පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, July 13, 2016

සංහිඳියා හොරු ගොතන පට්ටපල් බොරු ජිනීවාවලට මරු

                         

               රටේ දේශපාලනය බොහෝ සෙයින් ව්‍යාකූලය. පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් වැන්න. ජනතාවට හොරෙන් ජනතා ද්‍රෝහී බොහෝ දේ සම්මත කර ගැනීමට කැස කවමින් ඇත. නව ව්‍යවස්ථාව පිළිබඳව අවසාන විග්‍රහය අගමැතිවරයා සහ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය  සතුය. අනාගමික රාජ්‍යයක් කෙසේ වෙතත් කෑලි කීපයකට කඩා දමන රටක් සඳහා හොර ලියවිලි තැන තැන සාදමින් ඇත. ඒ අතර  යුද්ධයට සාභාගි වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හට දඬුවම් දීම පිණිස ස්ථාපිත කරන දෙමුහුම් අධිකරණයට පිඹුරුපත් සැකසෙමින් පවතී. එලෙස නොකරන බවට රටේ නායකයා විසින් පැවසුවද එය කරන ආකාරය දැන ගැනීමට නම් උතුරු පලාතේ සිදු වන්නේ කුමක්දැයි සොයා බැලිය යුතුය.
          අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව සංහිඳියා ලේකම් කාර්යාලයක් පිහිටුවනු ලබන්නේ 2015 දෙසැම්බර් 18 දිනදීය.පාකියසෝති සරවනමුත්තු මහතා එහි ලේකම් වරයා වෙයි. මනෝරි මුත්තෙට්ටුවේගම මහත්මිය එහි සභාපතිනියයි. ගාමිණි වියන්ගොඩ විසාකා ධර්මදාස ශාන්තා අභිමානසිංහම් මහාචාර්ය චිත්‍රලේඛා මානගුරු කේ.ඩබ්.ජනරංජන දයා සෝමසුන්දරම් අචාර්ය ෆර්සානා හනීෆා මහාචාර්ය ශමිලා සරමරසිංහ සහ මීරාක් රහීම් එහි සෙසු සාමාජිකයන් වශයෙන් සිටිති. එහි කාර්ය භාරය වන්නේ සත්‍ය හා හුක්තිය ස්තාපනය කිරීම මානව හිමිකම් උල්ලංඝණය වගවීම් සහතික කිරීම යනාදියයි.එහි යට අරුත නම් දෙමල ජනතාව යුද්ධයේදී මුහුණ දුන් අත්දැකීම් පිළිබඳ සත්‍ය සෙවීමයි.විශේෂයෙන්ම යුද්ධය ආශ්‍රිතව මානව හිමිකම් උල්ලංඝණය පිළිබඳ සත්‍යය සෙවීම විශේෂ වෙයි. මීට ප්‍රථම පරණගම කොමිසම මගින්ද එවැනි වාර්තාවක් සකස් කලද එය පිළිගන්නට දෙමල නාකයන් කැමති වූයේ නැත. මෙම ලේකම් කාර්යාලය මේ වන විට කොළඹ රැස්වීම් වාර කීපයක් පවත්වා ඇත. ඉන් පළමුවැන්න වන්නේ ආරක්ෂක ලේකම් වරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අංශ දැනුවත් කිරීම උදෙසා පැවැත්වූ සම්මන්ත්‍රණයයි. හමුදා නිළධාරීන්ගෙන්ද සාක්ෂි විමසීමට නියමිත බව මෙහි සඳහන්ව තිබීම මීට හේතුවයි. මීට අමරතව ගිහි ආගමික නායකයන් දැනුවත් කිරිමටද 2016 ජූලි නව වනදා රැස්වීමක් පවත්වා තිබේ. ජමාත් ඉස්ලාම් ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ඉවැන්ජලික සභාව ජාතික ෂූරා සභාව සමස්ත ලංකා මුස්ලිම් තරුණ සංගමය සමස්ත ලංකා හින්දු සම්මේලනය  තරුණ බෞද්ධ සංගමය ජමාත්අත්සලාමාහ් සහ ක්‍රිස්තියානි ආයතනය පමණක් මෙයට සාභාගි කරවාගෙන ඇත.
        සංහිඳියා ලේකම් කාර්යාලය සිය ප්‍රවිචාරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීම උදෙසා ප්‍රශ්ණ මාලාවක් ජනතාව වෙත ඉදිරිපත් කර තිබේ. එහි අන්තර්ජාල පෝර්මයක්ද තිබෙන අතර එහි 7ඒ වගන්තිය මගින් කියැවෙන්නේ සත්‍ය සෙවීමේ කෙමිසම සම්බන්ධ කටයුතු කුමන කාලසීමාවක් තුළ අවසාන කළ යුතුද යන්නයි. එසේම එහිම 7 බී වගන්තිය තුලින් අසන ප්‍රෂ්ණය නම් මෙම කමිටුවේ සේවය කළ යුත්තේ කවුරුන්ද යන්නයි.  7 සී මගින් අසන ප්‍රශ්ණය නම් ලැබෙන තොරතුර අනුව කුමක් සිදු කල යුතුද යන්නයි. 8 ඒ ප්‍රශ්ණය ඉතා වැදගත්ය. අධිකරණ යාන්ත්‍රණය ගැන එහිදී විමසයි. කුමන ආකාරයේ උල්ලංඝණය කිරීම් සම්බන්ධව කටයුතු කළ යුතු දැයි එහිදී විමසයි.එසේම එම අධිකරණයට සේවය කල යුත්තේ කවුරුද යන්න ඊළඟ ප්‍රශ්ණයයි. එසේම විශේෂ අධිකරණ යාන්ත්‍රණයක් අවශ්‍ය වන්නේද යන්න එහිදී විමසා තිබේ. 9 ඒ සිට 9 ඩී දක්වා අසන ප්‍රශ්ණ නම්  අතුරුදහන් වූවන් වෙනුවෙන් කාර්යාලයක් පිහිටුවිය යුතුද මෙම ගැටළු සඳහා කුමන ක්‍රියාමාර්ගයක් ගත යුතුද එහි සේවය කළ යුත්තේ කවුරුන්ද ලැබෙන තොරතුරු අනුව කුමක් සිදු කළ යුතුද යන්නයි.11 වන වගන්තිය මගින් ප්‍රකාශ වන්නේ යුද්ධයේ මූලාරම්භයට මූලික වූ හේතු ආමන්ත්‍රණය කිරීමටත් ගැටුම් නැවත ඇති වීම වැලැක්වීමටත් රජය විසින් ගන්නා ක්‍රියාමාර්ග කෙලෙසක වියයුතුද යන්නයි.එසේම විවිධකාරයෙන් ප්‍රචන්ඩත්වය වැනි සිදුවීම්  රජය විසින් පිළිගැනීම සිහි කිරීම සහ සැමරීම සිදු කළ යුත්තේ කෙසේද මෙය සිදු කල යුත්තේ ජාතික වශයෙන්ද ජාත්‍යන්තර වශයෙන්ද යන්න විමසීමයි.
       මෙ ප්‍රවිචාරණ ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇත. එම ප්‍රශ්ණ කිරීම ලංකාව පුරාම සිදු කරනබව ලේකම් කාර්යාලය දැනුම් දී තිබේ.මුළු දිවයිනටම අදාලව යම් යම් තැන්වල මෙම ප්‍රශ්ණ කිරීම් සිදු වුවද  දැනට යාපනය කිලිනොච්චි මන්නාරම ත්‍රිකුණාමලය වවුනියාව  මඩකලපුව වැනි උතුරු සහ නැගෙනහිර පළාත් වල තොරතුරු ගැනීමට වඩා උනන්දුවක් දක්වන බව පෙනේ. එයට හේතුව සංහිඳියා ලේකම් කාර්යාලය සිය ශ්‍රම බලය  උපරිම වශයෙන් යොදවන්නේ එම දිස්ත්‍රික්යන්ට පමණක් වීමයි.මෙහිදී ග්‍රාම නිළධාරි මට්ටමෙන් මෙම කරුණ සැලකා බැලේ.නමුත් මේ වන තෙක් අවතැන් වූ සිංහල ජනතාව ඔවුන්ගේ දේපළ හානිවීම් අතුරුදහන් වීම මෙන්ම පළවා හැරීම ගැන කිසිවෙක් ප්‍රශ්ණ කර නොමැත.එසේම ආරක්ෂක අංශ මූලිකව දැනුවත්කර ඇති නමුත් පහළ මට්ටමේ නිළධාරීන් මේ සබන්ධයෙන් යෙදවීම උත්තර ලබා ගැනීම හිතාමතාම පැහැර ඇති බව පෙනේ.
             ඉහත සඳහන් ප්‍රශ්ණ මාලාව අනුව උත්තර ලබා ගැනීමද මෙම ප්‍රවිචාරණ ක්‍රියාවලියේ අරමුණ වී ඇත. උදාහරණයක් වශයෙන් අධිකරණ යාන්ත්‍රණය ගැන අසන ප්‍රශ්ණයේදී මෙහි සේවය කල යුත්තේ කවුරුන්ද යනුවෙන් අසන විට එයට විශේෂ විනිසුරුවරුන් සභාගි කරගත යුතු යයි උත්තර ලබා දීමට ජනතාව පොළඹවනු ලබති. ඒ සඳහා මෙම ප්‍රශ්නාවලිය ජනතාව අතරට ගෙන යන නිළධාරීන්ට උපදෙස් සපයා ඇත.එසේම යුද්ධයේදී සිදුවූ අපරාධ සම්බන්ධයෙන් කුමක් කළ යුතු දැයි අසන විට. (සත්‍ය දැන ගැනීමද අපරාධ පිළිබඳ වගවීමද දඬුවම් දීමද හානිපූරණයද ) උත්තර ලබා දිය යුතු වන්නේ දඬුවම් දීම සහ හානි පූරණය යනුවෙනි. සංහිඳියා ලේකම් කාර්යාලයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන ඇරුණු කොට මෙම ප්‍රවිචාරණ ක්‍රියාවලිය සඳහා දෙමළ ගෝලීය සංසදය විසින් මෙහෙයවන රාජ්‍ය නොවන සංවිධානද ඇමරිකානු ආධාර යටතේ ක්‍රියාත්මක ක්‍රිස්තියානි කණ්ඩායම්ද දෙමල ජාතික සංවිධානයද සාභාගි වී තිබේ. කතෝලික පූජක වරයෙකු වන එලීල් නැමැත්තා මෙහි ප්‍රධානයෙකි. ඔහු ඇතුලත් සංවිධානයට දිනකට ඩොලර් දෙසීයක මුදලක්ද දුරකතන සහ පරිඝණක ඇතුලත් පහසුකම් ලබා දී ඇත. ඔවුහු මෙම ප්‍රශ්ණ මාලාව රැගෛන ගමට යන අතර තමන්ට අවශ්‍ය උත්තර දෙමළ ජනතාවගෙන් ලබාගෙන සටහන් කර ගනී.මෙම ගැටළු සම්බන්ධයෙන් අභ්‍යන්තරයේ පැවති සම්මන්ත්‍රණ කීපයකදී ප්‍රශ්ණ කර ඇති නමුත් මනෝරි මුත්තෙට්ටුවගම මහත්මිය ඊට සාධාරණ පිළිතුරක් ලබා දී නොමැති බව සැලවෙයි. එක් අවස්ථාවක මානව හිමිකම් උල්ලංඝණය වීම පිළිබඳව දේශනයක් කරගෙන ගිය ඇය සූරියකන්දේ මිනීවලේ සිද්දිය නිදර්ශනයක් වශයෙන් පෙන්වා දී ඇත.  දෙමල ජනතාව සමූල ඝාතන ක්‍රියාවලියට මෙය නිදර්ශනයක් බව මෙම කතාව දෙමලබසට පරිවර්තනය කල පුද්ගලයා මෙහිදී පවසා තිබේ. තවත් වතාවකදී සිංහල අයගේ අතුරුදහන් වීම් ඝාතනය ගැන ප්‍රශ්ණ කිරීමේදී ඇය දුන් පිළිතුර වූයේ මානව හිමිකම් කඩකල හමුදාවට දඬුවම් දීම අනිවාර්ය බවත් එලෙසම දැනට ප්‍රභාකරන් ජීවතුන් අතර නොමැති බැවින් ජීවත්ව සිටින කරුණා සහ පිල්ලෙයන් වැනි පෙර කොටි සාමාජකයන්ට ඒ සඳහා දඬුවම් දියයුතු බවය.
          වර්තමාන රජයේ බෙදුම්වාදී නාටකයේ තවත් ජවනීකා කීපයක් පමණි මෙය. පාර්ලිමේන්තුවට පණත් කීපයක් එකවර ගෙනවුත් ජනතාව මංමුලා කිරීම මගින් මේ ප්‍රශ්ණය යටපත් කිරීමට රජයට උපදෙස් ලැබී ඇත. එසේම එක් පැත්තකින් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන කතා කිරීමද අනෙක් පැත්තෙන් සත්‍ය සෙවීම සහ අධිකරණ යාන්ත්‍රණය ගැන කතා කිරීමටද තවත් පැත්තකින් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් මේ ක්‍රියාවලියෙන් ඉවත් කිරීම පිණිස සිරගත කිරීමද අඛණ්ඩව සිදු වේ.ජනධිපතිවරයා සිය පෞද්ගලික මතයන් විහාරස්ථාන වලදී එළිදක්වන අතර දිවයින පුවත්පත විවේචනය කොට කියා ඇත්තේ මෙවැනි අසත්‍ය දේ ප්‍රකාශ කරමින් ජනතාව මංමුලා නොකරන ලෙසටයි. ප්‍රශ්ණය ඇත්තේ මෙවැනි අවස්ථාවකදී දැනුවත්ව සිටින කිසිම බෞද්ධ ආගමික නායකයෙකු නොසීටීමයි. කෙසේ වෙතත් ඉදිරි ජනමත විචාරණයකට සූදනම් වීම රජයේ අදහසබව පෙනේ. විදෙස් ගත දෙමල ප්‍රජාවට චන්දය භාවිත කිරිමට සැලැස්වීම උතුරු නැගෙනහිර දෙමල ජනතාවගෙන් එකතු කරන සාක්ෂි ජිනීවා වෙත යැවීම මගින් මේ ජනමත විචරණයේ දී ජයග්‍රහණය කිරීම රජයේ බලාපොරොත්තුව වී තිබේ. ලබන සැත්තැම්බරයේදී සත්‍ය සෙවීමේ කොමිසම ස්ථාපිත කරන බව විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ. ඒ වන විට ප්‍රවිචාරණ ක්‍රියාවලිය අවසන් ව වාර්තාව රජයට භාර දීමට  නියමිතය. ඒ අනුව වැඩි පිරිසක් විදෙස් විනිසුරුවන් ගෙන් සමන්විත අධිකරණයක් සහ සත්‍ය සෙවීමේ කොමිසමක් ඇති කිරීමට එකඟ බව ප්‍රකාශ කරනවා ඇත. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියේද සිදු වූයේ මෙයයි.මීට අමතරව යුද්ධයට අමතරව  රටතුල සිදුවූ ගැටුම් පිලිබඳව සහ මානව හිමිකම් උල්ලංඝණය වීම් ගැනද විමසීමට ජනතාවගෙන් උත්තර ලබා ගනිමින් තිබේ. ඉහත සඳහන් කල මුස්ලිම් සහ දෙමල ක්‍රිස්තියානි සංවිධාන වෙත භාර දී ඇත්තේ එයයි. ඒ අනුව රට පුරා ඉඳිකළ අනවසර යාඥා මඩු ඉවත් කරගැනීමට ජාතික බලවේග විසින් ගත් ක්‍රියාමාර්ග මෙන්ම අළුත්ගම දර්ගා නගරයේ සිදු වූ ගැටුමට අදාල සිංහල සංවිධානයන්ට විරුද්ධවද සාක්ෂි සටහන් කරනවා ඇත.මෙම සියළු කටයුතු අවසානයේ චූදිතයන්හට දඩුවම් දීම පිණිස පවතින රජය මෙහෙයවීමට මානව හිමිකම් ජාත්‍යන්තරය උත්සාහ දරනවා ඇත.මෙහිදී ඒකාබද්ධ විපක්ෂය ඇතුළු රජයට එරෙහි බලවේග කුමක් කරන්නේද යන්න ජනතාවට ප්‍රශ්ණයකි. ඔවුහු උතුර සහ නැගෙනහිර සිදුවන දේ ගැන උනන්දුවක් නොදක්වති. දෙමල සහ මුස්ලිම් ජනතාවගේ චන්දය ඉදිරියේදී අත්‍යවශ්‍ය බැවින් මේ ක්‍රියාවලිය ගැන දැනුම්වත්ව සිටියද මත ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිති. එම නිසා මේ බෙදුම්වාදී ක්‍රියාවලිය ආපසු හැරවීම පිණිස සියළු වගකීම් අසරණ සිංහල ජනතාව වෙතට පැවරී තිබේ. ඉතිහාසයේ සිංහලයන් සිය ස්වාධීනත්වය අහිමි කරගත්තේ රැවටීමෙන් පමණකි. රැවටීමෙන් පසු නැගී සිටීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් රටත් ජාතියත් සම්බුද්ධ ශසනයත් ආරක්ෂා කරගත් බව අප නැවත නැවත සිහිපත් කර ගත යුතු වෙයි.



4 comments:

  1. සංහිඳියාව, වින්දිතයන් ඇත්නම් වන්දි ගෙවීම, සත්‍ය සෙවීමේ කොමිසම් පත්කිරීමෙන් එකම රටක් වත් කැඩී නැත. කොසොවෝ, දකුණු සුඩානය, ආදී රටවල් ඇති වූයේ ඒවා නොකිරීම මත ඇතිවුණ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සහ බටහිර ජාතීන් ගේ අත පෙවීම් වලිනි. භූ දේශපාලනය ගැන කිසිම දැනීමක් නැති එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරකම් ඡන්ද දිනීමට පාවිච්චි කල හොර රජුන් සිටියානම් කළින් රටවල් බෙදුන ආකාරයටම බෙදීමට ඉඩකඩ බොහෝ තිබිණි.

    ReplyDelete
    Replies
    1. මෙතන වින්දිතයන් කවුද කියන එක ප්‍රශ්නයක්. වින්දිතයන් හැම විට උතුරේ දෙමළ ජනයා පමණක් හැටියට ගෙන කොටින් විසින් සිංහල ජනයාට කළ සියළු විනාශයන් යටපත් කරනවා. ඒ විතරක් නෙවෙයි දෙමළ ජාතිවාදයයි ඔවුන්ගේ සටනයි සාධාරණීකරනය කරමින් ඔවුන්ට දේශපාලන විසඳුම් ඕනෙ කියනවා. ඒත් මේ ප්‍රශ්නෙදි කොටි ත්‍රස්තවාදය තීරනාත්මකව පරාජය කිරීම අනිවාර්ය දෙයක් වෙලා තිබුණේ. ඒක කරපු විදිහ හොඳ වැඩියි. දෙමළ සිවිල් වැසියන්ගෙන් උතුරේ හිටපු බහුතරයක් බෙදුම්වාදී මතයට පක්ෂව ඉන්න විටත් ඔවුන් බේරමින් කොටි ත්‍රස්තයන් පැරදවීම පහසු දෙයක් නෙවෙයි. ඔය කියන ජාත්‍යන්තර නීතිය ඇමරිකන් කාරය පිස්සු බල්ලෙක් වගේ බින් ලාඩන් හොය හොය ඇෆ්ගනිස්ථානෙට බෝම්බ දානකොට කොහෙද තිබුණේ කියල අහපන්. මැදපෙරදිග සටන් වලද බටහිර රටවල් මැදපෙරදිග සිවිල් වැසියන් ගැන මොකද කිවුවේ? උඹල නිකම් මෙතනදි බබ්බු වෙන්න එපා. උඹලත් කියන්නේ එක්කො හමුදාවට දන්නුඩ්වම් කරල දෙමළ ජාතිවාදියාට ෆෙඩරල් දීල රට බේඅරන්න පුළුවන් කියන ගොන් තකතීරු කතාව. ඔය දෙකම නොකර රට බේරගෙන ඉන්න තිබුණ අවස්ථාව බෙදුම්වාදීන්ගෙයි උන්ගේ නියෝජිතයන්ගෙයි උවමනාවට නැති කරන්න බොරු යහපාලනේ ගේනකොට උඹල ඒකට පක්ෂ උනේ දෙමළ ජාතිවාදී බෙදුම්වාදියාට ෆෙඩරල් දොලපිදේනි දීල රටේ ඒකීයභාවය ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරමින් රටේ සියළු ජනයාට උතුරු නැගෙනහිර පලාත්වල අයිතියත් තහවරු කරපු සටන මෙහෙයවපු නායකයන්ට දන්නුවම් කරලද රට බෙදන එක වලක්වන්නේ? උඹලගේ ඔය ත්‍රක දාපන් උඹල වගේම මොංගලයන්ට. නිකම් බටහිරටයි කොටි හිතවත් බලවේග වලටයි බය ගන්නල දැන් ඉතින් දීල තමයි ප්‍රශ්නෙ විසඳන්න වෙන්නේ කියන මන්තරේ මතුරන්න ආවට උඹලට මිනිස්සු මුලා කරන්න බෑ. කොටි ත්‍රස්තවාද පරද්දපු එක අකුරටම හරියට උනා. ඒක කරපු විදිහත් හොඳ වැඩියි. කොටිත් පරද්දලා, ඊලාම් බෙදුම්වාදී දෙමළ ජාතිවාදය ෆෙඩරල් මන්තරෙත් එක්කම කුනු කූඩෙට දාලා ජාත්‍යන්තරයේ අපට හිතවත් රටවල් එක්ක හරියට ගනුදෙනු කරගෙන ඉන්න පුළුවන්කම අදටත් තියෙනවා. ඒක කරන්න පිටකොන්ද තියෙන නායකයෙක් හිටියනම් හොඳටම ඇති. උඹල වගේ එවුන්ගෙ බයිල වලින් රට මුලා වෙන්නේ නෑ.

      Delete
    2. //පිටකොන්ද තියෙන නායකයෙක් හිටියනම් හොඳටම ඇති. උඹල වගේ එවුන්ගෙ බයිල වලින් රට මුලා වෙන්නේ නෑ.//
      උතුරු සුඩානයේ ජනාධිපති ඔමාර් අල් බෂීර් ඔය කියන මොඩල් එකේ එකෙක් තමයි. ජාත්‍යන්තර යුද්ධ අධිකරණයෙන් අතඩංගුවට ගන්න මොන තරම් වරෙන්තු තිබුණත් මිනිහව අත් අඩංගුවට ගන්නෙ නැහැ. ඒ අතින් වීරයෙක්.

      ඒ වුණාට...... ඒ වුණාට.....අන්තර් ජාතික මැදිහත් වීම් වලින් රට කැඩිල දකුණු සුඩානය ඇතිවෙලා ඉවරයි. ලෝකෙට බන කියල වීරයො වෙනවද කපටි කමෙන් රට කැඩෙන එක වලක්ව ගන්නවද කියන එක වෙන් කරල හඳුන ගන්න බැරි ගොන් රජාලයි උන්ගෙ ගොන් හැත්තයි දෙකම එකයි.

      Delete
  2. //ප්‍රශ්ණය ඇත්තේ මෙවැනි අවස්ථාවකදී දැනුවත්ව සිටින කිසිම බෞද්ධ ආගමික නායකයෙකු නොසීටීමයි. //ඇයි මේක බෞද්ධාගමිකයන්ට විතරක් අයිති රටක්ද?

    ReplyDelete