ලංකාවේ ජනජීවිතයට ප්‍රබල තර්ජනයක්ව පැවති
කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දමා වසර පහකට ආසන්න කාලයක් දැන් ගතව තිබේ. රටේ
සංවර්ධනයට අදාළව යටිතල පහසුකම් සැලසීම පිණිස පසුගිය පස්වසරක කාලය මිඩංගුකර ඇතැයි
රජය පවසයි. අවතැන් වූ දෙමළ ජනතාව පදිංචි
කරවීමේ සිට ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම දක්වා වූ සුවිශේෂී කාර්ය භාරයක් රජය
විසින් ඉටුකර ඇකි බව කාගේත් පිළිගැනීමයි.මේ කටයුතු සිංහල ජනතාව උදෙසා නම් සිදු
නොවුණද ඒ පිළිබඳව ප්‍රශ්ණ කිරීමක් ජාත්‍යන්තරයෙන්
සිදු නොවේ. එහෙත් උතුරේ ජනතාවගේ මානව හිමිකම් කඩවී ඇතැයි මන්නාරම් හා යාපනයේ
රදගුරුවරුන් නගන හඬ එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනී තිබේ. එයට ප්‍රධාන හේතුව වී
ඇත්තේ ඇමරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තරය පූර්ව නිගමන සහිතව ලංකා රජයට එරෙහිව ක්‍රියාත්මක වීමයි. ලෝකයේ පැවති ත්‍රස්ත සංවිධානයක්
මුලිනුපුටා දමා රටට සාමය ඇති කල වෙනත් රටක් මෑත යුගයේ දී ලෝකයේ දක්නට නැතිය. එවැනි
තත්ත්වයක් තුළ ඇමරිකාව වැනි රටක් ලංකාවට එරෙහිව මානව හිමිකම් අවිය ඔසවා ගෙන
සිටින්නේ ඇයි දැයි යන පැණය මතුවේ.
ඇමරිකාව ලංකාවට සමීප වන්නේ අද ඊයේ සිටක නොවේ. ඔවුහු
1813 වසරේ දී ගාල්ලෙන් ලංකාවට ගොඩ බැස මෙහි සිය මිෂනාරි ව්‍යාපාරය ආරම්භ කළ
පිරිසකි. ඒ අවදියේ දී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවර තැන්පත් රොබට් බ්‍රවුන්රිග්
මේ මිෂනාරි ව්‍යාපාරයට ඉඩ දීම ප්‍රතික්ෂේප කළහ. ඇමරිකාවත් බ්‍රිතාන්‍යයත් අතර එකල
පැවති ඝට්ටනය මීට හේතුවයි. නමුත් ඇමරිකන් මිෂන් දූත පිරිස යාපනයේ තෙලිප්පළ පෙදෙසට
විත් එහි ඉඳිවී තිබූ ඕලන්ද රැස්වීම ශාලාවේ නවාතැන් ගත්හ. තමන්ගේ මිෂනාරි ව්‍යාපාරයට
යාපනය හොඳ පසුබිමක් යයි සිතූ සැමුවෙල් නිවෙල් පියතුමා යාපන වැසියන්ට ඉංග්‍රීසි
ඉගැන්වීම ආරම්භ කලේය. එසේම ඔවුන්ට පිහිට විය හැකි මගක් ඇත්කම් ඒ මග නිරන්තරයෙන් අත්හදා
බැලීමද කලේය. ඒ අනුව 1816 සැප්තැම්බර් 07
දිනදී ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි පාසල තෙලිප්පලේ දී යුනියන්කොලෙජ් නමින් ආරම්භ කිරිමට ඔහුට හැකි විය. 1848 වන විට ඉංග්‍රීසි පාසල් 105 ක්ද දෙමළ පාසල් 16
ක් ද ආරම්භ කර දියත් කරලීමට මේ මිෂනාරි ව්‍යාපාරයට හැකි විය. 1824 වර්ෂය මේ
මිෂනාරීන්ට වැදගත් පියවරක් ඉදිරියට තැබිමට හැකි විය. ඔවුහු ප්‍රථම බාලිකා පාසල
වලිකාමම් ප්‍රදේශයේ උඩුවිල් නම් ගමෙහි ආරම්භ කිරීම මෙයට හේතුවයි.
මිෂනාරි ව්‍යාපාරයක ප්‍රමුඛ අරමුණ
වනුයේ ආගම් පැතිරවීමයි.ඒ සඳහා පාසල් තුළින් විශාල වැඩ කොටසක් කළ හැකි විය. කුල
බේදය නිසා මුලු ගැන්වී සිටි යාපන ජනතාව පල්ලියට ඒකරාශි කොට භාෂාව ඉගැන්වීමත් ඒ අතර
ආගම කියාදීමත් සිදු විය. මේ කර්තව්‍යයට ඕලන්දයන්විසින් දමන ලද ආගමික අත්තිවාරම ඉතා
වැදගත් විය. එසේම වෛද්‍ය ආධාර ලබා දීමෙන්ද මෙලෙස ජනතාව තමන්ට ලන් කරගත හැකි
වන බව විශ්වාස කළ මේ මිෂනාරීහු 1820
වර්ෂයේ දී උතුරේ ප්‍රථම වෛද්‍ය කඳවුර පන්දිරුප්පු නම් ගම්මානයේ දී දියත් කළහ.1850
දී ඉංග්‍රීසි වෛද්‍ය ග්‍රන්ථයක් දෙමළ බසට පෙරලූ
සැමුවෙල් පික්ස් නම් දේවගැතිවරයා මනිපායිහිදී ග්‍රීන් මෙමොරියල්රෝහලද ආරම්භ
කරන්නට කටයුතු කළේය. උසස් අධ්‍යාපනය මේ මිෂනාරීන්ට තහනම් කළද මේ වන විට ලංකාවේ
පූර්ණ බලය බ්‍රිතාන්‍යයන් හිමි කර ගෙන තිබූ හෙයින් එයට බාධාවක් නොවීය. ඒ අනුව
මනිපායිහදී බටහිර වෛද්‍යවරුන් පුහුණ කිරීමේ පාසලක් ආරම්භ කොට එයින් පළමු වරට
සිසුන් හැටදෙනෙකු සේවයට පිටත් කොට හැරිය බවද සඳහන්ය.
ඇමරිකන් මිෂනාරීන්ට අධ්‍යාපනය හෙද සේවය
වැදගත් වූවා සේම ඒ පිළිබඳ ප්‍රචාරයද අතිශයින් වුවමනා විය. ඒ අනුව 1820 වර්ෂයේ දී
මුද්‍රණාලයක් ආරම්භ කොට 1841 දී මෝනින් ස්ටාර් නමින් ඉංග්‍රීසි පුවත්පතක් ද නිකුත්
කරලීමටද හැකි විය. එය ලංකාවේ ආරම්භ කළ දෙවනි පුවත් පතයි. ඉන්පසු එයට සමගාමීව
උටයාතරකයි නමින් දෙමළ පුවත්පතක්ද මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කිරීම අඩ සියවසක් තුළ
ඔවුන් ලැබූ ජයග්‍රහණයන් අතර වෙයි.මේ ආකාරයට ( ABCFM) නම් මිෂනාරි ව්‍යාපාරය
යාපන අර්ධද්වීපයේ කරන ලද කටයුතු ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කරලීමට අතිශයින් වැදගත්
කාරණයක් බවට පත් වෙයි. යාපනය වෙනමම ප්‍රදේශයක් බවත් එහි උරුමකරුවන් වන්නේ දෙමල
ජනතාව බවත් සිංහලයන්ට එහි අයිතිවාසිකමක් නොමැති බවත් තහවුරු කරලීමට මේ පදනම ඉතා
වැදගත් විය. ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ස්වාධීන වුවද මේ මිෂනාරි ව්‍යාපාරයන්ට
නිදහසේ ක්‍රියාකිරිමට හැකි විය.එහෙත් 1915 වර්ෂය වන විටද උතුරේ ක්‍රිස්තියානි
ජනගහනය සියයට එකකට වඩා වැඩි නොවීය. එහෙත් මන්නාරමේ තත්ත්වය එසේ නොවීය. එය සියයට
පණහ ඉක්මවා තිබූ බව පෙනෙයි.
1962 වර්ෂයේ පාසල් රජයට ගැනීමට ඇති කළ පණතින්
බලාපොරොත්තු වූයේ මෙලෙස මිෂනාරි කරණයට ලක් වූ ජනතාව ගලවා ගෙන රජය මගින් නොමිලේ අධ්‍යාපනය
ලබා දීමට කටයුතු කිරීමයි. නමුත් කතොලික පල්ලියේ අසීමිත බලපෑම් හමුවෙහි එවක පැවති
ආණ්ඩු දියාරු ලෙසට ක්‍රියා කිරීම හේතු කොට ගෙන ඇතැම් කතෝලික පාසල් රජයට ගැනීමට
නොහැකි විය. ඔවුහු නැවතත් තම තමන් සතු බල ආධිපත්‍ය රිසිසේ නැවත ගොඩ නගා ගත් බවට
නිසැක වෙයි. කොටි ත්‍රස්තවාදය වැල්වැටිතුරෙන් ආරම්භ කරන ලද පසු මේ පල්ලි ඔවුන් ගේ
තිප්පළවල් විය. පල්ලිය පෙන්වා රැකවරණය ගැනීම මීට හේතුවයි. මෙවැනි පල්ලි රාශියක්
යාපන අර්ධද්වීපයේ පවතින අතර යුද්ධ කාලයේ දී ආරක්ෂක හමුදාවන්ට විරුද්ධව සිය කඳවුරු
ක්‍රියාත්මක කිරීමට මේ ස්ථාන අතිශයින්ම වැදගත් විය. මේ කොටි කඳවුරු විනාශ කිරීමට
ඇතැම් අවස්ථාවන්හිදී ආරක්ෂාක හමුදාවන්ට හැකි වූ අතර සිය ආගමික ස්ථාන වලට ගුවනින්
බෝම්බ හෙළන්නේ යයි ලොවට ප්‍රකාශ කර සිටීමට කොටින්ට හැකි විය.
1995 වර්ෂයේ දී ඇඩිලේඩියා විශ්ව වද්‍යලයේ
දයා සෝමසුන්දර නැමැත්තෙකු ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා රජය මේ
පල්ලි වලට බෝම්බ හෙළීමෙන් යුධ අපරාධ කර ඇති බවයි. මේ මතය තහවුරු කරලීමට 2004 වන
විට අන්තර් ජාලය හරහා සංගණන පවා ඉදිරිපත් කළහ. ඒ අනුව ක්‍රිස්තියානි පල්ලි 299 කින් 93 ක්ම බෝම්බ හෙළිමෙන් සම්පූර්ණයෙන්ම
විනාශ්‍යට පත් කර ඇති බව පෙන්වා දෙනු ලැබිණ. අනෙක්වා අර්ධ වශයෙන් හෝ සුලු වශයෙන්
විනාශව ගොස් ඇති බවට සාක්ෂි ඉදිරිපත් කෙරුණි. 2009 වර්ෂයේ දී කොටි සමූලඝාතනය කිරීමෙන්
පසු මේ මතය දිගින් දිගටම ශක්තිමත් වීමෙන් පසු
ජාත්‍යන්තරය තුළ වඩාත් තහවුරු විය.යුද්ධය ජයග්‍රහණය කොට එහි වාසිය දේශපාලනය
සඳහා යොදා ගත් රජය ඉන් පසු කොටි සමග වූ මත වාදී යුද්ධයට මුහුණ දීමෙන් වැලකී
සිටියේය. එහි ප්‍රතිඵලය වූයේ දෙමළ ඩයස් පෝරාව හරහා ජගත් තලයේ කොටි මකය තව තවත්
ශක්තිමත් වීමයි.
සිය
මිෂනාරි ව්‍යාපරයේ වැදගත් මධ්‍යස්ථානයක් ලෙස යාපනය සැලකීම ඇමරිකාවට
කිසිසේත්ම අමතක කළ නොහැකිය. ඔවුහු ලංකාවේ ක්‍රිස්තියානි මූලධර්මවාදයට උඩගෙඩි
දෙමින් දිගින් දිගටම ලංකාවේ එය ව්‍යප්ත කිරීමට කටයුතු කරති. ලංකාවේ දකුණේ එය සාර්ථක
තලයකට නොපැමිණෙන්නේ සිංහල බෞද්ධයන් නිසාවෙන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත්
යාපන අර්ධද්වීපය තුළ එය ශක්තිමත් කරලීමට වෙනත් බාධාවත් නොමැත. ඇත්තේ යුධ හමුදා
බාධකය පමණකි.එසේම උතුරුපළාතට පළාත් සභා පූර්ණ බලතල හිමි කර දීම දෙමළ ස්වයංපාලනයකට
ඉඩ සලසන බව ඔවුහු හොඳින්ම දනිති. එවිට සිය මූලධර්මවාදී කටයුත කරගෙන යාමට තිබෙන
ශක්තිය තව තවත් වර්ධනය වේ. යුධ හමුදා කඳවුරු ඉවත් කිරීමටද පළාත් සභාවලට බලතල ලබා දීමට
ද පියවර ගත යුතු බවට ඔවුන් දිගින් දිගටම රජයට බල කර සිටින්නේ මේ නිසයි. ජිනීවා
වලදී මානව හිමි කම් දඬු අඬුවේ ගසා රජය මෙල්ල කොට කෙසේ හෝ මේ අදහස ස්ථීර කර ගැනීමට
ඇමරිකාව වලි කති. බළලුන් ලවා කොස් ඇට බාවන ඉන්දියාව වරින්වර මෙයට පොහොර දමති.
රජය මේ සම්බන්ධව කිසිම අවබෝධයක් ඇතිව
කටයුතු කරන්නේ යයි මම නොසිතමි. තානාපති සේවාවල සිටින්නේ සිය හිතවතුන් හා ලංකාවේ
ආරාජික දේශපාලකයන් වන බැවින් කොටි මතවාද වලට පිළිතුරු දීමට ඔවුන්ට නොහැකිය. ඇමරිකන්
මිෂනාරි ව්‍යාපරයේ ඉතිහාසයට 2013 වසර වන විට වසර දෙසීයක් පිරී අවසන්ය. ඔවුන්
කිසිසේත්ම යාපනය අතහැර දැමිමට සූදානම් නැත. යාපනය වෙනමම දෙමළ රටක් බවට තිබෙන තහවුරුව
ජාත්‍යන්තරය තුළ දිය කර හැරීමට රජය කටයුතු නොකරන්නේ ඇමරිකන් මිෂනාරීන් හා ගනුදෙනු
කරන පුද්ගලයන් රජය තුළ සිටින බැවිනි..එදා චන්ද්‍රිකා රජය යටතේ යුද්ධය ආපස්සට
හැරවීමට ක්‍රියාකලේද මෙවැනි පාවා දෙන්නන්ය. අන්තර් ජාලය පිරික්සන විටදී මේ දෙමළ
ජාතිවාදයේ භයානක ස්වරූපය හොඳාකාරව පැහැදිලි වේ. එය බිඳ හෙලීමට වඩා ජාම් බේරා ගැනීම
වඩා වටනේයයි රජය සිතනවා විය හැකිය.
සුදු පසුබිමේ රතු අකුරු කියවීම ටිකක් අපහසු ගතියක් දැනෙනවා.. මගේ ඇස් දුර්වල නිසා ද මන්ද.. අකුරුවලට කළු හෝ ලා නිල් වැනි වර්ණයක් යොදා ගත්තා නම් හොඳයි කියා සිතුනා.. ඔබගේ ලිපි වල බොහෝ වැදගත් කරුණු තියෙනවා.. ස්තුතියි මේවා අප සමග බෙදා ගැනීම පිළිබඳව..
ReplyDelete