මෝසම් වර්ෂා කලාප
දෙකකින් පෝෂණය වෙමින් දිවයින පුරා ජල උල්පත් මෝදු කරන අපූරූ ක්‍රියාත්මක සැලැස්මක්
හිමි රටක වර්තමානය වන විට ජලය ප්‍රශ්ණයක්
බවට පත් වෙමින් ඇත. එයට හේතු ලෙස සැලකිය හැක්කේ අධික ලෙස කෘෂි රසායන භාවිතය කාර්මික
අපද්‍රව්‍ය මුදා හැරීම වැනි කාරණාය. එලෙසම නවීන සංවර්ධන ක්‍රියාදාමයන් මගින්
ඇතිකරන ලද අහිතකර ප්‍රතිඵලයන්ද ඉතා සූක්ෂම අන්දමින් මේ ජල දූෂණයට බලපාන බව කිව
යුතුය.වර්තමානය වන විට පානීය ජලය පිළිබඳ සංකල්පය ඉතා සංකීර්ණ අඩියකට පත් වෙමින්
ඇත. නල ජලය මගින් පැන්ලබා දීම රජයේ වගකීමක් ලෙසට සැලකේ. රටපුරාම පානීය ජලව්‍යාපෘති
ඇති කිරීමට විදේශ ආධාර මත විශාල ව්‍යාපෘති
ගණනාවක්ම පසුගිය කාලයේ දී ක්‍රියාත්මක කරන ලදී. ඒ වායින් ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක
නමුදු සමහරක් අතහැර දමා තිබේ. මේ අතහැර දැමීම් වලට හේතුව කිවුල් ජලය මගින් විස වීම
හෝ උල්පත් සිඳී යෑමයි.
රටේ දේශපාලන අධිකාරිය ක්‍රියාත්මක කරන
රජයයන් අළුතින් පත් වූ සෑම අවස්ථාවකදීම ජලය පිළිබදව ප්‍රතිපත්ති ඉදිරිපත් කර තිබේ.
මේ ප්‍රතිපත්ති සම්පාදනයේදී ලංකාවේ විද්‍යාඥයන් ගේ අදහස් සෘජුවම භාවිතා කර නැත. ඒ
වෙනුවට විදේශ වල අත්දැකීම් සංවර්ධන ක්‍රියාදාමයන් ආදිය සැලකිල්ලට ගෙන සකස් කරන ලද
සංකල්ප මත එම ප්‍රතිපත්ති සකස් කර තිබේ.ලංකාවේ රජය ආසියානු සංවර්ධන බැංකුව සමග 2000 වසරේ දී ලෝන් ශ්‍රී 1575 යනුවෙන් ගිවිසුමකට එළඹීම නිසා කැබිනට් අනුමැතිය සහිතව ජාතික ජල සම්පත්
කවුන්සලයක් පිහිටුවීමට අනුමැතිය හිමි විය.මෙම යෝජනාවට අනුමැකිය හිමි වූයේ 2000
මාර්තු මාසයේදීය. මුල් වරට ජල හිමිකම් බලපත්‍ර සංකල්පය මෙහිදී ඉදිරිපත් විය.නමුත්
ඇතිවූ මහජන විරෝධය හේතුවෙන් එය ක්‍රියාවට නැගීම අසීරු විය. පසුව ජලය විකිණීම සඳහා
ප්‍රතිපත්තිමය වශයෙන් එකඟව විදේශ මුදල් ලබා ගත් නිළධාරීන් ගේ පෙළඹවීම මත 2004
වසරේදී ද මෙම ක්‍රියාවලිය නව මුහුණවරකින් එළියට පැමිණියේය.එවක ඉදිරිපත් වූ රට පෙරට
ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නැති දෙයක් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාත්මක සැලැස්ම
නමින් වූ තවත් පත්‍රිකාවක් මුද්‍රණය විය. එහි සඳහන් වූයේ පොදු ජන එක්සත් පෙරමුණ ආණ්ඩුව
ආරම්භ කරන ලද ජාතික ජල කළමනාකරණ වැඩපිළිවෙල සම්පූර්ණ කර ක්‍රියාත්මක කෙරේ යන්නයි.
අංක 1349/3 සහ 12.07.2004 දිනැති රට පෙරට ප්‍රතිපත්තිය අනුව අහෝසි කිරීමට පොරොන්දු
වූ අන්තර්වාර ජල සම්පත් අධිකාරිය අහෝසි නොකර එවක තිබූ ගංගාධාර හා මහවැලි සංවර්ධන
හා රජරට සංවර්ධන අමාත්‍යංශය යටතේ පිහිටුවීමට යෝජනා කර ගන්නාලදී. එහිදී බලාපොරොත්තු වූයේ ජල සම්පත් කළමනාකරණ සභාව
හා ජාතික ජල සම්පත් කළමණාකරන අධිකාරිය පිහිටුවීමයි.එවක සිටි නිළධාරීන් බොහොමයක්ම
ජාත්‍යන්තර වාරි කළමනාකරණ ආයතනවලට සෘජුවම බැඳී සිටි හෙයින් මේ ප්‍රතිපත්ති සකස්
කිරීමට විදේශගත ධනය කෙතරම් යෙදවන්නට ඇත්දැයි සිතා ගත හැකිය. මෙහි අරමුණ වූයේ ජල
දූෂණය කළමනාකරණය කර ගැනීම පිණිස සියළුම ගංගා ද්‍රෝණි ආවරණ කරමින් අධිකාරියක්
පිහිටුවීමයි.නමුත් මේ ක්‍රමය යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව අහෝසී වී යෑමේ තර්ජනය
මතුව ආ හෙයින් වෘත්තීය සමිති විසි නවයක් පෙරමුණු ගෙන ඉදිරි පත්වූ එම යෝජනාව පරාජය
කරන ලදී.
2008
වසරේදී ද මෙම යෝජනාව හිටපු ජල සම්පත්
අමාත්‍ය වරයා වූ චමල් රාජපක්ෂ මහතා විසින් නැවතත් කැබිනෙට්ටුවට ඉදිරිපත් කරන ලදී.1964
අංක 29 දරන ජල සම්පත් මණ්ඩල පණතේ 16 ( 4) (2) වගන්ති අනුව 2008 /07/09 දින පැවති
අමාත්‍ය මණ්ඩල රැස්වීමට මෙය ඉදිරිපත් කර තිබුණි. එහි අරමුණ වූයේ ජල සම්පත්
පුද්ගලිකකරණය සඳහා රෙගුලාසි පැනවීමයි.හොර ඔප්පු ලීවාට ජලය විකුණන්න බෑ යනුවෙන් මා
විසින් 2008 සැප්තැම්බර් 07 ඉරිදා දිවයින
පත්‍රයේ මෙම කරුණු පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් පළ කරන ලදී. කෙසේ වෙතත් එකල ඇති
වූ විරෝධය නිසා රජයට මෙම රෙගුලාසි ද හකුලාගන්නට සිදු විය.
මහින්ද රාජපක්ෂ රජය පෙරළා දමා යහපාලනයක් තේමා කර ගත් නව රජයක් බිහිවී දැනට
දින සීයයක් ඉකුත් ව ඇත. එහිදී ජනතාව
බලාපොරොත්තු වූ වෙනස සිදු වන්නට ඇති ඉඩ කඩ ක්‍රමයෙන් නැති වී යනු දක්නට ලැබේ. පැරණි
එක්සත් ජාතික පක්ෂයට ආවේණික දූෂණයන් සහ බලහත්කාරයන් ඉස්මතු වෙමින් පවතී. ඒ අතර
බටහිරයන්ට අවශ්‍ය වූ දැනට ප්‍රමාද වී පවතින න්‍යාය පත්‍ර තුළ පවතින කරුණු ද එකින්
එක කරළියට දමමින් ඇත. ජලය විකිණීම සඳහා 2000 වසරේදී ගෙනා යෝජනාව දැන් නව මුහුණුවරකින්
වර්තමාන අමත්‍ය මණ්ඩලයට ඉදිරිපත්ව තිබේ. වර්තමාන ජල සම්පත් අමත්‍යවරයා වන රවුෆ්
හකීම් මහතා එම තනතුරට පත් වී නොබෝ කලකින්ම එනම් 2015 මර්තු මස 28 ඉදිරි පත් කරන ලද
අමාත්‍ය මණ්ඩල සංදේශයට මෙම යෝජනාව ඇතුළත්ව
තිබීමම බරපතල කරුණකි.මෙහි මූලික අරමුණ වන්නේ දැනට කාර්මික අපද්‍රව්‍ය බැහැර
කිරීමෙන් වැලි ගොඩ දැමීමෙන් සෝදා පාළුවෙන් සහ නාගරික සංවර්ධනය නිසා දිය බෙත්මයන්
තුළ සිදු වන දූෂණයන් වැලැක්විමට නීතිමය ප්‍රතිපාදනයන් සැලැස්වීම යනුවෙන් දක්වා
තිබේ. දැනට ගංගා වල වැව් වල හා ජලාශ වල ජලකළමණාකරණය ඉටු කරන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව
සහ මහවැලි අධිකාරියයි. එයට අමතරව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වන ජීවී හා වන සංරක්ෂණ යන දෙපාර්තමේන්තු යටතේ
පවතින වපසරියන් මත නීතිය ක්‍රියාත්මක වේ. මේ ආයතනයන්හි පරිපාලනයේ අඩු ලුහුළඩුකම්
තිබෙන බව සැබෑය. එයට ප්‍රධාන හේතුව වන්නේ කාලාන්තරයක් තිස්සේ රාජ්‍ය සේවය කඩා වැටීමයි. නැතහොත් පක්ෂ
දෙශපාලනයට නතු වීමයි. ඒ අතර අල්ලස හා දූෂණයද පවතී. රජයේ ඉහළින් එන ප්‍රතිපත්ති මත
ඇතැම් කාර්මික ව්‍යාපාර ක්‍රියාත්මක වීම මත ග්‍රාමීය ඉඩම් සමූහ වශයෙන් විනාශයට
පත්ව තිබේ.කර්මාන්ත ශාලා පවත්වා ගෙන යෑමට සහ අපද්‍රව්‍ය විධිමත් ලෙස බැහැර කරලීමට
තාක්ෂණික සංකල්ප සහ නව නිපයුම් හඳුන්වා දී ඇති නමුදු ප්‍රාග්ධන හිමියන් ඒවා ක්‍රියාත්මක
කරනුයේ වාර්ෂික බලපත්‍ර ගැනීම පිණිස පමණකිය.ඇතැම් විට පරිසර නිළධාරීන්ට අල්ලස් හෝ
සන්තෝෂම් දී ගැටළු යටපත් කර අපද්‍රව්‍ය සෘජුවම ජල මූලාශ්‍ර වලට මුදා හරියි.එවිට ප්‍රශ්ණය
පැහැදිලිය. යටත් විජිත යුගයේදී පවා ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම උදෙසා කරන ලද කාර්ය
භාරයන් අද අකර්මණ්‍ය ව තිබේ. එසේ හෙයින් නව ගංගා ද්‍රෝණි අධිකාරියක් පිහිටුවීමෙන්
මේ ප්‍රශ්ණයටන්ට පිළිතුරු ලැබේ යැයි සිතුවහොත් එය මුලාවකි.
රවුෆ් හකීම් අමත්‍යවරයා විසින් කැබිනට්ටුවට
ඉදිරිපත් කරන ලද 15/0483/6/009 අංක දරන සංකල්ප පත්‍රිකාව පරිස්සමින් කියවාබලන කල්හි. 2000 වසරේදී ඉදිරිපත්
කරනලද ජල විකුණුම් බලාපොරොත්තු සියල්ල මෙහි අන්තර්ගත ව ඇති බව පැහැදිළි වේ. දැනට වාරිජලය විශාල වශයෙන්
පරිහරණය කිරීම ජලාශ නඩත්තු කිරීමට විශාල මුදලක් වැයවීම සහ වාරි ජලය ගොවීන්ට බෙදා
දීම සඳහා කිසිම ගාස්තුවක් අය නොකිරීමද මෙම සංකල්ප පත්‍රිකාවෙන් ප්‍රශ්ණ කොට තිබේ.
එයට අමතරව ගංගා ද්‍රෝණි අධිකාරිය පිහිටවූ පසු එම අයතනය නඩත්තු කිරීමටද ජල මූලාශ්‍ර
පරිහරණය කිරීම උදෙසාද ජල බලපත්‍ර ක්‍රමයක් ඇතිකිරීමට මෙහි යෝජනා කර තිබේ. මෙහි
අදහස නම් පවත්නා වාරිමාර්ග අංශයන් ක්‍රමයෙන් බෙලහීන කොට එක් අධිකාරියක් යටතට ගෙන
පෞද්ගලික අංශයේ සාභගිත්වයෙන් ජලය පරිහරණය කිරීම උදෙසා නීතිමය හා ආයතනික ප්‍රතිපාදන
සැලැස්වීමයි.ඒ සඳහා ලංකාවේ දැනට භාවිතා කරනු ලබන පානීය ජල මූලෘශ්‍රයන් සහ තොග
වශයෙන් භාවිතා කරන වාරි ජල මූලාශ්‍රයන් එකම ආයතනික ව්‍යුහයක් යටතට ගෙන එයට අවශ්‍ය
ප්‍රතිපත්ති මාර්ගෝපදේශයන් සහ විධානයන් සැපයීම සහ ඉහළ මට්ටමේ සම්බන්ධීකරණය සිදු
කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක්ද ස්ථාපිත කිරීමද මෙහි අරමුණයි.
ජල පරිහරණය සහ කළමනාකරණය උදෙසා සිය
ඉතිහාසයේ යුගණනාවකම අත්දැකීම් හිමි රටක් වශයෙන්
ලෝකයේ කීර්තියක් දිනා සිටියද වර්තමානය වන විට මෙම දැනුම යොදා නොගැනෙන
තරම්ය. ඒ වෙනුවට විදේශ ආධාර මුදල් මත යැපෙන නිළධාරීන් සහ දේශපාලනඥයන් විදේශ රටක ක්‍රියාත්මක
කරන ලද ජල කළමනාකරණ මූලධර්ම ලංකාවට ආදේශ කරයි. 1985 වැනි ඈතකාලයකදී පිහිටවූ ජාත්‍යන්තර
වාරි කළමණාකරණ ආයතනය මත යෑපීම ආරම්භ වූ දා
පටන්ම එය එසේ වෙයි. ඔවුන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක මහවැලි ව්‍යාපාරය විදිලි
උත්පාදන ව්‍යපෘති සියල්ල අද වන විට
පරිසරයට බෙහෙවින්ම තර්ජනයක් බවට පත්ව ඇත්තේය. ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ උපදෙස්
මත ලංකාවට ආදේශ කරන ලද කෘෂි රසායන හා රසායනික පොහොර නිසා ජල දූෂණය වී රජරට ජනතාව
සදාකාලික රෝගීන් කර තිබේ. එවැනි තත්ත්වයක් තුළ තව දුරටත් ජාත්‍යන්තර ආයතන වලින්
උපදෙස් ලැබ ගෙන මෙරටේ ජල සම්පත් පරිහරණය වෙළෙඳපළට ගැට ගැසීමට දරන උත්සාහයන්
සංකල්පයන් ලෙස භාර ගැනීම කෙතරම් ප්‍රඥාගෝචරද යන්න සලකා බැලිය යුතුය. යහපාලන
මුහුණුවර ඉදිරියට දමමින් ජල බූවල්ලන්ට රට වෙලා ගැනීමට ඉඩකඩ සැලැස්වීම මෙන්ම රට
අස්ථාවර කිරීම තේරුම් ගැනීමට කාලය පැමිණි
ඇති බවද මෙහි දී අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.
No comments:
Post a Comment