මීයන්ගේ මුත්‍රා වලින් පිටවන
බැක්ටීරියාවක් නිසා ගොවීන් හට උණ වැළඳී මරුමුවට පත් වීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය
අංශ විසින් වරින් වර වාර්තා කිරීම නිසා දැන් ගොවි ජනතාව සිටින්නේ බියකිනි. රජරට ප්‍රදේශ
වල ඇතිව තිබෙන වකුගඩු රෝගය නිසාවෙන්ද ගොවි
ජනතාව සිටින්නේ මර බියකිනි.මෙම මීඋණ රෝගය ලංකාවේ හඳුනාගන්නා ලද්දේ 1952 වැනි ඈත
කාලයකදීය. ඒ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ලෝකයේ එය පළමු වරට වාර්තා වන්නේ 1907 වර්ෂයේ
දීය. දින හතේ උණ කැනි කෝලා උණ යනුවෙන් හඳුන්වනු ලැබූවද ලංකාවේ එය හඳුන්වන ලද්දේ
බෙලෙක් උණ යනුවෙනි.. ලෙප්ටෝස්පයිරා නම් බැක්ටීරියාවක් නිසා මෙම රෝගය වැළඳෙන්නේ යයි
විද්‍යාඥයන් විසින් නිගමනය කර ඇත. බල්ලන්
මීයන් වැනි සතුන්ගේ මුත්‍රා මාර්ගයෙන් වගුරු ජලයට මිශ්‍ර වීමෙන් මෙම
බැක්ටීරියාව මනුෂ්‍යයාගේ සිරුර ආක්‍රමණයකරන බව පැවසෙයි. ඒ නිසා ලංකාවේ කුඹුරු වල
නියර තුළ ජීවත් වන මීයන් මෙයට හේතුවක් ලෙසට සලකා ඇත.
කුඹුරු වල විවිධ සත්ත්වයන් ජීවත් වන අතර
උන් සියල්ල එහි පරිසර පද්ධතියේ කොටස් ලෙසට සැලකේ. කුඹුරට ඇදෙන ගැරඬියා නාගයා වැනි
සතුන් ගේ ප්‍රියතම ආහාරය වන්නේ මීයන්ය.මේ බටු මීයන් නිසා කුඹුරේ වසන විවිධ කෘමි
සතුන්ද මර්ධනය වේ.කක්කුටු ගුල් වලට රිංගන මීයාගෙන් ඇතැම් විට ගොයමට හානි සිදු වන
අතර ගොවීන් විවිධ උපක්‍රම හා කෙම් ක්‍රම යොදා ගනිමින් මේ මී ගහනය පාලනය කර ගනිති.
කොහොමටත් කුඹුරු සකස් කරන කාලයේ දී නියර කෙටීමද නියර පිට දැමීමද සිදු වන බැවින් මීයන්ට
හෝ කක්කුට්ටන්ට වැඩි කලක් තමන්ගේ ගුල් පද්ධතිය තුල සිටීමට අවකාශ ලැබෙන්නේ නැත. ඒ
සමගම වනාත් කෙටීමද පුලුස්සා දැමීම නිසා ද මී ගහනය බොහෝ දුරට පාලනය වේ.
මෙවැනි තත්ත්වයක් යටතේ විශාල මීයන් සංඛ්‍යවක්
කුඹුරු ආශ්‍රිතව ජීවත් වීමද උන් මගින් ගොවියාට ආසාදන ඇති වීමද බලාපොරොත්තු නොවිය
හැක්කකි. එහෙත් රෝහල් වලට වාර්තා වන උණ රෝගීන් ලෙප්ටෝස් පයිරොසිස් ආසාදිතයන්
ලෙසට වාර්තා කිරීමට සෞඛ්‍ය අංශ උත්සාහ දරති. මෙය ඇත්තක් විය හැකි දැයි
පරීක්ෂා කොට බැලූ කිසිවෙක් නැත. රජරට වකුගඩු රෝගය
සෞඛ්‍ය අංශ වලට හඳුනා ගන්නට බැරි වීම නිසා එය හඳුනා නොගත් යනුවෙන් වර්ග කොට
ඇත. නමුත් වගුරු ආශ්‍රිතව මීයන් ගේ මුත්‍රා පැතිරිම නිසා ඇතිවන රෝගයක් ලෙස දක්වා තිබීම ද එයින් මනුෂ්‍යාට ඇති වන උණ මීඋණ
යනුවෙන් වර්ග කර තිබීම ද නිසා එම හඳුනා ගැනීම ලංකාවට ද ආදේශ කර ඇත.
ලංකාවේ කුඹුරු වස විස වලින් නෑවීම කරනු
ලබන්නේ හැත්තෑව දශකයේ සිටයි. වෙසසෙසින්ම වල් නාශක නොගසන කුඹුරු සොයා ගැනීම අද
එතරම් පහසු නැත.ට්‍රැක්ටර් වැනි යන්ත්‍ර සූත්‍ර දියුණු කර තිබුණද වල් නාශක නොගසා
කුඹුරු සකස් කිරිමට සහ ගොයම් හදා ගැනීමට ගොවියා දන්නේ නැත. පැරකට් ග්ලයිෆසෙට් වැනි
වල් නාශක වර්ග උග්‍ර විස කාණ්ඩයන්ට අයත් බව දැන දැනම ඒවා මේ රටේ භාවිතා කරති.
වකුගඩු රෝගය ගැන පරීක්ෂා කොට බැලූ කැලණිය විශ්ව විද්‍යාල කණ්ඩායමේ දත්ත අනුවද
රේගුව විසින්ද කරන ලද පරීක්ෂණයේ දී ලැබූ දත්ත අනුව ද ලංකාවට ගෙන්වීම තහනම් වූ
ආසනික් මූල ද්‍රව්‍ය මෙම වල් නාශක වල යහමින්
තිබූ බවට ඔප්පු වී ඇත. ඒවා බාහිර වශයෙන් කලවම් කරමින් අයතා පරිහරණයක් කළ බවට දැන් තහවුරුව
ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වලින්ද ඒ ගැන කළ හෙළිදරව්ව නිසාය. මෙම උග්‍ර
වල්නාශක නිසා තෙත් කලාපයේ වගුරු පස දූෂණය ව ඇති බව නොරහසකි. වල්නාශක ගසා ඉතා
ඉක්මනින් සී සෑම් මැඩවීම් කටයුතු කිරිමට ගොවීන් පෙළඹී සිටීම නිසා කුඹුරට බසින
ගොවියාගේ හමේ සීරිමක් ඇති විටදී වුවද එම රසායන ද්‍රව්‍ය ශරීර ගත වීමට තිබෙන ඉඩ කඩ
බොහෝය. වර්තමානයේ මී උණ යයි හඳුන්වන භයානක රෝගය ඇති වීමට හේතුව මෙම පරිසර තත්ත්වය
විය නොහැකිද. සෞඛ්‍ය අංශ මේ වන තෙක් මේ පිළිබඳව කිසිදු පර්යේෂණයක් සිදු කර නොමැත.
වකුගඩු රෝගය පිළිබඳව පර්යේෂණ කිරිමේ දීද මේ පලිබෝධනාශක ගැන සොයා බැලීමක් ආරම්භයේ
දි සිදු නොකෙරුණි. එයට හේතුව බලගතු පලිබෝධනාශක සමාගම් වල ග්‍රහණයට බහුතරයක්
නිළධාරින් අසුව සිටීමයි.
වසර විසිපහක් පුරා වල් නාශක නොමැතිව
කෘමි නාශක හෝ දිලීර නාශක නොමැතිව ගොවිතැන් කිරිමට උත්සාහ දැරිම නිසා කුඹුරේ වස විස
තත්ත්වයන් ගැන මා හට හොඳ අත්දැකීමක් ඇත. කුඹුරකට බහින ගොවියාට සොබා දහමට අධිගෘහිත
දෙවි දේවතාවුන් ගෙන් ලැබෙන ආශිර්වාදය මිල කළ නොහැක්කකි. ඒ සඳහා පරිසර හිතකාමීව කල්
යල් බලා ගොවිතැන් කිරීමත් කන්නය අවසානයේ පුද පූජා සත්කාර කිරිමත් ප්‍රමාණවත්ය.
නිර්මාංශව සිටිම වඩාත් ප්‍රයෝජනවත්ය. බක් මාසයෙන් පසු අප්‍රියල් මාසයේ දී සහ බිනර මාසයෙන් පසු ඔක්තෝබර මාසයේ කුඹුරේ වැඩ
ආරම්භ කිරිමත් ගොවියාට සුදුසු නොවන බව මාගේ අත්දැකීමයි. ගොවියා දුර්වල වන්නේද ලෙඩ
රෝග වැළඳීමට ඉඩකඩ ඇති වන්නේද මෙලෙස අකලට
ගොවිතැන් පටන් ගැනීමෙනි. මාසයක් පමණ කාලයක් දැඩි අව් රශ්මිය යටතේ ජලයට බැස කටයුතු
කිරිමෙන් සෙම් රෝග බහුලව වැළඳෙන අතර වාත කෝපය උත්සන්න වී උණ සෙම්ප්‍රතිශයාව
ඇති වී ශරීරය අප්‍රාණික බවට පැමිණෙයි.
මෙවැනි අවස්ථාවලදී ශරීර ප්‍රතිශක්තිය හීන වන අතර බැහැරින් එන ආගන්තුක විෂබීජ වලට
ශරීරය තුළ ක්‍රියාකාරී වීමට තිබෙන ඉඩකඩ වැඩිවේ. වර්තමාන සෞඛ්‍ය අංශ වල නිර්දේශය
නම් ඩොක්සිසයික්ලින් නම් ප්‍රතිජීවකය ගෙන කුඹුරුවලට බැහීම පරිස්සම් සහගත බවයි.
ඩොක්සිසයික්ලීන් යනු බැක්ටීරියා ආසාදන
තත්ත්වයට දෙන බටහිර ඖෂධයකි.වෙසෙසින්ම ලෙප්ටොස් පයිරොසියාවට එය නිර්දේශ කර ඇත. මුත්‍රා
ආසාදන අවස්ථාවලදී ඒවා පරිහරණයට නිර්දේශ කර තිබේ. නමුත් මෙම ඖෂධය නිසා බාහිර උපද්‍රව
ඇති වන බවද ඒවා වසර අටෙන් පහළ ළමුන්ට නිර්දෙශ නොකරන බවද දක්වා දී තිබේ. මෙම ඖෂධය ඇතැම්
අයට අසාත්ම්‍ය වන අතර ගැබිණි මව් වරු මෙය භාවිතා කල හොත් මළ දරු උපත් ඇති වන බවටද
කරන සඳහන පිලිබඳව දැනුවත් විය යුතුය. දරුවන් ගබ්සා කිරීමටද මෙම ඖෂධය ඇතැම් අය යොදා
ගන්නා බව ප්‍රකටය. මෙම ඖෂධය නිසා ලේ සහිත අතීසාරය ඇති විය හැකි බවද වකුගඩු අක්‍රීය
විය හැකි බවද දක්වා තිබේ.සාමාන්‍ය උණ රෝග වලදී මෙය භාවිතා නොකළ යුතු බවද දක්වා
තිබේ. එම නිසා මෙම ඖෂධය භාවිතා කල යුත්තේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මතයි. එම ඖෂධය
ගන්නා විට සම්පූර්ණ වතුර වීදුරුවක් සමග ගැනීම ආරක්ෂා කාරී බවද වැඩි දුරටත් දක්වා
තිබේ.
මේ ඖෂධයේ තත්ත්වය මෙසේ වුවද සෞඛ්‍ය අංශ වල
නිර්දේශය නම් අනිවාර්යයෙන්ම මේ ප්‍රතිජිවකය
ගෙන කුඹුරට බැසිය යුතු බවයි. කිසිම වග විභාගයක් නැති මෙම ප්‍රකාශ හා දැන්වීම් නිසා මේ රටේ ගොවි ජනතාවගේ සෞඛ්‍ය අනතුරේ හෙළා
ඇති බව පැවසිය යුතුය. එසේම පාසල් කුඹුරු වලට ළමුන් බැසීමේ දී මේ පෙති නිර්දේශ කිරීම සිදු වේ. එවිට වසර අටෙන්
පහළ ළමුන්ට නොදිය යුතුය යන ප්‍රමිතිය ගැන සෞඛ්‍ය අංශ දැනුවත් කරන්නේද යන්න ප්‍රශ්ණ
කළ යුතුය. කෙසේ වෙතත් පාසල් ගොවි බිම් වලට ළමුන් සම්බන්ධ කිරීම නතර කිරීමටත්
ගොවිතැනින් ක්‍රමානුකූලව ජනතාව ඈත් කිරීමටත් මේ ඊනියා මීඋණ කතන්දරය හේතුව ඇති බව දැක්විය
යුතුය. එයට වග කිව යුතු වන්නේ විදේශීය උපදෙස් ගෙඩි පිටින් ගෙන ලංකාවට ආදේශ කරන සෞඛ්‍ය
අංශයන්ය.
සෞඛ්‍ය යනු නිරෝගීතාවයට අවශ්‍ය පරිසරය
සකස් කිරිම මිස රෝගයක් හැඳුණු පසු ප්‍රතිකාර කිරිම නොවේ. අපගේ පැරණි වෛද්‍ය වරුන් නිරෝගීතාවය
පිළිබඳව සමාජයට උපදෙස් දුන් අතර දෙමව්පියන් ගෙන් ආභාෂය ලබා පරම්පරාවෙන් පරම්පරාවට
එම දැනුම සංසරණය විය. ගොවිපලේ බර වැඩ කරන ගොවීන් අසාදන වලට ලක්වන අවස්ථාවලදී
භාවිතා කළ හැකි වටිනා අත් බෙහෙතක් කෑගල්ලේ කරඬුපන පදිංචිව සිටි නිශ්ශංක ආරච්චි වෙද
මහතා මීට වසර විසිපහකට පමණ පෙරදී මා හට ලබා දුන්නේ පොදු ජන හිත සුව පිණිසමය.
මෙහි අඩංගු සංයෝග අතර සුදු ලූනු හා මුරුංගා පොතු ප්‍රධාන වේ. එයට අමතරව තොටිල පොතු
හා අමු ඉඟුරු ද ලබා ගැනේ. මේ සියල්ල එක පමණ ගෙන ලුණු කැටයක්ද එකතු කර සිහින් වන්නට
ගුලියක් සේ මිරිස් ගලේ දමා අඹරා ගැනීම
මෙහි පළමු පියවරයි. දින තුනක් පමණ මෙම ගුලිය කල් තබා ගත හැකි වන අතර කෙසෙල් කොළයක
ඔතා තැබිය හැකිය. කුඹුරු වැඩ කරන කාලයට මෙම ගුලිය සකස් කොට තබා ගෙන සවස් වරුවේදී
නටන උණු වතුර කෝප්පයකට මෙම ගුලියෙන් කොටසක් කඩා දමා පැහෙන්නට ඇර රොඩුත් සමග පානය
කළ යුතුය. ඇඟ පතේ වේදනාව සෙම් කෝපය මෙන්ම මද උණක් ඇත්නම් මේ ඖෂධය මගින් එම වෙනස්
කම් සමබර කරනු ඇත. මුරුංගා පොතු විස නාශකයක් වන අතර සුදු ලූනු ද එසේමය. එහි අඩංගු ඇලිල් ප්‍රොපයිල්ඩිසල්ෆයිඩ් නම් තෙල සූක්ෂම ගුණයෙන්
යුක්තය.මෙම ගුණය සිරුරේ සියුම් ස්‍රෝතස් තුළ ගමන් කරයි. එසේ වන විටදී සියලුම දේහ
පරමාණුන් ඇසුරු කරන බව පැවසෙයි.( සුදු ලුනු හා මී පැණි- වෛද්‍ය ඩී.එම්.ජයසිංහ) ඉන්පසු
වෘක්ක ශ්වාශමාර්ග හා හම ඇසුරු කර ගනිමින් විස බැහැරවීම සිදු කරයි. රෝග කාරක ජීවාණු
නසා සිරුරේ නන්වැදෑරුම් විෂමතා දුරු කොට බැහැර කරයි.සුදු ලූනු විසින් සිරුරට හානි
කරන ජීවාණු මරා දමන නමුත් අන්ත්‍ර ආදී ඉන්ද්‍රිය තුළ සිටින ආරක්ෂාකාරී ජීවාණු මරා
දැමීමට උත්සාහ නොගනියි. නමුත් බටහිර ඖෂධ මගින් සියලුම ජීවාණු වලට පහර දී විනාශ
කරයි. ඒ නිසාම ඒවා අතුරු උපද්‍රව ගෙන දෙයි. තොටිල පොතුද බලගතු ඖෂධයකි. ඒ මගින් ආමය
නැති කරන අතර මස් පිඬුවල වේදනා පහ කරනු ලබයි. ගොවියාට බලගතු ආරක්ෂාවක් සපයන මෙම
බෙහෙත කිසිම වියදමක් නොමැතිව සදා ගැනීමට හැකි වන බැවින් මේ දැනුම ලබා දුන් මුතුන්
මිත්තන්ට පුණ්‍යානුමෝදනා කළ යුතුය.
මෙලෙස ඩොක්සිසයික්ලින් වලට වඩා ආරක්ෂා
කාරී දේශීය බෙහෙත් තිබියදී මිනිස් සිරුරට
අහිතකර වස විස නිර්දේශ කරලීම දිගින් දිගටම සිදු කරන්නේ වස විස වෙළෙඳාමත්
ඖෂධ වෙළෙඳාමත් එක මග යනෙන නිසාය. රෝහල් වලට වාර්තා කරන බොහෝ රෝගීන් මී උණ රෝගීන්
ලෙසට වර්ග කරමින් ඖෂධ මාෆියාවට තැන දෙන මේ ත්‍රස්තවාදයද ඉතා ඉක්මනින් ලංකාවෙන්
තුරන් කළ යුතු බවද අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.
ගොඩක් වැදගත් ලිපියක්. කණගාටුවට කරුණ පොදු මහජනතාව අතරට මේ තොරතුරු නොයන එකයි. කොම්පැණි කාරයෝ පොහොසත් වෙන අතරේ අසරණ ජනතාව මැරෙනවා.
ReplyDelete