1960 -1965 අතර කාලය තුළ නුවර එළිය
ආසනය නියෝජනය කළ ටී.විලියම් ප්‍රනාන්දු
මහතා වෘත්තියෙන් තේකම්හල් වල වැඩ කල මිකැනික් බාස්වරයෙකි. ජනතා ඉල්ලීමට කන්දී ඔහු
ශ්‍රී ලංකා නිදහස් පකෂයෙන් නුවර එළි ආසනයට තරඟ කොට ජයග්‍රහණය කරන ලද්දේ චන්ද 2737
ක් ලබා ගනිමිනි.යටත් විජිත සමයෙන් පසුව උඩරට වතුකරයේ ඇති වූ සිංහල ජනපද ඔහුගේ
නිර්මාණයන් වෙයි. නමුත් 1965 මැතිවරණයෙන් මෙන්ම 1970 වසරේ
පැවැත්වූ මැතිවරණයෙන්ද ඔහු පරාජයට පත් විය .ඒ ඔහුට මහජනතාව විසින් කෘතගුණ
සැලකූ ආකාරයයි. වසරින් වසර දිස්ත්‍රික්කයේ ජනගහනය වර්ධනය වීමේ දී
විලියම් ප්‍රනාන්දු මහතා විසින් 1956 සිට බිහිකළ සිංහල ජනපද වල තිබූ චන්දපදනම
ඉහළ යායුතුව තිබුණි. නමුත් එය එය එසේ වූයේ සෙමෙනි.1965 දී විලියම් ප්‍රනාන්දු
මහතා චන්ද 5509 ක් ලබා ගත් අතර 1970 දී
චන්ද 8810 ක් බවට පරිවර්තනය විය. කෙසේ
වෙතත් එක්සත් ජාතික පක්ෂයේ චන්ද පදනම වර්ධනය වූයේ
වඩාත්ම සෙමිනි.එහෙත් ඔවුන් දෙමල නායකයන් සමග ඇති කරගත් ගිවිසුම් ප්‍රකාරව
ජයග්‍රහණයන් අත්පත් කර ගන්නා ලදී. 1970 න්
පසු නුවර එළිය මස්‍කෙළිය නමින් බහුආසනයක් නිර්මාණය වන්‍නේ සිංහල චන්ද පදනම ශක්තිමත් වීමට ඉඩ නොතබමිනි. එයින් සිදු වූයේ මනාප චන්ද ක්‍රමය
යටතේ වතු දෙමළ නියෝජනය වැඩි වීමයි.මේ
තත්ත්වය මෙසේ වුවද විලියම් ප්‍රනාන්දු මහතා
වෙනත් ලෙසකින් එනම් නුවර එළිය නගරාධිපති වරයා බවට 1970 වසරේදී පත්
වූයේ ආසන දහයෙන් නවයක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා ගනිමිනි. නගරාධිපතිවරයා වූ
පසු බලය බලය සඳහාම නොව මහජන
සේවා අරමුණු උදෙසා බව නැවතත් පසක්කරලීමට ඔහුට හැකි විය.
විලියම් ප්‍රනාන්දු මහතා ගොඩ නැගූ පළමු සිංහල ජනපදය කිකිළියාමාන කඳුකරයේ
ශාන්තිපුරය විය. පාර්ලිමේන්තුවේ දී විලියම් ප්‍රනාන්දු මහතාට නිරන්තරව
සිහිවූයේ උඩරට වතු කරයේ දුක් විදින සිංහල
ජනතාවයි.1964 හැන්සාඩ් වාර්තාවේ සදහන් පරිදි එය මෙසේය.ලාංකික ජනතාව අතර විශාල
මුදල් අඩු නිසා වතුකරයේ ඉන්දියානු කන්ගානිලාත් අසරණ කම්කරුවන් සූරා කමින් වතුකරයේ
ජීවත්වන ඉන්දියානු ව්‍යාපාරිකයනුත් ඒ වතු මිලදී ගන්නට පිළිවනි. එම වතු එයින් බේරා
ගැනමටත් යම් කිසි සැලැස්මක් වහාම පිළයෙල කරන්නට ඕනෑ. ඒ සඳහා අප දැන් පිළියම්
නොකළෙහොත් අපේ රටේ වටිනා දේපොළ විදේශිකයන් සතු වන්නට ඉඩ තිබෙනවා. එම නිසා එදත්අදත්
කවදත් මේ විදේශිකයන් සතු දේපොළ රජය සතු කළ යුතුය. යන හඬ මා කීප විටක්ම ඇති කර
තිබෙනවා. ගරු කතානායක තුමනි. අද ලංකා කර්මාන්ත සියල්ලක්මපාහේ අත්පත්කර ගෙන
තිබෙන්නේ සම්මාන පුර වැසි කම් ලැබූ ලංකාව සූරා කෑ ධනේශවර විජාතිකයන්. සමහර
කර්මාන්ත සම්බන්ධයෙන් දැනට ඒකාධිකාරයක් පවත්වාගෙන යනවා. එක පුද්ගලයෙකුට නැත්නම් එක
සමාගමකට පමණක් මේ රටේ සුළු කර්මාන්ත කීපයක් කරගෙන යෑමට පුළුවන්කම ලැබී තිබෙනවා.
ඔවුන් පමණක් ඒ සඳහා ලියාපදිංචිව සිටිනවා.
බ්‍රිතාන්‍ය
පාලකයන් විසින් රටට කරන ලද මහා වරදක් හරිගැස්සීමට තබන ලද පළමු පියවර ශානතිපුර
ජනපදය බිහිකිරීම විය. පසුව මහගස්තොට ගැමුණු පුර ධර්මපාල පුර සේන පුර සිරිසඟබෝපුර
ආදී ගම්මාන බිහිකරන ලදී. මෙම ශාන්ති පුරයට සහ පසුව විවෘත කරන ලද කලාපුරයට පැමිණි
ගමනේදී අග්‍රාමාත්‍ය සිරිමා බණ්ඩාරනායක මහත්මිය තබා තිබෙන්නේ මෙවැනි සටහනකි. කන්ද
උඩරට ප්‍රදේශයේ සිංහල ජනතාවගේ අනාගතය අන්ධකාරවීමට තරම් හේතු වූයේ එම ප්‍රදේශයේ
ඉඩකඩම් වැඩි හරියක් විදේශිකයන් අත්පත් කොට සිටි බැවිනි. එහෙත් එම භයානක උවදුරෙන්
උඩරට ප්‍රදේශය ගලවා ගැනීමට නුවරඑළිය මහජන මන්ත්‍රී ටී.විලියම් ප්‍රනාන්දු මහතා
විසින් ආරම්භ කරන්නට යෙදුනු සිංහල ගොවි ජනපද ව්‍යාපාරය සමත්වන බව අද ශාන්තිපුර උත්සවයට
සාභාගි වූ මගේ එකම හැඟීමයි. මේ වෙනුවෙන් සෑම සිංහල දේශප්‍රේමියෙකුගේම සහය නොඅඩුව
ලැබෙනු ඇතැයි මාගේ එකම බලාපොරොත්තුවයි.
නාගරාධිපති ධූරයට පත් වූ පසු විලියම් ප්‍රනාන්දු මහතා කළ පළමු කාර්යය නම්
ශාන්ති පුරයට අවශ්‍ය පාසලක් සේම විහාරස්ථානයක්ද ඉදි කිරීම ආරම්භ කිරීමයි. මුල්
යුගයේදී ශාන්ති පුරය දිනා ගැනීමට සටන් කල අවදියේ භාවානායෝගීව සිටි කිකිළියාමාන කඳු
වැටියේ පාමුල ගල් පර්වතයක් මස්තකයේ දාගැබක්ද ඊට පහළින් විහාරස්ථානයද ඉඳි කරන ලද
අතර එය 1973 වසරේ ජනවාරි 18 වන දින සංස්කෘතික අධ්‍යක්ෂ එස්.එස්. කුලතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්
විවෘතකර පූජ්‍යපාද නියන්ගන්දර සරණතිස්ස නායක ස්වාමීන් වහන්සේ වෙත පූජාකරන ලදී.එහි
දහම් පාසලද 1974 සැප්තැම්බර් 30 දින තෙල්දෙණියේ රාජ්‍ය සභා නියෝජිතව සිටි රාජා
කුලතිලක මහතා අතින් විවෘත කර ඇත. පන්සලට නුදුරින් පාසල ඉඳි කරන ලදී.එය1971 වසරේ මාර්තු මස තුන්වන දින විභාග කොමසාරිස් බෝගොඩ ප්‍රේමරත්න
මහතා අතින් විවෘත කොට ඇත. විලියම් ප්‍රනාන්දු මහාතා සිංහල ජනපද බිහි කිරීමෙන් සිය සේවාවන්
අවසන් නොකරන ලදී. එයට හේතුව ජනපද වාසීන්ට අවශ්‍ය නිත්‍ය රැකියා සහ ගොවිතැනට අවශ්‍ය
පරිසරය බිහි කළ යුතුව තිබූ බැවිනි.එක් පුද්ගලයෙකුට අක්කර කාල බැගින් වෙන් කරන ලද
අතර එම ඉඩම් වල අර්තපල් කැරට් ලීක්ස් ගෝවා ආදී උඩරට එළවුළු වගා කරවීමට සලස්වන ලදී.
නුවරඑළියේ මාගස්තොට ඉඳි කරන ලද බලවේග කම්හල ඒ යුගයේ හැටියට නුවර එළියට විශාල කර්මාන්තයක්
විය.එහි සේවකයන් ගණන පන්සීය ඉක්ම විය.මේ බලවේග කම්හල එක්සත් ජාතික පක්ෂයේ
අදූරදර්ශි ක්‍රියා නිසා පසුව වැසී ගිය අතර මෙම කම්හල නිසා සිය තරුණ ජීවිතය ජයගත්
ප්‍රදේශ වාසී තරුණ තරුණියන් අදත් එය සිහිපත් කරන්නේ මහත් උද්දාමයෙනි. එයට අමතරව සංචාරකයන් අද්දවා ගැනීමට ශාන්තිපුරයට
යාබදව ඉඳි කරන ලද කලාපුරයද දැක්විය හැකිය. නර්තන
හැකියාවන්ගෙන් සහ සංගීත හැකියාවන්ගෙන් සමන්විත කලාකරුවන්ට ඉඩම් ලබා දී පදිංචි
කොට සංචාරකයන්ට අවශ්‍ය සේවා සැපයීම ඔහුගේ
අභිප්‍රාය විය. මේ කලාපුරය සිරිමා බණ්ඩාරනායක මැතිණිය ගේ අතින් 1973 දී විවෘත විය.
වර්තමානයේදී නුවර එළියේ ප්‍රධාන භෝගය වන්නේ අර්තපල් අලයයි. විදේශවලින්
ගෙන්වන ලද අර්තපල් ලංකාවේ වගා කල හැකි බව ඔප්පු කරන ලද්දේ සැබවින්ම විලියම් ප්‍රනාන්දු
මහතාය. නුවුරඑළියේ කෘෂිකර්ම නිළධාරීන් ලවා
බඹර කැලේ පිහිටි තමන්ගේ නිවසට යාබද ගෙවත්තේ පළමු පර්යේෂණාත්මක අල වගාව කරලීමට
උපදෙස් ලබාදුන් අතර කඩ පලෙන් ලබා ගත් පැළවූ අල කීපයක් තම නිවසට ඉහළින් වත්තේ පසට
යට කිරීමටද ඔහු අමතක නොකලේය. අවසානයේ අස්වනු නෙලන කල්හි කෘෂිකර්ම නිළධාරීන් ගේ වගාවට
වඩා කඩ පලෙන් ලබා ගත් අල වලින් සිටුවන ලද වගාව සාර්ථක මට්ටමක පැවතිණ. එතැන් පටන් කෘෂිකර්ම
දෙපාර්තමේන්තුවේ සේවය කළ නෝමන් ගුණතිලක මහතාගේ අප්‍රතිහත ධෛර්ය මතින් නුවර එළියේ
අල වගාව ව්‍යාප්ත වූ බව කවුරුත් දනිති.
1965 දී විලියම්
ප්‍රනාන්දු මහතා සිය ආසනයෙන් පරාජයට පත් වීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂය ෆෙඩරල්
පක්ෂය සමග ඇති කරගත් ගිවිසුම පරිදි උතුරු
සහ නැගෙනහිර ඉඩම් රාශියක් දෙමල ධනපතියන්ට සහ සමාගම් වලට ලබා දෙන ලදී. මේ සම්බන්ධයෙන්
1966 නොවැම්බරු 07 දින ටී.බී. තෙන්නකෝන් මහතා විසින් ඉඩම් හා වාරිමාර්ග ඇමතිවරයාගෙන්
අසන ලද ප්‍රශ්ණයක් මත එලෙස ඉඩම්දෙන ලද අයගේ නාම ලේඛනයක් සභා ගත කරන ලදී.එම ලේඛනය
විලියම් ප්‍රනාන්දු මහතා විසින් රචිත සිංහලේ ඉඩම් කොල්ලය නම් වූ ග්‍රන්ථයේ පළ කොට
ඇත. එයට අනුව පුද්ගලයන් විසිතුන් දෙනෙකුට අක්කර විසිපහේ සිට අක්කර හයසීය දක්වා වූ
ප්‍රමාණයක් කජුවගාව සඳහා ලබා දී ඇත.අද මන්නාරම යාපනය කිලිනොච්චිය මුලතිවු සහ උඩරට
වතු කරය තුළ විදේශ වලින් ගෙන්වා පදිංචි කොට තිබෙන්නේ මෙලෙස බදු ලෙස දෙන ලද ඉඩම්
වලයි. එයින් නොනැවතුණු එක්සත් ජාතික පක්ෂය විශේෂ බදු සහනය යටතේ ඉඩම් අක්ක 78612 ක්
බෝරා කාරයන්ට දේශපාලනඥයන්ට සහ දේශීය ධනපතියන්ට බෙදා හැර ඇත.පසුගිය කාලයේ කොටි ත්‍රස්ත
ප්‍රහාරයටයන්ට ලක්වන්නේ මෙලෙස බදු දෙන ලදු ඉඩම් වල පදිංචිව සිටි සිංහල ජනපදිකයන්ය.
දශක
කීපයකට පසු එක්සත් ජාතික පක්ෂය දැන් නැවතත් උඩරට වතු කරය තුළ දෙමල ජාතිවාදය
ශක්තිමත් කරලීමට දෙමළ දේශපාලනඥයන් සමග ගිවිසුකට එළඹ තිබේ. ඒ අනුව පළමු වරට උඩරට නව
කඳුකර ගම්මාන අමාත්‍යංශයක් පිහිටුවා තිබේ. එහි පරමාර්ථය නම් වතු කරයේ සිටින දෙමළ
ජනතාවට ඉඩම් වෙන් කොට ඔවුන් සඳහා නව කෘෂිකර්ම වැඩපිළිවෙලක් ආම්භ කිරීමයි. වසර
සියයක් පැරණි උඩරට වතු කරයේ නිසරු තේ වැවිල්ලට යටවුණු වතු කම්කරුවන් උදෙසා එවැනි
වැඩ පිළිවෙලක ඇති ප්‍රඥගෝචර බව සැබෑ නමුත් වසර දෙසීයක පමණ සිට සිට නිජ බිම් අහිමි
ව සිටි සිංහලයන්ට එයින් වන සෙතක් නැත. නමුත් එදා විලියම් ප්‍රනාන්දු මහතා සිංහල
ජනපද පිහිටුවූවා සේම දෙමළ වතු කම්කරුවන්ටද අසාධාරණයක් වන්නට ඉඩ නොතබන ලදී. දෙමළ
මුස්ලිම් සිංහල සහ බර්ගර් සෑම පවුලකින්ම පාසල් ළමුන් තෝරා ගෙන ළමා සමජයක් පිහිටුවා
සමගිය ඇති කරලීමටද එක්ව වැඩකිරීමට පුරුදු පුහුණු කරලීමද ආරම්භ කරන ලදී. නමුත් එය
දැන් කණපිට හැරී වතු කරයේ දේහපාලඥයන්ගේ වුවමනාවට දෙමළ ජාතිවාදය ශක්තිමත් වී තිබේ.
සිරිමා
බණ්ඩාරනායක මැතිණිය සිරිමා ශාස්ත්‍රී ගිවිසුම අනුව වතුකරයේ සිටි රටක් නොමැති දෙමළ
ජනතාව පන්ලක්ෂයක් ඉන්දියාවට පිටමංකිරීමට ගිවිස ගන්නා විට එයට වැඩියෙන්ම විරුද්ධ
වූයේ එක්සත් ජාතික පක්ෂයයි. එසේම තොන්ඩමන් වැනි කන්ගානිලා ගෙන් පැවතඑන පසුව වතු
අයිති කරගත් දෙමළ ධනපතියන් ද මෙයට දැඩු ලෙස විරුද්ධ විය. දෙමළ වතු කම්කරුවන්
නොමැතිව උඩරට වතු දිවවිය නොහැකි බව ඔවුන්ගේ තර්කය විය. මෙයට හොඳ සාර්ථක පිළිතුරක්
පමණක් නොව ප්‍රායෝගික විසදුමක් දුන්නේ විලියම් ප්‍රනාන්දු මහතාය. ඒ අනුව නුවරඑළියට
යාබදව රජයේ ළදු කැලෑ අක්කර දාහක් වෙන්කරගෙන එහි තේ වැවිල්ල ආරම්භ කරන්නට යෙදුණි.
නුවරඑළිය වැවිලි සමාගම යනුවෙන් හඳුන්වන එහි සිංහල කම්කරුවන් ලවා තේදළු කැඩීම ආදී
නොයෙකුත් කටයුතු ආරම්භ කරන ලදී. අදත් මේ නුවර එළිය වැවිලි සමාගම ලාභදායීව ක්‍රියාත්මක
වෙයි. එම වත්තට ඉතා නුදුරුව බඹර කැලේ පැවති විලියම් ප්‍රනාන්දු මහතා සතුව තිබූ
අක්කර දෙකක පමණ ඉඩමක් නොමිළයේම රජයට පවරා එහි පාසල් ගොඩනැගිල්ලක් සාදා බඹර කැලේ
විහාරස්ථනයේ ආදී කර්තෘ වර පූජ්‍ය විදුරුපළ පියතිස්ස නායක ස්වාමීන් වහන්සේ නමින්
නම් කරන ලද්දේය. අදත් එම විදුහල බඹර කැලේ විහාරස්ථානයට නුදුරින් විරජමානව පැවතෙයි.මෙවැනි
මහඟු සද් කාර්යයන් රාශියක් ඉටු කළ සබෑ මහජන සේවකයෙකු වූ විලියම් ප්‍රනාන්දු මහතා
1977 වර්ෂයේ දී නුවර එළි ජනතාව අතරින් වෙන් වූයේ යලිත් මේ මව්බිම ඉපිද සිංහළයන්
වෙනුවෙන් බුද්ධශාසනය වෙනුවෙන් වැඩ කරන්නට දෝ යයි අපට නිකමට සිතෙයි.ඔහුගේ අන්තිම
කැමැත්තේ අවසන් වගන්ති කීපය කියවන විට දිරා යන කුණු ශරීරය පිළිබඳවද ඔහුදැක්වූ
ආකල්පය වත්මන් දෙහපාලඥයන්ට ආදර්ශයක් බව නොකියාම බැරිය. එය මෙසේය.
මාගේ දෙතිස්
කුණුපයෙන් යුක්ත වූ මෘත ශරීරය භූමාදානය කිරීමෙන් මා ජීවත්ව සිටියදී මා පෝෂණය කළ
මාතෘ භූමියේ පසට ජීර්ණවී යාමෙන් සාරභූමියක් ඇති වේවා යයි පතන අතර වසර කීපයකට පසු
නොදිරා ඇති ඇටසැකිල්ල පොළවෙන් ඉවත් කර භාවනා යෝගී වරුන්ගේ ප්‍රයෝජනය සඳහා ශාන්ති
විමානයේ භාවනා මධ්‍යස්ථානයේ තැන්පත් කර තබන්නේ නම් මැනවැයි සිතමි.
No comments:
Post a Comment