සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික
මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැළකෙන අලුත් අවුරුද්ද ඒළඹීමට තව වැඩි කාලයක් ගත
වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක්
වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි.අවුර් යන නාමය සූර්යයාට යෙදෙයි. අවුරුදු
කාලයට ලංකාවට සාපේක්ෂව සූර්යයා ලංකා මහී තලයට මුදුන් වෙයි.යකඩත් හබල පෙතිත් මේ කාලයට
උණු වන්නේ යැයි ජන වහරේ පවතින්නේ නිකමට නොවේ.අවුර් නැතිනම් සූර්යා එක කෙළින් මුදුන්
වන බැවින් දුරාතීතයේ පටන්ම ලක් වාසී ජනතාව මෙම කාලයට අවුරුදු කාලයයි දක්වති.මේ
සිද්ධාන්තයට අමතරව ආසියාතික රටවල සංස්කෘතික සංකලනයක අවස්ථාවන් දක්නට හැක්කේ මේ
අවුරුදු කාලය තුළයි.විශේෂයෙන්ම චීනය කොරියාව තායිලන්තය බුරුමය වැනි රටවල් සමග තිබූ
දිගු කාලීන සංස්කෘතික බැඳියාව නිසා අලුත්
අවුරුදු කාලයේ දී අනුගමනය කරන සිරිත් විරිත් රාශියක් දේශයට
ආවේණික ලෙසට හැඩ ගැසී පවතී.ඒ අතර හින්දූන් අතර පැවති ජ්‍යෙතිෂ්‍ය සිද්ධාන්ත යොදා
ගැනීමද දැක්විය හැකිය.මහනුවර යුගයේ අවසාන කාලයේ දී මෙරට පාලනය කළ වඩිග රජවරු
අනුගමනය කළ චාරිත්‍ර වාරිත්‍රයන්ද මෙයට එකතු වීම නිසා අතැමෙක් මෙයට හින්දු හෝ දෙමළ
අවුරුද්ද යයි කියා සිටිති. එය වැරදි ව්‍යවහාරයකි.දකුණු ඉන්දීය දෙමළ ජනතාවට වෙනමම
සංවත්සර කාලයක් ලබා දෙන්නේ ඒ දේශයට සූර්යයා උදාවන කාලය වෙනස් බැවිනි.කෙසේ වෙතත්
මෙරටට ආවේණිකව හැඩ ගැසුණු අලුත් අවුරුද්ද සැබවින්ම ජාතික දිනයකි.
එහි ප්‍රධාතනම චාරිත්‍රය වන්නේ ඒකම
මොහොතක වැඩ අවසන් කර පේ වී නොනගත කාලයක් ගත කර එකම මොහොතක වැඩ ඇල්ලීමට පුරුදුව සිටීමයි.
වැඩ ඇල්ලීම යනු ආහාර අනුභවය හෝ ගනුදෙනුව නොවේ.කැත්තක් උදැල්ලක් රැගෙන වත්ත පිටියට
ගොස් අලුත් අවුරුද්දේ සුභ මොහොතින් නිෂ්පාදන වර්ෂයකට ආරම්භය දීමයි. ලංකාව
ගොවිතැනෙන් යැපෙන රටක් බැවින් සියලු දෙනම එකම මොහොතක ඒ ලෙසට වැඩ ඇල්ලීම මිගින්
ඇතිවන මානසික ශක්තිය මෙන්ම කායික කැප වීම අවුරුද්දක් පුරා වෙහෙස මහන්සිව වැඩ
කිරීමට දහිරිය සපයන බව අමුතුවෙන් කිව යුතු නැත.පිරිමි පාර්ශවය ඒ ලෙස වැඩ අල්ලන විට
කාන්තා පාර්ශවය සුභ මොහොතින් ලිප ගිනි මොළවා ආහාර
පිස අනුභයට ලක ලෑස්ති කරයි.අනාදිමත් කාලයක සිට ගින්දර මිනිසාට නැතිවම බැරි
විය. ගිනි දෙවියාට ගෞරව කිරීම පිණිස ලිපට වැඳීම සිරිතකි.නිෂ්පාදනයෙන් ලැබෙන බොහෝ
දේ අරපිරිමැස්මෙන් වඩා ගුණ දායක ලෙසට සකස් කර දරුවන්ටත් පවුලේ සියලු දෙනටත් අනුභව කරන්නට
දීම මගින් ඇති වන චිත්ත ඒකාග්‍රතාවය ජාතියකට කෙතරම් වැදගත්ද. දෙමළ ජනතාවට මුස්ලිම්
ජනතාවට සහ කතෝලික ජනතාවට මේ චාරිත්‍රවාරිත්‍ර වැදගත් නොවන්නේ යැයි ඇතැමෙක් සළකති.
එය වැරදි මතයකි.අලුත් අවුරුද්ද යනු ආගමික උත්සවයක් නොවේ. එය ජාතික දිනයකි.
අවුරුද්දේ සතරවන මාසය යනුවෙන් සලකා දැනටමත් දෙමළ ජනතාව සිත්තර පුන්නාඩු යයි
කියමින් මේ අවුරද්දට එක්වෙති.ඔවුන්ගේ හින්දු සංකල්ප වලින් වුවත් මෙම ජාතික දිනයට එක්
වීම ඉතා වැදගත්ය. මුස්ලිම් ජනතාව දැන් චිරාත් කාලයක් තිස්සේ ලංකාවේ ජීවත් වෙති.
ඔවුනටම වෙන් වූ ආගමික චාරිත්‍ර තිබුණද ජාතියක් වශයෙන් මෙම දිනයට එකතු වීමට ඔවුනට
බාධාවක් නැත. මූල ධර්මවාදී අදහස් පසෙකලා නව නිෂ්පාදන වර්ෂයක් ආරම්භ කිරීමට ද ආහාර
අනුභයට එක්වීමට ද කල්පනා කළහොත් රටේ ඒකීය
භාවයට මහත් රුකුළකි. කතෝලික ජනතාව
බහුතරයක් සිංහල සිරිතට ඒතරම් ගරු කරන්නේ නැත. බටහිරකරණයට වැඩි වශයෙන් ගොදුරු වූයේ
ඔවුන්ය. නමුත් වර්තමානයේ ජාතියක් වශයෙන් අපට එක්වීමට නම් මේ ජාතික දිනය ඔවුන්ගේද ජාතික
දිනය කර ගැනීම ඉතා වැදගත්ය
චිරාත් කාලයක් තිස්සේ ශක්තිමත්ව ගොඩ නගා ගෙන තිබුණු මේ රටේ ජාතික දිනය
පිළිබඳ හර පද්ධතිය බිඳ වැටීමට පක් වන්නේ යටත් විජිත පාලනයත් සමගය.ඔවුහු සැම විටම
බ්‍රිතාන්‍ය සංස්කෘතික ලක්ෂණයන්ගෙන් මේ රටේ ජනතා හසුරු වීමට උත්සාහ ගත්හ.
විශේෂයෙන්ම ආගමට හරවා ගැනීම ප්‍රධාන විය. විසිවන සියවස මුල භාගයේ පාණදුර වාසී
බෞද්ධයන් ආණ්ඩුකාරවරයාට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. එහි දැක්වෙන්නේ ක්‍රිස්තියානිකාර
බුද්ධ ඇදහිලිවන්තයන්ට සිදුවන හිරිහැර සම්බන්ධවයි. ආගමින් බෞද්ධයන් වුවද ආණ්ඩුවේ බලපෑම සහ තනතුරු ලබා
ගැනීමේ දී සිදුවන ආගමට හැරවීම් නිසා ඔවුහු ක්‍රමයෙන් පෙර සඳහන් කළ එංගලන්ත
සංස්කාතියේ කොටස් කරුවන් වූහ. අලුත් අවුරුද්ද වෙනුවට ඔවුන් ජනේරුව උසස් කොට
සැළකූහ. 'බහුරු කිචල් බහුරු කිචල් ජනේරු නත්තල් නාකි කටේ අත ඇනිලා හරිම කරච්චල්'
යනුවෙන් ජන කවියක් මේ සංස්කෘතියේ නිර්මාණය වන්නේ මෙකී දෙබිඩි ජීවන රටාවට පත්
වුවන්ගේ ආකල්පයන් කියා පෑමටය. වර්තමානය වන විට ජනවාරි පළමුවන දා නොහොත් නව වසර ද
සිංහලයන් බහුතරයක් සමරති.උත්සව පවත්වති. සැරසිලි කරති. නෑගම් යති. ඒ තත්වය උදා
වූයේ බ්‍රිතාන්‍ය සංස්කෘතික ලක්ෂණයන් තම ජීවිතයට වැද්දා ගැනීමෙන්ය. ජනේරුව යනු
සොබා දහමට අනුකූලව සකස් කර ගත් උත්සවයක් නොවේ. නමුත් අලුත් අවුරුද්ද පෙර කී පරිදි
මේ රටේ නිෂ්පාදන වර්ෂයත් සමග ඒකාත්මිකව බැඳී පවතින උත්සවයකි.
බුද්ධ ශාසන ඇමති මහාචාර්ය හිනිඳුම සුනිල්
සෙනෙවි මහතා අයවැය කාරක සභා විවාදයේ දී දේදුනු ජාතියක් පිළිබඳ ගැඹුරු අදහසක් පළ
කරන ලද්දේය.එයට පදනම් වූයේ ජනාධිපතිවරයාගේ රාජාසන කතාවේ දී කියැවුණු ශ්‍රී ලාංකික
දිනයක් ප්‍රකාශයට පත් කිරීමට ගෙන එන ලද යෝජනාවයි . ලංකාවේ සියලුම ජාතින්ට එකට එකතු
විය හැකි දිනයක් අවශ්‍ය යැයි ඔහු එහිදී කියා සිටියේය.එහෙත් අලුත් අවුරුද්ද ජාතික
දිනයක් වශයෙන් ශක්තිමත්ව පැවතියේ යැයි ඔහු නිකමටවත් ප්‍රකාශ නොකළේය.බුද්ද ශාසන
ඇමතිවරයා තව දුරටත් පලිප්පු දමමින් මේ ජාතික දිනයට මිලියන 300 ක් මුදල් වෙන් කරන
බවත් මෙතෙක් ඒ සඳහා ගත් උත්සාහයන් ආසාර්ථක වූයේ අවංක කැපවීමක් නොමැති වූ නිසා බවද
සඳහන් කරයි. දේදුනු ජාතියක් පිළීබඳ මෑත කාලයේ දී ප්‍රථමයෙන්ම ප්‍රකාශ කරන ලද්දේ
දකුණු අප්‍රිකාවේ ආර්ච්බිෂොප්ව සිටි ඩෙස්මන් ටුටූ නම් දේවගැතිවරයා විසිනි. බයිබලයේ
උත්පත්ති කතාවේ එන දෙවියන්වහන්සේ පිළිබඳ
විශ්වාසයේ සංකේතයක් ලෙසට සළකන දේදුන්න සහ ඒ මගින් ජනිත වන සංකල්පය ගැන ඔහු( Rainbow
people) නමින් ග්‍රන්ථයක්ද රචනා කරන ලද්දේය .
දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට විරුද්ධව හඬ නැගූ මෙම අගරදගුරුවරයා සමානත්මතාවය සහ දේව විශ්වාශය පිළිබඳව යටකී
පල්ලියේ සංකල්පය ආදේශ කලේය.පසුව 1994 දී ජනාධිපතිවරයා වශයෙන් පත් වූ නෙල්සන්
මැන්ඩෙලා මේ කතාව නැවත උලුප්පා දක්වමින් ඩෙස්මන් ටුටූ ගේ දේදුනු ජාතිය අගය කරමින් වර්ණභේදය නිසා පීඩාවට
පත් ජනතාවට යුක්තිය සඳහා සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් ස්ථාපිත කොට එහි ප්‍රධානියා
බවට ඩෙස්මන් ටුටූ පත් කලේය.
මේ රටේ සිටින ලිබරල් උගතුන්ට දේශිය සංකල්ප
නැත. උග්‍රවර්ණ භේදයක් තිබුණු දකුණු අප්‍රිකාවේ මෙන් ලංකාවේ ජාතිවාදයක් හෝ ආගම්
වාදයක් නැත. ඇමරිකන් චර්ච් මිෂනරින් විසින් යාපනයට විත් දෙමළ උගතුන් බිහි කර
පල්ලියට පක්ෂපාති කොට ඔවුන් සිංහලයන්ට විරුද්ධව උසි ගන්වන ලද්දේය.තිස්වසරක කුරිරු
යුද්ධය ඒ හේතුවෙන් හට ගන්නා ලද්දකි. මේ ඉතිහාසය ගැන නොදන්නා බුද්ධ ශාසන ඇමති ගේ
බංකොලතේ බව පැහැදිලි වන්නේ තමන්ගේ විෂයයට වත් නොගැලපෙන පල්ලියේ සංකල්පයක් අනුකරණය
කිරීම නිසාවෙනි.වෙසක් උත්සවයට මිලියන 12ක් වෙන් කරන රජය මේ සංකල්ප ප්‍රවර්ධනයට
මිලියන 300 ක් වියදම් කිරීමම මරි මෝඩ ක්‍රියාදාමයකි. දිගු ඉතිහාසයක් තිබෙන අලුත්
අවුරදුද වැනි සංස්කෘතික උත්සවයක් කෙරෙහි විශිවාසය නොතබන මෙවැනි උගතුන් සහ දේශපාලනඥයන්
රටේ පාලකයන් බවට පත් වීම රටට මහත් අවාසනාවකි.
මතුගම සෙනෙවිරුවන්