දේශපාලන ජයග්‍රහණයන් උරගා බැලීමේ
මූලික අවස්ථාවක් ලෙසට වර්තමානය වන විට සමූපකාරය යොදා ගැනීම දක්නට හැකිය.සමූපාකාරයට
සභිකයන් තෝරා පත් කර ගෑනිම උදෙසා පවත්වන චන්ද විමසීම දේශපාලන පක්ෂ වලට අදාල
සාමාජිකයන්ගෙන් පුරවා ගැනීමට තරඟයක් ඇති වී තිබේ.චන්දයේ ප්‍රතිඵලය වන්නේ නුදුරුවම
පවත්වන මහා මැතිවරණය ප්‍රතිඵල වලට හෝ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල වලට ඉන් බලපෑමක්
ඇති වීමයි.ඒ ඇරුණූ කොට නූතන සමූපාකාර ව්‍යාපාරය තුළ පාරිභෝගිකයාට ,ගොවියාට සේවයක්
සැලසීම පිළිබඳ කතිකාවක් නැත. රජය සමූපාකාරය දියුණූ කිරීමට මුදල් වියදම් නොකරයි. වී
මිළට ගැනීමට හෝ සාධාරණ මිළකට සහල් අලෙවි කිරීමට සමූපාකාරය යොදා ගැනීම සිදු
නොකරයි.සමූපාකරය වර්තමානය වන විට රජයට බරක් වී අවසන්ය. එහෙත් පෙර දක්වා ඇති පරිදිම
පක්ෂ දේශපාලනයේ මෙවලමක් ලෙසට සමූපාකරය යොදා ගැනීමට නිරන්තරයෙන් උත්සාහ දරයි
වත්මන් සමූපකාරයේ
උපත සිදු වන්නේ කාර්මික විප්ලවයේ නැගීමත් සමගමය ධනවාදයේ කුරිරුකම පීඩිතයන් හට
සිදුවන ගැහැට, ආහාර හිඟකම ,මන්ද පෝෂණය ආදී කරුණු නිසා
කම්කරුවන්ගේ එක් වීමක් පිළිබඳව සහ එක්වී තමන්ගේ දුක් දොම්නස් බෙදා හදා ගැනීමේ අවශ්‍යතාවයක්
මතු විය. පළමු සමූපකාරය
බිහිවූයේ ස්කොට්ලන්තයේ බව දක්වා ඇත.ඒ 1761 දීය.රෙදි වියන්නන්ගේ සමිතියක් වශයෙන්
එය ඉදිරියට පැමිණ ඇත.
ජාත්‍යන්තර සමුපකාර සංධානය
මගින් 1937
දි පිළිගත් සමුපකාර ප්‍රතිපත්ති හතකි.
·
විවෘත සාමාජිකත්වය
·
ප්‍රජාතන්ත්‍රවාදී
පාලනය
·
ව්‍යාපාරයේ
අතිරික්තය කොටස්කරුවන් අතර බෙදා හැරීම
·
කොටස් ප්‍රාග්ධනය
සඳහා සීමිත පොලියක් ගෙවීම
·
දේශපාලන හා ආගමික
මධ්‍යස්ථතාවය.
·
මුදලට පමණක් වෙළදාම
වත්මන් සමූපකාර සංකල්පය ලෝකයේ නිර්වචනය කර
ඇත්තේ සාමුහික අයිතියක් ඇතිව ප්‍රජාතන්ත්‍රවාදි
පාලනයක් ඇති ව්‍යවසායකයක් මගින් තම පොදු ආර්ථික සමාජිය හා සංස්කෘතික අවශ්‍යතා සහ
බලාපොරොත්තු අභිලාශයන් ඉෂ්ඨ කර ගැනිම සදහා ස්වේච්චාවෙන් එක්වු ස්වාධින පුද්ගල
සංවිධානයක් වශයෙනි. 1995 දී
පැවැත්වුණු මැන්චෙස්ටර් සම්මේලනයේ දී එම නිර්වචනය සම්මත විය.
ලංකාවේ සමූපාකාර ව්‍යාපාරය
ආරම්භ වන්නේ විසිවන සියවස මුලදීය.ලංකා කෘෂිකාර්මික සංගමය 1904 දී ආරම්භ කළ පසු එහි
දුම්බර ශාඛාව මගින් ණය දෙන සමිතියක් 1906 දි ආරම්භ කර ඇත.ඉන්පසු මේ සමිති ලියාපදංචිය සඳහා ඇති කල 1911 දී ඉදිරිපත් කරන
ලද ආඤා පනතට අදාලට මුල්ම සමූපාකාරය 1912 දී ඇති වූ බව පැවසේ..1911 සීට 1926 දක්වා ඇති කරන ලද
සමූපාකර ණය දෙන සමිති 315 අතරින් 290 ක්ම
කෘෂිකාරමික ණය දෙන සමිති වූ බව පැවසේ.ලෝකයේ සමූපාකර සමිති වලට වඩා ලංකාවේ බිහිවූ
සමිති වෙනස් විය. මින්නේරිය වී අලෙවි සමිතිය.යාපන මලයාලම් දුම්කළ සමිතිය.සහ මූලායි
සමූපාකර රෝහල් සමිතිය යනුවෙන් එහි විවිධාංගිකරණයක් සිදු විය.1930 වසරේ ඔක්තෝබර් 1
වන දා සමූපාකාර දෙපාර්තමේන්තුව ආරම්භ වූ පසු මෙම විවිධාංගිකරණය තවත් පුළුල් විය.
දෙවන ලොක් යුද්ධ සමයේ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට ලබා දීමට උත්සාහ කිරීම
ඒහි ප්‍රධාන අරමුණු අතරට එක් විය.1957 දී සමූපාර කඩ සමිති ඒකාබද්ධ කොට විවිධ සේවා
සමූපාකාර සමිති ආරම්භ වූ අතර 1961 දී එවකට තිබූ රජය විසින් සමූපාකාර ව්‍යාපාරයට
ආධාර උපකාර පිණිස සමූපාකාර ඩෛරල් සමිති විසිරුවා හැර එහි වත්කම් මහජන බැංකුවට පවරා
ගන්නා ලදී.
1977 දී ඇති වූ විවාත ආර්ථිකය හා වෙළෙඳ පළ
ආර්ථික සංකල්ප අනුව සමූපාකරය අධෛර්යට පත් කෙරිණ.පෞද්ගලික ව්‍යවවසාය ඉදිරියට ගෙන
එනු ලැබිණ. මේවාට මුහුණ දී ශක්තිමත් සමූපකාර සේවයක් බිහි කරලීම පිනිස තරඟකාරි ලෙසට
ඉදිරියට යෑමට සැබවින්ම සමූපාකාරය දිරිමත් කිරීමට රජයට නොහැකි විය. ඒ අතර සමූපකාර
ව්‍යාපාරයට හීන් සීරුවේ වාත්තිය සමිත
රිංගා ගනු ලැබිණ. විශෙෂයෙන්ම වාමාංශික පක්ෂ විසින් තමන්ගේ පාක්ෂිකයන් මේ
සමිති වෙත ඇතුල් කිරීම ද ඒ දේශපාලනය සමූපාකරය තුළ ක්‍රියාත්මක කරලීමේ ප්‍රතිඵලයක්
වශයෙන් සමූපාකරය පිරිහීමට පත් විය. දූෂණය වංචාව නිසා වැඩ තහනමට ලක් වූ සේවකයන් ගණණ
අපමණ විය.
සියල්ලන්ටම සමසේ උපකාර කිරීම හෝ සමූහ උපකාරය
පිලිබඳ වැදගත් අරමුණු වලින් හෙබි සමූපකාර ව්‍යාපාරය යුරෝපයේ බිහිවී ලංකාවේ
පැලපදියම් වුවද ඒ සංකල්පය මෙරට ජනතාවට ආගන්තුක නොවේ.වසර දෙදහස් පන්සීයක ගෙවුණු
අතීතය තුළ බෞද්ධ සාර්ධර්ම හා කැටිව මේ සකංල්පය ක්‍රියාත්මක විය. සතරවන මිහිඳු
රජුගේ අනුරාධපුර ශිලා ලේඛනයකට අනුව බෙදා හදා ගැනීම නීති ගත කර තිබුණි. ඒ සම්ප්‍රදාය
අද දක්වාම පැවතගෙන පැමිණෙයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන බෞද්ධයා තුළ අනුනට
උපකාරී කිරිමේ පරම චේතනාවක් ඇත. කිසිවිටක පුද්ගලයා ඉන් විනිර්මුක්ත නොවේ.ලංකාවේ
බෞද්ධ සමාජය තුල නිරන්තරයෙන් දක්නට ඇත්තේ මේ ගති ලක්ෂණයයි. පින්කමක්, දන්සැලක් ,අපාදාවකදී
ලබාදෙන පිහිටක්, ශ්‍රමදානයක් ,වන්දනා ගමනක්, නැති බැරි කෙනෙකුට උපකාරයක් ආදී
සියල්ල මෙරට සමාජයේ වර්තමානය තුළද පවතින්නකි.ඒ තත්වය මත බටහිරෙන් පැමිණි සංකල්පයක්
වන නූතන සමූපකාරය වුවද ෙමරට සමාජය ආදරයෙන් ගෞරවයෙන් පිළිගෙන ඇත.සමූපාකාර ව්‍යාපාරය
මගින් ප්‍රතිලාභ ලබාගෙන ඇත.ගැටළුව පවතින්නේ මෙම උදාර සංකල්පයන් දූෂණය කරන පක්ෂ දේශපාලනය
මෙයට රිංගීමයි. ගම් මට්ටමේ දේශපාලන බලය තහවුරු කර ගැනීමට තිබෙන පහසුම අයතනය මෙය බව
නූතන පක්ෂ විසින් වටහා ගන්නටඇත. සමූපාකර සභිකයෙන් ලෙසට පත් වීම මගින් ලැබෙන සිවිල්
බලය මත ජනතවගේ පිළිගැනීමකට ලක්වීමේ බාල ගණයේ අරමුණු වලින් සන්නද්ධ වීම නිසා මෙම ව්‍යාපාරය
අද වන විට පරිහානියට පත් වී තිබේ. වෙළඳ පළ ආර්ථිකය තුළ දුර්වල වූ මෙම ව්‍යාපාරය
කෝප් සිටි සංකල්පය මගින් නැවත බල ගැන්වීමට පසුගිය මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය
තුළ උත්සාහ කරන ලදී. එය යම් අන්දමකින් සාර්ථක වුවද ඉන්පසු පෙරටත් වඩා වේගයෙන්
දේශපාලන පක්ෂ වල ග්‍රහණයට මේ ආයතනය නතු විය. මේ වන විට පවතින සහල් ගැටළුව, පොල්
ගැටළුව පමණක් නොව අත්‍යවශ්‍ය ආහාර වල මිළ ඉහළ නැගීමේ දී සිදුවන ප්‍රජා පීඩාකාරිත්වය
අවම කිරීමට සමූපාකාර ව්‍යාපාරය යොදා ගත් හැකි නමුත් යට කී පක්ෂ දේශපාලන යක්ෂයාගෙන්
එය මුදවා ගැනීමකින් තොරව සුභ සිද්දිය ඇති
කර ගත නොහැකි බව පසක් කරගත යුතුය.වෙළෙද පළ බලවේග තුළ සුභ සාධිනය බලාපොරොත්තු විය
නොහැකිය. රජයක් පවතින්නේ ඒ සුභ සාධනය සඳහා නීති රීති සකස් කිරීමයි. දැන් එයට කාලය
වුවද බෝල්හේවික් පක්ෂ වල අත්අඩංගුවට පත් වෙමින් පවතින රාජ්‍ය සේවය මගින් ඒ
පරිවර්තනය බලාපොරොතුත විය හැකිද යන්න ප්‍රශ්ණයකි.
මතුගම සෙනෙවිරුවන්
No comments:
Post a Comment