Sunday, December 31, 2023

පරිසර බුදු වදන

 

                                                              

බත් සමග බුදිනට -එළවලු හොඳයි වටපිට

වවාගෙන කන අයට - ආයුෂ තිබෙයි සැම විට

හීනටි සහල් ඒදා කැඳ සාදන්න -බඩදරු මව්වරුන් හට    පිළිගන්වන්න

දැයක් සදා මනසට ජීවය දුන්න - පුතුන් සදන මව්වරු දෙවි රැක දෙන්න

 

උඳුවප් මසේ උඳු රැත්තට අසු වෙනවා

සාරය උරාබොන මැස්සෝ කැරකෙනවා

කාලෙට වැඩ කළොත් බැත බෝවෙනවා

සිංහල දැනුම එහෙමයි ලොව පවතිනවා

 

අඹ ගස් පහක් රෝපණයෙහි නිරතවෙමු

බෙලි බෝ කෑල වවමින් දෙව්ලොවට යමු

මී කොස් කෙසෙල් මොර සිටුවා නිදුක් වෙමු

මේ සැම කළ පිනෙන් සසරින් එතෙර වෙමු

 

සියඹල ගසක් සෙවණෙහි හිඳ ඵලය ලබා

සමබල අහර රස කරමින් ගුණය     තබා

එම බල ඇතිව රට දැය නන්වන්නට සුබා

රුකඹල නැසුම වැනසෙයි රජයන්ද සබා

දැහැමින් සෙමෙන් පවතින රජයක තරම -පළකල රටක කලටයි වැසි දිය පිරුම

පරිසර බුදු දහම සිහිකොට නිරතුරුවම - යුතුකම සැම සතුන් අභයෙහි     තැබුම

 මතුගම සෙනෙවිරුවන්

 

1 comment:

  1. ඔව් පෙරදිග ගොඩක් ආගමික ඉගැන්වීම් වල සතා සී පාවා කියන්නෙත් මිනිස්සු හා සමානම පරිසරයේ කොටසක් නේ

    - Mayya

    ReplyDelete