පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Thursday, March 21, 2019

ජිනීවා පෙන්නා ලංකාවේ ඉඩම් කොල්ල කන ඇමරිකන් සැලැස්ම එළි දකී


                
           ලංකාවේ ත්‍රිවිධ හමුදා නිළධාරීන්ට යුධ අපරාධ චෝදනා එල්ල කළ දරුස්මාන් වාර්තාව එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කාර්යාලයේ විශේෂ නියෝජිත පිරිසක් සකස් කළ වාර්තාවකි. එදා පටන් මානව හිමිකම් සමුලුවට ගිය රජයේ නියෝජිතයන් සියල්ල ඒ චෝදනාවන් වැරදි බවට නොකියූහ.19 සහ 20 වන ජිනීවා යෝජනා වලදී පැහැදිලිව පැවති රජයයන් ඒ යෝජනාවන්ට එකඟ වී තිබේ.ලංකාවට එල්ල කළ යුධ අපරාධ චෝදනාවන්ට විරුද්ධ වනවා වෙනුවට  උගත් පාඩම් කොමිසම් පත් කළහ වගවීම  ප්‍රකාශ කළහ. මානව හිමිකම් තොණ්ඩුව පෙන්වමින් මෙලෙස ලක් රජය බියට පත් කරමින් ඇමරිකාව කරගෙන යන ලද්දේ කුමන්ත්‍රණයකි.  ඔවුන්ට අවශ්‍ය යටි තල පහසුකම් ලක් භූමියේ ස්ථාපිත කරගැනීම එහි අරමුණ විය. පසුගිය මහින්ද රජයද මෙම කුමන්ත්‍රණයට අසුවිණ. ඔවුහු රටේ භූමියේ තිබූ වටිනා ඉඩකඩම් ඇමරිකානු ඩෝල් සමාගමට මෙන්ම වෙනත් බහු ජාතික සමාගම් වලට දුන් බව නොරහසකි.
      2015 දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමටද කුමන්ත්‍රණයක් දියත් විය. එහි අරමුණ නම් ඇමරිකාවට හෝ බ්‍රිතාන්‍යයට පූර්ණ වශයෙන් මහින්ද අභිබවා යෑම කළ නොහැකි වූ බැවිනි. ඇමරිකාවට මෙන්ම ඉන්දීය රජයට අවශ්‍ය යටිතල පහසුක්ම සපයා  දුන්නද සීමාවට එහා ගොසින් ඇමරිකානු ආධිපත්‍ය පිහිටුවීමට මහින්ද ගෙන් ඉඩක් නොවිණ.එසේම ප්‍රභකරන් යුධමය වශයෙන් පරාජයට පත් කිරීමද ඇමරිකාව නෝර්වේ ඇතුළු රටවලට ඉවසුම් නොදෙන්නක් විය. ඉන්දියාවට මෙන්ම වෙනත් රටවලට ලංකාව අරභයා තවත් න්‍යාය පත්‍ර තිබුණද ලංකාවේ සිටින දේශපාලනඥයන්ටද නොයෙකුත් පුද්ගලික න්‍යාය පත්‍ර තිබුණද මහින්ද ගේ පරාජයට හේතුව මෙයයි.මහින්දගේ ප්‍රතිවාදියා ලෙසට මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවීම ලෙහෙසි පහසු කරුණක් නොවුණද චම්පික රණවක මහතාගේ මධ්‍යම පන්තික සිංහල බෞද්ධ අකර්ශණය යොදා ගනිමින් ලක්ෂ පහක පමණ චන්ද පොට්ටනියක් සිරිසේන මහතා ගේ  ඇගේ එල්ලිය හැකි බව මේ කුමන්ත්‍රණ කරුවන් දැන සිටියහ. රනිල් වික්‍රමසිංහ වෙනුවට පොදු අපේක්ෂකත්වය සිරිසේන මහතාට පැවරුණේ එබැවිනි. කෙසේ  වෙතත්  ජනවාර් 08 වනදා පරාජයෙන් පසු මහින්ද මහතා තංගල්ලට පිටත්ව ගිය පසු නව රජය විසින් කළ මුල්ම කාරිය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරලීමයි.ඒ වන විට වැඩි බහුතරයක් තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වෙනත් කිසවකුට අගමැති කම නොදී සුළු ආසන සංඛ්‍යාවක් තිබූ රනිල්ට එම තනතුර හිමි වූයේ සිරිසේන මහතා විසින් දුන් පොරෙන්දුවක් අනුවයි.
             අප දන්නා පරිදි  දින සීයේ ආණ්ඩුවට ඉදිරියට යෑමට හැකි වූවත් ඔවුහු ලත් තැනම ලොප් වූ වූයේ බැඳුම්කර මගඩිය හෙළිදරව් වීමෙනි. ගෙදර ගිය මහින්ද සුළඟක් සේ යළි මතු විය. බැඳුම්කර මගඩිය හෙළි කරලීමට ඩිව් ගුණසේකර මහතා කෝප් කමිටුව වාර්තාවක් සකස් කිරීමත් සමගම සිරිසේන මහතා බියට පත් විය. ඔහු ආණ්ඩුව විසුරුවාලීය. පසු කාලයේ දී රනිල් වික්‍රමසිංහ මහතා බේරා ගැනීමට එසේ කළ බව ඔහු පිළි ගත්තේය.ආණ්ඩුව විසුරුවීමත් සමග එළඹි මැතිවරණයේ දී මහින්ද සුළඟේ නිර්මාතෘ වරුනට අවශ්‍ය වූයේ වෙනමම තරඟ වදින්නටයි.එහෙත් අවසාන මොහොතේ සිරිසේන මහතා දුන් ළණුවක් නිසා මහින්ද එම තීරණය වෙනස් කොට ගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්ම තරඟ බිමට පිවිසීය. මේ නිසා මහින්ද මහතා පරාජයට පත්වූවා පමණක් නොව පාර්ලිමේන්තුවේ සිට ස්වාධීනව කටයුතු කරලිමට තිබූ ඉඩකඩ පවා අසුරා ගත්තේය.සිරිසේන මහතාගේ හයියෙන් මේ අතර වාරයේ රනිල් වික්‍රමසිංහ මහතා විධායක බලය අතට ගෙන ඇමරිකානු න්‍යය පත්‍රය ක්‍රියාත්මක කරලීමට ආරම්භ කරන ලදී. මේ වින විට මානව හිමිකම් සමුලුවේ දී ඇමරිකානු යෝජනාවලියට රජය සම අනුග්‍රහ දී අවසන් ව තිබුණි. ඒ නිසා 301/1 යොජනා සැලැස්ම මත කළ හැකි ප්‍රතිසංස්කරණ වලට යෑම අනිවාර්ය විය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට ආරම්භ කිරීම අතුරුදහන් පණත සම්මත කිරීම  උතරේ හමුදාව සතු ඉඩම් නිදහස් කිරීම ආදී යෝජනා එකින් එක සම්මත කොට ක්‍රියාත්මක කරගන්නා ලද්දේ 19 වන ව්‍යවස්ථා යෝජනාව මගින් විධායක බලයද යම් පමණකින් කප්පාදු කරලමිනි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරලීම ට මහින්ද අත දුන් බව නොරහසකි. ඒ මහින්ද ගේ අත කැරකූ නිසා පමණක් නොව සිරිසේන මහතා දුර්වල කොට අගමැති බලය ලබා ගන්නට ඔහුට තිබූ ආශාව කරණ කොටගෙනය.
         බෙදා පාලනය කරලීම නව රාජ්‍ය තාන්ත්‍රික උපායක් නොවේ. එම උපාය විවිධ කාල වකවානු වලදී විවිධ අන්දමින් ක්‍රියාත්මක වී ඇත. බ්‍රිතාන්‍යයන් දහනව වන සියවස මුල් භාලයේ සිට දෙමළ විල්ලාල්ලාස් ජන කොටස් (අප්‍රිකානු ද්‍රවිඩ මිශ්‍රණයක්) වලට විශේෂ තැනක් ලබා දෙමින් සිංහල ජනතාවට එරෙහිව පෙළ ගැස්වූහ.මේ  කණ්ඩායම්  ඇමරිකන් මිෂානාරි ව්‍යාපරය හරහා ශක්තිමත් වී රටේ ප්‍රභූත්වය ආරෝපණය කරගත් පිරිසකි. ඉංග්‍රීසීන් රටේ පළාත් බෙදන කල්හිද දිස්ත්‍රික්ක බෙදන කල්හිද දෙමළ මුස්ලිම් ජන කොටස් වලට ගැලපෙන පරිදි බෙදා වෙන් කිරීම කළහ. දෙමළ ජාතිවාදය ආරම්භ වන්නේ 1766 දී උඩරට නිලමේ වරුන් සහ ලන්දේසි කොම්පඤ්ඤය අතර ඇති වූ ගිවිසුම මගින් රටේ මුහුද බඩ පළාත් අත්හැරීමේ හේතුවෙනි. නමුත් ඒ බෙදීම පදනම් කොට ඉංග්‍රීසීන් කළ බෙදීම් මගින් නීතිගත වීම ඇරඹුණි . 1833 ප්‍රතිසංස්කරණ මගින් එය තවත් තහවුරු විය. 1815 වසරේ වඩුග පාලනයෙන් මිදීමට ඉංග්‍රීසි අධිරාජයාට ලංකාව භාරදීම මගින් කියැවෙන්නේ මේ රට පවරා දුන් රාජ්‍යයක් බවයි. එහෙත් 1948 දී ඉංග්‍රිසීන් මේ රට නැවත භාරදුන්නේ ඒ පවරා ගත් රාජ්‍යයක් ආපුසු භාරදෙන ආකාරයට නොවේ.. ඔවුහු බ්‍රිතාන්‍ය ආධිපත්‍ය තව දුරටත් තබා ගනිමින් ඔවුන්ට යටත්ව පාලනය කළ හැකි දේශීය පාලක පැලැන්තියක් බිහි කළහ. 1972 දී රට ජනරජයක් වුවද පූර්ණ නිදහසක් අපට හිමි නොවීය. මේ කාලයේ මෙරට ඉඩම් පාලනය කළ වතු සාමගම් වල ලොක්කන් රට හැර ගියද අනතුරුව දිගින් දිගටම උත්සාහ ගෙන තිබෙන්නේ මේ රටේ ඉඩම් නැවත අත්පත් කර ගැනීමටයි.
             1977 සිට ඇරඹෙන ආර්ථික ප්‍රතිසංස්කරණයන් සහ කොටි ත්‍රස්තවාදී යුද්ධය නිසා මේ නව යටත් විජිත ක්‍රියාවලියට හොඳ පසුබිමක් නැවත විවර විය. ණය නැති රටක් වශයෙන් සිටි ලංකාවට ණය ආධාර වේගයෙන් ගලා එන්නට විය. රොනී ද මෙල් මහතා රුපියලේ අගය අඩු කරමින් මේ ණය ලබා ගැනීම සීඝ්‍ර කරන ලදී. නව යටත් විජිත වාදී උපායා මාර්ග මේ රටේ කූඨ ප්‍රාප්ත වීමට පසු බිම සැකසෙන්නේ එලෙසයි.ලෝක බැංකුව ඇතුළු ජගත් මූල්‍ය අරමුදල් වල ණය කොන්දෙසි වරින් වර දැඩි වීමෙන් රටේ සම්පත් විදෙශිකයන්ට පැවරීම මෙන්ම පෞදගලීකරණයද දැඩි වන්නට විය බෙදුම්වාදී න්ට අවශ්‍ය ස්වයං පාලනය යෝජනාවන් රජය විසින් පිළි ගැනීම නිසා උතුරු සහ නැගෙනහිර බෙදා වෙන් කරලීමට පිඹුරු පත් සැකසිණ.රනිල් වික්‍රමසිංහ මහතා නෝර්වේ හරහා කොටි සංවිධානය සමග ගිවිසුම් අතසන් කිරීමද චන්ද්‍රිකා රජය විසින් රට බෙදන පැකේජයක් ඉදිරිපත් කිරීමද මේ අතර වෙයි. නමුත් රටේ ජාතික බලවේග වල ක්‍රියාකාරිතවය නිසා  මේ නව යටත් විජිත උපාය මාර්ග සිතියම වරින් වර හකුලා ගන්නට සිදු විය. ඒ අතර කොටි ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරජය කරලීමට මහින්ද රජපක්ෂ රජය කටයුතු කරලීම නිසා ඒ සැලසුම් අතර මග බිඳි වැටුණි. එහෙත් පශ්චාත් යුධ සමයෙන් පසු අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ අනවශ්‍ය ණය ගැනීම නිසා රට නැවතත් උගුලක හිරවුණු ආකාරය තේරුම්ගත යුතුය. මේ කාලයේ දී 2007 වර්ෂයේ දී නාගරික සංවර්ධන අධිකාරිය යටතේ තිබෙන භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් භෞතික සැලැස්මක් ඉදිරිපත් කරන ලදී. ඒ සැලැස්මේ අන්තර්ගත වන්නේ 2002 වර්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ රීගේනින් ශ්‍රී ලංකා ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යෑමේ පසුබිමයි. ඒ අනුව කොළඹ සිට කළුතර දක්වා මහා නගර කලාපයක් ත්‍රිකුණාමල ප්‍රදේශ මාන්කුලම් යාපනය ඔලුවිල් හම්බන්තෙට ආදී ප්‍ර දේශ වල මහා නගර ආදී බිහි කරලීමට සැලැසුම් සකස් විණ. අසියානු අධි වේග මාර්ග ජාලයට ලංකාව සම්බන්ධ කරලීමට දකුණු ඉන්දියාවේ රාමේශ්වරමේ සිට මන්නාරමට පළමක් ඉඳි කරලීමටද ඒ අධිවේග මාර්ග ජාලය ලංකාව පුරා ක්‍රියාත්මක කරලීමටද එම සැලසුම් වල අන්තර්ගත විය
යහපාලන රජය පත් වීමන් පසු මේ විෂය චම්පික රණවක් මහා විසින් භාරගන්නා ලද අතර මෙතෙක් පරිසර හිතවාදී සංකල්පයකින් කටයුතු කළ ඔහු ඒ වෙනුවට  රනිල් වික්‍රමසිංහ මහතාගේ න්‍යාය පත්‍රයට අනුගත වෙමින් අධි නගර සංක්ල්පය ඇතූළු නව යටක් විජිත උපාය මාර්ග ගෙන යෑමේ ප්‍රධාන නියමුවකු බවට පත් ව තිබේ.2019 වසරේ අයවැය විවාදයේ දී විමල් වීරවංශ මහාත වැදගත් තොරතුරක් අනාවරණය කරන ලදී. එනම් මිලේනියම් චැලේජ් කොප්රේෂන් නම් ඇමරිකානු ඒජන්සි ආයතනයක් අරලියගහ මහන්දිරයේ රැඳී සිටිමින් මෙරට නොයෙකුත් ආයතන හැසිරවීමට උත්සාහ කරන අතර ලංකාවේ විශාල ඉඩම් ප්‍රමාණයක් කොල්ල කෑමට අර අදින බවයි. මේ සැලසුම දැන් නාගරික සංවර්ධන අධිකාරියේ භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් එළිදක්වා තිබේ. එය පසුගියදා එම ඇමතිවරයා විසින් ජනාධිපතිවරයාටද භාර දෙන ලදී.මේ සැලසුමේ හැටියට 2007 යෝජනාවලිය යම් ප්‍රමාණයකට සංශෝධනය වෙයි. අධිනගර සංකල්පය තවත් පුළුල් වෙයි. කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ආර්ථික ජාලයක් නිර්මාණය කරලීමට එහි යෝජනා කර ඇත.එම කෙටුම්පතේ භෞතික  වින්‍යාසය යටතේ එය මෙලෙස සඳහන්ව ඇත.
   ප්‍රධාන ආර්ථික සංවර්ධන කටයුතු නාගරික සාමුහික( Urban Cornubations) හතරකට විසල් නාගරික කලාප දෙකකට හා ප්‍රධාන නාගරිකයන් නවයකට සංකේන්ද්‍රවීම අපේක්ෂා කෙරේ.කොළඹ ත්‍රිකුණාමලය හා හම්බන්තොට යන ප්‍රධාන ජාත්‍යන්තර වරායයන් හා ඔලුවිල් යාපනය යන කුඩා වරායන් මගින් වාසි ලබා ගනිමින් දේශීය පාරිභෝගික භාණ්ඩ වලට හා ආනයන අපනයන මත පදනම් වූ ලෝක ව්‍යාප්ත සැපයුම් ජාලයන්ට අගය එකතුකිරීම් ප්‍රධාන වශයෙන් සිදු කරමින් ජාතික ආර්ථිකයට විශාලම දායකත්වය ආර්ථික ජාල( Economic Corridors) මගින් ලබා දෙනු ලැබේ.මෙම සැලසුම පැහැදිලිවම විමල් වීරවංශ මහතා විසින් හෙළිදරව් කළ සැලසුමම වීම විශේෂයකි.
  නව ආර්ථික සැලැස්ම මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් නම් ඒජන්සි ආයතන විසින් සකස් කළ දෙයක් බවට තිබෙන සත්‍යය නම් ඔවුන්ගේ වෙබ් අඩවි වල මේ බැව සඳහන් වීමෙනි. මේ අනුව කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ආර්ථික ජාලයට අක්කර මිලියන 1.2 ක් අත් කර ගනී.මේ ඉඩම් පැවරීම පිණිස දැනටමත් රජයේ ඉඩම් බැංකු පණත සහ ඉඩම් විශේෂ විධිවිධාන පණත නමින් ඉඩම් පණත් දෙකක් සූදානම් කර තිබේ. මේ ඉඩම් පැවරීම සිදු කරනුයේ වසර දෙසීයකට මිලියන 400 ක මුදලක් ලබා ගනිමිනි. එවිට අක්කරය රුපියල් විසිහතරකට තක්සේරු වෙයි.මේ ආර්ථික ජාලය හරහා විදුලි දුම්රියක්ද ස්ථාපිතවන අතර මේ නිසා  එහි මෙහා යෑමට නොහැකි වෙයි. යා හැක්කේ ඔවුන් විවෘත කරන උමං හෝ වෙනත් ප්‍රවේශ මාර්ග වලින් පමණකි.ගම්පහ කුරුණෑගල නුවර මාතලේ පොළොන්නරුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක වල අධි සංවේදී පරිසර කලාප පවා මෙයට අයත් වෙයි.2002 රනිල් වික්‍රමසිංහ මහතා ටෝකියෝ ණය අරමුදලෙන් ගත් කෝටි 45000 අනුවද මෙවැනි බදු දීමකට සහ ඉඩම් පණත් ගෙන ඒමට අර ඇන්දද ඔහුගේ රජය පෙරලීම නිසා ඒවා අහෝසි විය. දැන් මෙය තව වටයකින් ඉදිරියට එන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා යහපාලන රජය ශක්තිමත්ව තිබෙන බැවිනි. ඔක්තෝබර් මස 26 වන දින පෙරලුන යහපාලන රජය තවමත් පණ ගසා සිටින්නේ ඇමරිකානු තානාපතිවරුන් ගේ උදව්වවෙන් බව මෙහිදී සිහිපත් කළ යුතුය. ඔවුහු රටේ පාලනයට සාජුව ඇඟිලි ගැසූහ. දැන් නව වටයකින් 40 වන ජිනීවා යෝජනාවට  සමඅනුග්‍රහකත්වය ලබා දෙන්නේ මේ ඉඩම් මංකොල්ලයට සියල්ලම හවුල් බැවිනි. එම යෝජනාව ඉවත් කරලීමට බොරු ඝෝෂා කළද ජනපති වරයා මොන රංගනයේ යෙදුණද රටේ රජයේ අත කරකාවා ඇමරිකානු වුවමනාවන් ඉෂ්ඨ කර ගැනීමට ඉදිරියට යමින් පවතින බව කිව යුතුය. මේ සැලැස්ම පරාජය කිරීම අත්‍යවශ්‍ය වේ.ඒ සඳහා යහපාලන රජය පාරාජය කිරීමෙන් නොනැවතී රටේ ස්වාධිනත්වය අරභයා නව කතිකාවතක් නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාවයද තිබෙන බව පෙන්වා දිය යුතුය.


1 comment:

  1. නැවත කියැවිය යුතු විස්තරයක්!

    ReplyDelete