සන්ධාන රජයේ දේශපාලන උරගෑම පළාත් සභා
මැතිවරණයකින් කල නොහැකිය. ඊට හේතුව ඒවා කඩින් කඩ තැබීමයි. නමුත් පසුගිය බස්නාහිර
පළාත් සභා මැතිවරණයේ දී යම් කිසි ප්‍රමාණයකට ජන මතය ප්‍රකාශ වීමක් සිදුව ඇත.
ඉතාමත් පාරිශුද්ධ මැතිවරණයක් තැබීම තමන්ගේ වෑයම බව මැතිවරණ කොමසාරිස් තුමා පැවසුවද
ලියාපදිංචි චන්ද සංඛ්‍යාවට වඩා චන්ද පත්‍රිකා ප්‍රමාණයක් මුද්‍රණය කරලීමෙන් ඒ
කටයුත්තේ සුජාත බාවය පිලිබඳව ප්‍රශ්ණ කිරීමක් වෙයි. ඒ තත්ත්වය ඔප්පු කිරීම කෙසේ
වෙතත් විශාල චන්ද ප්‍රමාණයක් භාවිත නොකිරීමද කටුගා දැමීමද තුළින්ද ආණ්ඩුවට එරෙහි
පෙරමුණු කීපයකට විශාල චන්ද සංඛ්‍යාවක් ලැබීමෙන්ද පෙන්නුම් කරන්නේ ජනතාවගෙන්
යම්කිසි රතු එලියක් දැල්වී ඇති බවයි.
සන්ධාන රජය සිංහල අලුත් අවුරුද්දට නෑගම්
ගියේ එවැනි පීඩනයක් ගම තුළ පවතින විටයි. දරා ගත නොහැකි බඩු මිළ වස විස මිශ්‍ර කල
කෑම බීම සහ නියඟය නිසා පාලු වූ ගොවි බම් වල විලාපය යටි සුළඟේ ගසා ගෙන විත් මහා
තාපයක් ජනිත කර ඇත. ඒ බව ජනතාවටත් දැනුනද එතරම් තේරුමක් ඇතැයි නොසිතමි. අවුරුදු
උදාවත් සමග ජනිත පොහෝ දිනයත් කුජ වක්‍ර වීමත් රටට එතරම් හිතකර බවක් නොපෙන්වයි.
සූර්යයා ඉද්ද ගැසුවා සේ ලංකාවට මුදුන් වන සමය බැවින් ඉන්දියාවට වඩා මේ උත්සව
සැණකෙලිය අපට සමීපය. නමුත් මේ අවුරුද්ද සිංහලයන්ට අයිති කර දෙන්නට බොහෝ අය
අකමැතිය. එහි උපත පිළිබඳ කෙතරම් පර්යේෂණයන් තිබුණද ආණ්ඩුවේ ඇත්තන්ට නම් එය සිංහල
දෙමළ අවුරුද්දක් පමණක්ය. ඒ නිසාම සිංහල ජාතිය කණා මුට්ටියට ගෙන හිතූ හිතූ පරිදි පහර
දෙන්නට මේ අවුරුද්දේදී විවිධ පාර්ශව කටයුතු කරනු දක්නට ලැබුණි.මුස්ලිම් කොන්ග්‍රසය
වාසුදේව පිළ ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව සන්ධාන රජය නියෝජනය කරන ප්‍රධාන මැති
ඇමැත්තන්ද මේ කණා මුට්ටි සෙල්ලමට සාභාගී වී සිටිනු පෙනේ. සිංහල ජාතිය නමැති කණා
මුට්ටියට තඩි බෑම ඇරඹෙන්නේ මේ විවිධ පාර්ශව වලිනි. එහි පළමු පියවර සිංහලයන්ට
අවුරුද්ද අහිමි කිරීමයි.
විල්පත්තුවේ පරණ මන්නාරම් පාර අසබඩ විශාල
ඉඩම් ප්‍රමාණයක මුස්ලිම් වරු පදිංචි කරවීමේ කූඨ සැලැස්මද මෙලෙස තඩි බෑමේ එක්
අවස්ථාවකි.බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා එහි පිටිපසින් සිටින්නේ යයි ඤාණසාර හිමියන්
කළ ප්‍රකාශය සුලුවෙන් තැකිය හැක්කක් නොවේ.ආර්ථික සංවර්ධනයේ මුවාවෙන් සංචාරක ක්ෂේත්‍රය
ප්‍රවර්ධනයට සිංහලයන්ගෙන් නැගෙන දායකත්වය මද බැවින් මුස්ලිම් ජනතාව පදිංචි කොට විල්පත්තුවෙන්
යම්කිසි නිශ්චිත ප්‍රදේශයක් වෙන්කර ගැනීම මෙහි අරමුණ බව පැහැදිලිය.කොම්පඤ්ඤ වීදියේ
සිංහලයන් ඉවත් කර ඒ ඉඩම් පකිස්ථාන් ජාතිකයෙකුට බද්දට දීම එයට සමානය. මේ ප්‍රශ්ණ
වලට මැදිහත් වූ බොදු බල සේනාවන්ට නොයෙකුත් දෙස් දෙවොල් තැබීමද කරති. ඒ අතර සිංහල
රාවයට තඩි බෑම පිනිස නීතියේ අව නීතිය රැගෙන ඇත. ජිනීවා වලට ගතු කිවූ රවුෆ් හකීම්ට
තිබෙන නිදහස සිංහල රාවයේ හිමිවරුන්ට නැත. උන්වහන්සේලාගේ අරගලය දිගේලි කොට තබා
ගැනීමෙන් රට කරවන ඇත්තන්ට වාසි සහගත වේ යයි සිතනවා විය හැකිය.
සිංහලයන් මේ රටේ ප්‍රධාන ජාතික සංරචකයයි.
එහි බලය තීරණය වන්නේ සංස්කෘතියෙන් නොව දේශපාලනයෙනි. බ්‍රිතාන්‍යයන් විසින් කප්පාදු
කරන ලද මේ දේශපාලන බලය 1948 වර්ෂයේ දී ආපසු ලැබුණා යයි පැවසීම මුසාවකි.එම බලය
හුවමාරු ව ඇත්තේ ඉංග්‍රීසින් නියෝජනය කරන මෙරට විදේශ ගැති ලුම්පන පන්තියකටයි.
ඔවුහු අවුරුද්ද වැනි ජාතික සංස්කෘතික
අවස්ථාවක් සලකන්නේ ජාතික වටිනාකමකින් නොවේ. වෙළෙන්දන්ට ජාවාරම් කරුවන්ට
රිසි සේ බඩ පිණුම් ගැසිය හැකි අවස්ථාවක් ලෙසට මෙය සැලකේ. ලංකාවේ බැංකු ක්ෂේත්‍රයද
එයට මැදි වෙමින් හොඳ හැටි ජනතාවගෙන් මුදල් මංකොල්ල කයි. වාසනාවකට පෙහොය දිනය යෙදී
තිබූ බැවින් මෙවර එම අවස්ථාව ගිලිහුණි.එම ක්‍රියාවලිය බටහිර නූතනත්වයේ වර්තමාන
පිළබිඹුවයි. ජාතිය හා සංස්කෘතිය අලෙවි කිරීමද එසැනින්ම කප්පාදු කිරීමද එහි
ස්වභාවයයි. නිදහස් අධ්‍යාපනය මුවාවෙන් බටහිර මත කරපින්නාගත් තකතීරු සිංහලයන්ට මේවා
නොතේරේ. තමන්ට විරුද්ධව එන බලවේගයන්ට මුහුණ දීම කෙසේ වෙතත් එය තේරුම් ගැනීමම
විකෘතියක් බවට පත් කර ගත් විට. සිංහල ජාතියට ඇහැ තබන්නේ කවුරුන්ද.
එක්සත්
ජාතික පක්ෂ නායකයන් ද අලියාට ඇහැ තබති. ඒ ඔවුන්ගේ පක්ෂයේ ඉදිරි ගමන වෙනුවෙනි.එහෙත්
සිංහල ජාතියට ඇහැ තබන්නට හැකි කිසිවෙක් ඒ පෙරමුණ තුළින් මතු නොවෙති. එවිට සිංහලෙන් හා දෙමළෙන් කතා කරන ජනාධිපතිවරයාට එරෙහි
විකල්පයක් කිසිදා බිහි නොවේ. ජාතික බලවේග
දිගේලි කර ගැනීම පිටිපස්සේ තිබෙන යථාර්තය මෙයයි.
No comments:
Post a Comment