නූතනපළාත්
සභා සංකල්පය තහවුරු කොට ව්‍යවස්ථා ගතකොට දැන් වසර විසිපහක් ගතව තිබේ. ඒ යුගයේ සිටම
මෙම සංකල්පයට විරුද්ධව විවිධ මතවාද සාමාන්‍ය ජනතාව අතර සාකච්ඡාවට බඳුන් විය. නමුත්
ඉන්දියාවේ බලපෑම මධ්‍යයේ මෙම ක්‍රමය ක්‍රියාත්මක කරලීමට පාලකයින්ට සිදු විය. මේ ක්‍රමය
නිසා රටේ ඒකීය භාවයට තිබෙන තර්ජනය ඉස්මතු වන්නට පටන් ගත්තේ මෑතක සිටයි. අධිකරණය මගින් දිවි නැගුම පණත පිළිබඳව ගත්
තීන්දුව නිසා ද උතුරේ පළාත් සභා චන්දයට
කාලවකවානු තීරණය කරලීම නිසාද පළාත් සභාවේ සැබෑ ස්වරූපය ඉස්මතු වී ඇත.
1957 වසරේ දී චෙල්වනායගම් මහතා සමග බණ්ඩාරනායක
මහතා ද ඩඩ්ලි සේනානායක මහතා සමග චෙල්වනායගම් මහතා ද අත්සන් කළ ගිවිසුමේ භාෂා ප්‍රතිපත්තිය
මගින් මෙවැනිම ප්‍රශ්ණයක් මතු විය.එහිදී රට සභා සහ දිස්ත්‍රික් සභා යෝජනා කළ අතර ඒ
සමස්තය තුලින්ම ගම්‍ය වූයේ රටේ ඒකීය බාවයට එළඹෙන තර්ජනයයි.ජාතික වාදී බලවේග විසින්
ඔසවා තබන ලද බණ්ඩාරනායක මහතා 1956 දී බලයට පත් වූයේ විශාල බලාපොරොත්තු රාශියක් රට
ඉදිරියේ තබමිනි. අධිරාජ්‍යවාදීන් ගෙන් බැට කමින් නිදහස අර්ථවත් කර ගැනීමට නොහැකිව
ලත වූ සිංහල ජනතාව බණ්ඩාරනායක මහතා ස්වකීය නායකයා බවට තෝරා ගත්තේ ය. පැය
විසිහතරෙන් සිංහලය රාජ්‍ය භාෂාව බවට පත් කරලීමට පොරොන්දු වූ හෙතෙම එවැනි කාල
සීමාවක් තුල එය නොකළ ද එසේ කරන්නට යම්කිසි අඩිතාලමක් ඇති කලේය. ඒ සමගම පෙඩරල් පක්ෂයේ
විරෝධතා මධ්‍යයේ රට පුරා නොසන්සුන් තත්වයක් වර්ධනය විය. සත්‍යග්‍රහ ව්‍යාපාරය නිසා
පෙඩරල් පක්ෂය සමග සාකච්ඡා වටයකට යාමට අග්‍රාමාත්‍ය වරයාට සිදු විය. එහිදී බණ්ඩාරනායක
මහතා අවධාරණය කර කියා සිටියේ රාජ්‍ය භාෂා පණත අවලංගු කළ නොහැකි බවයි.
භාෂා ප්‍රශ්නය සම්බන්ධව පෙඩරල්
පක්ෂයේ සථාවරය වූයේ සම තත්වයයි. ද්‍රවිඩ භාෂාව රාජ්‍ය භාෂාවක් වශයෙන් පිළි ගැනීම
හා උතුර හා නැගෙනහිර පළාත් වල පරිපාලන කටයුතු ද්‍රවිඩ භාෂාවෙන් කිරීම ද ඔවුන්
ගේ ප්‍රතිපත්ති අතර තිබුණි. මේ තත්වය තුල අගමැති බණ්ඩාරනායක සිය ස්ථාවරය වෙනස්
කළේය. තමන්ව බලයට පත් කරන ලද සිංහල බලවේග අමතක කළ හෙතෙම පෙඩරල් පක්ෂයේ ඉල්ලීම් වලට
එකඟ වූයේය. ද්‍රවිඩ භාෂාව ලංකාවේ සුලු ජාතිකයින්ගේ භාෂාවක් වශයෙන් පිළිගැනෙන නිර්දේශ
යොජිත නීති වලට ඇතුලත් විය යුතු යයි ද රාජ්‍ය භාෂා පණතට හානියක් නොවන පරිදි උතුර
හා නැගෙනහිර පළාත්වල පාලන භාෂාව ද්‍රවිඩ භාෂාව බවට පත් කිරීමේ නිර්දේශ අගමැති තුමා
විසින් සඳහන් කරන ලද සිවු වැදෑරුම් ක්‍රමයට ඇතුලත් කළ යුතු යයිද උතුර හා නැගෙනහිර
පළාත් වල ද්‍රවිඩ භාෂාව කතා නොකරන සුලුජාතියක් සඳහා අවශ්‍ය නිර්දෙශ ඇති කළ යුතු
යයිද ගිවිස ගන්නා ලදී.ඒ අනුව දෙපක්ෂයම ඒකාබද්ධ නිවේදනයක් නිකුත්කරන ලද අතර එහි
අඩංගු දෑ මෙසේය.
*
රට සභා ප්‍රදේශ උප ලේඛනයක් මගින් පනතෙන්ම විස්තර කිරීම
*
උතුරු පළාත එක රට සභා ප්‍රදේශයක් බවට පත් කරන අතර නැගෙනහිර පළාත රට සභා දෙකකට හෝ ඊට වැඩි ගණනකට බෙදීම.
*
පාර්ලිමේන්තුව විසින් බලතල පැවරීම හා එම බලතල පණතින් විග්‍රහ කිරීම. * ජන පද යෝජනා ක්‍රම සම්බන්ධයෙන් රට සභාවලට
හිමි බලතල අතරට තම බල ප්‍රදේශය තුල
පිහිටි ඉඩම් පවරාදිය යුතු සුදුස්සන් තේරීමේ බලයත් එවැනි යෝජනා ක්‍රමයන්හි යෙදවිය
යුතු නිළධාරීන්
තේරීමේ බලයත් ඇතුලත් විය යුතු යයි ගිවිස ගත් අතර මේ සම්බන්ධයෙන් ගල් ඔය මණ්ඩලයෙන් පාලනය වන ප්‍රදේශයේ තත්වය
සැලකිල්ලට භාජනය කල යුතුය.
බණ්ඩාරනායක
මහතා මෙහිදී උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ
ජනතාවගේ වාසභූමි ප්‍රදේශ වශයෙන් පිළිගෙන ඇත. ඒ වෙනුවෙන් රාජ්‍ය භාෂා පණත සංශෝධනය
කිරීම රට සභා ඇති කිරීම ආදිය සකස් විය. මේ එකඟතාවයන් නිසා සිංහල ජාතික බල වේග
නොසන්සුන් වූ අතර ඒ අතර වාරයේ එයින් ප්‍රයෝජනය ගත විජාතික බලවේග විසින් බණ්ඩාරනායක
මහතා ඝාතනය කරන ලදී. මේ දෙමළ ජාතිවාදය ජයග්‍රහණය කරලීමට අවශ්‍ය පදනම දමා ගත් පළමු
අවස්ථාව වන්නේය. මෙම ගිවිසුම ක්‍රියාත්මක නොවුණද රටේ ඒකීය භාවය වෙනස් කරලීමට
එමගින් ලැබුණු බලය සුලු පටු වූයේ නැත.
1965 වර්ෂය වන විටද මේ ප්‍රශ්ණය
එකම තැන පල් වෙමින් තිබූ අතර ලංකාවේ කිසිම දේශපාලනඥයෙකුට සෘජුව තීරණයක් ගත නොහැකි තරම්
විය. ඊලාම් වාදීන් ගේ අදහස් ක්‍රම ක්‍රමයෙන් තහවුරු වූ අතර මහා මැතිවරණයේ දී ඩඩ්ලි
සේනානායක මහතා ට රජයක් පිහිටුවීමට තරම් ආසන සංඛ්‍යාවක්ද ලැබුණේ නැත. මේ නිසා ඔහුට
චෙල්වනායගම් මහතා ගේ ආධාරය පැතීමට සිදු විය. මෙහිදී ඔවුන් වෙතින් කොන්දේසි කීපයක්ද
ඉදිරිපත් වුණි. එහි ප්‍රතිඵලය වූයේ ඩඩ්ලි සේනානායක මහතා 1965 මාර්තු 24 දින ඇති කර
ගත් ගිවිසුමයි. එය මගින් කලින් තිබූ තත්වය
තවත් තහවුරු කර ගන්නා ලදී. ඩඩ්ලි -චෙල්වනායගම් ගිවිසුමේ අඩංගු සමහරක් කරුණු මෙසේය.
·
උතුරු හා නැගෙනහිර
පළාත්වල පාලන හා වාර්තා කිරීමේ භාෂාව ද්‍රවිඩ භාෂාව කිරීම සදහා ද්‍රවිඩ භාෂා විශේෂ
විධි විධාන පණත යටතේ පියවර ගනු ලැබේ. ද්‍රවිඩ භාෂාව කතා කරන ප්‍රද්ගලයෙකුට දිවයිනේ
ඕනෑම ස්ථානයක් සිට ද්‍රවිඩ භාෂාවෙන් කටයුතු කිරීමේ අයිතිය හිමිවිය යුතුය.
·
ඉඩම් සංවර්ධන ආඥා පණත
යටතේ ලංකාවේ පුරවැසියාට ඉඩම් පවරා දීමට හැකි වන ආකාරයට එම ආඥාපණත සංශෝධනය කරනු
ලැබේ. ජනපද ක්‍රමය යටතේ උතුරු හා නැගෙනහිර පළාත් වල ඉඩම් බෙදා දීම පහත සඳහන් ප්‍රමුඛත්වය
අනුව සිදු කරනු ලැබේ.
·
1/.උතුර හා නැගෙනහිර
පළාත් වල ඉඩම් මුලින්ම දිස්ත්‍රික්කයේ ඉඩම් නැති පුද්ගලයින්ට දිය යුතුය.
·
2/දෙවනුව උතුර හා
නැගෙනහිර දිස්ත්‍රික්කයන්හි පදිංචි ද්‍රවිඩ භාෂාව කතා කරන පුද්ගලයින්ට දිය යුතුය.
·
3/ තෙවනුව වෙනත්
ස්ථානයන්හි පදිංචි ද්‍රවිඩ පුර වැසියන්ට විශේෂත්වයක් දක්වමින් ලංකාවේ වෙනත් පුර
වැසියන්ට දිය හැකිය.
මේ ගිවිසුම මගින් ඊලාම් වාදයට අවශ්‍ය බරපතල අවශ්‍යතා
රාශියක් සපුරා ගෙන ඇත. මෙහිදී ද්‍රවිඩ
නායකයින් තමන්ගේ මතවාදය මග පිහිටා තම් ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර සිංහල
නායකයින් එම ඉල්ලීම හරිද වැරදි ද යයි සලකා නොබලා ඒවා පිළි ගෙන තිබේ. උතුරු හා
නැගෙනහිර ප්‍රදේශ ඓතිහාසික දෙමල වාස භූමි යයි පිළි ගැනීම මින් එක් කරුණකි. එම මතය
වැරදි සහගත යයි දෙමල ඉතිහාසඥයින් පවා පිළි ගෙන ඇත. එසේ තිබියදීත් එවැනි බෙදීමක් රට
තුල වෙසෙසින්ම රාජ්‍ය තාන්ත්‍රිකව පිළි ගැනීම බරපතල කරුණකි. මේ නිසා රට බෙදීමේ
දිශාවට රට තල්ලු කර ගෙන යාමේ ප්‍රවණතාවයන් ඇති වූයේ පළාත් සභා පිහිටුවන්නටද
කලියෙන් බව අප තේරුම් ගත යුතුය. ඩඩ්ලි -චෙල්වනායගම් ගිවිසුම නිසා උතුරු පළාතේ රාජ්‍ය
ආයතන මෙන්ම පුද්ගලික ආයතනයන්හිද ප්‍රධාන භාෂාව දෙමළ වන්නට වැඩි කලක් ගියේ නැත.
ඒවායේ සවි කල නාම පුවරු වල ඇතැම් විට සිංහල තිබුණේම නැත. තිබුණද එය දෙවනියට සටහන්
කර තැබීම පුරුද්දක් බවට පත් විය.
මේ තත්වය දිගින් දිගටම වර්තමාන දේශපාලනයේ තීරණාත්මක සාධකයක් බවට පත්වන විට
දෙමළ දේශපාලනඥයින්ට කේවල් කර ගැනීමට තිබූ අවස්ථාවද විශාල විය. අමිර්තලිංගම් සමග
ජේ.ආර්. ජයවර්ධන මහතා ඇති කර ගත් ගිවිසුම මගින් ත්‍රෛයි භාෂා තත්වය වඩාත් තහවුරු
විය. නමුත් ද්‍රවිඩ තරුණයන් මේ සූදුව පිලකුල්කළහ. ඔවුහු ආයුධ අතට ගෙන ලක් රජයට
එරෙහිව සංවිධානය වූහ. ඉංග්‍රීසි අධිරාජ්‍ය වාදීන් විසින් අඩි රූල් තබා කළ සීමා මායිම් උපයෝගී කොට ගෙන මේ කොටි කණ්ඩායම
ඊලාම් දේශය මනෝමයව මැවූහ. මෙය ත්‍රස්තවාදයක් බවට පත් වී ලක් රජයට පමණක් නොව
ඉන්දියාවටද හිසරදයක් වූ විට එය සහමුලින්ම විනාශ කරලීම අරමුණ කර ගත් ප්‍රති ත්‍රස්වාදයක්
නිර්මාණය විය.
ඉන්දියාවට කවදත් ඕනෑ වූයේ ලංකාව ස්වකීය ප්‍රාන්තයක් බවට පත් කර ගෑනීමටයි. ඒ
සඳහා කොටි සංවිධානය යොදවා ගැනීමේ වැදගත්කම ඔවුහු මුල සිටම දුටුවහ. මේ තත්වයට
නිවරදිව මුහුණ දීමට ලක් රජයට නොහැකි වූයේ
මත වාදීව ඔවුහු ද ඊලාම් වාදීන් වීමයයි සිතමි.ජාතික නිදහස දිනා ගැනීම උදෙසා රටේ බහුතර ජන බලයකින් සමන්විත වූ ජාතික සංගමය
කටයුතු කළ අතර පසුව එක්සත් ජාතික පක්ෂය ඉන් බිහිවිය. සිංහල මහ සභාවේ ජාතික මතය සමග
සිටි බණ්ඩාරනායක මහතා 1951 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළේය. මේ පක්ෂ දෙක
හුදෙක් දේශපාලන බලය උදෙසා සිංහලයන් වෙනුවෙන් පෙනී හිටියද පසුව අවස්ථාව ආ විට එය
අත්හළ බව පෙනේ. 1951 සැප්ගැම්බර් මාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළමුවැනි ප්‍රතිපත්ති
ප්‍රකාශනයේ දහවැනි පිටුවේ ජාතික භාෂා යනුවෙන් සඳහන් කොටසේ ඇතුලත්ව ඇත්තේ සිංහල හා
දෙමළ භාෂා අප්‍රමාදව රජයේ භාෂා බවට පත්වීම අත්‍යවශය බවයි. ශ්‍රී ලංකා නිදහස්
පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් මෙලෙස ඊළාම් මත වලට ඉතිහාසය පුරාම එකඟව සිටියහ. එසේ නොවුනා නම් පෙර සඳහන් කල ගිවිසුම් ඔවුන්
අත්සන් කරන්නේ නැත.
පසු කාලයේ දී තිම්පු සාකච්ඡා මෙන්ම නොර්වේ
මැදිහත් වීමෙන් කරන ලද සාකච්ඡා වලදීද ප්‍රබලව ඉස්මතු වූයේ ඊලාම් වාදීන් ගේ අවශ්‍යතාවයයි.
වත්මන් රජයද එය හිස්මුදුනින්ම පිළි ගත් බව ඔවුන්ගේ මුල්කාලීන ප්‍රකාශ වලින්
පැහැදිලි වේ. එකීය රාජ්‍ය සඳහා ඔවුන් එකඟ වූයේ වර්ධනය වී ඇති කොටි ත්‍රස්තවාදය මර්ධනය
කරලීමට පමණි. යුද්ධය අවසාන වූ පසු ඒකීය
සංකල්පය මත සියල්ල නිවරදි විය යුතුව තිබුණි. වර්තමානය වන විට සිංහල දෙමල හා ඉංග්‍රීසි
භාෂා ත්‍රීත්වයම රාජ්‍ය භාෂා ගණයේ ලා සැලකේ. එසේ වන විට රටේ ප්‍රමුඛතම භාෂාව සෑම
නාම පුවරුවකම ප්‍රථමයෙන්ම සඳහන් විය යුතුය. නමුත් එය එසේ වන්නේ නැත. උතුර හා
නැගෙනහිර පළාත් වල සිංහලය දෙවනි තැනට වැටේ. පළාත් සභා සංකල්පය ශක්තිමත් වන විට එම
පැරණි තත්වයට නව පණක් ලැබී තිබේ.මේ නිසා
පසු ගිය කාලයේ දී සිදුව ඇත්තේ දෙමළ ජාති වාදයේ ජයග්‍රහණයක් පමණකි. පුරාණ රජ දරුවන්
කළ පරිදි සිංහල ජාතිය හා බුදු සසුන ඔසවා නිසි තැන තැබීමක් මෙහිදී සිදුව නැත.
දහතුන් වන ව්‍යවස්ථා ව අහෝසි කිරීමට රජය තුළම සිටින ජාතික බලවේගයන් යම් උත්සාහයක් දරන මේ අවස්ථාවේ දී මේ යථාර්ථය
තේරුම් ගැනීම බෙහෙවින්ම වටනේය. දහතුන් වන ව්‍යවස්ථාවේ අහිතකර වගන්ති පහ ඉවත්
කිරීමද පළාත් සභා අහෝසි කිරීමද යන අරමුණු වලටත් ඉදිරියෙන් මේ රටේ ශිෂ්ඨාචාරය
ගොඩනැන්වූ සිංහල ජාතියේ අභිලාශයන් ඉටුකර ගැනීමේ අභියෝගය තිබෙන බව පැහැදිළිව වටහා
ගත යුතුය.
No comments:
Post a Comment