ට හිසේ කැක්කුම්. ආයුෂ කෙටි වෙයි.
නැ/ඊ.ස්ථාන------ධන ලාභ ගෙන දෙයි . වාසනාව ගෙන දෙයි.
          ළිඳ ගොඩ නැන්වීමේ දී නිවසේ සිට පවතින දුර පිළිබඳවද සැලකිලිමත් විය යුතුය. සාමාන්‍යයෙන් රියන් 07 13 15 19 25 සහ 27 යන දුර සීමාවන් භාවිතා කිරීමෙන් දොස් රහිතව ළිඳේ වාසනා ගුණය ලැබෙන පරිදි පවත්වාගෙන යා හැකිය.

වැසිකිළිය----
   වැසිකිලි හා කැසිකිලි නොහොත් මල මූත‍්‍රා බැහැර කරන ස්ථාන පිළිබඳ වැටහීමක් පුරාණ සමාජයට මනා සේ පිහිටා තිබුණි. භික්ෂූන් වහණ්සේලා උදෙසා තැනූ ආරාමයන්හි කැසිකිලි වැසිකිලි පරීක්ෂා කරන කල්හි එය තහවුරු වේ. මලමුත‍්‍ර ආදී අප ද්‍රව්‍ය බැහැර කරන හෙයින් ඒ ස්ථාන ස්වභාවිකවම අපවිත‍්‍ර වේ. ඒ ආශ‍්‍රයෙන් වෙසෙසි භූත කොටස් වර්ධනය වීමක් නිරන්තරයෙන් සිදු වේ. එවිට නිවසට සාපේක්ෂව ඉඳි කරනු ලබන වැසිකිලි කැසිකිලි නිසා ගෙදර නිවැසියන්ට වන අපල උපද්‍රව පිළිබඳ වැටහීමක් රූප සටහන ආශ‍්‍රයෙන්ම ලබා ගත හැකිය. එයද දිශාව අනුව මෙලෙස වෙනස් වේ
උ/ව.  ස්ථානය---- සුදුසු නැත. අනතුරු සිදු වේ.
ව/බ.     ස්ථානය----අඩි දහයා මාරක් එහායින් තැනිය හැකිය.
බ.     ස්ථානය----සදුසු නැත. අපල උපද්‍රව ඇති වේ.
බ/නි.     ස්ථානය----අඩි හයකින් එහා තැනීමට සුදුසුය.
නි/ද.     ස්ථානය----අඩි දහයකින් එහා සුදුසුය.
ද.     ස්ථානය----කාන්තාවන්ට විපත් සිදුවේ.ගර්භාෂගත රෝග ඇතිවේ. සැත්කම් කිරීමට සිදු වේ. පිරිමින්ට
          කරදර සිදු වේ.                   
ද/ගි.     ස්ථානය----විවාහය කඩාකප්පල් වේ.දූවරු හිතුවක්කාරවේ.
ගි/නැ.     ස්ථානය----පිරිමින්ට අපල උපද්‍රව ඇති වේ.
නැ.     ස්ථානය----පිය පුතු විරසක වේ. ලෙඩදුක් කරදර ඇති වේ.
නැ/ඊ.  ස්ථාන-----උමතු රෝග ඇති වීමට හේතු කාරණා යෙදේ.
        මෙම ස්ථාන වල ළිඳ හා වැසිකිලි තැනීමෙන් සුභ අසුභ ඇති වන්නේ එම නිවැසියාගේ කර්ම ශක්තිය අනුව බවද සිහි තබා ගත යුතුය. එම නිසා අපල උපද්‍රව තුනී කර ගැනීමට ධර්ම මාර්ගයේ හැසිරීම වඩා වැදගත් වන බව ද කල්පනා කට යුතුය.

                                                  
                                     

No comments:

Post a Comment